චක්ඛුපාලත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
චක්ඛුපාලත්ථෙරගාථාවණ්ණනා
චක්ඛුපාල ස්ථවිරගාථා වර්ණනාව
අන්ධොහං හතනෙත්තොස්මීති ආයස්මතො චක්ඛුපාලත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සොපි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි කරොන්තො සිද්ධත්ථස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො භගවති පරිනිබ්බුතෙ ථූපමහෙ කයිරමානෙ උමාපුප්ඵං ගහෙත්වා ථූපං පූජෙසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා අපරාපරං පුඤ්ඤානි කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං මහාසුවණ්ණස්ස නාම කුටුම්බිකස්ස පුත්තො හුත්වා නිබ්බත්ති, තස්ස පාලොති නාමමකංසු. මාතා තස්ස ආධාවිත්වා පරිධාවිත්වා විචරණකාලෙ අඤ්ඤං පුත්තං ලභි. තස්ස මාතාපිතරො චූළපාලොති නාමං කත්වා ඉතරං මහාපාලොති වොහරිංසු. අථ තෙ වයප්පත්තෙ ඝරබන්ධනෙන බන්ධිංසු. තස්මිං සමයෙ සත්ථා සාවත්ථියං විහරති ජෙතවනෙ. තත්ථ මහාපාලො ජෙතවනං ගච්ඡන්තෙහි උපාසකෙහි සද්ධිං විහාරං ගන්ත්වා සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො කුටුම්බභාරං කනිට්ඨභාතිකස්සෙව භාරං කත්වා සයං පබ්බජිත්වා ලද්ධූපසම්පදො ආචරියුපජ්ඣායානං සන්තිකෙ පඤ්චවස්සානි වසිත්වා වුට්ඨවස්සො පවාරෙත්වා සත්ථු සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා සට්ඨිමත්තෙ සහායභික්ඛූ ලභිත්වා තෙහි සද්ධිං භාවනානුකූලං වසනට්ඨානං පරියෙසන්තො අඤ්ඤතරං පච්චන්තගාමං නිස්සාය ගාමවාසිකෙහි උපාසකෙහි කාරෙත්වා දින්නාය අරඤ්ඤායතනෙ පණ්ණසාලාය වසන්තො සමණධම්මං කරොති. තස්ස අක්ඛිරොගො උප්පන්නො. වෙජ්ජො භෙසජ්ජං සම්පාදෙත්වා අදාසි. සො වෙජ්ජෙන වුත්තවිධානං න පටිපජ්ජි. තෙනස්ස රොගො වඩ්ඪි. සො “අක්ඛිරොගවූපසමනතො කිලෙසරොගවූපසමනමෙව මය්හං වර”න්ති අක්ඛිරොගං අජ්ඣුපෙක්ඛිත්වා විපස්සනායයෙව යුත්තප්පයුත්තො අහොසි. තස්ස භාවනං උස්සුක්කාපෙන්තස්ස අපුබ්බං අචරිමං අක්ඛීනි චෙව කිලෙසා ච භිජ්ජිංසු. සො සුක්ඛවිපස්සකො අරහා අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.15.21-25) –
“අන්ධොහං හතනෙත්තොස්මි” යනු ආයුෂ්මත් චක්ඛුපාල තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයන්හි දී පින් රැස් කරමින් පැමිණ සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද, වැඩිවියට පත්වූහ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි ථූප පූජාව සිදු කිරීමේදී මල් රැගෙන ථූපයට පූජා කිරීමේ පිනින් ඔහු දෙව්ලොව