යෙදුමෙන් කියවන්න

ජෙන‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ජෙන‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා

ජෙන්ත ස්ථවිරගාථා වර්ණනාව

දුප‍්පබ‍්බජ‍්ජං වෙ දුරධිවාසා ගෙහාති ආයස‍්මතො ජෙන‍්තත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ දෙවපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති. සො එකදිවසං සත්‍ථාරං දිස‍්වා පසන‍්නචිත‍්තො කිංකිරාතපුප‍්ඵෙහි පූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මගධරට‍්ඨෙ ජෙන‍්තගාමෙ එකස‍්ස මණ‍්ඩලිකරාජස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, ජෙන‍්තොතිස‍්ස නාමං අහොසි. සො විඤ‍්ඤුතං පත‍්තො දහරකාලෙයෙව හෙතුසම‍්පත‍්තියා චොදියමානො පබ‍්බජ‍්ජානින‍්නමානසො හුත්‍වා පුන චින‍්තෙසි – “පබ‍්බජ‍්ජා නාම දුක‍්කරා, ඝරාපි දුරාවාසා, ධම‍්මො ච ගම‍්භීරො, භොගා ච දුරධිගමා, කිං නු ඛො කත‍්තබ‍්බ”න‍්ති එවං පන චින‍්තාබහුලො හුත්‍වා විචරන‍්තො එකදිවසං සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මං සුණි. සුතකාලතො පට‍්ඨාය පබ‍්බජ‍්ජාභිරතො හුත්‍වා සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා සුඛාය පටිපදාය ඛිප‍්පාභිඤ‍්ඤාය අරහත‍්තං සච‍්ඡාකාසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.16.21-24) –

“දුප්පබ්බජ්ජං වෙ දුරධිවාසා ගෙහා” යනු ආයුෂ්මත් ජෙන්ත තෙරණුවන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද පූර්ව ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන් පතාගෙන කුසල් රැස්කර ගත්හ. සිඛී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී දෙව් පුතෙකුව ඉපිද, දිනක් උන්වහන්සේ දැක - පැහැදුණු සිතින් කිංකිරාත මලින් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයේ දී මගධ රට “ජෙන්ත” නම් ගම එක් මාණ්ඩලික (ප්‍රාදේශීය) රජෙකුගේ පුතුව උපන්නේය. ජෙන්ත නමින් ප්‍රකට වූ හෙතෙම වියපත් ව, තරුණකාලයේ දී ම හේතු සම්පත් බලයෙන් මෙහෙයවනු ලබන්නේ පැවිද්දට ඇලුණු සිතැතිව සිට නැවත මෙසේ සිතීය. “පැවිද්ද නම් දුෂ්කර වූවකි. ගෘහ වාසය ද අතිදුෂ්කර වූවකි. ධර්‍මය ද ඉතා ගැඹුරුය. භෝග සම්පත් ලැබීම ද අසීරුය. මම කුමක් කළයුතුද?” මෙසේ සිතමින් වෙසෙන කල්හි දිනක් ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් ධර්‍මය ඇසුවේය. ධර්‍මය ඇසූ දින පටන් පැවිද්දට ඇලුණු සිතැතිව, ශාස්තෲන් වහන්සේ සමීපයේ පැවිදි වූ උන්වහන්සේ කමටහන් ගෙන විදසුන් වඩා, සුව ප්‍රතිපදාවෙන් වහා අභිඥා උපදවා රහත් බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.

“දෙවපුත‍්තො අහං සන‍්තො, පූජයිං සිඛිනායකං; කක‍්කාරුපුප‍්ඵං පග‍්ගය‍්හ, බුද‍්ධස‍්ස අභිරොපයිං.

“මම පෙර දෙව් පුතෙකුව ඉපිද කිංකිරාත මල් රැගෙන සිඛී බුදුරජාණන් වහන්සේට පූජා කොට නමස්කාර කළෙමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං පුප‍්ඵමභිරොපයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මෙයින් කල්ප තිස් එකකට පෙර එසේ යම් මල් පූජාවක් කළෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.

“ඉතො ච නවමෙ කප‍්පෙ, රාජා සත‍්තුත‍්තමො අහුං; සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහබ‍්බලො.

