යෙදුමෙන් කියවන්න

උසභත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

උසභත්‍ථෙරගාථාවණ‍්ණනා

උසභ ස්ථවිරගාථා වර්ණනාව

නගා නගග‍්ගෙසු සුසංවිරූළ‍්හාති ආයස‍්මතො උසභත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි කරොන‍්තො ඉතො එකතිංසෙ කප‍්පෙ සිඛිස‍්ස භගවතො කාලෙ දෙවපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්තො එකදිවසං සත්‍ථාරං දිස‍්වා පසන‍්නමානසො දිබ‍්බපුප‍්ඵෙහි පූජං අකාසි. සා පුප‍්ඵපූජා සත‍්තාහං පුප‍්ඵමණ‍්ඩපාකාරෙන අට‍්ඨාසි. දෙවමනුස‍්සානං මහාසමාගමො අහොසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කොසලරට‍්ඨෙ ඉබ‍්භකුලෙ නිබ‍්බත‍්ති, තස‍්ස උසභොති නාමං අහොසි. සො විඤ‍්ඤුතං පත‍්තො ජෙතවනපටිග‍්ගහණෙ සත්‍ථරි ලද‍්ධප‍්පසාදො පබ‍්බජිත්‍වා කතපුබ‍්බකිච‍්චො අරඤ‍්ඤෙ පබ‍්බතපාදෙ විහරති. තෙන ච සමයෙන පාවුසකාලමෙඝෙ අභිප‍්පවුට‍්ඨෙ පබ‍්බතසිඛරෙසු රුක‍්ඛගච‍්ඡලතාය ඝනපණ‍්ණසණ‍්ඩිනො හොන‍්ති . අථෙකදිවසං ථෙරො ලෙණතො නික‍්ඛමිත්‍වා තං වනරාමණෙය්‍යකං පබ‍්බතරාමණෙය්‍යකඤ‍්ච දිස‍්වා යොනිසොමනසිකාරවසෙන “ඉමෙපි නාම රුක‍්ඛාදයො අචෙතනා උතුසම‍්පත‍්තියා වඩ‍්ඪිං පාපුණන‍්ති, අථ කස‍්මා නාහං උතුසප‍්පායං ලභිත්‍වා ගුණෙහි වඩ‍්ඪිං පාපුණිස‍්සාමී”ති චින‍්තෙන‍්තො –

“නගා නගග්ගෙසු සුසංවිරූළ්හා” යනු ආයුෂ්මත් උසහ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි නිදානය කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන් පතාගෙන පින්දහම් සිදුකළහ. මෙයින් දෙව් පුතෙකු වී උපන් උන්වහන්සේ, ශාස්තෲන් වහන්සේ දැක පැහැදී දිවමලින් පූජා පැවැත්වූහ. ඒ පූජාකළ මල් සමූහය සත්දිනක් මල් මඩුවක ආකාරයෙන් බුදුරදුන් පිරිවරාගෙන සිටියේය. එවිට දෙව් මිනිසුන්ගේ මහත් වූ එකතුවක් ද විය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් භවයන්හි සැරි සැරූ දෙව්පුතු, අපගේ ගෞතම බුදුරදුන් පහළ වූ සමයෙහි කොසොල් රට පොහොසත් පවුලක උපන්නේ ය. උසභ නමින් ප්‍රකට වූ හෙතෙම වියට පත්ව, ජේතවනාරාමය පිළිගැනීමේ දී ශාස්තෲන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා පැවිදිවයි. කරන ලද පූර්‍ව කටයුතු ඇති උසභ තෙරණුවෝ අරණ්‍යයෙහි පර්වතපාදයක විසූහ. එසමයේ දී ඉතා අලුයම වැසි වැස, පර්‍වත ශිඛරයන්හි රුක් ගොමු වැල් ආදිය ඝන, සැඩ ස්වභාව ඇත්තේ විය. දිනක් උසභ තෙරණුවෝ, ලෙනින් නික්ම ඒ වනයේ සිත්කලු බව ද පර්‍වතයේ දැකුම්කලු බව ද නුවණින් මෙනෙහි කිරීම් වශයෙන් “මේ මහත් වූ නා ගස් ආදිය අචේතනික වුවත් සෘතු සම්පත්තියෙන් වැඩීමට පැමිණෙයි. මම කුමක් හෙයින් මෙබඳු සෘතු සම්පත්තියක් ලැබ, ආර්ය ගුණ නොවඩන්නෙම් ද?” යි සිතමින් මෙම ගාථාව වදාළහ.

