වච්ඡගොත්තත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
වච්ඡගොත්තත්ථෙරගාථාවණ්ණනා
වච්ඡගොත්ත ස්ථවිරගාථා වර්ණනාව
තෙවිජ්ජොහං මහාඣායීති ආයස්මතො වච්ඡගොත්තත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලබීජං රොපෙන්තො විපස්සිස්ස භගවතො කාලෙ බන්ධුමතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං රඤ්ඤා නාගරෙහි ච සද්ධිං බුද්ධපූජං කත්වා තතො පරං දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහෙ විභවසම්පන්නස්ස බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති, තස්ස වච්ඡගොත්තතාය වච්ඡගොත්තොත්වෙව සමඤ්ඤා අහොසි. සො විඤ්ඤුතං පත්වා බ්රාහ්මණවිජ්ජාසු නිප්ඵත්තිං ගතො විමුත්තිං ගවෙසන්තො තත්ථ සාරං අදිස්වා පරිබ්බාජකපබ්බජ්ජං පබ්බජිත්වා විචරන්තො සත්ථාරං උපසඞ්කමිත්වා පඤ්හං පුච්ඡිත්වා තස්මිං විස්සජ්ජිතෙ පසන්නමානසො සත්ථු සන්තිකෙ පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තො නචිරස්සෙව ඡළභිඤ්ඤො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.16.15-20) –
“තෙවිජ්ජොහං මහාඣායි” යන ගාථාව ආයුෂ්මත් වච්ඡගොත්ත තෙරුන් විසින් වදාරන ලදි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භාවයන්හි දී නිවන් පතාගෙන කසල බීජ රෝපණය කරනුයේ විපස්සි බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේ බන්ධුමතී නුවර සිටුගෙයක උපන්හ. වියටපත් වූ එම සිටුතුමා, දිනක් රජු ද නගර වැසියන් සමග ද එක් වී බුද්ධ පූජාවක් කර, ඉන් පසුව දෙව් මිනිසුන් අතර සැරි සරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවර සම්පත් ඇති බමුණු පුතෙක්ව උපන්නේ ය. ඔහුගේ පියා වච්ඡ ගෝත්‍රික බැවින් පුතුට ද “වච්ඡගොත්ත” යන නාමය ම තබන ලදි. නිසි වයසට පැමිණි ඒ බමුණු කුමරු ත්‍රිවේද පාරගතව විමුක්තිය සොයනුයේ, වේදයෙහි හරයක් නොදැක පිරිවැජි පැවිද්දෙන් පැවිදි ව සැරිසරනුයේ ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබීය. එසේ පැවිදිව විදසුන් කමටහන වඩමින් නොබෝ දිනකින් ම ෂඩ් අභිඥාලාභී වූ රහතන් වහන්සේ නමක් වූ වච්ඡගොත්ත තෙරණුවෝ තම චරිතාපදානය අපදානපාළියෙහි දී මෙසේ දැක්වූහ.
“උදෙන්තං සතරංසිංව, පීතරංසිංව භාණුමං; පන්නරසෙ යථා චන්දං, නිය්යන්තං ලොකනායකං.
“උදාවන්නා වූ සූර්යයා මෙන් ද රන්වන් රැස් ඇති හිරු මෙන් ද පසළොස්වක් දින පායන සඳුමෙන් ද තම අරමින් නික්මෙන ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි.
“අට්ඨසට්ඨිසහස්සානි, සබ්බෙ ඛීණාසවා අහුං; පරිවාරිංසු සම්බුද්ධං, ද්විපදින්දං නරාසභං.
හැට අට දහසක් වූ සියලු ක්ෂීණාශ්රවයෝ ඒ ද්විපදෝත්තම නරශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ පිරිවරා ගත්හ.
“සම්මජ්ජිත්වාන තං වීථිං, නිය්යන්තෙ ලොකනායකෙ; උස්සාපෙසිං ධජං තත්ථ, විප්පසන්නෙන චෙතසා.
මම බුදුරදුන් නික්මෙන කල්හි ඒ වීථිය නැමද පහන් සිතින් එහි ධජයක් එසවීමි.
“එකනවුතිතො කප්පෙ, යං ධජං අභිරොපයිං; දුග්ගතිං නාභිජානාමි, ධජදානස්සිදං ඵලං.
මෙයින් කල්ප අනූඑකකට පෙර එසේ ධජයක් පිදුවෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියකට පත්නොවූයෙමි. ධජ දානයේ විපාකය මෙබඳුය.
“ඉතො චතුත්ථකෙ කප්පෙ, රාජාහොසිං මහබ්බලො; සබ්බාකාරෙන සම්පන්නො, සුධජො ඉති විස්සුතො.
මෙයින් කල්ප හතරකට පෙර මහත් ධන ඇති සර්වප්රකාරයෙන් ම සම්පූර්ණ වූ සුධජ නමින් ප්‍රකට වූ රජෙක් ව උපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ඡළභිඤ්ඤො පන හුත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා සොමනස්සජාතො උදානවසෙන –
ෂඩ් අභිඥාලාභී වූ වච්ඡගොත්ත තෙරණුවෝ තම පිළිවෙත ප්රත්යවේක්ෂා (නැවත සිහිපත් කර බලා) කට හටගත් ප්‍රීතියෙන් මෙම ගාථාව වදාළහ.