ඉපදුණි. තව තවත් පින් කරමින් දෙව්-මිනිස් දෙගතියෙහි සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර මහා සුවණ්ණ නම් කෙළෙඹියාට පුතුව උපන්නේ ය. ඔහුගේ නම “පාල” නම් විය. එකුමරු ඔබිනොබ ඇවිදින කාලයේ දී ඔහුගේ මව තව පුතෙකු වැදුවාය. එවිට දෙමාපියෝ කුඩා පුතුට “චුල්ලපාල” නමත් වැඩිමලාට “මහාපාල” යන නමත් ව්‍යවහාර කළහ. වැඩිවියට පත් වූ ඒ දෙදෙනම විවාහ ප්‍රාප්ත වූහ. එසමයේ ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක. එම විහාරයට දිනපතා යන උපාසකයන් සමග එහි ගිය මහාපාල ශාස්තෲන් වහන්සේගෙන් බණ අසයි. ධර්ම ශ්‍රවණයෙන් ලැබූ ශ්‍රද්ධාව නිසා සිය ගෘහ කටයුතු බාල සොයුරාට පවරා තමා පැවිදි විය. පැවිදිව ලැබූ උපසපන් බව ඇතිව, ආචාර්ය උපාධ්‍යායන් හමුවේ වස් පසක් වැස; වස් පවාරණයෙන් අනතුරුව ශාස්තෲන් වහන්සේගෙන් කමටහන් ගෙන; සැටක් පමණ සහාය භික්ෂූහු පිරිවරා, භාවනාවට සුදුසු වාසස්ථානයක් සොයමින් එක් ප්‍රත්‍යන්ත ගමකට වැඩ එහි ගම්වැසි උවසුවෝ කරවා දුන් පන්සලෙහි වාසය කරමින් මහණදම් පිරූහ. එසේ භාවනා කරන කල්හි උන්වහන්සේට ඇස් රෝගයක් ඇතිවිය. වෛද්‍යවරයා බෙහෙතක් සාදා දුන්නේය. වෛද්‍යවරයා පැවසූ ලෙස උන්වහන්සේ ප්‍රතිකාර නොගත්හ. එනිසා ඇස් රෝගය වර්ධනය විය. උන්වහන්සේ “මේ මගේ ඇස් රෝගයට ද වඩා කෙලෙස් රෝගය සන්සිඳවීම ඉතා උතුම් වන්නේයැ”යි ඇස් රෝගය ගැන නොසිතා විදසුන් භාවනාව වැඩීමෙහි ම සිත යොමු කළහ. එසේ භාවනාවට යොමු වූ උන්වහන්සේගේ කෙලෙස් ද දෙ ඇස් ද පෙර හසු නොවී එක විටම බිඳුණි. වැනසුනි. උන්වහන්සේ ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ කෙනෙක් වූහ. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ.
“නිබ්බුතෙ ලොකමහිතෙ, ආහුතීනං පටිග්ගහෙ; සිද්ධත්ථම්හි භගවති, මහාථූපමහො අහු.
“ලෝ වැස්සාගේ පූජාවන් පිළිගන්නා වූ ලෝකනායක වූ සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි, උන්වහන්සේට මහා චෛත්‍ය පූජාවක් පැවැත්විණි.
“මහෙ පවත්තමානම්හි, සිද්ධත්ථස්ස මහෙසිනො; උමාපුප්ඵං ගහෙත්වාන, ථූපම්හි අභිරොපයිං.
ඒ මහර්ෂීන් වහන්සේට මහත් වූ පූජාවක් පැවැත්වෙන කල්හි මම දියබෙරලිය මල් රැගෙන එම සෑයට පූජා කළෙමි.
“චතුන්නවුතිතො කප්පෙ, යං පුප්ඵමභිරොපයිං; දුග්ගතිං නාභිජානාමි, ථූපපූජායිදං ඵලං.
මෙයින් කල්ප අනූ හතරකට පෙර යම් පුෂ්ප පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. මල් පූජාවේ විපාකය මෙබඳුය.
“ඉතො ච නවමෙ කප්පෙ, සොමදෙවසනාමකා; පඤ්චාසීතිසු රාජානො, චක්කවත්තී මහබ්බලා.