මෙයින් කල්ප පහකට පෙර සත්රුවනින් හෙබි මහ බලවත් සත්තුත්තම නම් සක්විති රජ ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛන‍්තො, “අසක‍්ඛිං වතාහං ආදිතො මය‍්හං උප‍්පන‍්නවිතක‍්කං ඡින්‍දිතු”න‍්ති සොමනස‍්සජාතො විතක‍්කස‍්ස උප‍්පන‍්නාකාරං තස‍්ස ච සම‍්මදෙව ඡින‍්නතං දස‍්සෙන‍්තො –

රහත් බවට පත් වූ ජෙන්ත තෙරණුවෝ තමාගේ ප්‍රතිපත්තිය විමසා බලා, “මම ඒකාන්තයෙන්ම මා හට මුලදී උපන් විතර්කය සිඳ දැමීමට හැකියාව ලද්දෙමි”යි සතුටට පැමිණ, විතර්කයේ උපන්දින ස්වභාවය ද එය මනාව සිඳ දැමීම ද දක්වමින්, මෙම ගාථාව වදාළහ.

“දුප‍්පබ‍්බජ‍්ජං වෙ දුරධිවාසා ගෙහා, ධම‍්මො ගම‍්භීරො දුරධිගමා භොගා; කිච‍්ඡා වුත‍්ති නො ඉතරීතරෙනෙව, යුත‍්තං චින‍්තෙතුං සතතමනිච‍්චත”න‍්ති. – ගාථං අභාසි.

“දුප්පබ්බජ්ජං වෙ දුරධිවාසා ගෙහා, ධම්මො ගම්භීරො දුරධිගමා භොගා, කිච්ඡා වුත්ති නො ඉතරීතරෙනෙව, යුත්තං චින්තෙතුං සතත මනිච්චතං” න්ති.

