සඞ්ඝරක්ඛිතත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සඞ්ඝරක්ඛිතත්ථෙරගාථාවණ්ණනා
සඞ්ඝරක්ඛිත ස්ථවිරගාථා වර්ණනාව
න නූනායං පරමහිතානුකම්පිනොති ආයස්මතො සඞ්ඝරක්ඛිතත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සොපි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො ඉතො චතුනවුතෙ කප්පෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං පබ්බතපාදෙ වසන්තෙ සත්ත පච්චෙකසම්බුද්ධෙ දිස්වා පසන්නමානසො කදම්බපුප්ඵානි ගහෙත්වා පූජෙසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා අපරාපරං පුඤ්ඤානි කත්වා සුගතීසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං ඉබ්භකුලෙ නිබ්බත්ති, තස්ස සඞ්ඝරක්ඛිතොති නාමං අහොසි. සො විඤ්ඤුතං පත්තො පටිලද්ධසද්ධො පබ්බජිත්වා කම්මට්ඨානං ගහෙත්වා අඤ්ඤතරං භික්ඛුං සහායං කත්වා අරඤ්ඤෙ විහරති. ථෙරස්ස වසනට්ඨානතො අවිදූරෙ වනගුම්බෙ එකා මිගී විජායිත්වා තරුණං ඡාපං රක්ඛන්තී ඡාතජ්ඣත්තාපි පුත්තසිනෙහෙන දූරෙ ගොචරාය න ගච්ඡති, ආසන්නෙ ච තිණොදකස්ස අලාභෙන කිලමති. තං දිස්වා ථෙරො, “අහො වතායං ලොකො තණ්හාබන්ධනබද්ධො මහාදුක්ඛං අනුභවති, න තං ඡින්දිතුං සක්කොතී”ති සංවෙගජාතො තමෙව අඞ්කුසං කත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.16.30-34) –
“නනූනායං පරමහිතානුකම්පිනො” යනු ආයුෂ්මත් සංඝරක්ඛිත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? පූර්ව බුදුවරු හමුවෙහි තැබු ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද පෙර ඒ ඒ ජාතිවල දී පින් රැස්කර ගනිමින්, මෙයින් කල්ප අනූහතරකට පෙර දී සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. එක් දිනක් ඒ සිටුකුමරු පර්වත පාදයක වසන පසේ බුදුවරු සත් නමක් කෙරෙහි පැහැදුණු සිතින් බක්මී මලින් පූජා කළේය. ඒ පිංකමේ විපාක වශයෙන් දෙව්ලොව උපන් හෙතෙම තව තවත් පින් දහම් සිදුකර සුගතීන් හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර සමෘද්ධිමත් කුලයක උපන්නේ ය. ඔහුට “සංඝරක්ඛිත” යන නාමය තබන ලදි. තුරුණු වියට පත් වූ ඒ කුමරු, ශ්‍රද්ධාව උපදවා ගෙන සසුනේ පැවිදි ව කමටහන් රැගෙන, එක් භික්ඛුවක් සහාය කරගෙන අරණ්‍යයෙහි වාසය කරයි. එම තෙරුන් වසන තැනට නුදුරෙහි එක් වන ලැහැබක මුවැත්තියක් පැටවකු වදා, බඩසයින් පෙලුණත් පැටවා අත් නොහැර දරු සෙනෙහස නිසා සමීපයෙහි ඇති ගොදුරුම ගත්තීය. ඇය සමීපයෙහි තණ හා දිය නිමවූ පසු ඇය ආහාර නොලැබ ක්ලාන්ත වූවාය. මෙය දුටු තෙරුන් වහන්සේ, “අනේ ඒකාන්තයෙන්ම මේ ලෝ වැසියා තණ්හාවෙන් බැඳීම නිසා මහත් වූ දුක් විඳිති. ඒ තණ්හාව සිඳ දැමීමට අසමත් වෙති”යි සංවේගයෙන් සිහිකර, ඒ කරුණම අංකුසයක් කරගනිමින් විදසුන් භාවනාව වඩා රහත්වූහ.
