තිස්සත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
තිස්සත්ථෙරගාථාවණ්ණනා
තිස්ස ස්ථවිරගාථා වර්ණනාව
හිත්වා සතපලං කංසන්ති ආයස්මතො තිස්සත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො විපස්සිස්ස භගවතො කාලෙ යානකාරකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං භගවන්තං දිස්වා පසන්නමානසො චන්දනඛණ්ඩෙන ඵලකං කත්වා භගවතො උපනාමෙසි, තඤ්ච භගවා පරිභුඤ්ජි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා අපරාපරං පුඤ්ඤානි කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ රොරුවනගරෙ රාජකුලෙ නිබ්බත්ති. සො වයප්පත්තො පිතරි කාලඞ්කතෙ රජ්ජෙ පතිට්ඨිතො බිම්බිසාරරඤ්ඤො අදිට්ඨසහායො හුත්වා තස්ස මණිමුත්තාවත්ථාදීනි පණ්ණාකාරානි පෙසෙසි. තස්ස රාජා බිම්බිසාරො පුඤ්ඤවන්තතං සුත්වා පටිපාභතං පෙසෙන්තො චිත්තපටෙ බුද්ධචරිතං සුවණ්ණපට්ටෙ ච පටිච්චසමුප්පාදං ලිඛාපෙත්වා පෙසෙසි. සො තං දිස්වා පුරිමබුද්ධෙසු කතාධිකාරතාය පච්ඡිමභවිකතාය ච චිත්තපටෙ දස්සෙන්තං බුද්ධචරිතං සුවණ්ණපට්ටකෙ ලිඛිතං පටිච්චසමුප්පාදක්කමඤ්ච ඔලොකෙත්වා පවත්තිනිවත්තියො සල්ලක්ඛෙත්වා සාසනක්කමං හදයෙ ඨපෙත්වා සඤ්ජාතසංවෙගො “දිට්ඨො මයා භගවතො වෙසො, සාසනක්කමො ච එකපදෙසෙන ඤාතො, බහුදුක්ඛා කාමා බහුපායාසා, කිං දානි මය්හං ඝරාවාසෙනා”ති රජ්ජං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙන්තො භගවන්තං උද්දිස්ස පබ්බජිත්වා මත්තිකාපත්තං ගහෙත්වා රාජා පුක්කුසාති විය මහාජනස්ස පරිදෙවන්තස්සෙව නගරතො නික්ඛමිත්වා අනුක්කමෙන රාජගහං ගන්ත්වා තත්ථ සප්පසොණ්ඩිකපබ්භාරෙ විහරන්තං භගවන්තං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසීදි. සත්ථා ධම්මං දෙසෙසි. සො ධම්මදෙසනං සුත්වා විපස්සනාය කම්මට්ඨානං ගහෙත්වා යුත්තප්පයුත්තො විහරන්තො විපස්සනං උස්සුක්කාපෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.15.37-42) –
“හිත්වා සතපලං කංසං” යන ගාථාව ආයුෂ්මත් තිස්ස තෙරුන් වහන්සේ විසින් පැවසූවකි. එහි උපත කෙසේද? මෙතෙමේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී වාහන සාදන පවුලක ඉපිද වැඩිවියට පත්ව, එක් දිනක් භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් සඳුන් දර කඩකින් ඵලකයක් සාදා එය උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව උපන් ඔහු, තව තවත් භවයන්හි ඉපිද පින් දහම් රැස් කර කාම සුගතීන්හිම සැරිසරා; මේ බුද්ධෝත්පාද කාලයෙහි රෝරුව නුවර රජ ගෙදර උපන්නේ ය. වියට පත් ඔහු පියාගේ ඇවෑමෙන් රජ වී බිම්සර රජු සමග නොදුටු මිත්‍රත්වයෙන් වෙලී ඔහු වෙතට මිණි මුතු වස්ත්‍රාදී පුද පඬුරු යැවීය. බිම්සර රජ එම ත්‍යාග