මලිතවම්භත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
මලිතවම්භත්ථෙරගාථාවණ්ණනා
මලිතවම්භ ස්ථවිරගාථා වර්ණනාව
උක්කණ්ඨිතොති ආයස්මතො මලිතවම්භත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයං කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ හිමවන්තතො අවිදූරෙ අඤ්ඤතරස්මිං ජාතස්සරෙ සකුණො හුත්වා නිබ්බත්ති, පදුමුත්තරො භගවා තං අනුග්ගණ්හන්තො තත්ථ ගන්ත්වා ජාතස්සරතීරෙ චඞ්කමති. සකුණො භගවන්තං දිස්වා පසන්නමානසො සරෙ කුමුදානි ගහෙත්වා භගවන්තං පූජෙසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ කුරුකච්ඡනගරෙ අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති, මලිතවම්භොතිස්ස නාමං අහොසි. සො විඤ්ඤුතං පත්තො පච්ඡාභූමහාථෙරං උපසඞ්කමිත්වා තස්ස සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තො විහරති. තස්ස ච අයං සභාවො, යත්ථ භොජනසප්පායො දුල්ලභො, ඉතරෙ සුලභා, තතො න පක්කමති. යත්ථ පන භොජනසප්පායො සුලභො, ඉතරෙ දුල්ලභා, තත්ථ න වසති පක්කමතෙව. එවං විහරන්තො ච හෙතුසම්පන්නතාය මහාපුරිසජාතිකතාය ච නචිරස්සෙව විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.16.51-57) –
“උක්කණ්ඨිතො” යන ගාථාව ආයුෂ්මත් මලිතවම්භ තෙරුන් වහන්සේ විසින් පැවසූවකි. එහි උපත කෙසේ ද? මෙතෙමේ ද පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී හිමවතට නුදුරෙහි එක්තරා විලක හැසිරෙන කුරුල්ලෙක්ව උපන්නේය. පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ එම පක්ෂියාට අනුග්‍රහ පිණිස එහි ගොස් විල් තෙර සක්මන් කළසේක. කුරුල්ලා භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් විලෙහි පිපුණු කුමුදු මල් ගෙන, ඉන් බුදුරදුන්ට පූජා කළේය. එම පින්කම නිසා දෙව් විසින් දෙගතියෙහි උපන් හෙතෙම සසර සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී භාරුකච්ඡ නුවර එක්තරා බමුණකුට දාව පුතෙක් ව ඉපිද මලිතවම්භ නාමයෙන් ප්‍රකට විය. වියට පත් ඒ බමුණා පච්ඡාභූම මහා තෙරුන් වෙත පැමිණ උන්වහන්සේග්නේ ධර්මය අසා, ලද ශ්‍රද්ධාව ඇතිව සසුනේ පැවිදිව විදසුන් කමටහන වඩමින් වාසය කළේය. උන්වහන්සේගේ ස්වභාවය වෙනස් විය. යම් තැනක ආහාරපාන සුලභව නො ලැබේ ද සෙසු ප්‍රදේශවල ආහාරපාන සුලභ ද ඒ ආහාරපාන සුලභව ලැබෙන සෙනසුන එය හැර දමා ආහාරපාන දුලභ සෙනසුනක් වෙත උන්වහන්සේ පැමිණෙති. මෙසේ වාසය කළ මලිතවම්භ තෙරණුවෝ පූර්වහේතු සම්පත් ඇති බැවින් ද මහාපුරුෂයකු වන බැවින් ද නොබෝ දිනකින්ම විදසුන් වඩා රහත්බවට පත්වූහ. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ පැවසූහ.
“හිමවන්තස්සාවිදූරෙ , මහාජාතස්සරො අහු; පදුමුප්පලසඤ්ඡන්නො, පුණ්ඩරීකසමොත්ථටො.
“හිමවතට නුදුරෙහි රත්පියුම්, උපුල්, හෙළ පියුම් ආදියෙන් ගැවසීගත් මහත් වූ ස්වාභාවික විලක් විය.
“කුකුත්ථො නාම නාමෙන, තත්ථාසිං සකුණො තදා; සීලවා බුද්ධිසම්පන්නො, පුඤ්ඤාපුඤ්ඤෙසු කොවිදො.
එවිට සිල්වත්, බුද්ධිමත් වූ කුසල් අකුසල් මේ මේ යැයි දැනගැනීමෙහි දක්ෂ වූ කකුධ නම් පක්ෂියෙක්ව මම උපන්නෙමි.
“පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො; ජාතස්සරස්සාවිදූරෙ, සඤ්චරිත්ථ මහාමුනි.
ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසු වූ මහා මුනි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ ස්වයංජාත විලට නුදුරෙහි සක්මන් කළ සේක.
“ජලජං කුමුදං ඡෙත්වා, උපනෙසිං මහෙසිනො; මම සඞ්කප්පමඤ්ඤාය, පටිග්ගහි මහාමුනි.
ජලයෙහි හටගත් කුමුදු මලක් කඩාගත් මම ඒ මල බුදුරජාණන් වහන්සේ වෙත පිළිගැන්වූයෙමි. මගේ අදහස දත් උන්වහන්සේ එය පිළිගත්හ.
“තඤ්ච දානං දදිත්වාන, සුක්කමූලෙන චොදිතො; කප්පානං සතසහස්සං, දුග්ගතිං නුපපජ්ජහං.
එම කුශලයෙන් මෙහෙය වූ මම මේ කල්ප ලක්ෂය මුලුල්ලෙහි ම දුගතියක නූපන්නෙමි.
“සොළසෙතො කප්පසතෙ, ආසුං වරුණනාමකා; අට්ඨ එතෙ ජනාධිපා, චක්කවත්තී මහබ්බලා.
