යෙදුමෙන් කියවන්න

දෙවසභත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

දෙවසභත්‍ථෙරගාථාවණ‍්ණනා

දේවසභ ස්ථවිරගාථා වර්ණනාව

සම‍්මප‍්පධානසම‍්පන‍්නොති ආයස‍්මතො දෙවසභත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සිඛිං භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො බන්‍ධුජීවකපුප‍්ඵෙහි පූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුස‍්මිං සක්‍යරාජකුලෙ නිබ‍්බත‍්ති, තස‍්ස දෙවසභොති නාමං අහොසි. සො වයප‍්පත‍්තො චුම‍්බටකලහවූපසමනත්‍ථං සත්‍ථරි ආගතෙ බුද‍්ධානුභාවං දිස‍්වා පසන‍්නමානසො සරණෙසු පතිට‍්ඨිතො පුන නිග්‍රොධාරාමෙ සත්‍ථරි විහරන‍්තෙ සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා කතපුබ‍්බකිච‍්චො විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.16.1-6) –

“සම්මප්පධාන සම්පන්නො” යනු ආයුෂ්මත් දේවසභ තෙරුන් වහන්සේ පැවසූ ගාථාවකි. එහි නිදානය කෙසේද? දේවසභ තෙරණුවෝ පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, සිඛී නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සිටු ගෙයක ඉපිද වැඩිවිය පැමිණ, දිනක් ඒ බුදුරජාණන් වහන්සේට පැහැදුණු සිතින් බඳුවද මල් පූජා කොට නිවන් පතාගෙන කුසල් රැස්කරගත්හ. ඒ පින්කම් නිසා දෙව් - මිනිස් දෙගතියේ සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිලවත්‍ථු වේ. ශාක්‍ය රජ කුලයෙහි උපන් හෙතෙම දේවසභ නමින් ප්‍රකට විය. වියට පත් එ කුමරු කලහය සන්සිඳවීමට ශාස්තෲන් වහන්සේ පැමිණි කල්හි බුද්ධානුභාවය දැක, පැහැදුනු සිතින් සරණ සිල්හි පිහිටියේය. නැවත ශාස්තෲන් වහන්සේ නිග්‍රෝධාරාමයේ වැඩ වසන කල්හි උන්වහන්සේ වෙත පැමිණි, දේවසභ කුමරු ලබන ලද ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි වී කළ පූර්වකටයුතු ඇතිව විදසුන් කමටහන වඩා නොබෝ දිනකින් ම රහත් ඵලයෙහි පිහිටියේය. උන්වහන්සේ සිය චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වූහ.

“චන්‍දංව විමලං සුද‍්ධං, විප‍්පසන‍්නමනාවිලං; නන්‍දීභවපරික‍්ඛීණං, තිණ‍්ණං ලොකෙ විසත‍්තිකං.

“කෙලෙසුන් විරහිත චන්‍ද්‍රයා මෙන් නිර්මල වූ, පිරිසිදු වූ, පැහැදුනා වූ, කෙලෙස් මලින් නොකැළඹුණු නන්දිභව නම් තණ්හාව හා භවය ක්‍ෂය කරන ලද්දා වූ, ත්‍රිවිධ ලෝකයේම ඇල්ම නැති කළ, ජනසමූහයා කෙලෙස් ගින්නෙන් නිවන්නා වූ, සසර සයුරින් එතෙර වූ, එසේ එතෙර වූවන් අතරින් උතුම් වූ, වනයේ හිඳ ධ්‍යාන වඩන්නා වූ ඒ එකඟ වූ සන්හුන් වූ සිඛි බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

“නිබ‍්බාපයන‍්තං ජනතං, තිණ‍්ණං තාරයතං වරං; මුනිං වනම‍්හි ඣායන‍්තං, එකග‍්ගං සුසමාහිතං.

“බන්‍ධුජීවකපුප‍්ඵානි, ලගෙත්‍වා සුත‍්තකෙනහං; බුද‍්ධස‍්ස අභිරොපයිං, සිඛිනො ලොකබන්‍ධුනො.

[missing trans]

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං කම‍්මමකරිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මෙයින් කල්ප තිස් එකකට පෙර යම් කුසල කර්‍මයක් කළෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.

