වනවච්ඡත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
වනවච්ඡත්ථෙරගාථාවණ්ණනා
වනවච්ඡ ස්ථවිරගාථා වර්ණනාව
අච්ඡොදිකා පුථුසිලාති ආයස්මතො වනවච්ඡත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලබීජං රොපෙන්තො විපස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො පරස්ස කම්මං කත්වා ජීවන්තො කස්සචි අපරාධං කත්වා මරණභයෙන තජ්ජිතො පලායන්තො අන්තරාමග්ගෙ බොධිරුක්ඛං දිස්වා පසන්නමානසො තස්ස මූලං සම්මජ්ජිත්වා පිණ්ඩිබන්ධෙහි අසොකපුප්ඵෙහි පූජං කත්වා වන්දිත්වා බොධිං අභිමුඛො නමස්සමානො පල්ලඞ්කෙන නිසින්නො මාරෙතුං ආගතෙ පච්චත්ථිකෙ දිස්වා තෙසු චිත්තං අකොපෙත්වා බොධිං එව ආවජ්ජෙන්තො සතපොරිසෙ පපාතෙ පපති. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා අපරාපරං පුඤ්ඤානි කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහෙ විභවසම්පන්නස්ස බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති, “වච්ඡො”තිස්ස නාමං අහොසි. සො වයප්පත්තො බිම්බිසාරසමාගමෙ පටිලද්ධසද්ධො පබ්බජිත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.16.7-14) –
“අච්ඡොදිකා පුථුසිලා” යනු ආයුෂ්මත් වනවච්ඡ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ අර්හත්වය පිණිස ප්‍රාර්ථනා කරන ලදුව, ඒ ඒ භවයන්හිදී සසරින් මිදීම සඳහා කුසල් බීජ රෝපණය කරමින් පැමිණ, විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ සමයේ දී එක් සිටුගෙයක ඉපිද, වැඩිවියට පැමිණ අනුන්ගේ කටයුතු කරදෙමින් ජීවත් වූහ. දිනක් කිසියම් අපරාධයක් කොට මරණභයින් තැතිගෙන දුවයන ඔහු අතර මග දී බෝධි වෘක්ෂයක් දැක පැහැදුණු සිතින් එහි මුල පිරිසිදු කර මනාව පිපුණු අශෝක මල් පොකුරු පූජාවක් පවත්වා වැඳ, ඒ බෝරුක ඉදිරියේ නමස්කාර ගෙන ම පලක් බැඳගෙන හුන්නේ ය. තමා මැරීමට පැමිණි සතුරන් දැක, ඔවුන් කෙරෙහි මෙත් සිත් පතුරුවා බෝ රුක පිළිබඳ ව සිතමින් හුන් ඒ සිටුපුත්‍රයා පසුව සතපෝරිස ප්‍රපාතයෙහි වැටී මළේය. ඒ පින්කම නිසා දෙව් ලොව උපන් හෙතෙම තව තවත් පින්දහම් සිදුකොට දෙව් මිනිසුන් අතර සැරි සරා මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහ නුවර මහත් සම්පත් ඇති බමුණු පුතෙක් ව උපන්නේ ය. ඔහුගේ නම වච්ඡ විය. තරුණ වියට පත් වූ වච්ඡ බමුණා බිම්බිසාර රජු බුදුරදුන් හමු වූ ප්‍රථම අවස්ථාවෙහි සසුනේ පැහැදී පැවිදිව රහත්භාවය ලබාගත්තේය. අපදාන පාළියේ මෙසේ සිය චරිතාපදානය දක්වන ලදි.
“පරකම්මායනෙ යුත්තො, අපරාධං අකාසහං; වනන්තං අභිධාවිස්සං, භයවෙරසමප්පිතො.
“අනුනට බැලමෙහෙ කිරීමෙහි යෙදුනා වූ මම අපරාධයක් කෙළෙමි. එනිසා භයජනක අරමුණුවලින් තැති ගත් මම වනයට පලාගියෙමි.
“පුප්ඵිතං පාදපං දිස්වා, පිණ්ඩිබන්ධං සුනිම්මිතං; තම්බපුප්ඵං ගහෙත්වාන, බොධියං ඔකිරිං අහං.
