යෙදුමෙන් කියවන්න

ධම‍්මසවත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ධම‍්මසවත්‍ථෙරගාථාවණ‍්ණනා

ධම්මසව ස්ථවිරගාථා වර්ණනාව

පබ‍්බජිං තුලයිත්‍වානාති ආයස‍්මතො ධම‍්මසවත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ සුවච‍්ඡො නාම බ්‍රාහ‍්මණො හුත්‍වා තිණ‍්ණං වෙදානං පාරගූ ඝරාවාසෙ දොසං දිස‍්වා තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අරඤ‍්ඤායතනෙ පබ‍්බතන‍්තරෙ අස‍්සමං කාරෙත්‍වා බහූහි තාපසෙහි සද‍්ධිං වසි. අථස‍්ස කුසලබීජං රොපෙතුකාමො පදුමුත‍්තරො භගවා අස‍්සමසමීපෙ ආකාසෙ ඨත්‍වා ඉද‍්ධිපාටිහාරියං දස‍්සෙසි. සො තං දිස‍්වා පසන‍්නමානසො පූජෙතුකාමො නාගපුප‍්ඵානි ඔචිනාපෙසි. සත්‍ථා, “අලං ඉමස‍්ස තාපසස‍්ස එත‍්තකං කුසලබීජ”න‍්ති පක‍්කාමි. සො පුප‍්ඵානි ගහෙත්‍වා සත්‍ථු ගමනමග‍්ගං ඔකිරිත්‍වා චිත‍්තං පසාදෙන‍්තො අඤ‍්ජලිං පග‍්ගය‍්හ අට‍්ඨාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මගධරට‍්ඨෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා ධම‍්මසවොති ලද‍්ධනාමො විඤ‍්ඤුතං පත‍්තො හෙතුසම‍්පත‍්තියා චොදියමානො ඝරාවාසෙ ආදීනවං පබ‍්බජ‍්ජාය ආනිසංසඤ‍්ච දිස‍්වා දක‍්ඛිණාගිරිස‍්මිං විහරන‍්තං භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.16.39-45) –

“පබ්බජිං තුලයිත්‍වාන” යනු ආයුෂ්මත් ධම්මසව තෙරුන් වහන්සේගේ ගාථාවකි. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සුවච්ඡ නම් බමුණෙක් ව ත්‍රිවිධ වේදයන්හි පරතෙරට ගොස් ගිහි වාසයේ දොස් දැක තවුස් පැවිද්දෙන් පැවිදිව, පර්වතයක් අතර වූ අරණ්‍යයක අසපුවක් කරවාගෙන, බොහෝ තාපස පිරිස් සමඟ විසූහ. ඉක්බිති ඔහු තුල කුසල බීජයක් රෝපණය කරනු කැමති පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ අසපුව සමීපයෙහි අහසෙහි සිට සෘද්ධිමය ප්‍රාතිහාර්යයක් දැක්වූ සේක. එය දුටු තවුසා සතුටට පත්ව පැහැදුණු සිතින් පූජා කිරීමට නාමල් ගෙන්වා ගත්තේය. ශාස්තෲන් වහන්සේ “මොහුට කුසල් බීජය සඳහා මෙපමණක්ම සෑහේ” යනුවෙන් සිතා නැවත වැඩම කළ සේක. තවුසා නාමල් ගෙන උන්වහන්සේ වැඩමවන මාර්ගයේ විසුරුවා සිත පහදවාගෙන ඇඳිලි බැඳගෙන සිටියේය. ඒ පිංකමේ විපාක වශයෙන් දෙව්ලොව උපන් ඔහු ඒ ඒ භවයන්හි දී කාම සුගති ආත්මභාව ලබමින් සසර සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි මගධ රට බමුණු පවුලක ඉපිද “ධම්මසව” නමින් ප්‍රකට විය. වියට පත් ඔහු පූර්ව හේතු බලයෙන් මෙහෙයවනුයේ ගිහිගේ ආදීනව දැක පැවිද්දෙහි ආනිසංස ද දැක, දක්‍ෂිණාගිරියෙහි වාසය කරන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ දහම් අසා ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි වී විදසුන් කමටහන් ගෙන, එය වඩා නොබෝ දිනකින්ම රහත්ඵලයට පත්වූවේය. ධම්මසව තෙරණුවෝ සිය චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වූහ.

“සුවච‍්ඡො නාම නාමෙන, බ්‍රාහ‍්මණො මන‍්තපාරගූ; පුරක‍්ඛතො සසිස‍්සෙහි, වසතෙ පබ‍්බතන‍්තරෙ.

