යෙදුමෙන් කියවන්න

බන්‍ධුරත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

බන්‍ධුරත්‍ථෙරගාථාවණ‍්ණනා

බන්‍ධුර ස්ථවිරගාථා වර්ණනාව

නාහං එතෙන අත්‍ථිකොති ආයස‍්මතො බන්‍ධුරත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ අඤ‍්ඤතරස‍්ස රඤ‍්ඤො අන‍්තෙපුරෙ ගොපකො හුත්‍වා එකදිවසං භගවන‍්තං සපරිසං රාජඞ‍්ගණෙන ගච‍්ඡන‍්තං දිස‍්වා පසන‍්නචිත‍්තො කණවෙරපුප‍්ඵානි ගහෙත්‍වා සසඞ‍්ඝං ලොකනායකං පූජෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සීලවතීනගරෙ සෙට‍්ඨිපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, බන්‍ධුරොතිස‍්ස නාමං අහොසි. සො විඤ‍්ඤුතං පත‍්තො කෙනචිදෙව කරණීයෙන සාවත්‍ථියං ගතො උපාසකෙහි සද‍්ධිං විහාරං ගතො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා ඤාණස‍්ස පරිපාකත‍්තා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.17.7-12) –

“නාහං එතෙන අත්‍ථිකො” යනු ආයුෂ්මත් බන්‍ධුර තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී එක්තරා රජකුගේ අන්තඃපුරයෙහි ආරක්‍ෂක සේවයේ නියැලියෙක් වූහ. එක් දිනක් එම භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් පිරිවරා ගෙන රාජාංගනයෙහි වඩිනු දුටු ඔහු පැහැදුණු සිතින් කණවේර මලින් භික්‍ෂු සංඝයා සහිත බුදුරදුන් පිදුවේය. ඒ පින්කමේ බලයෙන් දෙව්ලොව උපන් ඔහු, කාමසුගතීන්හිම සැරිසරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ සීලවතී නම් නුවර සිටු පුතෙක් ව ඉපිද බන්‍ධුර නාමයෙන් ප්‍රකට විය. වැඩිවියට පත් බන්‍ධුර සිටුපුතු කිසියම් කටයුත්තක් සඳහා සැවැත්නුවරට ගියේය. එහිදී විහාරයට යන උපාසකවරු සමග ගොස් ශාස්තෲන් වහන්සේගේ දම්දෙසුම ඇසූ ඔහු ලබන ලද ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි විය. උන්වහන්සේ ඤාණය මුහුකුරා ගිය බැවින් විදසුනෙහි සිත පිහිටුවා නොබෝ දිනකින් ම රහත් ඵලයෙහි පිහිටියහ. බන්‍ධුර තෙරණුවෝ අපදාන පාළියේ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ.

“සිද‍්ධත්‍ථො නාම භගවා, ලොකජෙට‍්ඨො නරාසභො; පුරක‍්ඛතො සාවකෙහි, නගරං පටිපජ‍්ජථ.

“ලෝකජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සිද්ධත්‍ථ නම් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් පිරිවරා නගරයට පිවිසි සේක.

“රඤ‍්ඤො අන‍්තෙපුරෙ ආසිං, ගොපකො අභිසම‍්මතො; පාසාදෙ උපවිට‍්ඨොහං, අද‍්දසං ලොකනායකං.

එකල්හි මම රජුගේ මැනවැයි සම්මත වූ අන්තඃපුර පාලකයා වූයෙමි. පහයෙහි සිටි මම ඒ ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි,

“කණවෙරං ගහෙත්‍වාන, භික‍්ඛුසඞ‍්ඝෙ සමොකිරිං; බුද‍්ධස‍්ස විසුං කත්‍වාන, තතො භිය්‍යො සමොකිරිං.

කණවේරමල් රැගත් මම ඒ මල් භික්‍ෂු සංඝයා වෙත ඉස්සෙමි, ඉන් වැඩි කොටස බුදුරදුන් උදෙසා පිදුවෙමි.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, යං පුප‍්ඵමභිපූජයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මෙයින් කල්ප අනූහතරකට පෙර කළ පුෂ්ප පූජාවේ විපාක වශයෙන් මම මේ දක්වා ම දුගතියක නූපන්නෙමි. මල් පූජාවේ විපාක එබඳුය,

“සත‍්තාසීතිම‍්හිතො කප‍්පෙ, චතුරාසුං මහිද‍්ධිකා; සත‍්තරතනසම‍්පන‍්නා, චක‍්කවත‍්තී මහබ‍්බලා.