මෙයින් කල්ප නවයකට පෙර සෝමදේව නම් වූ මහත් බල ඇති සක්විති රජව අසූ පස් වාරයක් සැප වින්දෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
අථ ථෙරෙ අක්ඛිරොගෙන විහාරෙ ඔහීනෙ ගාමං පිණ්ඩාය ගතෙ භික්ඛූ දිස්වා උපාසකා “කස්මා ථෙරො නාගතො”ති පුච්ඡිත්වා තමත්ථං සුත්වා සොකාභිභූතා පිණ්ඩපාතං උපනෙත්වා, “භන්තෙ, කිඤ්චි මා චින්තයිත්ථ, ඉදානි මයමෙව පිණ්ඩපාතං ආනෙත්වා උපට්ඨහිස්සාමා”ති තථා කරොන්ති. භික්ඛූ ථෙරස්ස ඔවාදෙ ඨත්වා නචිරස්සෙව අරහත්තං පත්වා වුට්ඨවස්සා පවාරෙත්වා, “සත්ථාරං වන්දිතුං සාවත්ථිං ගමිස්සාම, භන්තෙ”ති ආහංසු. ථෙරො, “අහං දුබ්බලො අචක්ඛුකො, මග්ගො ච සඋපද්දවො, මයා සද්ධිං ගච්ඡන්තානං තුම්හාකං පරිස්සයො භවිස්සති, තුම්හෙ පඨමං ගච්ඡථ, ගන්ත්වා සත්ථාරං මහාථෙරෙ ච මම වන්දනාය වන්දථ, චූළපාලස්ස මම පවත්තිං කථෙත්වා කඤ්චි පුරිසං පෙසෙය්යාථා”ති ආහ. තෙ පුනපි යාචිත්වා ගමනං අලභන්තා “සාධූ”ති පටිස්සුණිත්වා සෙනාසනං සංසාමෙත්වා උපාසකෙ ආපුච්ඡිත්වා අනුක්කමෙන ජෙතවනං ගන්ත්වා සත්ථාරං මහාථෙරෙ ච තස්ස වන්දනාය වන්දිත්වා දුතියදිවසෙ සාවත්ථියං පිණ්ඩාය චරිත්වා චූළපාලස්ස තං පවත්තිං වත්වා තෙන “අයං, භන්තෙ, මය්හං භාගිනෙය්යො පාලිතො නාම, ඉමං පෙසිස්සාමී”ති වුත්තෙ, “මග්ගො සපරිස්සයො, න සක්කා එකෙන ගහට්ඨෙන ගන්තුං, තස්මා පබ්බාජෙතබ්බො”ති තං පබ්බාජෙත්වා පෙසෙසුං. සො අනුක්කමෙන ථෙරස්ස සන්තිකං ගන්ත්වා අත්තානං තස්ස ඔරොචෙත්වා තං ගහෙත්වා ආගච්ඡන්තො අන්තරාමග්ගෙ අඤ්ඤතරස්ස ගාමස්ස සාමන්තා අරඤ්ඤට්ඨානෙ එකිස්සා කට්ඨහාරියා ගායන්තියා සද්දං සුත්වා පටිබද්ධචිත්තො හුත්වා යට්ඨිකොටිං විස්සජ්ජෙත්වා “තිට්ඨථ, භන්තෙ, මුහුත්තං යාවාහං ආගච්ඡාමී”ති වත්වා තස්සා සන්තිකං ගන්ත්වා තත්ථ සීලවිපත්තිං පාපුණි. ථෙරො ඉදානිමෙව ඉත්ථියා ගීතසද්දො සුතො, සාමණෙරො ච චිරායති, නූන සීලවිපත්තිං පත්තො භවිස්සතී”ති චින්තෙසි. සොපි ආගන්ත්වා “ගච්ඡාම, භන්තෙ”ති ආහ. ථෙරො “කිං පාපො ජාතොසී”ති පුච්ඡි. සාමණෙරො තුණ්හී හුත්වා පුන පුච්ඡිතොපි න කථෙසි. ථෙරො “තාදිසෙන පාපෙන මය්හං යට්ඨිගහණකිච්චං නත්ථි, ගච්ඡ ත්ව”න්ති වත්වා පුන තෙන “බහුපරිස්සයො මග්ගො, තුම්හෙ ච අන්ධා, කථං ගමිස්සථා”ති වුත්තෙ “බාල ඉධෙව මෙ නිපජ්ජිත්වා මරන්තස්සාපි අපරාපරං පරිවත්තෙන්තස්සාපි තාදිසෙන ගමනං නාම නත්ථී”ති ඉමමත්ථං දස්සෙන්තො –