“මන්ත්‍ර පාරගත වූ සුවච්ඡ නම් බමුණෙක්ව සිය ශිෂ්‍ය සමූහයා සමග පර්‍වතාන්තරයෙහි මම වාසය කළෙමි.

“පදුමුත‍්තරො නාම ජිනො, ආහුතීනං පටිග‍්ගහො; මමුද‍්ධරිතුකාමො සො, ආගච‍්ඡි මම සන‍්තිකං.

ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර නම් ඒ බුදුරජාණන් වහන්සේ මා සසරින් ගොඩගනු කැමතිව එතැනට වැඩම කළහ.

“වෙහාසම‍්හි චඞ‍්කමති, ධූපායති ජලතෙ තථා; හාසං මමං විදිත්‍වාන, පක‍්කාමි පාචිනාමුඛො.

උන්වහන්සේ අහසෙහි සක්මන් කළහ. දුම් දැමූහ. එසේම ඇවිලගත්හ. එසේ පෙළහර දක්වා මා සතුටු වූ බව දැන ප්‍රාචීන දිශාභිමුඛව වැඩම කළහ.

“තඤ‍්ච අච‍්ඡරියං දිස‍්වා, අබ‍්භුතං ලොමහංසනං; නාගපුප‍්ඵං ගහෙත්‍වාන, ගතමග‍්ගම‍්හි ඔකිරිං.

විශ්මය ජනක වූ ලොමු ඩැහැගන්නා වූ ඒ අසිරිමත් සිදුවීම දුටු මම නාමල් ගෙන උන්වහන්සේ වැඩම කළ මගෙහි ඇතිරූවෙමි.

“සතසහස‍්සිතො කප‍්පෙ, යං පුප‍්ඵං ඔකිරිං අහං; තෙන චිත‍්තප‍්පසාදෙන, දුග‍්ගතිං නුපපජ‍්ජහං.

මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර මල් විසිරිවීමේ යම් බුද්ධ පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියකට නොගියෙමි.

“එකතිංසෙ කප‍්පසතෙ, රාජා ආසි මහාරහො; සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහබ‍්බලො.

මෙයින් කල්ප තිස් එකකට පෙර මහබල ඇති මහාරථ නම් සත්රුවනින් හෙබි සක්විති රජව සැප වින්දෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා සොමනස‍්සප‍්පත‍්තො උදානවසෙන –

රහත් ඵලයට පත් වූ උන්වහන්සේ, තමන් වහන්සේගේ ප්‍රතිපත්තිය ප්‍රත්‍යවේක්‍ෂාකර, සතුටට පත්ව උදම් ඇණීම් වශයෙන් මෙම ගාථාව වදාළහ.

“පබ‍්බජිං තුලයිත්‍වාන, අගාරස‍්මානගාරියං; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. – ගාථං අභාසි;

“පබ්බජිං තුලයිත්‍වාන අගාරස්මා අනගාරියං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං”

තත්‍ථ පබ‍්බජිං තුලයිත්‍වානාති “සම‍්බාධො ඝරාවාසො රජාපථො”තිආදිනා (දී· නි· 1.191; ම· නි· 2.10; සං· නි· 2.154) ඝරාවාසෙ, “අප‍්පස‍්සාදා කාමා බහුදුක‍්ඛා බහුපායාසා”තිආදිනා (පාචි· 417; ම· නි· 1.177) කාමෙසු ආදීනවං තප‍්පටිපක‍්ඛතො නෙක‍්ඛම‍්මෙ ච ආනිසංසං තුලභූතාය පඤ‍්ඤාය විචාරෙත්‍වා වීමංසිත්‍වාති අත්‍ථො. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව. ඉදමෙව ච ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණං අහොසීති.

එම ගාථාවෙහි “පබ්බජිං තුලයිත්‍වාන”, “ගිහි වාසය සම්බාධ - කරදර සහිතය. කෙලෙස්වලට මාවතකි.” ආදී වශයෙන් සඳහන් වන ගිහි වාසයේ ඇති “කාමයේ අල්ප වූ ආස්වාද ඇත. බොහෝ දුක් ගෙන දේ. බොහෝ වෙහෙස ගෙනදේ” ආදී වශයෙන් කාමයෙහි ආදීනව දැක, ගිහි කාමුක බව ප්‍රතික්‍ෂේපකර නික්මීමෙහි ආනිසංස සලකාබලා නුවණින් මෙනෙහි කර, විමසා බලා පැවිදිවූයෙමි. සෙසු පදයන්ගේ අර්ථ ඉහතින් පැවසූ පරිදිම දතයුතුයි. මෙය ම තෙරුන් වහන්සේ ගේ රහත් බව ප්‍රකාශ කිරීම ලෙස දත යුතුයි.

ධම‍්මසවත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ධම්මසව ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.