අධිමුත්තත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
අධිමුත්තත්ථෙරගාථාවණ්ණනා
අධිමුත්ත ස්ථවිරගාථා වර්ණනාව
කායදුට්ඨුල්ලගරුනොති ආයස්මතො අධිමුත්තත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො බ්රාහ්මණවිජ්ජාසු නිප්ඵත්තිං ගතො කාමෙසු ආදීනවං දිස්වා ඝරාවාසං පහාය තාපසපබ්බජ්ජං පබ්බජිත්වා අරඤ්ඤෙ විහරන්තො බුද්ධුප්පාදං සුත්වා මනුස්සූපචාරං උපගන්ත්වා සත්ථාරං භික්ඛුසඞ්ඝපරිවුතං ගච්ඡන්තං දිස්වා පසන්නමානසො අත්තනො වාකචීරං සත්ථු පාදමූලෙ පත්ථරි. සත්ථා තස්ස අජ්ඣාසයං ඤත්වා තස්මිං අට්ඨාසි. තත්ථ ඨිතං භගවන්තං කාළානුසාරෙන ගන්ධෙන පූජෙත්වා “සමුද්ධරසිමං ලොක”න්තිආදිකාහි දසහි ගාථාහි අභිත්ථවි. තං සත්ථා “අනාගතෙ ඉතො සතසහස්සකප්පමත්ථකෙ ගොතමස්ස නාම සම්මාසම්බුද්ධස්ස සාසනෙ පබ්බජිත්වා ඡළභිඤ්ඤො භවිස්සතී”ති බ්යාකරිත්වා පක්කාමි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා තතො යාවායං බුද්ධුප්පාදො, තාව දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා අධිමුත්තොති ලද්ධනාමො විඤ්ඤුතං පත්තො බ්රාහ්මණවිජ්ජාසු නිප්ඵත්තිං ගන්ත්වා තත්ථ සාරං අපස්සන්තො පච්ඡිමභවිකත්තා නිස්සරණං ගවෙසන්තො ජෙතවනපටිග්ගහණෙ බුද්ධානුභාවං දිස්වා පටිලද්ධසද්ධො සත්ථු සන්තිකෙ පබ්බජිත්වා විපස්සනං පට්ඨපෙත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.40.304-332) –
“කාය දුට්ඨුල්ලගරුනො” යනු ආයුෂ්මත් අධිමුත්ත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? හෙතෙම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි බමුණු පවුලක ඉපිද වැඩිවිය පැමිණෙත්ව සියලු බමුණු ශිල්පශාස්ත්රයන්හි පරතෙරට ගියේය. කාමයෙහි ආදීනව දුටු මේ තරුණ බමුණා ගිහිගේ හැර තවුස් පැවිද්දෙන් පැවිදිව අරණ්‍යයෙහි වාසය කළේය. බුදුරදුන්ගේ පහළවීම ඇසූ තාපසතුමා මිනිස් වාසයට පැමිණ භික්ෂු සංඝයා පිරිවරා වඩින ශාස්තෲන් වහන්සේ දැක, පැහැදුණු සිතින් තමාගේ වැහැරි සිවුර වියූ උන්වහන්සේගේ පාමුල ඇතිරීය. ඔහුගේ අදහස දැනගත් ශාස්තෲන් වහන්සේ එහි වැඩ සිටියේය. එසේ සිටි භාග්‍යවතුන් වහන්සේට කාලෝචිත පරිදි සුවඳ දුම් පුදා “සමුද්ධංසි මා ලොකං” යනාදී අපදානපාළියෙහි එන ගාථා දහයෙන් ස්තුති කළේය. එවිට ශාස්තෲන් වහන්සේ “අනාගතයේ මෙයින් කල්ප ලක්ෂයකට පසුව ගෞතම නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසුනේ පැවිදිවන මොහු ෂඩ් අභිඥාලාභී වන්නේය.” යනුවෙන් විවරණ දී වැඩියහ. ඒ පිංකමේ විපාක ලෙස දෙව්ලොව උපන් තාපසතුමා අපගේ බුදුරජාණන් වහන්සේ පහළවීම දක්වාම දෙව් මිනිස් දෙගතියේ සැරිසරා, අවුත් සැවැත්නුවර බමුණු පවුලක ඉපිද “අධිමුත්ත” නමින් ප්‍රකට විය. වැඩිවියට පැමිණ බ්‍රාහ්මණ විද්‍යාවන්හි පරතෙරට ගිය හෙතෙම, එහි හරයක් (සාරයක්) නොදැක, පශ්චිම භවික බැවින් පිහිටක්, සසරින් මිදීමක් සොයමින් යන්නේ, ජේතවනාරාමය පිළිගැනීමේදී පැවති උතුම් බුද්ධානුභාවය දැක ලබන ලද ශ්‍රද්ධාවෙන් ශාස්තෲන් වහන්සේ සමීපයේ පැවිදි විය. පැවිදි වූ අධිමුත්ත තෙරණුවෝ විදසුන් භාවනාවේ සිත පිහිටුවා නොබෝ කලෙකින් ම රහත් බවට පත්වූහ. එනිසා අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පැවසූහ.