“නගා නගග‍්ගෙසු සුසංවිරූළ‍්හා, උදග‍්ගමෙඝෙන නවෙන සිත‍්තා; විවෙකකාමස‍්ස අරඤ‍්ඤසඤ‍්ඤිනො, ජනෙති භිය්‍යො උසභස‍්ස කල්‍යත”න‍්ති. – ගාථං අභාසි.

“නගා නගග්ගෙසු සුසංවිරූළ්හා, උදග්ග මෙඝෙන නවෙන සිත්තා, විවෙක කාමස්ස අරඤ්ඤ සඤ්ඤිනො, ජනෙති භීය්‍යො උසභස්ස කල්‍යතං න්ති.”

තත්‍ථ නගාති රුක‍්ඛා, “නාගා”ති කෙචි වදන‍්ති, නාගරුක‍්ඛාති අත්‍ථො. නගග‍්ගෙසූති පබ‍්බතසිඛරෙසු. සුසංවිරූළ‍්හාති සුට‍්ඨු සමන‍්තතො විරූළ‍්හමූලා හුත්‍වා පරිතො උපරි ච සම‍්මදෙව සඤ‍්ජාතසාඛග‍්ගපල‍්ලවප‍්පසාඛාති අත්‍ථො. උදග‍්ගමෙඝෙන නවෙන සිත‍්තාති පඨමුප‍්පන‍්නෙන උළාරෙන මහතා පාවුසමෙඝෙන අභිප‍්පවුට‍්ඨා. විවෙකකාමස‍්සාති කිලෙසවිවිත‍්තං චිත‍්තවිවෙකං ඉච‍්ඡන‍්තස‍්ස, අරඤ‍්ඤවාසෙන තාව කායවිවෙකො ලද‍්ධො, ඉදානි උපධිවිවෙකාධිගමස‍්ස නිස‍්සයභූතො චිත‍්තවිවෙකො ලද‍්ධබ‍්බොති තං පත්‍ථයමානස‍්ස, ජාගරියං අනුයුඤ‍්ජන‍්තස‍්සාති අත්‍ථො, තෙනාහ “අරඤ‍්ඤසඤ‍්ඤිනො”ති. අරඤ‍්ඤවාසො නාම සත්‍ථාරා වණ‍්ණිතො ථොමිතො. සො ච ඛො යාවදෙව සමථවිපස‍්සනාභාවනාපාරිපූරියා, තස‍්මා සා මයා හත්‍ථගතා කාතබ‍්බාති එවං අරඤ‍්ඤගතසඤ‍්ඤිනො නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පබහුලස‍්සාති අත්‍ථො. ජනෙතීති උප‍්පාදෙන‍්ති, පුථුත‍්තෙ හි ඉදං එකවචනං. කෙචි පන “ජනෙන‍්තී”ති පඨන‍්ති. භිය්‍යොති උපරූපරි. උසභස‍්සාති අත‍්තානමෙව පරං විය වදති. කල්‍යතන‍්ති කල්‍යභාවං චිත‍්තස‍්ස කම‍්මඤ‍්ඤතං භාවනායොග්‍යතං. ස‍්වායමත්‍ථො හෙට‍්ඨා වුත‍්තොයෙව. එවං ථෙරො ඉමං ගාථං වදන‍්තොයෙව විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.16.25-29) –

