සුහෙමන්තත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සුහෙමන්තත්ථෙරගාථාවණ්ණනා
සුහේමන්ත ස්ථවිරගාථා වර්ණනාව
සතලිඞ්ගස්ස අත්ථස්සාති ආයස්මතො සුහෙමන්තත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං පුඤ්ඤං උපචිනන්තො ඉතො ද්වානවුතෙ කප්පෙ තිස්සස්ස භගවතො කාලෙ වනචරො හුත්වා වනෙ වසති, තං අනුග්ගහිතුං භගවා අරඤ්ඤං පවිසිත්වා තස්ස ආසන්නෙ ඨානෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. සො භගවන්තං දිස්වා පසන්නචිත්තො සුගන්ධානි පුන්නාගපුප්ඵානි ඔචිනිත්‍වා භගවන්තං පූජෙසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා අපරාපරං පුඤ්ඤානි කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ පාරියන්තදෙසෙ විභවසම්පන්නස්ස බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති, සුහෙමන්තොතිස්ස නාමං අහොසි. සො විඤ්ඤුතං පත්තො සඞ්කස්සනගරෙ මිගදායෙ විහරන්තං භගවන්තං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා තෙපිටකො හුත්වා විපස්සනං පට්ඨපෙත්වා නචිරස්සෙව ඡළභිඤ්ඤො පටිසම්භිදාපත්තො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.16.46-50) –
“සතලිඞ්ගස්ස අත්ථස්ස” යන ගාථාව ආයුෂ්මත් සුහේමන්ත තෙරුන් වහන්සේ විසින් පැවසූවකි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති ව ඒ ඒ භවයන් හි දී නිවන් පතාගෙන පින් රැස්කරමින් පැමිණියහ. මෙයින් කල්ප අනූ දෙකකට පෙර තිස්ස නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී වැද්දෙක් ව ඉපිද වනයේ වාසය කළේය. ඔහුට අනුග්‍රහ පිණිස වනයට වැඩම වූ බුදුරජාණන් වහන්සේ එම වනය සමීපයේ රුකක් මුල හුන්සේක. භාග්‍යවතුන් වහන්සේ දුටු වැද්දා, පැහැදුණු සිතින් ඉතා සුවඳවත් දොඹ මල් කඩා උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කම නිසා දෙව්ලොව උපන් ඔහු තව තවත් පින්දහම් කොට දෙව් - මිනිසුන් අතර සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී පර්යන්ත ප්‍රදේශයක සම්පත් ඇති බමුණකුගේ පුතෙකු වී උපන්නේය. සුහේමන්ත නම් වූ ඔහු වැඩි වියට පත්ව සඞ්කස්ස නුවර මිගදායෙහි වසන අප භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දහම් අසා, ශ්‍රද්ධා ඇතිව පැවිදිවිය. උන්වහන්සේ ත්‍රිපිටකධාරීව විදසුන් භාවනාවෙහි සිත පිහිටුවා නොබෝ කලකින්ම ෂඩ් අභිඥාන උපදවා ගත්හ. උන්වහන්සේ සිය චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වූහ.
“කානනං වනමොගය්හ, වසාමි ලුද්දකො අහං; පුන්නාගං පුප්ඵිතං දිස්වා, බුද්ධසෙට්ඨං අනුස්සරිං.
“වැද්දෙක් වූ මම මහවනයේ වාසය කළෙමි. පිපුණු දොඹගසක් දුටු මම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කළෙමි.
“තං පුප්ඵං ඔචිනිත්වාන, සුගන්ධං ගන්ධිතං සුභං; ථූපං කරිත්වා පුලිනෙ, බුද්ධස්ස අභිරොපයිං.
වැල්ලෙහි සෑයක් සෑදු මම, ඒ මල් නෙලා යහපත් වූ, සුවඳවත් වූ ඒ මල් බුදුරදුන්ට පිදුවෙමි.
“ද්වෙනවුතෙ ඉතො කප්පෙ, යං පුප්ඵමභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මෙයින් කල්ප අනූ දෙකකට පෙර යම් පුෂ්ප පූජාවක් කළෙම් ද එම බුදු පුදෙහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි.
“එකම්හි නවුතෙ කප්පෙ, එකො ආසිං තමොනුදො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
මෙයින් කල්ප අනූ එකකට පෙර සත් රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති තමොනුද නම් සක්විති රජව උපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.