“ඉතො සත‍්තමකෙ කප‍්පෙ, මනුජින්‍දො මහායසො; සමන‍්තචක‍්ඛුනාමාසි, චක‍්කවත‍්තී මහබ‍්බලො.

මෙයින් කල්ප සතකට පෙර මනුජේන්‍ද්‍ර වූ මහත් වූ යසස් ඇති සමන්තචක්ඛු නම් සක්විති රජ වුයෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අත‍්තනා අධිගතං විමුත‍්තිසුඛං නිස‍්සාය උප‍්පන‍්නපීතිසොමනස‍්සො උදානවසෙන –

රහත් බවට පත් වූ උන්වහන්සේ, තමන් වහන්සේ අවබෝධ කරගත් විමුක්ති සුවය නිසා උපන් ප්‍රීති සොම්නසින් උදන් ඇණීම් වශයෙන් මෙම ගාථා වදාළහ.

“සම‍්මප‍්පධානසම‍්පන‍්නො , සතිපට‍්ඨානගොචරො; විමුත‍්තිකුසුමසඤ‍්ඡන‍්නො, පරිනිබ‍්බිස‍්සත්‍යනාසවො”ති. – ගාථං අභාසි;

“සම්මප්පධාන සම්පන්නො සතිපට්ඨාන ගොචරො, විමුත්ති කුසුමසඤ්ජ න්නො පරිනිබ්බායිස්සත්‍යනාසවො.”

තත්‍ථ සම‍්මප‍්පධානසම‍්පන‍්නොති සම‍්පන‍්නචතුබ‍්බිධසම‍්මප‍්පධානො, තෙහි කත‍්තබ‍්බකිච‍්චං සම‍්පාදෙත්‍වා ඨිතොති අත්‍ථො. සතිපට‍්ඨානගොචරොති කායානුපස‍්සනාදයො සතිපට‍්ඨානා ගොචරො පවත‍්තිට‍්ඨානං එතස‍්සාති සතිපට‍්ඨානගොචරො, චතූසු සතිපට‍්ඨානෙසු පතිට‍්ඨිතචිත‍්තොති අත්‍ථො. ගුණසොභෙන පරමසුගන්‍ධා විමුත‍්තියෙව කුසුමානි, තෙහි සබ‍්බසො සම‍්මදෙව සඤ‍්ඡන‍්නො විභූසිතො අලඞ‍්කතොති විමුත‍්තිකුසුමසඤ‍්ඡන‍්නො. පරිනිබ‍්බිස‍්සත්‍යනාසවොති එවං සම‍්මා පටිපජ‍්ජන‍්තො භික‍්ඛු නචිරස‍්සෙව අනාසවො හුත්‍වා පරිනිබ‍්බිස‍්සති සඋපාදිසෙසාය අනුපාදිසෙසාය ච නිබ‍්බානධාතුයාති අත්‍ථො. ඉදමෙව ච ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණං අහොසි.

එහි “සම්මප්පධාන සම්පන්නො” චතුරංග සමන්නාගත සම්‍යක් ප්‍රධන් වීර්යයෙන් යුක්ත වූ, ඒ වීර්‍ය්‍ය මගින් කළයුතු කටයුතු සම්පාදනය කර සිටියි යන අර්ථයයි. “සතිපට්ඨාන” යනු කායානුපස්සනාදී සතිපට්ඨාන ගොදුරු කරගෙන පවතියි යන අරුතින් සතර සතිපට්ඨාන ගෝචර වූ, අරමුණු වූ, සතර සතිපට්ඨානයන් හි පිහිටි සිත් ඇති යන අර්ථයයි. ගුණ ශෝභන නම් උතුම් වූ සුවදැති විමුක්තිය නම් වූ මලින් අලංකාර වූ, මනාව වැසුනු යන අර්ථය “විමුත්ති කුසුමසඤ්ඡන්නො” යන්නෙහි ඇත. “පරිනිබ්බායිස්සත්‍ය නාසවො” යනු මෙසේ පිළිපදින්නා වූ භික්‍ෂුව නොබෝ කලකින් ම අනාශ්‍රවයකු වී සෝපාදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිනිවේ යන අර්ථයයි. මෙය ම දේවසභ තෙරුන්ගේ රහත් බව ප්‍රකාශ කිරීම විය.

(දුතිය) දෙවසභත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

දේවසභ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

දසමවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

දසවන වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.