බෙලට්ඨානිකත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
බෙලට්ඨානිකත්ථෙරගාථාවණ්ණනා
බෙලට්ඨානික ස්ථවිරගාථා වර්ණනාව
හිත්වා ගිහිත්තං අනවොසිතත්තොතිආදිකා ආයස්මතො බෙලට්ඨානිකත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො ඉතො එකතිංසෙ කප්පෙ වෙස්සභුස්ස භගවතො කාලෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො බ්රාහ්මණසිප්පෙසු නිප්ඵත්තිං ගන්ත්වා ඝරාවාසං පහාය ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා ඉසීහි පරිවුතො විචරන්තො එකදිවසං වෙස්සභුං භගවන්තං දිස්වා පීතිසොමනස්සජාතො සත්ථු ඤාණසම්පත්තිං නිස්සාය පසන්නමානසො ඤාණං උද්දිස්ස පුප්ඵෙහි පූජං අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා බෙලට්ඨානිකොති ලද්ධනාමො විඤ්ඤුතං පත්තො සත්ථු ධම්මදෙසනං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා කම්මට්ඨානං ගහෙත්වා කොසලරට්ඨෙ අරඤ්ඤෙ විහරන්තො අලසො කායදළ්හිබහුලො ඵරුසවාචො අහොසි, සමණධම්මෙ චිත්තං න උප්පාදෙසි. අථ නං භගවා ඤාණපරිපාකං ඔලොකෙත්වා –
“හිත්වා ගිහී ත්වං අනවොසිතත්තො” යනු ආයුෂ්මත් බෙලට්ඨානික තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි නිදානය කෙසේද? මෙම තෙරණුවෝ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව, මෙයින් කල්ප තිස් එකකට පෙර වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු පවුලක ඉපිද බමුණ ශිල්ප ශාස්ත්‍රයන්හි නිෂ්පත්තියට පැමිණියහ. ඔහු ගිහිගේ හැර සෘෂි පැවිද්දෙන් පැවිදිව සෘෂිවරුන් පිරිවරාගෙන හැසිරෙනුයේ එක් දිනක් වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ දැක ප්‍රීති සොම්නසට පැමිණ, ශාස්තෲන් වහන්සේගේ ඤාණ සම්පත්තිය හේතුවෙන් සිත පහදවා එම උතුම් ඤාණය උදෙසා මලින් පූජාවක් කළේය. ඒ පින්කම හේතුවෙන් දෙව්මිනිසුන් අතර සැරිසරමින් සැප විඳ ඔහු, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සැවැත්නුවර බමුණු පවුලක ඉපිද බෙලට්ඨානික නමින් ප්‍රකට ව, වැඩිවියට පත් ව ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි ව, කමටහන් ගෙන කොසොල් රටෙහි අරණ්‍යයක වාසය කළේය. උන්වහන්සේ පසුව අලසව කය වැඩීමෙහි ම නියැලී පරුෂවදන් කියන්නෙකු වූහ. මහණදම් වැඩීමෙහි සිතක් නො ඉපදවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, උන්වහන්සේගේ ඤාණයේ මුහුකුරා යෑම බලා මෙම අවවාද ගාථාවෙන් උන්වහන්සේ සංවේගයට පත්කළ සේක.
“හිත්වා ගිහිත්තං අනවොසිතත්තො, මුඛනඞ්ගලී ඔදරිකො කුසීතො; මහාවරාහොව නිවාපපුට්ඨො, පුනප්පුනං ගබ්භමුපෙති මන්දො”ති. –
“හිත්වා ගිහී ත්වං අනුවොසිතත්තො, මුඛනංගලී ඔදරිකො කුසීතො, මහා වරාහොව නිවාප පුට්ඨො, පුනප්පුනං ගබ්භමුපෙති මන්දො”තී.
