ඛිතකත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
ඛිතකත්ථෙරගාථාවණ්ණනා
ඛිතක ස්ථවිරගාථා වර්ණනාව
ලහුකො වත මෙ කායොති ආයස්මතො ඛිතකත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ යක්ඛසෙනාපති හුත්වා නිබ්බත්තො එකදිවසං යක්ඛසමාගමෙ නිසින්නො සත්ථාරං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං දිස්වා උපසඞ්කමිත්වා සත්ථාරං වන්දිත්වා එකමන්තං නිසීදි. තස්ස සත්ථා ධම්මං දෙසෙසි. සො ධම්මං සුත්වා උළාරං පීතිසොමනස්සං පවෙදෙන්තො අප්ඵොටෙන්තො උට්ඨහිත්වා සත්ථාරං වන්දිත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්ති, ඛිතකොතිස්ස නාමං අහොසි. සො විඤ්ඤුතං පත්තො මහාමොග්ගල්ලානත්ථෙරස්ස මහිද්ධිකභාවං සුත්වා “ඉද්ධිමා භවිස්සාමී”ති පුබ්බහෙතුනා චොදියමානො පබ්බජිත්වා භගවතො සන්තිකෙ කම්මට්ඨානං ගහෙත්වා සමථවිපස්සනාසු කම්මං කරොන්තො නචිරස්සෙව ඡළභිඤ්ඤො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.17.1-6) –
“ලහුකො වත මෙ කායෝ” යනු ආයුෂ්මත් ඛිතක තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? මේ තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි පින් රැස්කරමින් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි දී යක්ෂ සෙන්පතියෙක් ව උපන්නේ ය. එක් දිනක් යක්ෂ සමාගමෙහි හුන් හෙතෙම ශාස්තෲන් වහන්සේ එක්තරා රුකක් මුල සිටිනු දැක, උන්වහන්සේට වැඳ එකත් පසෙක සිටියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසීය. දහම් ඇසූ යක් සෙනෙවි මහත් වූ ප්‍රීති සොම්නසක් විඳිමින් අත්පොළසන් දෙමින් නැගී සිටි ශාස්තෲන් වහන්සේට වැඳ පැදකුණු කොට ගියේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙවි මිනිසුන් අතර සැරිසැරූ ඔහු, අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සැවැත්නුවර බමුණු පවුලක උපන්නේ ය. ඛිතක බමුණු නාමයෙන් ප්‍රකට වූ හෙතෙම වැඩි වියට පත්ව මහමුගලන් තෙරුන් වහන්සේගේ මහත් සෘද්ධිමය බව අසා, “මමත් සෘද්ධිමත් අයෙකු වන්නෙමි” යි පූර්ව හේතු බලයෙන් මෙහෙයවනු ලබන්නේ පැවිදිවිය. භාග්‍යවතුන් වහන්සේ හමුවේදී කමටහන් ගත් ඛිතක තෙරුන් වහන්සේ සමථ විදර්ශනාදියෙහි ම සිත පිහිටුවා කමටහන් වඩා නොබෝ දිනකින් ම ෂඩ් අභිඥා ලාභී මහතෙර නමක් බවට පත්වූහ. උන්වහන්සේ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ.
“පදුමො නාම නාමෙන, ද්විපදින්දො නරාසභො; පවනා අභිනික්ඛම්ම, ධම්මං දෙසෙති චක්ඛුමා.
“ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ වූ පසැස් ඇති පදුමුත්තර නම් වූ බුදුරජාණන් වහන්සේ තමන් විසූ වනයෙන් නික්ම අවුත් දහම් දෙසූහ.
“යක්ඛානං සමයො ආසි, අවිදූරෙ මහෙසිනො; යෙන කිච්චෙන සම්පත්තා, අජ්ඣාපෙක්ඛිංසු තාවදෙ.
ඒ මහර්ෂීන් වහන්සේ සමීපයෙහි යක්ෂ සමාගමක් විය. එකල යම් කරුණකින් ඔවුහු එහි පැමිණියාහු ද එය සපුරමින් බුදුරදුන් දෙස සාවධානව බලා සිටියහ.
“බුද්ධස්ස ගිරමඤ්ඤාය, අමතස්ස ච දෙසනං; පසන්නචිත්තො සුමනො, අප්ඵොටෙත්වා උපට්ඨහිං.
මම බුදුරජාණන් වහන්සේගේ දහම් දෙසුම අසා, ප්‍රසන්න වූ සිත් ඇතිව අත්පොළසන් දී උන්වහන්සේට උපස්ථාන කළෙමි.
“සුචිණ්ණස්ස ඵලං පස්ස, උපට්ඨානස්ස සත්ථුනො; තිංසකප්පසහස්සෙසු, දුග්ගතිං නුපපජ්ජහං.
ශාස්තෲන් වහන්සේට මැනවින් කළ උවටැනෙහි විපාකය බලනු මැනවි. ඒ පිනෙන් මම තිස්දහසක් කල්ප මුලුල්ලෙහි දුගතියක නූපන්නෙමි.
