යෙදුමෙන් කියවන්න

සෙතුච‍්ඡත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සෙතුච‍්ඡත්‍ථෙරගාථාවණ‍්ණනා

සේතුච්ඡ ස්ථවිරගාථා වර්ණනාව

මානෙන වඤ‍්චිතාසෙති ආයස‍්මතො සෙතුච‍්ඡත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො තිස‍්සස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං තිස‍්සං භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො සුමධුරං පනසඵලං අභිසඞ‍්ඛතං නාළිකෙරසාළවං අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ අඤ‍්ඤතරස‍්ස මණ‍්ඩලිකරඤ‍්ඤො පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, සෙතුච‍්ඡොතිස‍්ස නාමං අහොසි. සො පිතරි මතෙ රජ‍්ජෙ පතිට‍්ඨිතො උස‍්සාහසත‍්තීනං අභාවෙන රාජකිච‍්චානි විරාධෙන‍්තො රජ‍්ජං පරහත්‍ථගතං කත්‍වා දුක‍්ඛප‍්පත‍්තියා සංවෙගජාතො ජනපදචාරිකං චරන‍්තං භගවන‍්තං දිස‍්වා උපසඞ‍්කමිත්‍වා ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා පරිකම‍්මං කරොන‍්තො තදහෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.17.13-17) –

“මානෙන වඤ්චිතාසෙ” යනු ආයුෂ්මත් සේතුච්ඡ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන් හි දී නිවන් පතාගෙන පින් රැස්කර ගත්හ. තිස්ස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද වැඩිවියට පත් වූ හෙතෙම එක් දිනක් එම බුදුරජාණන් වහන්සේ දැක, පැහැදුණු සිතින් ඉතා රසවත් කොස් හා පොල් වලින් සෑදූ රසකැවිලි පූජාකළේය. ඒ පින්කම හේතුවෙන් දෙව්ලොව ඉපිද දෙව් මිනිසුන් අතර සැරිසරමින් තවත් පින්දහම් කොට, මේ බුද්ධෝත්පාද කාලයේ දී එක්තරා ප්‍රාදේශීය රජකුගේ පුත්‍රයෙක් ව උපන්නේ ය. සේතුච්ඡ කුමරු නාමයෙන් ප්‍රකට වූ ඔහු පියාගේ ඇවෑමෙන් රාජ්‍ය ලැබ, උත්සාහ සම්පත්තිය නොමැති වූ බැවින් රාජ්‍ය කටයුතු පමාකිරීමෙන්, රජකම වෙනත් අයෙකුගේ අතට ගියේය. පසුව දුකට හා සංවේගයට පැමිණි සේතුච්ඡ කුමරු ජනපදචාරිකාවේ යමින් සිටිය දී ශාස්තෲන් වහන්සේ දැක උන්වහන්සේ වෙත පැමිණ ධර්‍මය අසා ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදිව කෙලෙස් නැසීමට අවශ්‍ය කටයුතු සිදුකර, එදින ම රහත්බවට පත්විය. එනිසා උන්වහන්සේ මෙසේ සිය චරිතාපදානය, අපදානපාළියේ දැක්වූහ.

“තිස‍්සස‍්ස ඛො භගවතො, පුබ‍්බෙ ඵලමදාසහං; නාළිකෙරඤ‍්ච පාදාසිං, ඛජ‍්ජකං අභිසම‍්මතං.

“මම පෙර තිස්ස බුදුරජාණන් වහන්සේට පොල් ද කැමති වූ රසකැවිලි ද පූජාකළෙමි.

“බුද‍්ධස‍්ස තමහං දත්‍වා, තිස‍්සස‍්ස තු මහෙසිනො; මොදාමහං කාමකාමී, උපපජ‍්ජිං යමිච‍්ඡකං.

“මහර්ෂී වූ තිස්ස බුදුරජාණන් වහන්සේට එය පිදූ මම කැමති සේ භවසම්පත් ලැබුයෙමි. කැමති දෑ කරන්නෙකු වූයෙමි. ප්‍රමුදිතව සතුටුවූයෙමි.

“ද‍්වෙනවුතෙ ඉතො කප‍්පෙ, යං දානමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.

මෙයින් කල්ප අනූ දෙකකට පෙර යම් දානයක් දුන්නෙම් ද ඒ හේතුවෙන් දුගතියක නූපන්නෙමි. මේ නාළිකේර ඵල දානයේ විපාකයයි.

“ඉතො තෙරසකප‍්පම‍්හි, රාජා ඉන්‍දසමො අහු; සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහබ‍්බලො.

මෙයින් කල්ප දහතුනකට පෙර, සත් රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති ඉන්දසම නම් සක්විති රජව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා කිලෙසෙ ගරහන‍්තො –

රහත්බවට පත්ව කෙලෙස්වලට ගරහමින් උන්වහන්සේ මෙම ගාථාව වදාළහ.

“මානෙන වඤ‍්චිතාසෙ, සඞ‍්ඛාරෙසු සංකිලිස‍්සමානාසෙ; ලාභාලාභෙන මථිතා, සමාධිං නාධිගච‍්ඡන‍්තී”ති. – ගාථං අභාසි;

“මානෙන වඤ්චිතා සෙ සඞ්ඛාරෙසු සඞ්කිලිස්සමානා සෙ, ලාභාලාභෙන මථිතා සමාධිං නාධිගච්ඡන්ති.”