ඉක්බිති ඇස් බිඳීයෑම නිසා විහාරයේ තෙරුන් නවතා ගමට පිඬු සිඟා වැඩි සහායක භික්ෂූන් වෙතින් උපාසකයෝ “කුමක් හෙයින් තෙරුන් වහන්සේ නොවැඩිසේක්ද?”යි විමසූහ. තොරතරු අසා දුකට පත් ඔවුහු පිණ්ඩපාතය රැගෙන උන්වහන්සේ වෙත ගොස්, “ස්වාමීනි! කිසිවක් නොසිත්වා. දැන් අපි ම ඔබවහන්සේට පිණ්ඩපාතය රැගෙන එන්නෙමු”යි ආරාධනා කර සිවුපසය ගෙනවුත් උපස්ථාන කළහ. සෙසු භික්ෂූහු තෙරුන්ගේ අවවාදයෙහි පිහිටා නොබෝ දිනකින් ම රහත් වූහ. වස් වැස නිම වී පවාරණය කළ ඒ භික්ෂූහු, “ස්වාමීනි! අප ශාස්තෲන් වහන්සේට වැඳීම සඳහා සැවැත්නුවරට යන්නෙමු”යි පැවසූහ. තෙරණුවෝ “මම ඉතා දුර්වල ඇස් නොපෙනෙන්නෙකි. මාර්ගය ද උපද්‍රව සහිතය. මා රැගෙන යන නුඹලා මහත් වෙහෙසට පත්වෙති. එනිසා නුඹලා පළමුව යන්න. ගොස් ශාස්තෲන් වහන්සේ ද මහා ශ්‍රාවකයන් වහන්සේලා ද මාගේ වචනයෙන් වඳින්න. චූලපාලට මගේ පුවත් කියා, පැමිණීමට අසමත් බව දන්වා කිසියම් පුරුෂයකු මා වෙත එවන්න”යි පැවසූහ. ඒ භික්ෂූහු නැවත ද යෑමට ආරාධනා කළත් යෑමට අකමැති වූ හෙයින්, “යහපති”යි පිළිතුරු දී, සෙනසුන් අකුලා තබා, උපාසකවරුන්ට දන්වා අනුපිළිවෙලින් දෙව්රම් වෙහෙරට ගොස්; ශාස්තෲන් වහන්සේ ද මහා තෙරවරුන් ද මහාපාල තෙරුන්ගේ වචනයෙන් වැඳ දෙවැනි දවස් හි පිඬු පිණිස හැසිරෙමින් චූලපාලගේ ගෙට ගොස් සියලු පුවත් දැන්වූහ. එවිට චූලපාල “ස්වාමීනි! මේ මගේ පාලිත නම් බෑණා එහි යැවීමට හැකිය”යි කී කල්හි, එම තෙරවරු “මාර්ගය උවදුරු සහිතය. මොහුට ගිහි ස්වභාවයෙන් එහි යා නොහැක. එනිසා පැවිදි කර යවමු”යි පැවසූහ. ඔහු පැවිදි කරවා තෙරුන් වෙත යැවූහ. එම පාලිත සාමණේරයා අනුපිළිවෙලින් තෙරුන් වසන තැනට පැමිණ, තමාගේ පැමිණීම තෙරුන්ට දන්වා උන්වහන්සේත් සමග සැවැත් නුවර බලා පිටත් වූහ. එසේ එන අතරමග ගමක් අසල කැළයේ එක් දර කඩන්නියකගේ ගී ශබ්දයක් අසා, ඇය කෙරේ ඇලුණු පාලිත හිමියන්, තෙරුන් වහන්සේගේ සැරයටි කොණ අතහැර, ස්වාමීනි! මොහොතක් හිඳුනු මැනවි. මම වහා එන්නෙමි”යි කියා ඇය වෙත ගොස්, එහිදී සීල විපත්තියකට පැමිණියේය. තෙරුන් වහන්සේ, “දැන් ස්ත්‍රියකගේ ගී හඬක් ඇසුණි. සාමණේරයා ද පමාවෙයි. ඒකාන්තයෙන් මොහු සීල විපත්තියකට පැමිණියේ ය”යි සිතූහ. එම සාමණේරයා අවුත් “ස්වාමීනි! යමු” යි කී කල්හි, තෙරුන් වහන්සේ “කිම නුඹ පාපියෙක් වූවෙහිද?”යි ඇසූහ. සාමණේරයා නිහඬ විය. නැවත නැවත විමසුවත් කිසිවක් නො පැවසීය. තෙරණුවෝ, “නුඹ වැනි පාපියෙක් මගේ සැරයටිය අල්ලා ගැනීමක් නම් නැත. නුඹ මෙතැනින් පලා යව”යි පැවසූහ. ඔහු විසින් නැවත “ස්වාමීනි! මාර්ගය බොහෝ උවදුරු ඇත්තකි. නුඹ වහන්සේ ද අන්ධය. කෙසේ යන්නේද?”යි කී කල්හි, “එම්බල මෝඩය! මා මෙහිම වැටී මිය ගියත් නැවත නැවත පැකිලී වැටුණත් නුඹ වැන්නකු සමග යෑමක් නම් නැතැ”යි පවසා මේ අර්ථය දැක්වෙන මෙම ගාථාව වදාළහ.