මෙයින් කල්ප අසූ සතකට පෙර සත්රුවනින් හෙබි මහ බලැති මහිද්ධික නම් වූ සක්විති රජවරු සිවුදෙනෙක්ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා කතඤ‍්ඤුභාවෙ ඨත්‍වා අත‍්තනො උපකාරස‍්ස රඤ‍්ඤො පච‍්චුපකාරං කාතුං සීලවතීනගරං ගන‍්ත්‍වා රඤ‍්ඤො ධම‍්මං දෙසෙන‍්තො සච‍්චානි පකාසෙසි. රාජා සච‍්චපරියොසානෙ සොතාපන‍්නො හුත්‍වා අත‍්තනො නගරෙ සුදස‍්සනං නාම මහන‍්තං විහාරං කාරෙත්‍වා ථෙරස‍්ස නිය්‍යාතෙසි. මහාලාභසක‍්කාරො අහොසි. ථෙරො විහාරං සබ‍්බඤ‍්ච ලාභසක‍්කාරං සඞ‍්ඝස‍්ස නිය්‍යාතෙත්‍වා සයං පුරිමනියාමෙනෙව පිණ‍්ඩාය චරිත්‍වා යාපෙන‍්තො කතිපාහං තත්‍ථ වසිත්‍වා සාවත්‍ථිං ගන‍්තුකාමො අහොසි. භික‍්ඛූ, “භන‍්තෙ, තුම‍්හෙ ඉධෙව වසථ, සචෙ පච‍්චයෙහි වෙකල‍්ලං, මයං තං පරිපූරෙස‍්සාමා”ති ආහංසු. ථෙරො, “න මය‍්හං, ආවුසො, උළාරෙහි පච‍්චයෙහි අත්‍ථො අත්‍ථි, ඉතරීතරෙහි පච‍්චයෙහි යාපෙමි, ධම‍්මරසෙනෙවම‍්හි තිත‍්තො”ති දස‍්සෙන‍්තො –

රහත්බවට පත් ව, කළගුණ සැලකීමෙහි සිත පිහිටුවා, තමාට පෙර උපකාර කළ රජුට ප්‍රත්‍යුපකාර කිරීම සඳහා සීලවතී නුවරට ගොස් රජුට ධර්‍මදේශනා කරමින් චතුරාර්ය සත්‍ය ධර්‍මය ප්‍රකාශ කළ උන්වහන්සේගේ දේශනාව අසා රජු සෝවාන් විය. තම නුවර සුදස්සන නම් මහා විහාරයක් කරවු රජතුමා එය තෙරුන් වහන්සේට පූජා කළේය. බන්‍ධුර තෙරුන්ට එතැන් පටන් මහත් ලාභ සත්කාර ඉපදුණි. උන්වහන්සේ එම සියලු ලාභ සත්කාර ද විහාරයද සංඝයාට පවරා දී තමන්වහන්සේ පෙර මෙන් ම පිඬුපිණිස හැසිරෙමින් යැපුණු සේක. මෙසේ දින කිහිපයක් එහි විසූ උන්වහන්සේ සැවැත් නුවරට යනු කැමති වූහ. එවිට භික්‍ෂූහු “ස්වාමීනි! නුඹ වහන්සේ මෙහිම වාසය කරනු මැනවි. ඉදින් සිවු පසයෙන් අඩුවක් වේ නම් අපි එය සම්පූර්ණ කරන්නෙමු,” යි පැවසූහ. එවිට බන්‍ධුර තෙරණුවෝ, “ඇවැත්නි! මට මහත් වූ සිවුපසයෙන් ප්‍රයෝජනයක් නැත, ලැබෙන ප්‍රත්‍යයකින් යැපෙමි, මා ධර්‍මරසයට ම කැමැත්තෙමි, එය පමණක් ම මට අවශ්‍යය”යි පවසමින් මෙම ගාථාව වදාළහ.

“නාහං එතෙන අත්‍ථිකො, සුඛිතො ධම‍්මරසෙන තප‍්පිතො; පිත්‍වා රසග‍්ගමුත‍්තමං, න ච කාහාමි විසෙන සන්‍ථව”න‍්ති. – ගාථං අභාසි.