“කණිකාරංව ජලිතං, දීපරුක්ඛංව උජ්ජලං; ඔසධිංව විරොචන්තං, විජ්ජුතං ගගනෙ යථා.
“පිපුණු කිණිහිරි රුකක් මෙන් බබලන, පහන් ගසක් මෙන් දිලිසෙන ඕසධී තාරකාව මෙන් ආලෝකවත් වූ අහසෙහි විදුලි එළියක් බඳු වූ බිය හා තැති ගැනීම් නොමැති කේශර සිංහරාජයෙකු වැනි වූ තීර්ථක සමූහයා මඬින්නාවූ ඤාණාලෝකය ප්‍රකට කරන, මෙම ලෝ වැසියන් දුකින් ගොඩලන සියලු සැක සිඳින ලද සිංහ රාජයකු මෙන් ගුගුරන ලෝකනායක වූ බුදුරදුන් දිටිමි.
“අසම්භීතං අනුත්තාසිං, මිගරාජංව කෙසරිං; ඤාණාලොකං පකාසෙන්තං, මද්දන්තං තිත්ථියෙ ගණෙ.
“උද්ධරන්තං ඉමං ලොකං, ඡින්දන්තං සබ්බසංසයං; ගජ්ජන්තං මිගරාජංව, අද්දසං ලොකනායකං.
“ජටාජිනධරො ආසිං, බ්රහා උජු පතාපවා; වාකචීරං ගහෙත්වාන, පාදමූලෙ අපත්ථරිං.
එකල මම ජටා සහ අඳුන් දිවිසම් දරන්නෙක් වූයෙමි. වැඩෙන්නා වූ සෘජු වූ ප්රතාපවත් වූවෙක් වීමි. වැහැරී සිවුරු ගෙන ඒ බුදුරදුන්ගේ පාමුල ඇතුළෙමි.
“කාළානුසාරියං ගය්හං, අනුලිම්පිං තථාගතං; සම්බුද්ධමනුලිම්පෙත්වා, සන්ථවිං ලොකනායකං.
කසාවන් අගිල් (කළුවැල්) ගෙන බුදුරදුන්ගේ ශ්‍රී ශරීරයේ ආලේප කළෙමි. තථාගතයන් එසේ ආලේප කර ලෝකනායකයන් වහන්සේට ස්තුති කළෙමි.
“සමුද්ධරසිමං ලොකං, ඔඝතිණ්ණ මහාමුනි; ඤාණාලොකෙන ජොතෙසි, නාවටං ඤාණමුත්තමං.
“සමුද්ධරසි මං ලොකං පටිගණ්හ මහාමුනී, ඤාණා ලොකෙන ජොතෙසි පවරං ඤාණමුත්තමං”
චතුරෝඝය තරණය කළ උතුමාණෙනි! මහාමුනීන්ද්රයාණෙනි! ඔබ මේ ලෝ වැස්සා සසරින් ගොඩලන්නාහුය. ඤාණාලෝකයෙන් ආලෝක කරන්නාහුය. ඔබගේ උතුම් ඤාණය ද අනාවෘතයි.