“හිමවන්තස්සාවිදූරෙ, කුක්කුටො නාම පබ්බතො; තම්හි පබ්බතපාදම්හි, සත්ත බුද්ධා වසන්ති තෙ.
උන්වහන්සේ විසින් සිය චරිතය අපදාන පාළියෙහි මෙසේ දැක්වූහ. “හිමවතට නුදුරෙහි කුක්කුට නම් පර්වතයක් ඇත. ඒ පර්වතපාදයේ පසේ බුදුවරු සත්නමක් වෙසෙති.
“කදම්බං පුප්ඵිතං දිස්වා, දීපරාජංව උග්ගතං; උභො හත්ථෙහි පග්ගය්හ, සත්ත බුද්ධෙ සමොකිරිං.
උදා වූ චන්ද්‍රයා හා සමානව බබලන පිපුණු කොළොම් ගසක් දුටු මම, ඒ මල් දෝතින් ගෙන සත් පසේ බුදුවරයන්ට පිදුවෙමි.
“චතුන්නවුතිතො කප්පෙ, යං පුප්ඵමභිරොපයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මෙයින් සිවු අනූවන කපෙහි යම් මල් පූජාවක් කළෙම් ද එනිසා දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවේ විපාකය මෙයයි.
“ද්වෙනවුතෙ ඉතො කප්පෙ, සත්තාසුං පුප්ඵනාමකා; සත්තරතනසම්පන්නා, චක්කවත්තී මහබ්බලා.
මෙයින් කල්ප අනූදෙකකට පෙර සත්රුවනින් පිරි, මහත් බලැති ඵුල්ල නම් සක්විති රජ ව උපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මවිසින් සියලු කෙලෙස් දැවුයෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා අත්තනො දුතියකං භික්ඛුං මිච්ඡාවිතක්කබහුලං විහරන්තං ඤත්වා තමෙව මිගිං උපමං කරිත්වා තං ඔවදන්තො –
රහත් බවට පත් වූ උන්වහන්සේ තම සහායක භික්ෂුව මිථ්‍යා විතර්ක බහුලව වාසය කරනු දැක, ඒ මුවදෙන ම උපමා කොට ඒ භික්ෂුවට අවවාද දෙනසේක්, මෙම ගාථාව වදාළහ.
“න නූනායං පරමහිතානුකම්පිනො, රහොගතො අනුවිගණෙති සාසනං; තථාහයං විහරති පාකතින්ද්රියො, මිගී යථා තරුණජාතිකා වනෙ”ති. – ගාථං අභාසි.
“න නූනායං පරමහිතානුකම්පිනො, රහොගතො අනුවිගණෙති සාසනං, තථාභයං විහරති පාකතින්ද්රියො, මිගී යථා තරුණජාතිකා වනෙ”ති.
තත්ථ න නූනායන්ති න-ඉති පටිසෙධෙ නිපාතො. නූනාති පරිවිතක්කෙ. නූන අයන්ති පදච්ඡෙදො. පරමහිතානුකම්පිනොති පරමං අතිවිය, පරමෙන වා අනුත්තරෙන හිතෙන සත්තෙ අනුකම්පනසීලස්ස භගවතො. රහොගතොති රහසි ගතො, සුඤ්ඤාගාරගතො කායවිවෙකයුත්තොති අත්ථො. අනුවිගණෙතීති එත්ථ “න නූනා”ති පදද්වයං ආනෙත්වා සම්බන්ධිතබ්බං “නානුවිගණෙති නූනා”ති, න චින්තෙසි මඤ්ඤෙ, “නානුයුඤ්ජතී”ති තක්කෙමීති අත්ථො. සාසනන්ති පටිපත්තිසාසනං, චතුසච්චකම්මට්ඨානභාවනන්ති අධිප්පායො . තථා හීති තෙනෙව කාරණෙන, සත්ථු සාසනස්ස අනනුයුඤ්ජනතො එව. අයන්ති අයං භික්ඛු. පාකතින්ද්රියොති මනච්ඡට්ඨානං ඉන්ද්රියානං යථාසකං විසයෙසු විස්සජ්ජනතො සභාවභූතඉන්ද්රියො , අසංවුතචක්ඛුද්වාරාදිකොති අත්ථො. යස්ස තණ්හාසඞ්ගස්ස අච්ඡින්නතාය සො භික්ඛු පාකතින්ද්රියො විහරති, තස්ස උපමං දස්සෙන්තො “මිගී යථා තරුණජාතිකා වනෙ”ති ආහ. යථා අයං තරුණසභාවා මිගී පුත්තස්නෙහස්ස අච්ඡින්නතාය වනෙ දුක්ඛං අනුභවති, න තං අතිවත්තති, එවමයම්පි භික්ඛු සඞ්ගස්ස අච්ඡින්නතාය පාකතින්ද්රියො විහරන්තො වට්ටදුක්ඛං නාතිවත්තතීති අධිප්පායො. “තරුණවිජාතිකා”ති වා පාඨො. අභිනවප්පසුතා බාලවච්ඡාති අත්ථො. තං සුත්වා සො භික්ඛු සඤ්ජාතසංවෙගො විපස්සනං වඩ්ඪෙත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි.
