ඛණ්ඩසුමණත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
ඛණ්ඩසුමණත්ථෙරගාථාවණ්ණනා
ඛණ්ඩසුමන ස්ථවිරගාථා වර්ණනාව
එකපුප්ඵං චජිත්වානාති ආයස්මතො ඛණ්ඩසුමනත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො සත්ථරි පරිනිබ්බුතෙ තස්ස ථූපස්ස සමන්තතො චන්දනවෙදිකාය පරික්ඛිපිත්වා මහන්තං පූජං අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු උළාරං සම්පත්තිං අනුභවන්තො කස්සපස්ස භගවතො කාලෙ කුටුම්බිකකුලෙ නිබ්බත්තො සත්ථරි පරිනිබ්බුතෙ කනකථූපං උද්දිස්ස රඤ්ඤා පුප්ඵපූජාය කයිරමානාය පුප්ඵානි අලභන්තො එකං ඛණ්ඩසුමනපුප්ඵං දිස්වා මහතා මූලෙන තං කිණිත්වා ගණ්හන්තො චෙතියෙ පූජං කරොන්තො උළාරං පීතිසොමනස්සං උප්පාදෙසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා අසීති වස්සකොටියො සග්ගසුඛං අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ පාවායං මල්ලරාජකුලෙ නිබ්බත්ති. තස්ස ජාතකාලෙ ගෙහෙ ඛණ්ඩසක්ඛරා සුමනපුප්ඵානි ච උප්පන්නානි අහෙසුං. තෙනස්ස ඛණ්ඩසුමනොති නාමමකංසු. සො විඤ්ඤුතං පත්තො භගවති පාවායං චුන්දස්ස අම්බවනෙ විහරන්තෙ උපසඞ්කමිත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තො නචිරස්සෙව ඡළභිඤ්ඤො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.15.15-20) –
“ඒක පුප්ඵං චජිත්වාන” යනු ආයුෂ්මත් ඛණ්ඩ සුමන තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ සිටුගෙයක ඉපිද වැඩි වියට පත්වූහ. ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි සෑදවූ රන් සෑයට, රජු මහා පුෂ්ප පූජාවක් කරනු ලබන කල්හි තමාට පූජා කිරීමට මල් නොවූ බැවින් මෙම සිටුතුමා ඒ ථූපය අවට සඳුන් වේදිකාවක් වටකරවා මහත් වූ පූජාවක් සිදු කළේය. ඒ මහා පින්කමේ විපාක වශයෙන් දෙව්-මිනිස් දෙගතියේ මහත් වූ සම්පත් අනුභව කළ හෙතෙම කාශ්‍යප බුදුන් දවස කෙළෙඹි පුත්‍රයෙක් ව උපන්නේ ය. කාශ්‍යප බුදුරදුන් පිරිනිවි කල්හි සෑද වූ රථ ථූපය උදෙසා රජු මල් පූජාවක් කරනු ලබන කල්හි, තමන්ට පූජා කිරීමට මල් නොලැබූ එම කෙළෙඹියා එක් ඛණ්ඩ සුමන මලක් දැක මහත් වූ මුල සමග ම එය කඩාගෙන සෑයට පූජා කරන්නේ, මහත් වූ ප්‍රීති සොම්නසක් වින්දේය. ඒ පින්කම හේතුවෙන් ද දෙව්ලොව උපන් හෙතෙම අසූ කෝටියක් හවුරුදු දිව සැප විඳ අපගේ බුදුරදුන් පහළ වූ කල්හි පාවා නුවර මල්ල රජ පවුලක උපන්නේ ය. ඔහු උපන් කල්හි එම ගෙදර ඛණ්ඩ හකුරු ද සුමන මල් ද පහළ විය. එනිසා ඒ රජකුමරුට “ඛණ්ඩ සුමන” යැයි නම් තබන ලදි. වැඩි වියට පත් එකුමරු භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර චුන්දගේ අඹ වනයෙහි වැඩ වසන කල්හි, උන්වහන්සේ වෙත අවුත් ධර්ම ශ්‍රවණය කොට, ලබන ලද ශ්‍රද්ධාවෙන් පැවිදි විය. පැවිදිව නොබෝ දිනකින් ම විදසුන් වඩා රහත් ඵලයෙහි පිහිටි එම තෙරණුවෝ තම චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වූහ.