අරහත්තං පන පත්වා එවං චින්තෙසි – “මයා ඛො යං සාවකෙන පත්තබ්බං, තං අනුප්පත්තං, යංනූනාහං ඉදානි භික්ඛූනං අනුග්ගහං කරෙය්ය”න්ති. එවං චින්තෙත්වා පභින්නපටිසම්භිදතාය අකිලාසුතාය ච අත්තනො සන්තිකං උපගතෙ භික්ඛූ යථාරහං ඔවදන්තො අනුසාසන්තො කඞ්ඛං ඡින්දන්තො ධම්මං කථෙන්තො කම්මට්ඨානං නිග්ගුම්බං නිජ්ජටං කත්වා ආචික්ඛන්තො විහරති. අථෙකදිවසං අත්තනො සන්තිකං උපගතානං භික්ඛූනං විඤ්ඤූනඤ්ච පුග්ගලානං විසෙසං ආචික්ඛන්තො –
රහත්බවට පත්ව “මවිසින් බුද්ධ ශ්‍රාවකයන් පතන යම් මාර්ගඵලාදියක් වේ නම් එම මග ඵල ලැබුයෙමි, දැන් මම භික්ෂූන් වහන්සේලාට අනුග්‍රහ කරමින් විසීම මැනවි.” යනුවෙන් සිතූ සුහේමන්ත තෙරණුවෝ, සිවුපිළිසිඹියාපත් බැවින් ද නොපසුබස්නා වීර්ය ඇති බැවින් ද තම සමීපයට පැමිණි භික්ෂූන්ට ධර්මකථා දක්වමින් සුදුසු පරිදි අවවාද කළහ. අනුශාසනා කළහ. ඔවුන්ගේ සැක සංකා සිඳලූහ. නිරවුල්, ගැටළු රහිතවූ කමටහන් දෙමින් වාසය කළහ. එක් දිනක් තමා සමීපයට සපැමිණි භික්ෂූන්ට නුවණැති පුද්ගලයන්ගේ ගුණ විශේෂ දක්වමින් මෙම ගාථාව වදාළහ.
“සතලිඞ්ගස්ස අත්ථස්ස, සතලක්ඛණධාරිනො; එකඞ්ගදස්සී දුම්මෙධො, සතදස්සී ච පණ්ඩිතො”ති. – ගාථං අභාසි;
“සතලිඞ්ගස්ස අත්ථස්ස සතලක්ඛණධාරිනො, එකඞ්ගදස්සී දුම්මෙධො සතදස්සී ච පණ්ඩිතො”
තත්ථ සතලිඞ්ගස්සාති ලීනමත්ථං ගමෙන්තීති ලිඞ්ගානි, අත්ථෙසු සද්දස්ස පවත්තිනිමිත්තානි, තානි පන සතං අනෙකානි ලිඞ්ගානි එතස්සාති සතලිඞ්ගො. අනෙකත්ථො හි ඉධ සතසද්දො, “සතං සහස්ස”න්තිආදීසු විය න සඞ්ඛ්යාවිසෙසත්ථො තස්ස සතලිඞ්ගස්ස. අත්ථස්සාති ඤෙය්යස්ස, ඤෙය්යඤ්හි ඤාණෙන අරණීයතො “අත්ථො”ති වුච්චති. සො ච එකොපි අනෙකලිඞ්ගො, යථා “සක්කො පුරින්දදො මඝවා”ති, “පඤ්ඤා විජ්ජා මෙධා ඤාණ”න්ති ච. යෙන ලිඞ්ගෙන පවත්තිනිමිත්තෙන තාවතිංසාධිපතිම්හි ඉන්දසද්දො පවත්තො, න තෙන තත්ථ සක්කාදිසද්දා පවත්තා, අථ ඛො අඤ්ඤෙන. තථා යෙන සම්මාදිට්ඨිම්හි පඤ්ඤාසද්දො පවත්තො, න තෙන විජ්ජාදිසද්දා. තෙන වුත්තං “සතලිඞ්ගස්ස අත්ථස්සා”ති.
