යෙදුමෙන් කියවන්න

උත‍්තියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

උත‍්තියත්‍ථෙරගාථාවණ‍්ණනා

උත්තිය ස්ථවිරගාථා වර්ණනාව

සද‍්දං සුත්‍වා සති මුට‍්ඨාති ආයස‍්මතො උත‍්තියත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො සුමෙධස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථාරං දිස‍්වා පසන‍්නචිත‍්තො ගොනකාදිඅත්‍ථතං සඋත‍්තරච‍්ඡදං බුද‍්ධාරහං පල‍්ලඞ‍්කං ගන්‍ධකුටියං පඤ‍්ඤාපෙත්‍වා අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුස‍්මිං සක්‍යරාජකුලෙ නිබ‍්බත‍්ති, තස‍්ස උත‍්තියොති නාමං අහොසි. සො වයප‍්පත‍්තො සත්‍ථු ඤාතිසමාගමෙ බුද‍්ධානුභාවං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා සමණධම‍්මං කරොන‍්තො එකදිවසං නාමං පිණ‍්ඩාය පවිට‍්ඨො අන‍්තරාමග‍්ගෙ මාතුගාමස‍්ස ගීතසද‍්දං සුත්‍වා අයොනිසොමනසිකාරවසෙන තත්‍ථ ඡන්‍දරාගෙ උප‍්පන‍්නෙ පටිසඞ‍්ඛානබලෙන තං වික‍්ඛම‍්භෙත්‍වා විහාරං පවිසිත්‍වා සඤ‍්ජාතසංවෙගො දිවාට‍්ඨානෙ නිසීදිත්‍වා තාවදෙව විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.15.48-52) –

“සද්දං සුත්‍වා සතිමුට්ඨා” යන ගාථාව ආයුෂ්මත් උත්තිය තෙරුන් විසින් පැවසූවකි. එහි උපත කෙසේද? උත්තිය තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව එ් ඒ භවයන් හි ඉපිද නිවන් පතා පින්දහම් රැස්කරගෙන, සුමේධ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද වියට පත් වූ සිටුකුමරෙක් වූහ. එක් දිනක් ඔහු ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් ගෝණකාදී පලස් අතුළ, උඩුවියන් බැඳි බුදුවරුන්ට සුදුසු වූ අගනා පලඟක් ගඳිකිළියෙහි පනවා පූජාකළේය. ඒ පින්කමේ විපාක වහයෙන් දෙව්-මිනිස් දෙගතියේ සැරිසරා අපගේ බුදුරදුන් පහළ වූ සමයෙහි කපිලවස්තුවේ ශාක්‍ය රජ පවුලක ඉපිද උත්තිය කුමරු නමින් ප්‍රකට විය. වැඩිවියට පත් ඔහු ශාස්තෲන් වහන්සේ නෑයන් හමුවූ මොහොතෙහි පැවති බුද්ධානුභාවය දැක ලබන ලද ශ්‍රද්ධාවෙන් පැවිදිවී, මහණදම් පුරා, එක් දිනක් නුවර පිඬු සිඟා වැඩියේය. අතර මඟ එක් ස්ත්‍රියකගේ ගී ශබ්දයක් අසා අනුවණින් එය මෙනෙහිකර එම ශබ්දයේ තදින් ඇලුණු උත්තිය තෙරණුවෝ, නැවත නුවණින් මෙනෙහි කිරීමෙන් එම රාගය දුරුකර, විහාරයට පිවිසියහ. ඒ පිළිබඳව උපන් සංවේගයෙන් දවල් වසන තැන හිදී උන්වහන්සේ එකෙණෙහි ම විදසුන් වඩා රහත්බවට පත්වූහ. අපදාන පාළියේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.

“සුමෙධස‍්ස භගවතො, ලොකජෙට‍්ඨස‍්ස තාදිනො; පල‍්ලඞ‍්කො හි මයා දින‍්නො, සඋත‍්තරසපච‍්ඡදො.

“ලෝකජ්‍යෙෂ්ඨ වූ තාදීගුණ ඇති සුමේධ භාග්‍යවතුන් වහන්සේට උඩුවියන් හා ඇතිරිලි සහිත උසස් පලඟක් මවිසින් පූජා කළෙමි.

“සත‍්තරතනසම‍්පන‍්නො, පල‍්ලඞ‍්කො ආසි සො තදා; මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය, නිබ‍්බත‍්තති සදා මම.