තත්‍ථ දුප‍්පබ‍්බජ‍්ජන‍්ති අප‍්පං වා මහන‍්තං වා භොගක‍්ඛන්‍ධඤ‍්චෙව ඤාතිපරිවට‍්ටඤ‍්ච පහාය ඉමස‍්මිං සාසනෙ උරං දත්‍වා පබ‍්බජනස‍්ස දුක‍්කරත‍්තා දුක‍්ඛං පබ‍්බජනං, දුක‍්කරා පබ‍්බජ‍්ජාති දුප‍්පබ‍්බජ‍්ජං. වෙති නිපාතමත‍්තං, දළ‍්හත්‍ථො වා “පබ‍්බජ‍්ජා දුක‍්ඛා”ති . ගෙහඤ‍්චෙ ආවසෙය්‍යං, දුරධිවාසා ගෙහා, යස‍්මා ගෙහං අධිවසන‍්තෙන රඤ‍්ඤා රාජකිච‍්චං, ඉස‍්සරෙන ඉස‍්සරකිච‍්චං, ගහපතිනා ගහපතිකිච‍්චං කත‍්තබ‍්බං හොති, පරිජනො චෙව සමණබ්‍රාහ‍්මණා ච සඞ‍්ගහෙතබ‍්බා, තස‍්මිං තස‍්මිඤ‍්ච කත‍්තබ‍්බෙ කරියමානෙපි ඝරාවාසො ඡිද‍්දඝටො විය මහාසමුද‍්දො විය ච දුප‍්පූරො, තස‍්මා ගෙහා නාමෙතෙ අධිවසිතුං ආවසිතුං දුක‍්ඛා දුක‍්කරාති කත්‍වා දුරධිවාසා දුරාවාසාති. පබ‍්බජ‍්ජඤ‍්චෙ අනුතිට‍්ඨෙය්‍යං ධම‍්මො ගම‍්භීරො, යදත්‍ථා පබ‍්බජ‍්ජා, සො පබ‍්බජිතෙන අධිගන‍්තබ‍්බො පටිවෙධසද‍්ධම‍්මො ගම‍්භීරො, ගම‍්භීරඤාණගොචරත‍්තා දුද‍්දසො, දුප‍්පටිවිජ‍්ඣො ධම‍්මස‍්ස ගම‍්භීරභාවෙන දුප‍්පටිවිජ‍්ඣත‍්තා. ගෙහඤ‍්චෙ ආවසෙය්‍යං, දුරධිගමා භොගා යෙහි විනා න සක‍්කා ගෙහං ආවසිතුං, තෙ භොගා දුක‍්ඛෙන කසිරෙන අධිගන‍්තබ‍්බතාය දුරධිගමා. එවං සන‍්තෙ ඝරාවාසං පහාය පබ‍්බජ‍්ජංයෙව අනුතිට‍්ඨෙය්‍යං, එවම‍්පි කිච‍්ඡා වුත‍්ති නො ඉතරීතරෙන ඉධ ඉමස‍්මිං බුද‍්ධසාසනෙ ඉතරීතරෙන යථාලද‍්ධෙන පච‍්චයෙන අම‍්හාකං වුත‍්ති ජීවිකා කිච‍්ඡා දුක‍්ඛා, ඝරාවාසානං දුරධිවාසතාය භොගානඤ‍්ච දුරධිගමතාය ගෙහෙ ඉතරීතරෙන පච‍්චයෙන යාපෙතබ‍්බතාය කිච‍්ඡා කසිරා වුත‍්ති අම‍්හාකං, තත්‍ථ කිං කාතුං වට‍්ටතීති? යුත‍්තං චින‍්තෙතුං සතතමනිච‍්චතං සකලං දිවසං පුබ‍්බරත‍්තාපරරත‍්තඤ‍්ච තෙභූමකධම‍්මජාතං අනිච‍්චතන‍්ති, තතො උප‍්පාදවයවන‍්තතො ආදිඅන‍්තවන‍්තතො තාවකාලිකතො ච න නිච‍්චන‍්ති “අනිච‍්ච”න‍්ති චින‍්තෙතුං විපස‍්සිතුං යුත‍්තං. අනිච‍්චානුපස‍්සනාය සිද‍්ධාය ඉතරානුපස‍්සනා සුඛෙනෙව සිජ‍්ඣන‍්තීති අනිච‍්චානුපස‍්සනාව එත්‍ථ වුත‍්තා, අනිච‍්චස‍්ස දුක‍්ඛානත‍්තතානං අබ්‍යභිචරණතො සාසනිකස‍්ස සුඛග‍්ගහණතො ච. තෙනාහ – “යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා”ති (සං· නි· 3.15), “යං කිඤ‍්චි සමුදයධම‍්මං, සබ‍්බං තං නිරොධධම‍්මං” (මහාව· 16; දී· නි· 2.371; සං· නි· 5.1081), “වයධම‍්මා සඞ‍්ඛාරා”ති (දී· නි· 2.218) ච තදමිනා එවං අඤ‍්ඤමඤ‍්ඤං පටිපක‍්ඛවසෙන අපරාපරං උප‍්පන‍්නෙ විතක‍්කෙ නිග‍්ගහෙත්‍වා අනිච‍්චතාමුඛෙන විපස‍්සනං ආරභිත්‍වා ඉදානි කතකිච‍්චො ජාතොති දස‍්සෙති. තෙන වුත‍්තං “අත‍්තනො පටිපත‍්ති”න‍්තිආදි. ඉදමෙව ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණං අහොසි.