ඉමාය ඔභාසගාථාය සංවෙජෙසි. සො සත්ථාරං පුරතො නිසින්නං විය දිස්වා තඤ්ච ගාථං සුත්වා සංවෙගජාතො ඤාණස්ස පරිපාකං ගතත්තා විපස්සනං පට්ඨපෙත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.14.41-46) –
උන්වහන්සේ තමන් ඉදිරියේ සිටි බුදුරදුන් මෙසේ අවවාද දෙන්නාක් මෙන් වැටහී මෙම ගාථාව අසා දැඩිසේ සංවේගයට පත්වූහ. එම අවස්ථාවෙහි ඤාණය මුහුකුරා ගිය බැවින් විදසුන් වඩා නොබෝ කලකින් ම රහත්බවට පත් වූ බෙලට්ඨානික තෙරණුවෝ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ.
“කණිකාරංව ජොතන්තං, නිසින්නං පබ්බතන්තරෙ; ඔභාසෙන්තං දිසා සබ්බා, ඔසධිං විය තාරකං.
“සුපිපි කිණිහිරි රුකක් මෙන් බබළන කඳු අතරෙහි හුන්නා වූ ඔසධී තාරකාවක් මෙන් සියලු දිශා ආලෝකවත් කරන්නාවූ බුදුරදුන් දුටුවෙමි.
“තයො මාණවකා ආසුං, සකෙ සිප්පෙ සුසික්ඛිතා; ඛාරිභාරං ගහෙත්වාන, අන්වෙන්ති මම පච්ඡතො.
තම බමුණු දහමෙහි මැනවින් හික්මුණු මානවකයෝ තිදෙනෙක් පිරිකර බර ගෙන මා පසුපසින් නිතර පැමිණෙති.
“පුටකෙ සත්ත පුප්ඵානි, නික්ඛිත්තානි තපස්සිනා; ගහෙත්වා තානි ඤාණම්හි, වෙස්සභුස්සාභිරොපයිං.
තවුසකු විසින් ගොටුවක තබා මට පිළිගැන්වූ මල් සතක් ගත් මම ඉන් වෙස්සභූ බුදුරදුන්ගේ සර්වඥ ඥානයට පිදුවෙමි.
“එකතිංසෙ ඉතො කප්පෙ, යං පුප්ඵමභිරොපයිං; දුග්ගතිං නාභිජානාමි, ඤාණපූජායිදං ඵලං.
මෙයින් කල්ප තිස් එකකට පෙර යම් පුෂ්ප පූජාවක් කළෙම් ද ඒ හේතුවෙන් දුගතියක නූපන්නෙමි. ඤාණ පූජාවේ විපාකය මෙබඳුය.
“එකූනතිංසකප්පම්හි, විපුලාභසනාමකො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
මීට කල්ප විසි නවයකට පෙර සත්රුවනින් යුතු මහත් බල ඇති විපුලාභාස නම් සක්විති රජව උපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා සත්ථු ඔවාදං පටිපූජෙන්තො බ්යතිරෙකමුඛෙන ච අඤ්ඤං බ්යාකරොන්තො තමෙව ගාථං පච්චුදාහාසි.
රහත්බවට පත්ව ශාස්තෲන් වහන්සේගේ අවවාදයට ප්‍රතිපූජා කරමින්, උන්වහන්සේට ස්තුති කිරීම් වශයෙන් ද තම රහත් බව ප්‍රකට කිරීම් වශයෙන් ද මෙම ගාථාව ම නැවත බෙලට්ඨානික තෙරුන් විසින් දේශනා කරන ලදි.