“ධම්මචක්කං පවත්තෙසි, මද්දසෙ පරතිත්ථියෙ; උසභො ජිතසඞ්ගාමො, සම්පකම්පෙසි මෙදනිං.
“ධම්ම චක්කං පවත්තෙසි, මද්දසෙ පරතිත්ථියෙ, උසභො ජිතසඞ්ගාමො, සම්පකම්පෙසි මෙදිනිං”
ඔබ වහන්සේ දම්සක් පැවැත්වූහ. අන්‍ය තීර්ථකයන් මැඩලන්නාහුය. දිනූ මාරසංග්රාම ඇති ශ්‍රේෂ්ඨ වූ ඔබ වහන්සේ පෘථිවිය කම්පා කරන්නාහුය.
“මහාසමුද්දෙ ඌමියො, වෙලන්තම්හි පභිජ්ජරෙ; තථෙව තව ඤාණම්හි, සබ්බදිට්ඨී පභිජ්ජරෙ.
“මහාසමුද්දෙ ඌමියො වෙලන්තං හි පභිජ්ජරෙ, තථෙව තව ඤාණම්හි සබ්බා දිට්ඨි පභිජ්ජරෙ”
මහ සමුදුරෙහි තරංගයෝ වෙරළෙහි ගැටී බිඳෙති. එමෙන්ම අන්‍ය මිසදිටු අදහස් ඔබ වහන්සේගේ නුවණෙහි ගැටී බිඳීයයි.
“සුඛුමච්ඡිකජාලෙන, සරම්හි සම්පතානිතෙ; අන්තොජාලීකතා පාණා, පීළිතා හොන්ති තාවදෙ.
“සුඛුමච්ඡිකෙ යථා ජාලෙ පාරම්හි සම්පසාරිතෙ, අන්තොජාලගතා පාණා පීළිතා හොන්ති තාවදෙ”
විලක් සියුම් ඇස් ඇති දැලකින් අතුළ කල්හි එකෙණෙහි ම දැළ තුලට ගිය ප්‍රාණීහු පෙළුණාහු වෙත්ද
“තථෙව තිත්ථියා ලොකෙ, පුථුපාසණ්ඩනිස්සිතා; අන්තොඤාණවරෙ තුය්හං, පරිවත්තන්ති මාරිස.
“තථෙව තිත්ථියා ලොකෙ පුථුපාසණ්ඩ නිස්සිතා, අන්තො ඤාණවරෙ තුය්හං පරිවත්තන්ති මාරිස”
එසේම ලෝකයෙහි අන්‍යාගමික පාෂණ්ඩ ධර්ම ඇසුරු කළ අන්‍ය තීර්ථකයෝ ඔබ වහන්සේගේ උතුම් නුවණ නම් දැළෙහි බැඳී පෙරළෙති.
“පතිට්ඨා වුය්හතං ඔඝෙ, ත්වඤ්හි නාථො අබන්ධුනං; භයට්ටිතානං සරණං, මුත්තිත්ථීනං පරායණං.
“පතිට්ඨාවුය්හතං ඔඝෙ ත්වං හි නාථො අබන්ධුනං, භයද්දිතානං සරණං මුත්තත්ථීනං පරායණං”
චතුරෝඝ නම් වූ සැඩ පහරෙහි ගසාගෙන යන්නවුන්ට පිහිටවූ ඔබ වහන්සේ නො නෑයන්ට ද පිහිට වූහ. භයින් පීඩිතයන්ට ද පිහිට වූහ. ලෝකයා අත්හැර දැමූ අනාථයන්ට ද පිහිට වූහ.
“එකවීරො අසදිසො, මෙත්තාකරුණසඤ්චයො; අසමො සුසමො සන්තො, වසී තාදී ජිතඤ්ජයො.