එහි “දුප්පබ්බජ්ජං” යනු අල්ප හෝ මහත් වූ සම්පත් මෙන් ම ඤාති සමූහයා ද අත්හැර මේ බුදුසසුනෙහි ඇල්ම උපදවා පැවිදිවන්නාට එය දුෂ්කර වූවක් බැවින් පැවිද්ද දුෂ්කරය. දුෂ්කර පැවිද්ද දුප්පබ්බජ්ජ නම් වේ. “වෙ” යනු නිපාතයක් පමණි. පැවිද්ද දැඩි වූවක් ද දුක්ගෙන දෙන්නක් ද වේ. ගිහි ගේ විසීමත් “දුරධිවාසා ගෙහා” ඉතා දුෂ්කරය. ගිහි ගේ වසන රජවරු රාජ්‍ය කටයුතු ද ප්‍රධානීහු ප්‍රධාන කටයුතු ද ගහපතියෝ ගහපති කටයුතු ද කළයුතුය. ඔවුහු තම පිරිවර ජනයාට ද මහණබමුණන්ට ද සංග්‍රහ කළයුතු වෙති. මෙම කටයුතු මැනවින් ඉටුකළත් ගිහිගේ විසීම නම් හිල් වූ කලයක් හෝ මහ මුහුද හෝ දියෙන් පිරවීම මෙන් සම්පූර්ණ නොවන්නකි. එනිසා ගිහිගේ විසීම ද අති දුෂ්කර වූවකි. දුෂ්කර වාසය කිරීම් ඇත්තකි. ඉදින් පැවිදිව සිටින්නේ නම් උගත යුතු ධර්‍මය ගැඹුරුය. පැවිද්දෙකු විසින් අවබෝධ කරගත යුතු වූ ප්‍රතිවේධ සද්ධර්මය ගැඹුරු බැවින් අවබෝධ කරගැනීමට අපහසුය. ඉදින් ගිහිගේ වසන්නේ නම් සම්පත් සෙවීම අපහසු වේ. සම්පත් නොමැතිව ගිහිගේ විසීමට නොහැක. ඒ භව භෝගාදී සම්පත් සෙවීම දුකින් ම කරදරවලින් ම කළයුතු බැවින් දුකසේ ලැබිය යුතුවේ. මෙසේ ඇති කල්හි ගිහිගේ හැර පැවිද්දෙහිම එකඟ වූ සිතින් පවතින්නේ නම් එය අන්‍ය කටයුතුවලට වඩා අපට දුෂ්කරය. මේ බුදුසසුනෙහි යථා ලාභ ප්‍රත්‍යයෙන් ම අපගේ ජීවිතය පවත්වා ගැනීම දුෂ්කර වූවකි. ගිහිගෙදර විසීමත් දුෂ්කර වාස ඇති බැවින් ද භෝගයන් දුකසේ ලැබිය යුතු බැවින් ද කිසියම් ප්‍රත්‍යයකින් යැපිය යුතු බැවින් ද අපට ඉතා දුෂ්කර ද අමාරු වූ දිවිපැවැත්මකි. මෙහිදී අප කුමක් කළයුතු ද? යි සිතීමට සුදුසුය. නිතර අනිත්‍ය බව, මුලු දවසම රාත්‍රියට පෙරත් පසුවත් සියලු ත්‍රෛභූමික වූ හටගත්, උපන් ධර්‍මයෝ අනිත්‍යයැයි දැකිය යුතුයි. ඉපිද නැසෙන බැවින් අනිත්‍ය ලෙස ගතයුතුයි. එමෙන්ම තාවකාලික බැවින් නිත්‍ය - ස්ථිර නොවේ යන අදහසින් අනිත්‍ය ලෙස සිතීමට විදර්ශනා වැඩීමට සුදුසු ය. අනිත්‍යානුපස්සනාව මගින් ම සෙසු අනුපස්සනා භාවනාවන් ඉටුවන බැවින්, මෙහිදී අනිත්‍ය පිළිබඳ මෙනෙහි කරන භාවනාවම අදහස් කරන ලදි. අනිත්‍යයේ දුක - අනාත්ම භාවයන් අභිබවා නොයන බැවින් ද සසුනෙහි සැප අල්ලා ගන්නා බැවින් ද අනිත්‍ය අනුපස්සනාව මෙහි දී අදහස් වේ. “යමක් අනිත්‍ය නම් එය දුකකි, යමක් දුක නම් එය අනාත්ම වේ” යනුවෙන් එනිසා කියන ලදි. “යම්කිසි හේතු ප්‍රත්‍ය සමවායෙන් හටගන්නා ධර්‍මයක් වේ නම් එය හේතු ප්‍රත්‍ය වෙන් වීමෙන් නිරුද්ධවන නැති ව ධර්‍මයක් වේ. සංස්කාරයෝ නැසෙන සුලුය.” මෙසේ “අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිපක්‍ෂ වූ වෙන වෙනම උපන් විතර්ක දුරුකර, අනිත්‍යතාව ප්‍රමුඛ වූ විදසුන් භාවනාව ඇරඹු මම දැන් කළයුතු කටයුතු නිමවූවෙමි” යි දක්වයි. ඒ සඳහා තමාගේ පිළිවෙත ප්‍රත්‍යවේක්‍ෂා කරමින් යනාදී විස්තරය පවසන ලදි. මෙම ගාථාව ම ජෙන්ත තෙරුන්ගේ රහත් බව ප්‍රකාශ කරන ගාථාව විය.

ජෙන‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ජෙන්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.