ධම්මසවපිතුත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
ධම්මසවපිතුත්ථෙරගාථාවණ්ණනා
ධම්මසවපිතු ස්ථවිරගාථා වර්ණනාව
ස වීසවස්සසතිකොති ආයස්මතො ධම්මසවපිතුත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො බුද්ධසුඤ්ඤෙ ලොකෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො භූතගණෙ නාම පබ්බතෙ විහරන්තං පච්චෙකසම්බුද්ධං දිස්වා පසන්නමානසො තිණසූලපුප්ඵෙහි පූජං අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා අපරාපරං සුගතීසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ මගධරට්ඨෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො දාරපරිග්ගහං කත්වා ධම්මසවං නාම පුත්තං ලභිත්වා තස්මිං පබ්බජිතෙ සයම්පි වීසවස්සසතිකො හුත්වා, “මම පුත්තො තාව තරුණො පබ්බජි , අථ කස්මා නාහං පබ්බජිස්සාමී”ති සඤ්ජාතසංවෙගො සත්ථු සන්තිකං ගන්ත්වා ධම්මං සුත්වා පබ්බජිත්වා විපස්සනං පට්ඨපෙත්වා නචිරස්සෙව අරහත්තං සච්ඡාකාසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.16.35-38) –
“සවිසං වස්ස සතිකො” යනු ආයුෂ්මත් ධම්මසව පිතු තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ පෙර බුදුවරු ශූන්‍ය වූ කාලයක සිටුවරයෙක් ව ඉපදුනහ. හේ තුරුණුවියට පැමිණ භුතගණ නම් පර්වතයේ වැඩවසන පසේ බුදුවරයකු දැක, පැහැදී උන්වහන්සේ ට බෝලිද්ද මල් පූජා කළේය. ඒ පිනෙහි විපාක වශයෙන් දෙව්ලොව උපන් ඔහු තව තවත් පින් දහම් කර, කාම සුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි මගධයේ බමුණු පවුලක උපන්නේ ය. වියපත් ව විවාහ වූ ඔහු, ධම්මසව නම් තම පුතු තරුණ වියේදී පැවිදි වූ කල්හි, “මගේ පුතා තරුණයෙකුව සිටියදීම පැවිදි විය. මම පැවිදි නොවන්නේ කුමක් නිසාද?” යි එකසිය විසිවයස් වූ තමාගෙන් අසා හටගත් සංවේගයෙන් ශාස්තෲන් වහන්සේ වෙත ගොස් ධර්මය අසා පැවිදි විය. කමටහන් ගෙන විදසුන් භාවනාව වැඩූ ධම්මසව පිතු තෙරණුවෝ නොබෝ දිනකින් ම රහත් වූහ. අපදාන පාළියේ උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“හිමවන්තස්සාවිදූරෙ, භූතගණො නාම පබ්බතො; වසතෙකො ජිනො තත්ථ, සයම්භූ ලොකනිස්සටො.
“හිමවතට නුදුරෙහි භූතගණ නම් පර්වතයක් විය. සියලු දෙය තමන්වහන්සේම දැනගත් ලොව හා නොගැටුණු සිඛීනම් එක් පසේ බුදුවරයෙක් වැඩ විසූහ.
“තිණසූලං ගහෙත්වාන, බුද්ධස්ස අභිරොපයිං; එකූනසතසහස්සං, කප්පං න විනිපාතිකො.
බෝලිද්ද මල් ගෙන ඒ බුදුරදුන්ට පිදූ මම එහි විපාක වශයෙන් කල්ප එකුන් සිය දහසක් මුලුල්ලෙහි දුගතියකට නොගියෙමි.
“ඉතො එකාදසෙ කප්පෙ, එකොසිං ධරණීරුහො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
මීට කල්ප එකොලොසකට පෙර “ධරණීපති” නම් මහත් බලැති සක්විති රජව, සත්රුවනින් පිරි රජය කරවූයෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා සඤ්ජාතසොමනස්සො උදානෙන්තො –
රහත් බවට පත් වූ උන්වහන්සේ තම පිළිවෙත සිහිපත්කර බලා, හටගත් සොම්නසින් ප්‍රීති වාක්‍ය පහළ කරනසේක්; මෙම ගාථාව වදාළහ.
“ස වීසවස්සසතිකො, පබ්බජිං අනගාරියං; තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසන”න්ති. – ගාථං අභාසි;
“සවීසං වස්සසතිකො පබ්බජිං අනගාරියං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං”
තත්ථ ස වීසවස්සසතිකොති සො වීසංවස්සසතිකො, සො අහං ජාතියා වීසාධිකවස්සසතිකො සමානො. පබ්බජින්ති පබ්බජ්ජං උපගච්ඡිං. සෙසං වුත්තනයමෙව. ඉදමෙව ච ඉමස්ස ථෙරස්ස අඤ්ඤාබ්යාකරණං අහොසි.
එහි “සවීසං වස්සසතිකො” යනු උන්වහන්සේ එක්සිය විසි වයස් වූවෙකි. ඒ මම උපතින් එක්සිය විසි වසරකට වඩා වයස් ඇත්තෙක්ව, “පබ්බජිං” පැවිදිවූයෙමි. ශ්‍රමණභාවයට පැමිණියෙමි. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය. මෙම ගාථාව ම ධම්මසවපිතු තෙරණුවන්ගේ රහත්බව ප්‍රකාශ කරන ගාථාව විය.
ධම්මසවපිතුත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
ධම්මසවපිතු ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.