“තෙවිජ්ජොහං මහාඣායී, චෙතොසමථකොවිදො; සදත්ථො මෙ අනුප්පත්තො, කතං බුද්ධස්ස සාසන”න්ති. – ගාථං අභාසි;
“තෙවිජ්ජොහං මහාඣායී, චෙතො සමථකොවිදො, සදත්ථො මෙ අනුප්පත්තො, කතං බුද්ධස්ස සාසනං”
තත්ථ තෙවිජ්ජොහන්ති යදිපි මං පුබ්බෙ තිණ්ණං වෙදානං පාරං ගතත්තා “බ්රාහ්මණො තෙවිජ්ජො”ති සඤ්ජානන්ති, තං පන සමඤ්ඤාමත්තං වෙදෙසු විජ්ජාකිච්චස්ස අභාවතො. ඉදානි පන පුබ්බෙනිවාසඤාණාදීනං තිස්සන්නං විජ්ජානං අධිගතත්තා පරමත්ථතො තෙවිජ්ජො අහං, මහන්තස්ස අනවසෙසස්ස සමුදයපක්ඛියස්ස කිලෙසගණස්ස ඣාපනතො, මහන්තෙන මග්ගඵලඣානෙන මහන්තස්ස උළාරස්ස පණීතස්ස නිබ්බානස්ස ඣායනතො ච මහාඣායී. චෙතොසමථකොවිදොති චිත්තසඞ්ඛොභකරානං සංකිලෙසධම්මානං වූපසමනෙන චෙතසො සමාදහනෙ කුසලො. එතෙන තෙවිජ්ජභාවස්ස කාරණමාහ. සමාධිකොසල්ලසහිතෙන හි ආසවක්ඛයෙන තෙවිජ්ජතා, න කෙවලෙන. සදත්ථොති සකත්ථො ක-කාරස්සායං ද-කාරො කතො “අනුප්පත්තසදත්ථො”තිආදීසු (ම· නි· 1.9; අ· නි· 3.38) විය. “සදත්ථො”ති ච අරහත්තං වෙදිතබ්බං. තඤ්හි අත්තපටිබන්ධට්ඨෙන අත්තානං අවිජහනට්ඨෙන අත්තනො පරමත්ථට්ඨෙන අත්තනො අත්ථත්තා “සකත්ථො”ති වුච්චති. ස්වායං සදත්ථො මෙ මයා අනුප්පත්තො අධිගතො. එතෙන යථාවුත්තං මහාඣායිභාවං සිඛාපත්තං කත්වා දස්සෙති. සෙසං වුත්තනයමෙව.
එහි “තෙවිජ්ජොහං” යනු පෙර මම ත්‍රිවේද පාර ගත වූ බැවින් තේවිජ්ජ බ්‍රාහ්මණ නාමයෙන් හැඳින්විණි. එය හැඳන්වීමක් පමණි, වේදයෙහි විද්‍යාමය කටයුතු නැති බැවින් දැන් මේ බුදු සසුනේ පැවිදි වූ මම පුර්වේනිවාසානුස්සති යනාදී ත්‍රිවිද්‍යාව අවබෝධ කළ බැවින් පරමාර්ථ වශයෙන් ම “තේවිජ්ජ” නම් වේ. ඉතිරි නොවන සේ මහත් වූ තණ්හාදී කෙලෙස් සමූහයා දවා වැනසීම් වශයෙන් ද මහත් වූ මාර්ගඵල ධ්‍යානයෙන් ද මහත් වූ උදාර වූ ප්‍රණීත වූ නිවන වැඩීම් වශයෙන් ද “මහාඣායී” මහත් ධ්‍යාන ඇත්තෙමි. “චෙතො සමථ කොවිදො” යනු සිත කළඹන්නා වූ කෙලෙස් දහම් සංසිඳවීමෙන් සිත දමනය කර ගැනීමෙහි දක්ෂවූයෙමි. මෙයින් විද්‍යා බවට හේතුව දක්වන ලදි. සමාධියට සමවැදීමේ දක්ෂ බව සහිත වූ ආශ්රවක්ෂය කිරීමෙන් තේවිජ්ජ නම් වූයෙමි. හුදකලාව ආශ්‍රව ක්ෂය කළෙම් නොවෙමි. “සදත්ථො” යනු ස්වකීය අර්ථය සිද්ධකරගත් “සකත්ථ” නම් වේ. එහි ‘ක’ යන්නට ‘ද’ යන්න පැමිණීමෙන් “අනුප්පත්තසදත්ථො” යන තැන මෙන් “සදත්ථ” පද සිද්ධිය විය. “සදත්ථො” යන්නෙන් ස්ව අර්ථ සිද්ධිය වූ අර්හත්වය අදහස් වේ. එහි දී තමා හා ප්‍රතිබද්ධ වූ අරුතින් ද තමා අත්නොහැර යන අරුතින් ද තමාගේ පරමාර්ථ වශයෙන් ද තම යහපත-අර්ථය සිදුකරනුයේ “සකත්ථ” නම් වේ. ඒ මේ ස්වකීය අර්ථය, අර්හත්වය මවිසින් අවබෝධ කළෙමි. ඊට පැමිණියෙමි, මෙයින් මහත් වූ ධ්‍යාන ඇති බව ආදී හැකියාවන් කුළුගන්වා දක්වයි. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්රකටය.
වච්ඡගොත්තත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
වච්ඡගොත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.