යෙදුමෙන් කියවන්න

අභයත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

අභයත්‍ථෙරගාථාවණ‍්ණනා

අභය ස්ථවිරගාථා වර්ණනාව

රූපං දිස‍්වා සති මුට‍්ඨාති ආයස‍්මතො අභයත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සොපි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො සුමෙධස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සුමෙධං භගවන‍්තං දිස‍්වා පසන‍්නචිත‍්තො සළලපුප‍්ඵෙහි පූජමකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවෙසු නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා අභයොති ලද‍්ධනාමො විඤ‍්ඤුතං පත‍්තො හෙතුසම‍්පත‍්තියා චොදියමානො එකදිවසං විහාරං ගතො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා කතපුබ‍්බකිච‍්චො විපස‍්සනාය කම‍්මං කරොන‍්තො විහරති. අථස‍්ස එකදිවසං ගාමං පිණ‍්ඩාය පවිට‍්ඨස‍්ස අලඞ‍්කතපටියත‍්තං මාතුගාමං දිස‍්වා අයොනිසොමනසිකාරවසෙන තස‍්ස රූපං ආරබ‍්භ ඡන්‍දරාගො උප‍්පජ‍්ජි, සො විහාරං පවිසිත්‍වා “සතිං විස‍්සජ‍්ජිත්‍වා ඔලොකෙන‍්තස‍්ස රූපාරම‍්මණෙ මය‍්හං කිලෙසො උප‍්පන‍්නො, අයුත‍්තං මයා කත”න‍්ති අත‍්තනො චිත‍්තං නිග‍්ගණ‍්හන‍්තො තාවදෙව විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.15.43-47) –

“රූපං දිස්වා සති මුට්ඨා” යනු ආයුෂ්මත් අභය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන්පතාගෙන පින් රැස්කර ගත්හ. සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූ හෙතෙම දිනක් සුමේධ බුදුරජාණන් වහන්සේ දැක පහන් සිතින් සලල නම් සුවඳ මල් වලින් පිදුවේය. ඒ පින්කම හේතුවෙන් දෙව්ලොව ඉපිද, තව තවත් පින්දහම් සිදුකර කාම සුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර බමුණු පවුලක “අභය” නාමය ලබා ඉපිද වැඩිවියට පැමිණියේය. පෙර හේතුසම්පත් මගින් මෙහෙයවනු ලැබූ අභය බමුණා ශාස්තෲන් වහන්සේ වැඩ සිටින විහාරයට දිනක් ගොස් ධර්‍මදේශනාව අසා ලබන ලද ශ්‍රද්ධාවෙන් බුදුසසුනේ පැවිදිවිය. පූර්ව කටයුතු නිමවූ උන්වහන්සේ විදසුන් කමටහන වඩමින් වෙසෙන අතර දිනක් ගමට පිඬුසිඟා වැඩියහ. එසේ වැඩම වූ උන්වහන්සේ නිවසක අලංකාරව සැරසී හුන් ස්ත්‍රියක් දැක නුනුවණින් මෙනෙහි කිරීම් වශයෙන් ඇගේ රූපයට ඇලී රාග සිත් ඉපිද වූහ. විහාරයට වහා පිවිසි අභය තෙරණුවෝ “සිහිය නොමැතිව බැලූ මට එම රූපාරම්මණය නිසා කෙලෙස් ඉපදුනි. මවිසින් කරන ලද්දේ ඉතා නුසුදුසු ක්‍රියාවකි” යි තම සිතට නිග්‍රහ කරමින් එකෙණෙහිම විදසුන් වඩා රහත් ඵලයට පත්වූහ. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ.

“සුමෙධො නාම නාමෙන, සයම‍්භූ අපරාජිතො; විවෙකමනුබ්‍රූහන‍්තො, අජ‍්ඣොගහි මහාවනං.