එහි “සතලිඞ්ගස්ස” සැඟවුණු, අප්‍රකට අර්ථ ප්‍රකට කරයි. අවබෝධ කරයි යන අර්ථයේ “ලිඞ්ඟ” නම්වේ. අර්ථවත් ශබ්දයන් හි පවතින නිමිත්තයි. නොයෙක් සිය ගණන් ලිඞ්ගයෝ මොවුන්ට ඇත යන අරුතින් “සතලිඞ්ග” නම් වේ. “සත” ශබ්ද අනේකාර්ථයෙහි යෙදේ. “න තථා සතං සහස්සං” ආදී තැන් හි මෙන් මෙහි ද ශබ්දය සංඛ්යාර්ථයේ යෙදී ඇත. ඒ සියක්, නොයෙක් ආකාර ලිංග ඇති තැනැත්තාට, “අත්ථස්ස” දතයුතු දේ දත්, “ඤාණයෙන් කෙලෙස් නැති කිරීමෙන් ලබන අර්ථය” යන තෙරුමයි. එහි ද එක් අයෙකුට වුවත් නොයෙක් අර්ථ ඇති සංඥානාම යෙදේ. යම්සේ ශක්‍රයා, පුරින්දද, මඝ යන නම් මෙන් ප්‍රඥාව, විද්‍යාව, නුවණ ඤාණය යන නම් ද එකම දෙයක් හැඳින්වුවත් නානාර්ථ ජනනය කරයි. නිදසුනක් ලෙස තාවතිංසයේ අධිපතියා යන අරුතින් “ඉන්ද්‍ර” ශබ්දය යෙදුණත්, ඔහුට “ශක්‍රයා” යන නම එම අර්ථයෙන් නොයෙදේ. එසේම සම්‍යක් දෘෂ්ටියෙහි අවබෝධයෙන් “ප්‍රඥාව” යන ශබ්දය පවතීද එම අර්ථය “විද්‍යා” ආදී ශබ්දයන් හි නොමැත. ඒ නිසා “සතලිඞ්ගස්ස අත්ථස්ස” නොයෙක් ලිංග ඇති අර්ථයාගේ යනුවෙන් කියන ලදි.
සතලක්ඛණධාරිනොති අනෙකලක්ඛණවතො. ලක්ඛීයති එතෙනාති ලක්ඛණං, පච්චයභාවිනො අත්ථස්ස අත්තනො ඵලං පටිච්ච පච්චයභාවො, තෙන හි සො අයං ඉමස්ස කාරණන්ති ලක්ඛීයති. සො ච එකස්සෙව අත්ථස්ස අනෙකප්පභෙදො උපලබ්භති , තෙනාහ “සතලක්ඛණධාරිනො”ති. අථ වා ලක්ඛීයන්තීති ලක්ඛණානි, තස්ස තස්ස අත්ථස්ස සඞ්ඛතතාදයො පකාරවිසෙසා තෙ පන අත්ථතො අවත්ථාවිසෙසා වෙදිතබ්බා. තෙ ච පන තෙසං අනිච්චතාදිසාමඤ්ඤලක්ඛණං ලිඞ්ගෙන්ති ඤාපෙන්තීති “ලිඞ්ගානී”ති ච වුච්චන්ති. තස්සිමෙ ආකාරා, යස්මා එකස්සාපි අත්ථස්ස අනෙකෙ උපලබ්භන්ති. තෙන වුත්තං “සතලිඞ්ගස්ස අත්ථස්ස, සතලක්ඛණධාරිනො”ති. තෙනාහ ආයස්මා ධම්මසෙනාපති – “සබ්බෙ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්තී”ති (මහානි· 156; චූළනි· මොඝරාජමාණවපුච්ඡානිද්දෙස 85; පටි· ම· 3.5).
නොයෙක් ලක්ෂණ දරන බව “සතලක්ඛණධාරිනො” යන්නෙන් පැහැදිලි කරයි. මෙයින් ලකුණු කරයි යන අරුතින් “ලක්ෂණ” යන්න යෙදේ. අර්ථයට ප්‍රත්‍යවන බැවින්, තමාගේ ඵලයට ප්‍රත්‍යවන බැවින් ලක්ෂණ වේ. ඒ නිසා “ඒ මේ මෙහි හේතුවයි. කාරණයයි.” යනුවෙන් ලක්ෂ්‍ය කර, ඉලක්ක කර දක්වයිද එම එකම අර්ථයම අනේක ප්රභේදව වැටහේ. එනිසා “සතලක්ඛණධාරිනො” නොයෙක් ලක්ෂණ දරන්නාවූ යනුවෙන් කියන ලදි. නැතහොත් “ලකුණු කරයි” යන අරුතින් “ලක්ෂණ” නම් වේ. ඒ ඒ අර්ථයාගේ ලක්ෂණාදියේ ආකාර විශේෂයයි. එම ලක්ෂණ අර්ථ වශයෙන් ද අර්ථ විශේෂ වශයෙන් ද දත යුතුයි. එහිදී “ඒ අනිත්‍යාදී සාමාන්‍ය ලක්ෂණ දක්වයි. හඟවයි.” යන අරුතින් ලිංගයෝ යැයි කියන ලදි. එහිදී එකම වූ අර්ථයක ආකාර, ලක්ෂණ නානාවිධවූ දක්නට ලැබේ. ඒ නිසා “නොයෙක් ලිංග ඇති නොයෙක් ලක්ෂණ ඇති අර්ථයාගේ” යනුවෙන් කියන ලදි. ඒ නිසා ආයුෂ්මත් දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ “සියලු දහම් සියලුම ආකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඤාණයට ගොදුරුවන්නේ ය” යැයි වදාළහ.