මෙයින් කල්ප එක්දහස් හයසීයකට පෙර දී මහත් බල ඇති වරුණ නම් සක්විති රජවරු අටදෙනෙක් ව උපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නැවත සිහිපත් කරමින් උදන් අණන සේක් මේ ගාථාව වදාළහ.
අරහත්තං පන පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා උදානෙන්තො –
“උක්කණ්ඨිතොපි න වසෙ, රමමානොපි පක්කමෙ; න ත්වෙවානත්ථසංහිතං, වසෙ වාසං විචක්ඛණො”ති. – ගාථං අභාසි;
“උක්කණ්ඨිතොපි න වසෙ රමමානොපි පක්කමෙ, තත්වෙවානත්ථසංහිතං වසෙ වාසං විචක්ඛණො”ති.
තත්ථ උක්කණ්ඨිතොපි න වසෙති යස්මිං ආවාසෙ වසන්තස්ස මෙ භොජනසප්පායාලාභෙන අධිකුසලෙසු ධම්මෙසු උක්කණ්ඨා අනභිරති උප්පජ්ජති, තත්ථ උක්කණ්ඨිතොපි වසාමියෙව ඉතරසප්පායලාභෙන න පක්කමෙ න පක්කමාමි. න වසෙති එත්ථ න-කාරෙනපි පක්කමෙතිපදං සම්බන්ධිතබ්බං. රමමානොපි පක්කමෙති යස්මිං පන ආවාසෙ වසන්තස්ස මෙ පච්චයවෙකල්ලාභාවෙන නත්ථි උක්කණ්ඨා, අඤ්ඤදත්ථු අභිරමාමි, එවං අභිරමමානොපි අවසෙසසප්පායාලාභෙන තතො පක්කමෙ, න වසෙය්යං. එවං පටිපජ්ජන්තොවාහං නචිරස්සෙව සකත්ථං පච්චුපාදින්ති. අයඤ්චෙත්ථ අත්තපටිපත්තිපච්චවෙක්ඛණායං යොජනා. පරස්ස ඔවාදදානෙ පන වසෙය්ය න පක්කමෙය්යාති විධානවසෙන යොජෙතබ්බං. න ත්වෙවානත්ථසංහිතං, වසෙ වාසං විචක්ඛණොති යස්මිං ආවාසෙ පච්චයා සුලභා , සමණධම්මො න පාරිපූරිං ගච්ඡති, යස්මිඤ්ච ආවාසෙ පච්චයා දුල්ලභා, සමණධම්මොපි පාරිපූරිං න ගච්ඡති, එවරූපො ආවාසො ඉධ අනත්ථසංහිතො නාම අවඩ්ඪිසහිතොති කත්වා. එවරූපං වාසං විචක්ඛණො විඤ්ඤුජාතිකො සකත්ථං පරිපූරෙතුකාමො නත්වෙව වසෙය්ය. යත්ථ පන පඤ්චඞ්ගසමන්නාගතො ආවාසො ලබ්භති, සත්තපි සප්පායා ලබ්භන්ති, තත්ථෙව වසෙය්යාති අත්ථො.
මේ ගාථාවෙහි “උක්කණ්ඨි තොපි න වසෙ” යම් ආවාසයක වසන මා හට සුදුසු වූ ආහාර පාන දුලභවීමෙන් අධිකුශල දහම්හි කළකිරවන, එහි නොඇලෙන සිත් උපදීද, එබඳු තැන කළකිරීම ඇතිවූවත් මම වාසය කරමි. වෙනත් ආහාර පාන සුලභ තැන් සොයා නො යමි. “නවසෙ” මෙහි “න” කාරයෙන් “පක්කමෙ” යන පදය සම්බන්ධ කර අර්ථ ගතයුතුයි. “රමමානොපි පක්කමෙ” යම් ප්‍රත්‍ය අඩුවීමක් නැති ආවාසයක වෙසෙන මා හට කළකිරීම් ආදියක් ඇති නොවී ඒකාන්තයෙන් එහි ඇලීම් ඇතිවේ ද, එසේ ඇලීම ඇතිවන ආවාසය හැර ප්‍රත්‍ය පහසුකම් අඩු වූ සෙනසුනක් වෙත යන්නෙමි. මෙසේ පිළිපැද්දා වූ මම නොබෝ දිනකින් ම ස්වාර්ථ සාධනය කරගත්තෙමි. මෙය උන්වහන්සේ සිය පිළිවෙත සිහිපත් කර බැලීම් වශයෙන් වදාළ ගාථාවකි, අනුන්ට අවවාද දීමෙහි ද නොවැසියයුතු, හැරදැමියයුතු සෙනසුන් පිළිබඳ විධාන දී මෙහි ද මෙය යෙදිය හැකිවේ. “නත්වෙවානත්ථෙ සංහිතං වසෙ වාසං විචක්ඛණො” යම් ආවාසයක ප්‍රත්‍ය පහසුකම් දුලබ ද එහි මහණකම සම්පූර්ණ කරගත නොහැකි ද එය අනර්ථදායක ආවාසයකි. යම් ආවාසය ආහාරපාන සුලබ ද ශ්රමණධර්ම සම්පූර්ණවේ ද එබඳු සෙනසුන අර්ථ දායක වූවකි. අභිවෘද්ධිය අපේක්ෂා කරන විචක්ෂණ නුවණැත්තා අනර්ථදායක සෙනසුන හැරදමා ස්වාර්ථ සාධනය කරගනු කැමතිව එහි නොවසන්නේය. යම් තැනක අංග පසකින් සමන්විත වූ ආවාසයක් ලැබේ ද සත්විධ සප්පායයන් ලැබේ ද එහිම වාසය කළ යුතුයි.
මලිතවම්භත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
මලිතවම්භ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.