“සියල්ල තමන්වහන්සේ දැනගත්තාවූ අපරාජිත වූ සුමේධ බුදුහු විවේක සුවය වඩමින් මහවනයට පිවිසිසේක.

“සළලං පුප‍්ඵිතං දිස‍්වා, ගන්‍ථිත්‍වාන වටංසකං; බුද‍්ධස‍්ස අභිරොපෙසිං, සම‍්මුඛා ලොකනායකං.

ලෝකනායකයන් වහන්සේ ඉදිරියෙහි පිපුණු සලල ගසක් දුටු මම ඉන් මල් කඩාගෙන බුදුරජාණන් වහන්සේට පිදුවෙමි.

“තිංසකප‍්පසහස‍්සම‍්හි, යං පුප‍්ඵමභිරොපයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

තිස් දහස්වන කල්පයේ යම් මලක් පිදුවෙම්ද මේ දක්වා ම දුගතියක් නො දනිමි. බුදු පුදෙහි විපාකය මෙබඳුය.

“ඌනවීසෙ කප‍්පසතෙ, සොළසාසුං සුනිම‍්මිතා; සත‍්තරතනසම‍්පන‍්නා, චක‍්කවත‍්තී මහබ‍්බලා.

කල්ප එක් දහස් නවසියයකට පෙර නිම්මිත නමින් මහත් බල ඇති සක්විති රජවරු දාසය දෙනෙක්ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො කිලෙසුප‍්පත‍්තිනිදස‍්සනෙන “කිලෙසෙ අනුවත‍්තෙන‍්තස‍්ස වට‍්ටදුක‍්ඛතො නත්‍ථෙව සීසුක‍්ඛිපනං. අහං පන තෙ නානුවත‍්ති”න‍්ති දස‍්සෙන‍්තො –

රහත් බවට පත්වූ උන්වහන්සේ, “තමාගේ කෙළෙස් ඉපදීම් දැක්වීමෙන්, කෙලෙස් අනුව පවතින කෙලෙස් වසඟවූවහුට සංසාර දුකින් මිදී හිස එසවීමක් නම් නොලැබේ. මම වනාහි ඒ කෙළෙස් දුරලූයෙමි”යි දක්වමින් මෙම ගාථාව වදාළහ.

“රූපං දිස‍්වා සති මුට‍්ඨා, පියං නිමිත‍්තං මනසිකරොතො; සාරත‍්තචිත‍්තො වෙදෙති, තඤ‍්ච අජ‍්ඣොස තිට‍්ඨති; තස‍්ස වඩ‍්ඪන‍්ති ආසවා, භවමූලොපගාමිනො”ති. – ගාථං අභාසි;

“රූපං දිස්වා සති මුට්ඨා පිය නිමිත්තං මනසිකරොතො, සාරත්ත චිත්තො වෙදෙති තඤ්ච අජ්ඣොස තිට්ඨති, තස්ස වඩ්ඪන්ති ආසවා භවමූලා භව ගාමිනො.”