තත්‍ථ මානෙන වඤ‍්චිතාසෙති “සෙය්‍යොහමස‍්මී”තිආදිනයප‍්පවත‍්තෙන මානෙන අත‍්තුක‍්කංසනපරවම‍්භනාදිවසෙන කුසලභණ‍්ඩච‍්ඡෙදනෙන විප‍්පලද‍්ධා. සඞ‍්ඛාරෙසු සංකිලිස‍්සමානාසෙති අජ‍්ඣත‍්තිකබාහිරෙසු චක‍්ඛාදීසු චෙව රූපාදීසු ච සඞ‍්ඛතධම‍්මෙසු සංකිලිස‍්සමානා, “එතං මම, එසොහමස‍්මි, එසො මෙ අත‍්තා”ති තංනිමිත‍්තං තණ‍්හාගාහාදිවසෙන සංකිලෙසං ආපජ‍්ජමානා. ලාභාලාභෙන මථිතාති පත‍්තචීවරාදීනඤ‍්චෙව වත්‍ථාදීනඤ‍්ච ලාභෙන තෙසංයෙව ච අලාභෙන තංනිමිත‍්තං උප‍්පන‍්නෙහි අනුනයපටිඝෙහි මථිතා මද‍්දිතා අභිභූතා. නිදස‍්සනමත‍්තඤ‍්චෙතං අවසිට‍්ඨලොකධම‍්මානම‍්පෙත්‍ථ සඞ‍්ගහො දට‍්ඨබ‍්බො. සමාධිං නාධිගච‍්ඡන‍්තීති තෙ එවරූපා පුග‍්ගලා සමාධිං සමථවිපස‍්සනාවසෙන චිත‍්තෙකග‍්ගතං කදාචිපි න වින්‍දන‍්ති න පටිලභන‍්ති න පාපුණන‍්ති සමාධිසංවත‍්තනිකානං ධම‍්මානං අභාවතො, ඉතරෙසඤ‍්ච භාවතො. ඉධාපි යථා මානාදීහි අභිභූතා අවිද‍්දසුනො සමාධිං නාධිගච‍්ඡන‍්ති, න එවං විද‍්දසුනො. තෙ පන මාදිසා තෙහි අනභිභූතා සමාධිං අධිගච‍්ඡන‍්තෙවාති බ්‍යතිරෙකමුඛෙන අඤ‍්ඤාබ්‍යාකරණන‍්ති වෙදිතබ‍්බං.

මෙම ගාථාවේ “මානෙන වඤ්චිතා සෙ” මම අනෙක් අයට වඩා ශ්‍රේෂ්ඨ වෙමි” යි ආදී වශයෙන් පවතින මානයෙන්, අනුන් පහත්කර හා තමන් උසස් කර දැකීම් වශයෙන් කුසල දහම් වැනසීම් වශයෙන් විප්‍රකාර වූයෙමි. “සඞ්ඛාරෙසු සඞ්කිලිස්සමානාසෙ” යනු ආධ්‍යාත්මික හා බාහිර චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියන්ගේ ද රූපාදී අරමුණුවල ද සංඛත ධර්‍මයන්හි ද කිලිටි වූ සිත් ඇති වූයෙමි. “මේ මම ය මේ මම වෙමි, මේ මාගේ ආත්මයයි.” යනුවෙන් ආත්ම වශයෙන් ගෙන තණ්හාවෙන් කිලිටිභාවයට පත්වන්නා වූ, “ලාභාලාභෙන මථිතා” යනු පාසිවුරු ආදිය ද වස්ත්‍රාදිය ද ලැබීමෙන් හා ඒවා නොලැබීමෙන් ඒ නිමිති කරගෙන උපදින ඇලීම් - ගැටීම් ආදියෙන් මැඩුනෙමි, කිලිටිවූයෙමි, මැඩලූයෙමි, මෙහි මානය හා ලාභාලාභාදියෙන් මතුවීම නිදසුන් වශයෙන් පමණක් දැක්විණි. ඉතිරි සියලුම ලෞකික කෙලෙස් ධර්‍ම මෙහි දී අදහස් වන බව දතයුතුයි. “සමාධිං නාධිගච්ඡන්ති” යනු මෙබඳු වූ පුද්ගලයෝ සමාධියට, සමථ විපස්සනා දී සිත එකඟ කරගැනීමට කිසිදා නොපැමිණෙති. එම සැප කිසිදා නො ලබති, නො විඳිති, චිත්ත සමාධියට ඇවැසි දහම් නොමැති නිසා ඉන් ඉහළ සැප ද නො ලබති. “මෙම සසුනෙහි ද මානාදියෙන් වැඩුණු භික්‍ෂූහු අඥාන බැවින් චිත්ත සමාධියට නොපැමිණෙති. නුවණැති භික්‍ෂූහු එසේ නොවෙති, ඔවුහු මා මෙන් ම මානාදියෙන් යටපත්නොවී චිත්ත සමාධියට පැමිණෙත්මය” යන්න ප්‍රකාශ කිරීම් වශයෙන් සිය රහත් භාවය පවසන ලදැයි දතයුතුයි.

සෙතුච‍්ඡත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සේතුච්ඡ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.