“පදුමුත්තරො නාම ජිනො, ලොකජෙට්ඨො නරාසභො; ජලිත්වා අග්ගික්ඛන්ධොව, සම්බුද්ධො පරිනිබ්බුතො.
“ලෝක ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ගිනි කඳක් මෙන් බබලා පිරිනිවන් පෑ සේක.
“නිබ්බුතෙ ච මහාවීරෙ, ථූපො විත්ථාරිකො අහු; දූරතොව උපට්ඨෙන්ති, ධාතුගෙහවරුත්තමෙ.
මහාවීර වූ එම බුදුරජාණන් වහන්සේගේ ධාතු නිධන් කළ මහ සෑයක් බඳින ලදි. අති උතුම් වූ ඒ ධාතුගෙයට බොහෝ ජනයා දිවා රෑ දෙක්හි උපස්ථාන කළහ.
“පසන්නචිත්තො, සුමනො, අකං චන්දනවෙදිකං; දිස්සති ථූපඛන්ධො ච, ථූපානුච්ඡවිකො තදා.
මම එහි පහන් සිතින්, සතුටු සිතින් සඳුන් වේදිකාවක් සෑදුවෙමි. පසුව සෑ රජුට සුදුසු වූ පරිදි සඳුන් දුම් දුන්නෙමි.
“භවෙ නිබ්බත්තමානම්හි, දෙවත්තෙ අථ මානුසෙ; ඔමත්තං මෙ න පස්සාමි, පුබ්බකම්මස්සිදං ඵලං.
ඉන්පසුව දිව්‍යමය හෝ මානුෂ්යමය භවයන්හි උපන්නා වූ මාගේ ළාමක බවෙක් නම් නොවිණි. පෙර කළ කුසල කර්මයේ විපාකය එයයි.
“පඤ්චදසකප්පසතෙ, ඉතො අට්ඨ ජනා අහුං; සබ්බෙ සමත්තනාමා තෙ චක්කවත්තී මහබ්බලා.
මෙයින් කල්ප එක්දහස් පන්සීයකට පෙර මහත් බල ඇති සමග්ග නම් වූ සක්විති රජවරු අට දෙනෙක් සැප වින්දෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
අරහත්තං පන පත්වා අත්තනො පුරිමජාතිං අනුස්සරන්තො තත්ථ අත්තනො සුමනපුප්ඵපරිච්චාගස්ස සග්ගසම්පත්තිනිමිත්තකං නිබ්බානූපනිස්සයතඤ්ච දිස්වා උදානවසෙන තමත්ථං පකාසෙන්තො –
රහත්බවට පත්ව තමාගේ පෙර ජාතිය සිහිපත් කළ ඛණ්ඩ සුමන හිමියෝ, එහිදී තමා විසින් සුමන මල් පිදීම නිසා දිවසැප ලැබීමත්, නිවන් සැප ලැබීමත් සිදු වූ බව දැක තම ප්‍රීතිය පහළ කිරීම් වශයෙන් මෙම ගාථාව වදාළහ.