එකල්හි එය සත්රුවනින් පිරි පලඟක් විය. මාගේ අදහස අනුවම හැමකල්හි මට එබඳු පර්යංක පහළ විය.

“තිංසකප‍්පසහස‍්සම‍්හි, පල‍්ලඞ‍්කමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, පල‍්ලඞ‍්කස‍්ස ඉදං ඵලං.

තිස් දහස්වන කල්පයේ මම යම් පලඟක් පූජා කළෙම් ද ඒ හේතුවෙන් දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.

“වීසකප‍්පසහස‍්සම‍්හි, සුවණ‍්ණාභා තයො ජනා; සත‍්තරතනසම‍්පන‍්නා, චක‍්කවත‍්තී මහබ‍්බලා.

විසි දහස් වන කල්පයේ සත්රුවන් පිරි මහ බල ඇති සුවණ්ණාභ නමින් සක්විති රජවරු තිදෙනෙක් ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මම දැන් සියලු කෙලෙස් දැවුයෙමි -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො කිලෙසුප‍්පත‍්තිනිදස‍්සනෙන “කිලෙසෙ අජිගුච‍්ඡන‍්තස‍්ස නත්‍ථි වට‍්ටදුක‍්ඛතො සීසුක‍්ඛිපනං, අහං පන තෙ ජිගුච‍්ඡිමෙවා”ති දස‍්සෙන‍්තො –

රහත් බවට පත් වූ උන්වහන්සේ, තමාට කෙලෙස් ඉපදුණු අයුරු හා ඊට හේතු දැක්වීම් වශයෙන්, “කෙලෙස් පිළිකුල් නො කරන්නාට සසර දුකින් මිදීමක්, හිස එසවීමක් නැත. මම මේ සියලු කෙලෙස් පිළිකුල් කර ඉවතලූවෙමි” යි දක්වමින් මෙම ගාථාව වදාළහ.

“සද‍්දං සුත්‍වා සති මුට‍්ඨා, පියං නිමිත‍්තං මනසිකරොතො; සාරත‍්තචිත‍්තො වෙදෙති, තඤ‍්ච අජ‍්ඣොස තිට‍්ඨති; තස‍්ස වඩ‍්ඪන‍්ති ආසවා, සංසාර උපගාමිනො”ති. – ගාථං අභාසි;

“සද්දං සුත්‍වා සති මුට්ඨා පිය නිමිත්තං මනසිකරොතො, සාරත්ත චිත්තො වෙදෙතී තඤ්ච අජ්ඣොස තිට්ඨතී, තස්ස වඩ්ඪන්ති ආසවා සංසාරං උපගාමිනො”ති.

තත්‍ථ සද‍්දන‍්ති රජ‍්ජනීයං සද‍්දාරම‍්මණං, සංසාරඋපගාමිනොති –

එහි “සද්දං” යනු ඇලියයුතු, ඇලෙන ප්‍රිය ශබ්දාරම්මණයයි. “සංසාරං උපගාමී නො” යනු

“ඛන්‍ධානඤ‍්ච පටිපාටි, ධාතුආයතනාන ච; අබ‍්බොච‍්ඡින‍්නං වත‍්තමානා, සංසාරොති පවුච‍්චතී”ති. –

“ඛන්‍ධානංච පටිපාටි ධාතු ආයතනානි ච, අබ්බොච්ඡින්නං වත්තමානං සංසාරොති පවුච්චතී”

එවං වුත‍්තසංසාරවට‍්ටකාරණං හුත්‍වා උපගමෙන‍්තීති සංසාරඋපගාමිනො, “සංසාරූපගාමිනො”ති වා පාඨො. සෙසං අනන‍්තරගාථාය වුත‍්තනයමෙව.

“ස්කන්‍ධයන්ගේ පිළිවෙලින් පැවතීමෙන්, ධාතු හා ආයතනාදිය නොසිඳි පවතින කල්හි එය සංසාරය යැයි කියනු ලැබේ.” යනුවෙන් පැවසෙන සසර පැවතුම් කාරණ එකතුවීමෙන්, පැවතීමෙන් සසරට එළඹෙති. සසර පැවැත්ම ගෙනදෙති. “සංසාරූපගාමිනො” යන පාඨය ද යෙදේ. සෙසු පදයන්ගේ අර්ථ මුලින් පැවසූ ගාථාවේ අර්ථ මෙන් දතයුතුය.

උත‍්තියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

උත්තිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.