“එකවීරො අසදිසො මෙත්තා කරුණා සඤ්චයො, අසමො සුසමො සන්තො වසී තාදී ජිතඤ්ජසො”
අසහාය වීර වූ අසදෘශ වූ කරුණා මෛත්‍රී සඤ්චය (එකතුවීම්) ඇති උතුම් සිල් ඇති අසම වූ ශාන්ත වූ ධ්‍යානයන් හි වශී වූ තාදී ගුණ ඇති දින මාර්ග ඇති
“ධීරො විගතසම්මොහො, අනෙජො අකථංකථී; තුසිතො වන්තදොසොසි, නිම්මලො සංයතො සුචි.
“වීරො විගතසම්මොහො අනෙජො අකථංකථී, තුසිතො වන්තදොසොසි නිම්මලො පයතො සුචී”
වීර වූ පහකළ මෝහ ඇති, නිදොස් වූ සැක සංකා දුරුකළ, වැස නිමවූ බඹසර ඇති, නිර්මල වූ අශූචීන් දොවා හළ, එහෙයින්ම පිරිසිදු වූ ඔබවහන්සේ වැමෑරූ රාගාදී දොස් ඇති සේක.
“සඞ්ගාතිගො හතමදො, තෙවිජ්ජො තිභවන්තගො; සීමාතිගො ධම්මගරු, ගතත්ථො හිතවබ්භුතො.
“සඞ්ගාතිගො ගතමදො තෙවිජ්ජොසි භවන්තගො, සීමාතිගො ධම්මගරු කතත්තො හිතවප්පථො.”
කෙලෙස් ඇලීම් ඉක්ම වූ නැසූ මද ඇති ත්‍රිවිද්‍යා ඇති තුන් ලෝ මුදුන් පත් වූ සීමාව ඉක්මවා ගිය ධර්ම ගරුක වූ කෘත්‍ය වූ ඔබ වහන්සේ වෙත, ලෝකයාට හිත වූ මාර්ග ඇති සේක.
“තාරකො ත්වං යථා නාවා, නිධීවස්සාසකාරකො; අසම්භීතො යථා සීහො, ගජරාජාව දප්පිතො.
“තාරකො ත්වං යථා නාවා නිධීව ස්සාසකාරකො, අසම්හීතො යථා සීහො නාගරාජාව දම්මිතො.”
ඔබ වහන්සේ නැවකට මගපෙන්වන තරුවක් වැනිය. අස්වැසීම ගෙන දෙන නිධානයක් බඳුය. සිංහයකු මෙන් බිය රහිත වූවෙහිය. හස්ති රාජයකු මෙන් ගර්විත වූවෙහිය.
“ථොමෙත්වා දසගාථාහි, පදුමුත්තරං මහායසං; වන්දිත්වා සත්ථුනො පාදෙ, තුණ්හී අට්ඨාසහං තදා.
එකල්හි මම මේ දස ගාථාවලින් මහත් යස ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ස්තුති කොට, ඒ ශාස්තෲන් වහන්සේගේ පා වැඳ නිශ්ශබ්දව සිටියෙමි.
“පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො; භික්ඛුසඞ්ඝෙ ඨිතො සත්ථා, ඉමා ගාථා අභාසථ.
එවිට ලෝ වැසියාගේ පූජා පිළිගන්නා වූ ශාස්තෲ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළහ.
“යො මෙ සීලඤ්ච ඤාණඤ්ච, සද්ධම්මඤ්චාපි වණ්ණයි; තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
“යමෙක් මාගේ ශීලය ද ඥානය ද ධර්මය ද පැසසූවෙහි ද ඔහු කවරෙක් වන්නෙම් දැයි මම පවසමි. ඒ මාගේ වචනය අසව්.
“සට්ඨි කප්පසහස්සානි, දෙවලොකෙ රමිස්සති; අඤ්ඤෙ දෙවෙභිභවිත්වා, ඉස්සරං කාරයිස්සති.
හෙතෙම කල්ප සැට දාහක් දෙව්ලොව සෙසු දෙවියන් මැඩ ආධිපත්‍ය පතුරුවා සිත් අලවා වාසය කරන්නේ ය.