“නාහං එතෙන අත්‍ථිකො, සුඛිතො ධම්මරසෙන තප්පිතො, පිත්‍වාන රසග්ගමුත්තමං, නච කාහාමි විසෙන සන්‍ථවං”

තත්‍ථ නාහං එතෙන අත්‍ථිකොති යෙන මං තුම‍්හෙ තප‍්පෙතුකාමා “පරිපූරෙස‍්සාමා”ති වදථ, එතෙන ආමිසලාභෙන පච‍්චයාමිසරසෙන නාහං අත්‍ථිකො, මය‍්හං එතෙන අත්‍ථො නත්‍ථි, සන‍්තුට‍්ඨි පරමං සුඛන‍්ති ඉතරීතරෙහෙව පච‍්චයෙහි යාපෙමීති අත්‍ථො. ඉදානි තෙන අනත්‍ථිකභාවෙ පධානකාරණං දස‍්සෙන‍්තො ආහ “සුඛිතො ධම‍්මරසෙන තප‍්පිතො”ති. සත‍්තතිංසබොධිපක‍්ඛියධම‍්මරසෙන චෙව නවවිධලොකුත‍්තරධම‍්මරසෙන ච තප‍්පිතො පීණිතො සුඛිතො උත‍්තමෙන සුඛෙන සුහිතොති අත්‍ථො. පිත්‍වා රසග‍්ගමුත‍්තමන‍්ති සබ‍්බරසෙසු අග‍්ගං සෙට‍්ඨං තතොයෙව උත‍්තමං යථාවුත‍්තං ධම‍්මරසං පිවිත්‍වා ඨිතො, තෙනාහ – “සබ‍්බරසං ධම‍්මරසො ජිනාතී”ති (ධ· ප· 354). න ච කාහාමි විසෙන සන්‍ථවන‍්ති එවරූපං රසුත‍්තමං ධම‍්මරසං පිවිත්‍වා ඨිතො විසෙන විසසදිසෙන විසරසෙන සන්‍ථවං සංසග‍්ගං න කරිස‍්සාමි, තථාකරණස‍්ස කාරණං නත්‍ථීති අත්‍ථො.

එහි ගාථාවෙහි “නාහං එතෙන අත්‍ථිකො” යම් හෙයකින් නුඹලා මා සතුටු කරනු කැමතිව සිවුපසයෙන් සම්පූර්ණව උපස්ථාන කරන්නෙමු යි පවසත් ද එබඳු ආමිෂ ලාභයක්, ආමිෂ ප්‍රත්‍ය රසයක් මා හට අවශ්‍ය නැත, මට ඉන් ප්‍රයෝජනයක් නැත, “ලද දෙයින් සතුටු වීම උතුම් සැපය වේ.” එ නිසා මම ලද දෙයින් තුටුව ඉන් යැපෙමි, දැන් එසේ ආමිෂ ප්‍රත්‍ය අනවශ්‍ය බවට හේතු දක්වමින් මෙසේ පවසයි, “සුඛිතො ධම්මරසෙන තප්පිතො” සත්තිස් බෝධිපාක්‍ෂික ධර්‍ම රසයෙන් මෙන් ම නවවිධ ලෝකෝත්තර ධර්‍ම රසයෙන් ද සන්තර්පිතව ප්‍රීතිවෙමි. සුවපත්වෙමි, උතුම් වූ සුවයෙන් යුක්ත වෙමි යන අර්ථයයි. “පීත්‍වාන රසග්ගමුත්තමං” සියලු රස අතුරින් අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ඒ උතුම් රසයම පානය කර සිටියෙමි, “සියලු රස අතුරින් දහම් රසයම පානය කර සිටියෙමි, එනිසා “සියලු රස අතුරින් දහම් රසය ම ජයගනී” යැයි කියන ලදි. “නච කාහාමි විසෙන සන්‍ථවං” මෙබඳු වූ රසයෙන් උතුම් වූ දහම් රසය පානය කර සිටියෙමි. පස්කම් සුවය නම් විෂ රසයෙන් ප්‍රීතිවීම, එම විෂ රසය හා එක්වීම නොකරන්නෙමි. එසේ පස්කම් සුව ප්‍රියකිරීමට කරුණක්, හේතුවක් නොමැත.

බන්‍ධුරත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

බන්‍ධුර ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.