“ඌනතිංසෙ කප්පසතෙ, සමලඞ්කතනාමකො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
මෙයින් එක්දහස් නවසිය වන කල්පයේ දී සත් රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති සුමංගල නම් සක්විති රජව උපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා සවිසෙසං ඉද්ධීසු වසීභාවෙන අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොන්තො ඉද්ධිපාටිහාරියෙන අනුසාසනීපාටිහාරියෙන ච සත්තානං අනුග්ගහං කරොන්තො විහරති. සො භික්ඛූහි, “කථං ත්වං, ආවුසො, ඉද්ධි වළඤ්ජෙසී”ති පුට්ඨො තමත්ථං ආචික්ඛන්තො –
රහත් බවට පත්වූ ඛිතක තෙරණුවෝ වෙසෙසින් සෘද්ධිමය හැකියාවන්හි වශීභාවයෙන් නානා ප්‍රකාර වූ සෘද්ධිවිධයන්හි නියැලෙමින් සෘද්ධිමය ප්රාතිහාර්යයන් ගෙන් ද අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් ද සත්ත්වයන්ට අනුග්‍රහ කරමින් විසූහ. භික්ෂූන් වහන්සේලා උන්වහන්සේගෙන් “ඇවැත්නි! කෙසේ නම් නුඹ වහන්සේ සෘද්ධිමය ශක්‍යතා පරිහරණය කරන්නෙහි ද?” යි ඇසූහ. එයට පිළිතුරු දීම් වශයෙන් ඛිතක තෙරණුවෝ මේ ගාථාව වදාළහ.
“ලහුකො වත මෙ කායො, ඵුට්ඨො ච පීතිසුඛෙන විපුලෙන; තූලමිව එරිතං මාලුතෙන, පිලවතීව මෙ කායො”ති. –
“ලහුකො වත මේ කායො ඵුට්ඨො ච පීතිසුඛෙන විපුලෙන, තූලමිව ඵරිතං මාළුතෙන පිලවතීව මෙ කායෝ” ති.
ගාථං අභාසි. “උදානවසෙනා”තිපි වදන්තියෙව.
උදන් ඇණීම් වශයෙන් මේ ගාථාව වදාළ බව ඇතැම්හු පවසති.
තත්ථ ලහුකො වත මෙ කායොති නීවරණාදිවික්ඛම්භනෙන චුද්දසවිධෙන චිත්තපරිදමනෙන චතුරිද්ධිපාදකභාවනාය සුට්ඨු චිණ්ණවසීභාවෙන ච මෙ රූපකායො සල්ලහුකො වත, යෙන දන්ධං මහාභූතපච්චයම්පි නාම ඉමං කරජකායං චිත්තවසෙන පරිණාමෙමීති අධිප්පායො. ඵුට්ඨො ච පීතිසුඛෙන විපුලෙනාති සබ්බත්ථකමෙව ඵරන්තෙන මහතා උළාරෙන පීතිසහිතෙන සුඛෙන ඵුට්ඨො ච මෙ කායොති යොජනා. ඉදඤ්ච යථා කායො ලහුකො අහොසි, තං දස්සනත්ථං වුත්තං. සුඛසඤ්ඤොක්කමනෙන හි සද්ධිංයෙව ලහුසඤ්ඤොක්කමනං හොති. සුඛස්ස ඵරණඤ්චෙත්ථ තංසමුට්ඨානරූපවසෙන දට්ඨබ්බං කථං පන චතුත්ථජ්ඣානසමඞ්ගිනො පීතිසුඛඵරණං, සමතික්කන්තපීතිසුඛඤ්හි තන්ති චෙ? සච්චමෙතං, ඉදං පන න චතුත්ථජ්ඣානලක්ඛණවසෙන වුත්තං, අථ ඛො පුබ්බභාගවසෙන. “පීතිසුඛෙනා”ති පන පීතිසහිතසදිසෙන සුඛෙන, උපෙක්ඛා හි ඉධ සන්තසභාවතාය ඤාණවිසෙසයොගතො ච සුඛන්ති අධිප්පෙතං. තථා හි වුත්තං “සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච ඔක්කමතී”ති (පටි· ම· 1.101). පාදකජ්ඣානාරම්මණෙන රූපකායාරම්මණෙන වා ඉද්ධිචිත්තෙන සහජාතං සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච ඔක්කමති පවිසති ඵුසති සම්පාපුණාතීති අයම්පි තත්ථ අත්ථො. තථා චාහ අට්ඨකථායං (පටි· ම· අට්ඨ· 2.3.12) – “සුඛසඤ්ඤා නාම උපෙක්ඛාසම්පයුත්තා සඤ්ඤා. උපෙක්ඛා හි සන්තං සුඛන්ති වුත්තං සායෙව සඤ්ඤා නීවරණෙහි චෙව විතක්කාදිපච්චනීකෙහි ච විමුත්තත්තා ලහුසඤ්ඤාතිපි වෙදිතබ්බා. තං ඔක්කන්තස්ස පනස්ස කරජකායොපි තූලපිචු විය සල්ලහුකො හොති. සො එවං වාතක්ඛිත්තතූලපිචුනො විය සල්ලහුකෙන දිස්සමානෙන කායෙන බ්රහ්මලොකං ගච්ඡතී”ති. තෙනාහ “තූලමිව එරිතං මාලුතෙන, පිලවතීව මෙ කායො”ති. තස්සත්ථො – යදාහං බ්රහ්මලොකං අඤ්ඤං වා ඉද්ධියා ගන්තුකාමො හොමි, තදා මාලුතෙන වායුනා එරිතං චිත්තං තූලපිචු විය ආකාසං ලඞ්ඝන්තොයෙව මෙ කායො හොතීති.