පොකුරු බැඳි මනාව සුපිපි අශෝක මල් ගසක් දැක, ඉන් තඹවන් මල් රැගෙන බෝධිය සමීපයට ඉසීමි.
“සම්මජ්ජිත්වාන තං බොධිං, පාටලිං පාදපුත්තමං; පල්ලඞ්කං ආභුජිත්වාන, බොධිමූලෙ උපාවිසිං.
ඒ උතුම් පළොල් බෝ මුල හැම ද, ඒ බෝ මුලෙහි පලඟ බැඳ හුන්නෙමි.
“ගතමග්ගං ගවෙසන්තා, ආගච්ඡුං මම සන්තිකං; තෙ ච දිස්වානහං තත්ථ, ආවජ්ජිං බොධිමුත්තමං.
අපරාධය කර පලාගිය මා සොයමින් පැමිණි අය මා ළඟට පැමිණියහ. ඔවුන් දුටු මම උතුම් වූ බෝධියම සිහිපත් කළෙමි.
“වන්දිත්වාන අහං බොධිං, විප්පසන්නෙන චෙතසා; අනෙකතාලෙ පපතිං, ගිරිදුග්ගෙ භයානකෙ.
පහන් සිතින් බෝධිය වැඳ ඉදිරියට ගිය මම, බොහෝ තල් රුක් ගණනින් ගිණිය යුතු (අතිශය ගැඹුරු වූ) භයානක ගිරි දුර්ගයක වැටුණෙමි.
“එකනවුතිතො කප්පෙ, යං පුප්ඵමභිරොපයිං; දුග්ගතිං නාභිජානාමි, බොධිපූජායිදං ඵලං.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බෝධිපූජාවේ විපාක මෙබඳුය.
“ඉතො ච තතියෙ කප්පෙ, රාජා සුසඤ්ඤතො අහං; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
මීට කල්ප තුනකට පෙර දී මම මහත් බලැති සත්රුවනින් හෙබි සන්තුසිත නම් සක්විති රජව උපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියළු කෙලෙස් දැවුයෙමි. බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා විවෙකාභිරතියා වනෙයෙව වසි, තෙන වනවච්ඡොති සමඤ්ඤා උදපාදි. අථ කදාචි ථෙරො ඤාතිජනානුග්ගහත්ථං රාජගහං ගතො තත්ථ ඤාතකෙහි උපට්ඨියමානො කතිපාහං වසිත්වා ගමනාකාරං සන්දස්සෙති. තං ඤාතකා, “භන්තෙ, අම්හාකං අනුග්ගහත්ථං ධුරවිහාරෙ වසථ, මයං උපට්ඨහිස්සාමා”ති යාචිංසු. ථෙරො තෙසං පබ්බතරාමණෙය්යකිත්තනාපදෙසෙන විවෙකාභිරතිං නිවෙදෙන්තො –
රහත් බවට පත් වූ උන්වහන්සේ විවේකයෙහි ඇලී වනයෙහි ම වාසය කළහ. එනිසා වනවච්ඡ නාමයෙන් උන්වහන්සේ ප්‍රකටවූහ. ඉක්බිති කිසියම් කලෙක එම තෙරණුවෝ නෑ සමූහයාට අනුග්‍රහ පිණිස රජගහ නුවරට වැඩමවා එහි දී නෑයන්ගේ පුදසත්කාර ලබමින් සිට, නැවත පැමිණීමට සූදානම් වූහ. එය දුටු ඤාතීහු “ස්වාමීනි අපට අනුග්‍රහ පිණිස ජීවිත කාලයම මෙහි වසනු මැනවි, අපි උපස්ථාන කරන්නෙමු”යි ආරාධනා කළහ. තෙරණුවෝ ඔවුන්ට තමන්වහන්සේ පර්වත, ආරණ්‍ය සෙනසුන් ප්‍රිය කරන බවත් විවේකයෙහි කැමති බවත් දැනුම් දෙන සේක්, මේ ගාථාව වදාළහ.