එහි “නගා” යනු වෘක්‍ෂයෝ ය. ඇතැම් හු “නාගා” යන පාඨය යොදති. නා ගස් යන අර්ථයයි. “නගග්ගෙසු” යනු පර්වත ශිඛරයන් හි, “සුසංවිරුළ්හා” මනාව හාත්පසින් වැඩුණු මුල් ඇති ව, වටේට ද මත්තෙහි ද මනාව හටගත් අතුරිකිලි දළු ආදියෙන් යුතු යන අර්ථයයි. “උදග්ගමෙඝෙන නවෙන සිත්තා” යනු පළමුව උපන් මහත් වූ වැසිදිය ලැබීමෙන් මනාව වැඩුණු, “විවෙකකාමස්ස” යනු කෙලෙසුන්ගෙන් තොර වූ චිත්ත විවේකය කැමැත්තාට “අරණ්‍ය වාසයෙහි විසීමෙන් ම කායවිවේකය ලබන්නේ ය. දැන් උපධි විවේකය කැමැත්තාට නිශ්‍රය භූත වූ චිත්ත විවේකය ලැබිය යුතු යයි” පතන්නා වූ, නිදි වැරීමෙහි නියුක්ත වූවහුට” යන අර්ථයයි. එනිසා “අරඤ්ඤ සඤ්ඤිනො” යන්න කියන ලදි. අරණ්‍ය වාසය ශාස්තෲන් වහන්සේ වර්ණිත, පසසන ලද්දකි. එහි යෙදීමෙන් සමථ විදර්ශනා භාවනාවන් පිරිපුන් (පරිපූර්ණවේද, එම භාවනා මගින් චිත්ත සමාධිය මගේ අතට පත්වූවක් කරන ලද්දෙමි. මෙසේ ආරණ්‍යගත වූ සඤ්ඤාවෙන් නෙක්ඛම්ම සංකප්පය බහුලවෙමි යන අර්ථයයි. “ජනෙති” යනු උපදවයි. පතුරුවයි, මෙහි ඒකවචනය යෙදී ඇත. ඇතැම්හු මෙය “ජනෙන්ති” යනුවෙන් බහුවචනයෙන් අර්ථ කියති. “භිය්‍යො” යනු භාවනාවට මතුමත්තෙහි, තමාම වෙනත් අයෙකු මෙන් දක්වයි. “කල්‍යතං” යනු සුදුසු බවට, සිත භාවනාවට යෝග්‍ය වූ කර්මණ්‍ය බවට පත්වූ, එහි අර්ථ ඉහත කියන ලදි. තෙරුන් වහන්සේ මෙම ගාථාව පවසමින් ම විදසුන් භාවනාව වඩා රහත් බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.

“දෙවපුත‍්තො අහං සන‍්තො, පූජයිං සිඛිනායකං; මන්‍දාරවෙන පුප‍්ඵෙන, බුද‍්ධස‍්ස අභිරොපයිං.

“දෙව්පුතෙකුව සිටි මම සිඛී බුදුරජාණන් වහන්සේට දිව මල් මාලාගෙන පූජා කළෙමි.

“සත‍්තාහං ඡදනං ආසි, දිබ‍්බං මාලං තථාගතෙ; සබ‍්බෙ ජනා සමාගන‍්ත්‍වා, නමස‍්සිංසු තථාගතං.

සත් දිනක් මුලුල්ලෙහි ඒ දිව මල් බුදුරජාණන් වහන්සේට වියනක් මෙන් සිටියේය. ඒ දැක සියලු ජනයා එක්ව තථාගතයන් වහන්සේට නමස්කාර කළෝය.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං පුප‍්ඵමභිපූජයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මෙයින් කල්ප තිස් එකකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.

“ඉතො ච දසමෙ කප‍්පෙ, රාජාහොසිං ජුතින්‍ධරො; සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහබ‍්බලො.

මෙයින් දසවන කල්පයේ සත් රුවනින් යුතු මහත් බලැති ජුතින්‍ධර නම් සක්විති රජ ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අයමෙව ච ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණගාථා අහොසීති.

ඉහතින් දැක්වූ ගාථාව ම උසභ තෙරණුවන්ගේ රහත් බව ප්‍රකාශ කරන ගාථාව ද විය.

උසභත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

උසභ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

එකාදසමවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

එකොළොස්වන වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.