“එකපුප්ඵං චජිත්වාන, අසීති වස්සකොටියො; සග්ගෙසු පරිචාරෙත්වා, සෙසකෙනම්හි නිබ්බුතො”ති. – ගාථං අභාසි;
“එකපුප්ඵං චජිත්වාන අසීතිං චස්ස කොටියො, සග්ගෙසු පරිචාරෙත්වා සෙසකෙනම්හි නිබ්බුතො”
තත්ථ එකපුප්ඵන්ති එකං කුසුමං, තං පන ඉධ සුමනපුප්ඵං අධිප්පෙතං. චජිත්වානාති සත්ථු ථූපපූජාකරණවසෙන පරිච්චජිත්වා පරිච්චාගහෙතු. අසීති වස්සකොටියොති මනුස්සගණනාය වස්සානං අසීති කොටියො, අච්චන්තසංයොගෙ චෙතං උපයොගවචනං, ඉදඤ්ච ඡසු කාමසග්ගෙසු දුතියෙ අපරාපරුප්පත්තිවසෙන වුත්තන්ති වෙදිතබ්බං. තස්මා සග්ගෙසූති තාවතිංසසඞ්ඛාතෙ සග්ගලොකෙ, පුනප්පුනං උප්පජ්ජනවසෙන හෙත්ථ බහුවචනං. පරිචාරෙත්වාති රූපාදීසු ආරම්මණෙසු ඉන්ද්රියානි පරිචාරෙත්වා සුඛං අනුභවිත්වා, දෙවච්ඡරාහි වා අත්තානං පරිචාරෙත්වා උපට්ඨාපෙත්වා. සෙසකෙනම්හි නිබ්බුතොති පුප්ඵපූජාය වසෙන පවත්තකුසලචෙතනාසු භවසම්පත්ති දායකකම්මතො සෙසෙන යං තත්ථ විවට්ටූපනිස්සයභූතං, තං සන්ධාය වදති. බහූ හි තත්ථ පුබ්බාපරවසෙන පවත්තා චෙතනා. සෙසකෙනාති වා තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන අපරික්ඛීණෙයෙව තස්මිං කම්මවිපාකෙ නිබ්බුතො අම්හි, කිලෙසපරිනිබ්බානෙන පරිනිබ්බුතොස්මි. එතෙන යස්මිං අත්තභාවෙ ඨත්වා අත්තනා අරහත්තං සච්ඡිකතං, සොපි චරිමත්තභාවො තස්ස කම්මවිපාකොති දස්සෙති. යාදිසං සන්ධාය අඤ්ඤත්ථාපි “තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙනා”ති (පාරා· 228; සං· නි· 1.131) වුත්තං.
මෙම ගාථාවේ “එකපුප්ඵං” යනු එක මලකි. මෙහිදී සුමන මලක් අදහස් කරන ලදි. “චජිත්වාන” යනු ශාස්තෲන් වහන්සේගේ ථූපයට පූජා කිරීම් වශයෙන් පරිත්‍යාග කර, පූජා කරන “අසීතිං වස්සකොටියො” යනු මනුෂ්‍ය ලෝකයේ ගණන් කිරීම අනුව වසර අසූ කෝටියක්. මෙහි අත්‍යන්ත සංයෝගයේ දුතියා විභක්තිය යෙදී ඇත. මෙහිදී සයක් වූ කාම ස්වර්ගයන්හි දෙවැනි අත්බවේ සිට සැරිසැරූ බව අදහස් වේ. එනිසා “සග්ගෙසු” යනුවෙන් තාවතිංස ප්රමුඛ දිව්‍ය ලෝකවල ඉපදුනෙමි. නැවත නැවත ඉපදීම් වශයෙන් එහි සිටි බැවින් මෙහි සත්තමී බහු වචනය යෙදුණි. “පරිචාරෙත්වා” යනු රූපාදී අරමුණුවල ඉඳුරන් හසුරුවා, සැප විඳ දිව්‍යාංගනාවන් විසින් තමා පිරිවරාගෙන උපස්ථාන කර “සෙසකෙනම්හි නිබ්බුතො” යනු මල් පූජා වශයෙන් පවතින කුසල චේතනාවන්හි භව සම්පත් ප්රදානය කිරීමට ඇති බල මහිමයෙන් ඉතිරි වූ යම් ඒ නිවන් සැප ලැබීමට හේතු වූ කුසලයක් වී ද ඒ සඳහා කියන ලදි. මෙහි බොහෝ පූර්වාපර වශයෙන් පැවති චේතනාවෝ විය. “සෙසකෙන” යනු එම කර්මයේ විපාක වශයෙන් ඉතිරි ව, එම විපාක ඉතිරිව තිබියදීම එහි විපාක වශයෙන් නිවුණෙමි. නිවනට පැමිණියෙමි. කෙලෙස් පරිනිවණින් පිරිනිවියෙමි. මේ යම් ආත්මභාවයක සිට තමා රහත් බව සාක්ෂාත් කරගත්තේ ද එම අවසන් ආත්ම භාවය ද ඒ කර්මයේ විපාකයක් බව දක්වයි. මෙබඳුම සැප විඳින ආත්මභාව තවත් ඉතිරිව තිබියදී පිරිනිවියෙමි යන අදහසයි.
ඛණ්ඩසුමනත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
ඛණ්ඩ සුමන ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.