“අච්ඡොදිකා පුථුසිලා, ගොනඞ්ගුලමිගායුතා; අම්බුසෙවාලසඤ්ඡන්නා, තෙ සෙලා රමයන්ති ම”න්ති. – ගාථං අභාසි;
“අච්ඡොදිකා පුථුසිලා ගොනඞ්ගූල මිගා යුතා, අම්බු සෙවාල සඤ්ඡන්නා තෙ සෙලා රමයන්ති මං”
තත්ථ අච්ඡොදිකාති අච්ඡං අබහලං සුඛුමං උදකං එතෙසූති “අච්ඡොදකා”ති වත්තබ්බෙ ලිඞ්ගවිපල්ලාසෙන අච්ඡොදිකා”ති වුත්තං. එතෙන තෙසං උදකසම්පත්තිං දස්සෙති. පුථුසිලාති පුථුලා විත්ථතා මුදුසුඛසම්ඵස්සා සිලා එතෙසූති පුථුසිලා. එතෙන නිසජ්ජනට්ඨානසම්පත්තිං දස්සෙති. ගුන්නං විය නඞ්ගුලං නඞ්ගුට්ඨං එතෙසන්ති ගොනඞ්ගුලා, කාළමක්කටා, “පකතිමක්කටා”තිපි වදන්තියෙව . ගොනඞ්ගුලෙහි ච පසදාදිකෙහි මිගෙහි ච තහං තහං විචරන්තෙහි ආයුතා මිස්සිතාති ගොනඞ්ගුලමිගායුතා . එතෙන තෙසං අමනුස්සූපචාරිතාය අරඤ්ඤලක්ඛණූපෙතතං දස්සෙති. අම්බුසෙවාලසඤ්ඡන්නාති පසවනතො සතතං පග්ඝරමානසලිලතාය තහං තහං උදකසෙවාලසඤ්ඡාදිතා. තෙ සෙලා රමයන්ති මන්ති යත්ථාහං වසාමි; තෙ එදිසා සෙලා පබ්බතා විවෙකාභිරතියා මං රමයන්ති, තස්මා තත්ථෙවාහං ගච්ඡාමීති අධිප්පායො. ඉදමෙව ච ථෙරස්ස අඤ්ඤාබ්යාකරණං අහොසි.
එහි “අච්ඡොදිකා” යනු පිරිසිදු, බහුල නොවූ, සියුම් වූ දියදහර ඇති බව අච්ඡොදිකා යනු වේ. මෙහි “අච්ඡොදිකා” යි කිවයුතු වුවත් ලිංග විපර්යාසවීමෙන් “අච්ඡොදිකා” යනුවෙන් දක්වන ලදි. මෙයින් ඒ කඳුවල පැවති ජලසම්පත දක්වයි. “පුථුසිලා” යනු පෘථුල, පැතිරුණු මෘදු සුව පහස් ඇති ගල්තලාවන් ඇති, මෙයින් හිඳීමට නිදීමට සෙනසුන් සම්පත්තිය ඇති බව දක්වයි. ගුන්නයක් (වැලක්) මෙන් වූ වලිගයක්, නගුටක් ඇති බැවින් ගෝනංගුල නම් වූ කළු වඳුරෝ, ස්වාභාවික වඳුරෝ යැයි ද මතයකි. “වඳුරන්ගෙන් ද සිවුපා සතුන්ගෙන් ද ඒ ඒ තැන හැසිරෙන්නවුන්ගෙන් ද වනය යුක්තය. මිශ්‍රිතය” යනුවෙන් “ගොනඞ්ගූලමිගා යුතා” පදයෙන් පවසයි. මේ වදනින් අමනුෂ්‍යයන් හැසිරෙන බව ආරණ්‍යයේ ලක්ෂණයක් ලෙසින් දක්වයි. “අම්බු සෙවාල සඤ්ඡන්නා” ගලා බැසීම නිසා නිතර දිය වැගිරෙන ඒ ඒ තැනින් හටගත් දිය සෙවෙල් වලින් ගැවසුණු, වැසුණු, “තෙ සෙලා රමයන්ති මං” මම යම් තැනක වසම් ද එහි ඇති මෙබඳු ගල් පර්වත විවේකයේ ඇලුණු මගේ සිත අලවයි. එනිසා “එහි වාසය කිරීමට යමි” යන අදහසයි. මෙම ගාථාව ම වනවච්ඡ තෙරුන්ගේ රහත් බව ප්‍රකාශ කරන ගාථාව විය.
වනවච්ඡත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
වනවච්ඡ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.