“අන්ධොහං හතනෙත්තොස්මි, කන්තාරද්ධානපක්ඛන්දො; සයමානොපි ගච්ඡිස්සං, න සහායෙන පාපෙනා”ති. – ගාථං අභාසිත්ථ;
“අන්ධොහං හතනෙත්තොස්මි කන්තාරද්ධාන පක්කන්තො, සයමානොපි ගච්ඡිස්ස න සහායෙන පාපෙනා”ති.
තත්ථ අන්ධොති චක්ඛුවිකලො. හතනෙත්තොති විනට්ඨචක්ඛුකො, තෙන “පයොගවිපත්තිවසෙනාහං උපහතනෙත්තතාය අන්ධො, න ජච්චන්ධභාවෙනා”ති යථාවුත්තං අන්ධභාවං විසෙසෙති. අථ වා “අන්ධො”ති ඉදං “අන්ධෙ ජිණ්ණෙ මාතාපිතරො පොසෙතී”තිආදීසු (ම· නි· 2.288) විය මංසචක්ඛුවෙකල්ලදීපනං, “සබ්බෙපිමෙ පරිබ්බාජකා අන්ධා අචක්ඛුකා” (උදා· 54) “අන්ධො එකචක්ඛු ද්විචක්ඛූ”තිආදීසු (අ· නි· 3.29) විය න පඤ්ඤාචක්ඛුවෙකල්ලදීපනන්ති දස්සෙතුං “හතනෙත්තොස්මී”ති වුත්තං, තෙන මුඛ්යමෙව අන්ධභාවං දස්සෙති. කන්තාරද්ධානපක්ඛන්දොති කන්තාරෙ විවනෙ දීඝමග්ගං අනුපවිට්ඨො, න ජාතිකන්තාරාදිගහනං සංසාරද්ධානං පටිපන්නොති අධිප්පායො. තාදිසඤ්හි කන්තාරද්ධානං අයං ථෙරො සමතික්කමිත්වා ඨිතො, සයමානොපීති සයන්තොපි, පාදෙසු අවහන්තෙසු උරෙන ජණ්ණුකාහි ච භූමියං සංසරන්තො පරිවත්තෙන්තොපි ගච්ඡෙය්යං. න සහායෙන පාපෙනාති තාදිසෙන පාපපුග්ගලෙන සහායභූතෙන සද්ධිං න ගච්ඡිස්සන්ති යොජනා. තං සුත්වා ඉතරො සංවෙගජාතො “භාරියං වත මයා සාහසිකකම්මං කත”න්ති බාහා පග්ගය්හ කන්දන්තො වනසණ්ඩං පක්ඛන්දො ච අහොසි. අථ ථෙරස්ස සීලතෙජෙන පණ්ඩුකම්බලසිලාසනං උණ්හාකාරං දස්සෙසි. තෙන සක්කො තං කාරණං ඤත්වා ථෙරස්ස සන්තිකං ගන්ත්වා සාවත්ථිගාමිපුරිසං විය අත්තානං ඤාපෙත්වා යට්ඨිකොටිං ගණ්හන්තො මග්ගං සඞ්ඛිපිත්වා තදහෙව සායන්හෙ සාවත්ථියං ථෙරං නෙත්වා තත්ථ ජෙතවනෙ චූළපාලිතෙන කාරිතාය පණ්ණසාලාය ඵලකෙ නිසීදාපෙත්වා තස්ස සහායවණ්ණෙන ථෙරස්ස ආගතභාවං ජානාපෙත්වා පක්කාමි; චූළපාලිතොපි තං යාවජීවං සක්කච්චං උපට්ඨාසීති.