ලබා සතුටු පිළිතුරු ත්‍යාග වශයෙන් සිතුවම් පටක බුදුසිරිත ද රන් පටියක ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය ද ලියවා යැවීය. එය දුටු රෝරුව රජු පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇති බැවින් ද ප්‍රතීත්‍යසමුත්පාදය ද බලා කාරණා කාරණා විමසා බලා, හසුනේ වූ දෙය හදෙහි තබාගෙන උපන් සංවේගයෙන්, “ම විසින් භාග්‍යවතුන් වහන්සේ දක්නා ලද්දෙමි. මේ හසුන ද එක්වරම අවබෝධ විය. කාමයෝ බොහෝ දුක් ගෙන දෙති. බොහෝ උවදුරු ඇත. ගිහිගේ වැසීමෙන් මට කවර ප්‍රයෝජනයක් ද?” රජකම හැරදමා කෙස් රවුල් බහා කසාවත් හැඳ, භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වී මැටි පාත්‍රයක් ගෙන පුක්කුසාති රජමෙන්. මහජනයා හඬද්දීම තම නුවරින් නික්ම අනුපිළිවෙලින් රජගහ නුවරට පැමිණියේය. එහි සප්පසොණ්ඩක පර්වත ප්‍රාන්තයේ වෙසෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි ඔහු උන්වහන්සේට වැඳ එකත් පසෙක සිටියේය. ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා විදසුන් කමටහන රැගෙන, එහිම සිත පිහිටුවා වෙසෙමින් විදසුන් කමටහන වැඩිදියුණු කිරීමෙන් රහත් විය. එනිසා අපදාන පාළියේ මෙසේ උන්වහන්සේ සිය චරිතය දක්වන ලදි.
“යානකාරො පුරෙ ආසිං, දාරුකම්මෙ සුසික්ඛිතො; චන්දනං ඵලකං කත්වා, අදාසිං ලොකබන්ධුනො.
“පෙර දැව කර්මයෙහි මනාව හික්මුණු වඩුවෙක් වූ මම සඳුන් පුවරුවක් සාදා එය ලෝකබන්‍ධු වූ බුදුරජාණන් වහන්සේට පිදුවෙමි.
“පභාසති ඉදං බ්යම්හං, සුවණ්ණස්ස සුනිම්මිතං; හත්ථියානං අස්සයානං, දිබ්බයානං උපට්ඨිතං.
ඒ හේතුවෙන් මා හට පහළ වූ මේ රනින් නිම වූ විමානය බබලයි. හස්තියා ද අශ්වයා ද දිව්‍යමය යානාවක් ද මා හට ලැබුණි.
“පාසාදා සිවිකා චෙව, නිබ්බත්තන්ති යදිච්ඡකං; අක්ඛුබ්භං රතනං මය්හං, ඵලකස්ස ඉදං ඵලං.
ප්‍රාසාද, සිවිකා කැමති තාක් පහළ විය. මා හට ස්ථාවර වූ රත්න නිධාන පහළ විය. සඳුන් පුවරු පිදීමේ පුණ්‍ය විපාකය මෙබඳුය.
“එකනවුතිතො කප්පෙ, ඵලකං යමහං දදිං; දුග්ගති නාභිජානාමි, ඵලකස්ස ඉදං ඵලං.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් ඵලකයක් පිදුවෙම් ද එතැන් සිට මේ දක්වා දුගතියක නූපන්නෙමි. ඵලක දානයේ විපාකය මෙයයි.
“සත්තපඤ්ඤාසකප්පම්හි, චතුරො නිම්මිතාව්හයා; සත්තරතනසම්පන්නා, චක්කවත්තී මහබ්බලා.
මෙයින් පනස් හත්වන කල්පයේ සන්ත නම් මහබලැති සක්විති රජවරු සිවු දෙනෙක් ව සප්ත රත්නයෙන් සමන්විත වූ රජ සැප වින්දෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
අරහත්තං පන පත්වා උදානවසෙන අත්තනො පටිපත්තිං කථෙන්තො –
රහත් බවට පත් වූ උන්වහන්සේ ප්‍රීතිය පහළ කිරීම් වශයෙන් තමාගේ පිළිවෙත පවසමින් මෙම ගාථාව වදාළහ.