එකඞ්ගදස්සී දුම්මෙධොති එවං අනෙකලිඞ්ගෙ අනෙකලක්ඛණෙ අත්ථෙ යො තත්ථ එකඞ්ගදස්සී අපුථුපඤ්ඤතාය එකලිඞ්ගමත්තං එකලක්ඛණමත්තඤ්ච දිස්වා අත්තනා දිට්ඨමෙව “ඉදමෙව සච්ච”න්ති අභිනිවිස්ස “මොඝමඤ්ඤ”න්ති ඉතරං පටික්ඛිපති, හත්ථිදස්සනකඅන්ධො විය එකඞ්ගගාහී දුම්මෙධො දුප්පඤ්ඤො තත්ථ විජ්ජමානානංයෙව පකාරවිසෙසානං අජානනතො මිච්ඡා අභිනිවිසනතො ච. සතදස්සී ච පණ්ඩිතොති පණ්ඩිතො පන තත්ථ විජ්ජමානෙ අනෙකෙපි පකාරෙ අත්තනො පඤ්ඤාචක්ඛුනා සබ්බසො පස්සති. යො වා තත්ථ ලබ්භමානෙ අනෙකෙ පඤ්ඤාචක්ඛුනා අත්තනාපි පස්සති, අඤ්ඤෙසම්පි දස්සෙති පකාසෙති, සො පණ්ඩිතො විචක්ඛණො අත්ථෙසු කුසලො නාමාති. එවං ථෙරො උක්කංසගතං අත්තනො පටිසම්භිදාසම්පත්තිං භික්ඛූනං විභාවෙසි.
“එකඞ්ගදස්සී දුම්මෙධො” යනු මෙසේ නොයෙක් ලිංගයන් හි, නොයෙක් ලක්ෂණයන්හි, නොයෙක් අර්ථයන්හි ඇති පදයන්ගේ යමෙක් එකම ලිංගයක්, එකම ලක්ෂණයක් එකම අයුරකින් දකීනම්, මද නුවණැති බැවින් මෙසේ දැක, “තමා දුටු දෙයම සත්‍යය වේ. සෙසු සියලු ඉගැන්වීම් බොරුය, හිස්ය.” යනුවෙන් සෙසු යහපත් දේ ඉවත දමත් ද ඔහු අඥානයෙකි. ඇතා දුටු අන්ධයෝ මෙන් එකම දෙයක් ගෙන අනුවණව, මෝඩකමින් එහිම ඇලී, ධර්මතාවල පවතින්නාවූ විවිධාකාර බව නොදැන වැරදි පිළිගැනීම් හි, දෘෂ්ටීන්හි එල්බෙති. එම දෘෂ්ටීන්ට සහාය දක්වති. “පණ්ඩිතො” යනුවෙන් ප්‍රඥාවන්තයා වනාහි තම නුවණින් ධර්මතාවන්හි නානාවිධ බව තම ප්‍රඥා ඇසින් (පණැසින්) සර්වප්රකාරයෙන් ම අවබෝධ කරගනියි. එහි ලැබෙන සියලුම කරුණු තම ප්‍රඥාවෙන් නිවැරදිව මැනවින් දකියි. අන්‍යයන්ට ද එම කරුනු පෙන්වා දෙයි. දේශනා කරයි. එවැනි පුද්ගලයා පණ්ඩිතයෙකි. විචක්ෂණයෙකි. අර්ථ දැක්වීමෙහි දක්ෂයෙකි. මෙලෙස සුහේමන්ත තෙරණුවෝ උසස් බවට පත් වූ තම සිවුපිළිසිඹියාපත් භාවය භික්ෂූන් වහන්සේලාට ප්‍රකට කළහ.
සුහෙමන්තත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සුහේමන්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.