එහි “න නූනායං” යන්නෙහි “න” යනු ප්‍රතිශේධාර්ථයේ නිපාතයකි. “නූනං” සිතීමෙහි, කල්පනා කිරීමෙහි, නනුනායං යන්නෙහි පද වෙන් කිරීම “න නුනං අයං” වේ. “පරමහිතානුකම්පිනො” අතිශයින් ම අනුත්තර වු හිතවත් වු සත්ත්වයන්ගේ යහපත කැමති, සත්වයන්ට අනුකම්පා කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ, “රහොගතො” රහසිගත වූ ශූන්‍යාගාරයක් - මිනිසුන්ගේ විරහිත වූ ස්ථානයක්. කායවිවේකයෙන් යුතු වූයේ යන අර්ථයයි. “අනුවිගණෙති” යනු මෙතැනට “න නුනං” යන දෙපදය සම්බන්ධ කළ යුතුයි. ඒකාන්තයෙන් අනුගමනය කරන්නේ යැයි නොසිතමි. නොයෙදේ යැයි සිතමි යනුවෙන් කල්පනා කරයි, සිතයි, “සාසනං” යනු ප්‍රතිපත්ති ශාසනයයි. චතුරාර්ය සත්‍ය කමටහන වැඩීමකි” යන අදහසයි. “තථාහි” ඒ කාරණයෙන් ම, ශාස්තෘ අනුශාසනය ඉටුනොකරමින් මං “අයං” මේ භික්ෂුව. “පාකතින්ද්රියො” මනස සයවැනි කොට ඇති ඉඳුරන්ගේ, යම්සේ සිය අරමුණ විෂයන් හි විද්‍යමානවන ස්වාභාවික ඉඳුරන්හි “සංවර නොවූ චක්ෂුද්වාරාදී ඉඳුරන්හි” යන අර්ථයයි. යම් තණ්හාවෙන් ඇලුණු තැනැත්තෙකුගේ සසර පැවැත්ම නොසිඳුණේ ද ඒ භික්ෂුව ප්‍රකෘති ඉඳුරන් ඇතිව ම මෙසේ, එහි උපමාව දක්වමින්, “මිගී යථා තරුණජාතිකා වනෙ” යන්න පවසන ලදි. යම්සේ මේ තරුණ ස්වභාවයෙන් යුතු මුවදෙන පුත්‍ර ස්නේහය නොසිඳුණු බැවින් වනයෙහි දුක් අනුභව කරන්නීය. ඒ දුක ඉක්මවා නොයන්නීය, “එසේ ම මේ භික්ෂුව ද ඇලීම, ගේහසිත නොසිඳු බැවින් පියවි ඉඳුරන් ඇතිව වෙසෙමින් සසර දුක ඉක්මවා නොයයි” යන අදහසයි. “තරුණවිජාතිකා” යන පාඨය ද යෙදේ, වැදූ අලුත, ළදරු පැටවකු ඇති යන අර්ථයයි. මෙම ගාථාව ඇසූ ඒ සහායක භික්ෂුව හටගත් සංවේග ඇතිව විදසුන් වඩා නොබෝ කලකින් ම රහත් බවට පැමිණියේය.
සඞ්ඝරක්ඛිතත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සංඝරක්ඛිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.