තත්‍ථ රූපන‍්ති රජ‍්ජනීයං රූපායතනං, තං පනෙත්‍ථ ඉත්‍ථිරූපං අධිප‍්පෙතං. දිස‍්වාති චක‍්ඛුනා දිස‍්වා, චක‍්ඛුද‍්වාරානුසාරෙන නිමිත‍්තානුබ්‍යඤ‍්ජනසල‍්ලක‍්ඛණවසෙන තං ගහෙත්‍වා, තස‍්ස තථාගහණහෙතූති අත්‍ථො. සති මුට‍්ඨාති අසුභසභාවෙ කායෙ “අසුභ”න‍්ත්‍වෙව පවත‍්තනසති නට‍්ඨා. යථා පන රූපං දිස‍්වා සති නට‍්ඨා, තං දස‍්සෙන‍්තො ආහ “පියං නිමිත‍්තං මනසිකරොතො”ති. යථාඋපට‍්ඨිතං ආරම‍්මණං “සුභං සුඛ”න‍්තිආදිනා පියනිමිත‍්තං කත්‍වා අයොනිසොමනසිකාරෙන මනසිකරොතො සති මුට‍්ඨාති යොජනා. තථා භූතොව සාරත‍්තචිත‍්තො වෙදෙතීති සුට‍්ඨු රත‍්තචිත‍්තො හුත්‍වා තං රූපාරම‍්මණං අනුභවති අභිනන්‍දති, අභිනන්‍දන‍්තො පන තඤ‍්ච අජ‍්ඣොස තිට‍්ඨති අජ‍්ඣොසාය තං ආරම‍්මණං ගිලිත්‍වා පරිනිට‍්ඨපෙත්‍වා වත‍්තති චෙව, එවංභූතස‍්ස ච තස‍්ස වඩ‍්ඪන‍්ති ආසවා භවමූලොපගාමිනොති භවස‍්ස සංසාරස‍්ස මූලභාවං කාරණභාවං උපගමනසභාවා කාමාසවාදයො චත‍්තාරොපි ආසවා තස‍්ස පුග‍්ගලස‍්ස උපරූපරි වඩ‍්ඪන‍්තියෙව, න හායන‍්ති. මය‍්හං පන පටිසඞ‍්ඛානෙ ඨත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා සච‍්චානි පටිවිජ‍්ඣන‍්තස‍්ස මග‍්ගපටිපාටියා තෙ චත‍්තාරොපි ආසවා අනවසෙසතො පහීනා පරික‍්ඛීණාති අධිප‍්පායො.

මෙම ගාථාවෙහි “රූපං” යනු ඇලුම් කටයුතු රූපායතනයයි. මෙහිදී ස්ත්‍රී රූපය අදහස් කරන ලදි. “දිස්වා” දෑසින් දැක චක්ඛුද්වාරය ආශ්‍රයෙන් නිමිති, අනුව්‍යඤ්ජන, උප ලක්‍ෂණ වශයෙන් රූපය පිළිබඳව සිතට ගෙන, එහි මේ ආකාරයෙන් ගැනීම හේතුවෙන් “සති මුට්ඨා” අසුභ සහගත කයෙහි අසුභ භාවය සිහිකිරීමෙන් පවතින සිහිය නොමැතිව යම් රූපයක් දැකීමේදී සිහිය නොමැතිවීද එය දැක්වීමයි. “පිය නිමිත්තං මනසි කරොතො” යම්සේ එළඹ සිටි අරමුණ “සුභය සැපය” ආදී ලෙස ප්‍රිය නිමිති ගෙන අනුවණින් මෙනෙහි කිරීමෙන්, නිවැරදි සිහිකිරීමෙහි සිහි මුලාවී යන අර්ථ යෝජනාවයි. එසේම එයින් “සාරත්ත චිත්තො වෙදෙති” යනු මනාව එහි ඇලුණු සිතින්, ඒ අරමුණ වැළඳගනියි, සතුටුවෙයි එහි බැසගෙන සිටියි. බැසගැනීම් වශයෙන් ඒ අරමුණම ගිලගෙන එහිම නැවතී සිටියි. මෙසේ ඇලී ගැලී සිටින්නාට “තස්ස වඩ්ඪන්ති ආසවා භව මුලා භවගාමිනො” ඒ සංසාර භවයේ පැවැත්මට මුල වූ හේතුව කාමාශ්‍රවාදී සිවු ආශ්‍රවයෝ ඒ පුද්ගලයාට තව තවත් වැඩේ. සසර පැවැත්ම තව තවත් දිගු වේ. නොපිරිහේ මම වනාහි සංස්කරණය කිරීමෙහි පිහිටා, විදසුන් වඩමින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගනිමින් මඟ පිළිවෙලින් ඒ සතර ආශ්‍රවයෝ ඉතිරි නොකරම ප්‍රහීණ කළෙමි ක්‍ෂය කළෙමි යන අදහසයි.

අභයත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

අභය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.