මෙම ගාථාවේ “අන්ධො” යනු ඇස් විනාශ වූ “හතනෙත්තො” යනු වැනසුණු ඇස් ඇති මෙබඳු වූ ප්රායෝග විපත්ති වශයෙන් මම නැසුණු නෙත් ඇති බැවින් අන්ධයෙක්මි. උපතින් අන්ධයෙක් නොවෙමි යන පරිදි මේ අන්ධභාවයේ වෙනස දත යුතුයි. නැතහොත් “අන්ධො” යනුවෙන් “අන්ධ වූ වයසට ගිය මාපියන් පෝෂණය කරමි” යනාදියේ මෙන් මසැස විකල් වීමකි. වැනසීයාමක් දැක්වේ. “මේ සියලුම පිරිවැජියෝ අන්ධයෝ ය. ඇස් නැත්තෝ ය” වැනසීයාමක් දැක්වේ. “මේ සියලුම පිරිවැජියෝ අන්ධයෝ ය. ඇස් නැත්තෝ ය” යනාදියෙහි මෙන් ද “අන්ධයා, එක ඇසක් ඇත්තා දෙඇසම ඇත්තා” යනාදියෙහි මෙන් ද ප්‍රඥා ඇස විකලත්වයට පත්වීම “හතනෙත්තො ස්මි” යන්නෙන් අදහස් වේ. මේ දෙපදයෙන් මුඛ්‍ය වශයෙන් ම අන්ධභාවය දක්වයි. “කන්තාරද්ධාන පක්කන්තො” යනු කාන්තාරයේ මෙන් වනයේ දිගු මාවතට එළඹි. ස්වභාවයෙන්ම ඇති වූ කාන්තාරයක් නොව සංසාරික දිගු මාවතට එළඹි යන අදහසයි. මෙබඳු වූ කාන්තාර දිගු මාවතකට මේ තෙරුන් පැමිණ සිටියේය. “සයමානොපි” නින්දෙන් වුවත් පා දෙකින් යා නොහැකිව උරයෙන් ද දණ මඬලින් ද බිම දිගා වී පෙරලෙමින් සිටියත් නො යන්නෙමි” “න සහායෙන පාපෙන” යනු නුඹ වැනි පවිටු පුද්ගලයකු සහායකු කරගෙන නොයන්නෙමි යන අදහසයි. මෙය ඇසූ සාමණේරයා සංවේගයට පැමිණ “ම විසින් ඉතා බැරෑරුම් වූ සාහසික කටයුත්තක් කරන ලදී”යි අත් හිසේ බැඳගෙන අඬමින් වන ලැහැබින් පිටත්ව ගියේය. ඉක්බිති තෙරුන් වහන්සේගේ සිල් තේජසින් පාණ්ඩුකම්බල ශෛලාසනය උණුවන ආකාරයක් දැක්වීය. ශක්‍රයා එකරුණ බලා, වහා තෙරුන් වෙත පැමිණ සැවතට යන පුරුෂයෙක් බව හඟවා සැරයටියෙන් කෙළවර රැගෙන, දිගු මාර්ගය හකුලුවමින් එදින සැන්දෑවේ ම සැවැත්නුවරට තෙරුන් රැගෙන ආවේය. එහි ජේතවනාරාමයේ චූල පාලිත විසින් සෑද වූ පන්සලෙහි අසුනක තෙරුන් හිඳුවා ශක්රදේවේන්ද්රයා, චූලපාලගේ යහලුවෙකු මෙන් ඔහු වෙත ගොස් තෙරුන් පැමිණ බව දන්වා තම දෙව්ලොවටම ගියේය. චූලපාලිත ද උන්වහන්සේට දිවි ඇතිතාක් මැනවින් උපස්ථාන කළේය.
චක්ඛුපාලත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
චක්ඛුපාල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.