තත්ථ හිත්වා ගිහිත්තන්ති ගහට්ඨභාවං පරිච්චජිත්වා පබ්බජිත්වාති අත්ථො. අනවොසිතත්තොති අනුරූපං අවොසිතත්තො, යදත්ථං සාසනෙ පබ්බජන්තස්ස අනුරූපපරිඤ්ඤාදීනං අතීරිතත්තා අපරියොසිතභාවො අකතකරණීයොති අත්ථො. අථ වා අනවොසිතත්තොති අනුඅවොසිතසභාවො, විසුද්ධීනං මග්ගානඤ්ච අනුපටිපාටියා වසිතබ්බවාසස්ස අකතාවී, දසසු අරියවාසෙසු අවුසිතවාති අත්ථො. මුඛසඞ්ඛාතං නඞ්ගලං ඉමස්ස අත්ථීති මුඛනඞ්ගලී. නඞ්ගලෙන විය පථවිං පරෙසු ඵරුසවාචප්පයොගෙන අත්තානං ඛනන්තොති අත්ථො. ඔදරිකොති උදරෙ පසුතො උදරපොසනතප්පරො. කුසීතොති අලසො, භාවනං අනනුයුඤ්ජන්තො. එවංභූතස්ස නිප්ඵත්තිං දස්සෙන්තො ආහ “මහාවරාහොව නිවාපපුට්ඨො, පුනප්පුනං ගබ්භමුපෙති මන්දො”ති. තස්සත්ථො හෙට්ඨා වුත්තොයෙව. එත්ථ ච යථා පබ්බජිත්වා අනවොසිතාදිසභාවතාය පුනප්පුනං ගබ්භමුපෙති මන්දො, න එවං මාදිසො පණ්ඩිතො. තබ්බිපරීතසභාවතාය පන සම්මාපටිපත්තියා මත්ථකං පාපිතත්තා පරිනිබ්බායතීති බ්යතිරෙකමුඛෙන අඤ්ඤං බ්යාකාසීති දට්ඨබ්බන්ති.
එම ගාථාවෙහි “හිත්වා ගිහීත්වං” යනු ගිහිබව හැරදමා, පැවිදි වී යන අර්ථයයි. “අනවොසිතත්තො” යනු සුදුසු වූ වාසයෙහි නොයෙදුණු, යම් අර්ථයක් සඳහා සසුනේ පැවිදි වී ද සුදුසු වූ විශේෂ දැනීම් ආදියෙහි නොහැසිරීමෙන්, අවසන් නොකළ පරිපූර්ණ නොවූ අර්ථ ඇති, කළයුතු කටයුතු නොකළා වූ. නැතහොත් “අනවොසිතත්තො” යනු නොකළා වූ අනුව පැවතීම් ස්වභාව ඇති විසුද්ධි මාර්ගයෙහි ද අනු පිළිවෙලින් විසිය යුතු වූ වාසය කිරීම් ඇත, දස වැදෑරුම් ආර්යවාසයන් හි ද අනු පිළිවෙලින් විසිය යුතු වූ වාසය කිරීම් ඇති දස වැදෑරුම් ආර්යවාසයන්හි නොයෙදුණු නොවිසූ “මුව නම් වූ නගුලක් මොහුට ඇත” යන අරුතින් “මුඛනංගලී” වේ. නගුලෙන් පොළව කනින්නාක් මෙන් අනුන්ට ඵරුස වචන කීමෙන් තමා සරසමින් යන අර්ථයයි. “ඔදරිකො” යනු උදර පුරණයෙහි යෙදුණු, බඩ වැඩීමෙහිම නියලුණු, “කුසීතො” යනු අලස වූ සිත වැඩීමෙහි නොයෙදුණු, මෙසේ යෙදුණු, කටයුතු කරන්නාගේ නිෂ්පත්තිය දක්වමින්, “මහා වරාහොව නිවාප පුට්ඨො පුනප්පුනං ගබ්භ මුපෙති මන්දො” යනුවෙන් පැවසූ පාඨයේ අර්ථ ඉහතින් කියූ පරිදිමය. කුඩු ආදියෙන් බඩ වඩාලන්නා මහ ඌරෙකු මෙන් නැවත නැවත ගැබෙහි වාසයට පැමිණේ, මෙහි ද යම්සේ පැවිදිව වැස නිම නොකළ ආර්‍ය්‍යවාස ඇති බැවින් අනුවණය, නැවත නැවත මවුකුසට පැමිණේ, මා වැනි පඬිවරු මෙසේ විපරීතභාවයට පත් නොවී, යහපත්ව පිළිපැදීමෙන් අරමුණ මස්තක ප්‍රාප්ත කරගෙන පිරිනිවේ යන්න ප්‍රකාශ කරමින් රහත්බව දක්වන ලදැයි දත යුතුයි.
බෙලට්ඨානිකත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
බේලට්ඨානික ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.