එම ගාථාවේ “ලහුකෝ වත මෙ කායො” යනු පංචනීවරණාදිය විෂ්කම්භනය කිරීමෙන් ද දා හතර වැදෑරුම් චිත්ත දමනයන්ගෙන් ද සතර සෘද්ධිපාද වැඩීමෙන් ද මනාව පුහුණු කළ වශී භාවයෙන් ද මගේ රූපී කය සැහැල්ලුය. ඒකාන්තයෙන්ම මම මහා භූතයන්ගෙන් නිර්මිත මේ ශරීරය (කරජ කාය) සිතට අනුව පරිහරණය කරමි” යන අදහසයි. “පුට්ඨො ච පීති සුඛෙන විපුලෙන” සැමතැන්හිම පැතිර ගිය මහත් උදාර වූ ප්‍රීතිමත් සුවයෙන් මගේ කය ස්පර්ශ කරන ලදි. මේ කය එලෙසින්ම සැහැල්ලු වූවකි. ඒ බව දැක්වීමට මෙසේ පවසන ලදි. සුඛ සංඥාවට බැස ගැනීමත් සමග ම ලුහු (සැහැල්ලු) සඤ්ඤාවට පැමිණීම (බැස ගැනීම) වේ. සුවයේ පැතිරීම මෙහිදී ඒ සමුට්ඨාන රූප වශයෙන් දත යුතුයි. කෙසේ නම් චතුර්ථධ්‍යානයෙන් යුක්ත වූ ප්‍රීති සුව පැතිරවීම ඉක්ම වූ ප්‍රීති සුවය යැයි සම්මතවී ද? මෙහිදී චතුර්ථධ්යාන වශයෙන් නො පවසන ලදි. ඉක්බිති පූර්ව භාග වශයෙන් ප්‍රීති සුවයෙන් යැයි ප්‍රීතිය හා සමාන වූ සුවයෙන්, උපේක්ෂාව ද මෙහිදී ශ්‍රමණ ස්වභාවයක් බැවින් ඤාණ විශේෂ යෝගයක් වශයෙන් සැපය කැයි අදහස් කරන ලදි. එසේම කියන ලදි. “සුව සඤ්ඤාවට බැසගනී” යනුවෙන්, පාදක වූ ධ්යානාරම්මණයෙන් හෝ රූපකාය ආරම්මණයෙන් හෝ සෘද්ධිමය සිත සමග එකට උපන් (සහජාත) සුව සඤ්ඤාවට බැසගනියි. පිවිසෙයි. එය දකියි. ඊට සපැමිණෙයි. මෙම ගාථාවේ ද මෙම අර්ථය දත යුතුයි. අට්ඨකථාවෙහි එය එසේ ම කියන ලදි. “සුව (සුඛ) සඤ්ඤාව යනු උපේක්ෂාව සමග යෙදුණු සඤ්ඤාවයි. උපේක්ෂාව ශාන්ත වූ සුව එළවන්නකැයි කියන ලදි. එයම සඤ්ඤා නීවරණයන්ගෙන් ද විතර්කා දී විරුද්ධ ධර්මයන්ගෙන් ද මිදුණු බැවින් ලඝු (සැහැල්ලු) සඤ්ඤාවක් මෙන් දත යුතුයි. එම සඤ්ඤාවට සිත යොමුකළ තැනැත්තාට තම ශරීරය ද පුළුන් පොදක් මෙන් සැහැල්ලු භාවයෙන් වැටහේ. මේ ආකාරයෙන් එබඳු භික්ෂුව සුළඟින් ගසාගෙන යන පුළුන් රොදක් මෙන් සැහැල්ලු වූ නොපෙනෙන්නා වූ කයින් (ශරීරයෙන්) බඹලොව ද යයි.” ඒ නිසා මේ ගාථාවෙහි “තූලමිව ඵරීතං මාළුතෙන පිලවතීව මෙ කායො” යනුවෙන් කියන ලදි. එහි අර්ථය - යම් කලෙක මම බඹලොවට රහත්බවින් හෝ සෘද්ධියෙන් යනු කැමැති වූයෙම් ද එකල්හි සැඬ සුළඟන් ඔසවාගෙන යනු ලබන පුළුන් පොදක් මෙන් අහසෙහි පාවී මගේ කය යයි.
ඛිතකත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
ඛිතක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.