“හිත්වා සතපලං කංසං, සොවණ්ණං සතරාජිකං; අග්ගහිං මත්තිකාපත්තං, ඉදං දුතියාභිසෙචන”න්ති. – ගාථං අභාසි;
“හිත්වා සතපලං කංසං සොවණ්ණං සතරාජිකං, අග්ගහිං මත්තිකාපත්තං ඉදං දුතියාභිසෙචනං”
තත්ථ හිත්වාති පරිච්චජිත්වා. සතපලන්ති සතං පලානි යස්ස, තං සතපලපරිමාණං. කංසන්ති ථාලං. සොවණ්ණන්ති සුවණ්ණමයං. සතරාජිකන්ති භිත්තිවිචිත්තතාය ච අනෙකරූපරාජිචිත්තතාය ච අනෙකලෙඛායුත්තං. අග්ගහිං මත්තිකාපත්තන්ති එවරූපෙ මහාරහෙ භාජනෙ පුබ්බෙ භුඤ්ජිත්වා බුද්ධානං ඔවාදං කරොන්තො “ඉදානාහං තං ඡඩ්ඩෙත්වා මත්තිකාමයපත්තං අග්ගහෙසිං , අහො, සාධු, මයා කතං අරියවතං අනුඨිත”න්ති භාජනකිත්තනාපදෙසෙන රජ්ජපරිච්චාගං පබ්බජ්ජූපගමනඤ්ච අනුමොදන්තො වදති. තෙනාහ “ඉදං දුතියාභිසෙචන”න්ති. පඨමං රජ්ජාභිසෙචනං උපාදාය ඉදං පබ්බජ්ජූපගමනං මම දුතියං අභිසෙචනං. තඤ්හි රාගාදීහි සංකිලිට්ඨං සාසඞ්කං සපරිසඞ්කං කම්මං අනත්ථසඤ්හිතං දුක්ඛපටිබද්ධං නිහීනං, ඉදං පන තංවිපරියායතො උත්තමං පණීතන්ති අධිප්පායො.
මෙම ගාථාවෙහි “හිත්වා” යනු අත්හැර “සතපලං” යනු යමෙක පලම් සියයක් පමණ ප්‍රමාණවත් වේ නම් සතපල ප්‍රමාණ වූවකි. සිය පලමක් අගනා “කංසං” යනු රන් තැලියයි. “සොවණ්ණං” යනු රත්නමය රනින් කළ “සතරාජිකං” බෙදූ විසිතුරු අනේක රූපාලංකාර වලින්ද, විසිතුරු වූ නොයෙක් රේඛාවලින් ද බබළන “අග්ගහිං මත්තිකා පත්තං” මෙබඳු වූ මහත් අනර්ඝ භාජනයක මීට පෙර ආහාර වැළඳුවෙමි. බුදුරදුන්ගේ අවවාදය අනුව දැන එය අතහැර, මැටිමුවා පාත්‍රයක් දැන ගත්තෙමි.” පුදුමයි! මවිසින් කළ දෙය ආර්ය ව්‍රතය අනුව පැවතීමකි”යි භාජනය පිළිබඳ පැවසීමෙන්. තම රජකම හැරදැමීමත් පැවිදිවීමත් සිහිකර සතුටුවීම අදහස් වේ. ඒ නිසා “ඉදං දුතියාභිසෙචනං” යනුවෙන් කියන ලදි. පළමුව මම රාජාභිෂේකය ලැබුවෙමි. මේ පැවිදිව දෙවැනි අභිෂේකයක් බඳුය. පළමු අභිෂේකය රාගාදියෙන් කිලිටි වූ, සැක සංකා සහිත අනර්ථ වූ දුක හා බැඳී පවතින නිහීන වූ අවස්ථාවකි. දැන් මම ලැබූ මේ අභිෂේකය එම දුක්ඛදායී බැවින් වෙන් වූ උතුම් ප්‍රණීත වූවකි යන අදහසයි.
තිස්සත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
තිස්ස ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.