“සො පච්ඡා පබ්බජිත්වාන, සුක්කමූලෙන චොදිතො; ගොතමස්ස භගවතො, සාසනෙ පබ්බජිස්සති.
පසුව ඔහු එම කුසල මූලයෙන් මෙහෙය වනුයේ ගෞතම බුදු සසුනෙහි දී පැවිදි වන්නේ ය.
“පබ්බජිත්වාන කායෙන, පාපකම්මං විවජ්ජිය; සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සතිනාසවො.
පැවිදිව කයින් පව්කම් දුරලා, සියලු ආශ්‍රව නසා, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේ ය.
“යථාපි මෙඝො ථනයං, තප්පෙති මෙදනිං ඉමං; තථෙව ත්වං මහාවීර, ධම්මෙන තප්පයී මමං.
මේ වදන් ඇසූ මම, වැසි වලාවක් ගුගුරා වස්වමින් මේ පොළව තෘප්තිමත් කරන්නාක් මෙන් මහාවීරයනි! ඔබ වහන්සේගේ දෙසුමෙන් තුටුවූයෙමි.
“සීලං පඤ්ඤඤ්ච ධම්මඤ්ච, ථවිත්වා ලොකනායකං; පත්තොම්හි පරමං සන්තිං, නිබ්බානං පදමච්චුතං.
මම ශීලය ද ප්‍රඥාව ද ධර්මය ද ලෝකනායකයන් වහන්සේ ද පසසා අමෘත පදය වූ නිවන නමැති ශාන්තියට පැමිණියෙමි.
“අහො නූන ස භගවා, චිරං තිට්ඨෙය්ය චක්ඛුමා; අඤ්ඤාතඤ්ච විජානෙය්යුං, ඵුසෙය්යුං අමතං පදං.
පසැස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ බොහෝ කල් වැඩ වසත් නම් මැනවි. සියල්ලෝම එවිට නොදත් දෙය දැනගනිති. නිවන් අවබෝධ කරගනිති.
“අයං මෙ පච්ඡිමා ජාති, භවා සබ්බෙ සමූහතා; සබ්බාසවෙ පරිඤ්ඤාය, විහරාමි අනාසවො.
මේ මාගේ අවසන් ජාතියයි. (උපතයි) සියලු භව නැසුවෙමි. සියලු ආශ්‍රව දැන, ආශ්‍රව රහිතව වෙසෙමි.
“සතසහස්සිතො කප්පෙ, යං බුද්ධමභිථොමයිං; දුග්ගතිං නාභිජානාමි, කිත්තනාය ඉදං ඵලං.
මීට කල්ප ලක්ෂයකට පෙර බුදුරජාණන් වහන්සේට යම් පැසසීමක් කළෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා ම දුගතියක නූපන්නෙමි. බුදුගුණ පැවසීමේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් නැසුවෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා අත්තනා සහ වසන්තෙ කායදළ්හිබහුලෙ භික්ඛූ ඔවදන්තො –
මෙසේ රහත් ඵලයට පත්වූ උන්වහන්සේ, තමන් වහන්සේ සමග එකට වෙසෙන කය වැඩීමෙහි නියුක්ත භික්ෂූන්ට අවවාද රකිමින් මේ ගාථාව වදාළහ.
“කායදුට්ඨුල්ලගරුනො, හිය්යමානම්හි ජීවිතෙ; සරීරසුඛගිද්ධස්ස, කුතො සමණසාධුතා”ති. – ගාථං අභාසි;
“කායදුට්ඨුල්ල ගරුනො හීයමානම්හි ජීවිතෙ, සරීරසුඛගිද්ධස්ස කුතො සමණ සාධුතා”
තත්ථ කායදුට්ඨුල්ලගරුනොති දුට්ඨුල්ලං අසුභයොග්යතා, කායස්ස දුට්ඨුල්ලං කායදුට්ඨුල්ලං, කායදුට්ඨුල්ලං ගරු සම්භාවිතං යස්ස සො කායදුට්ඨුල්ලගරු, අනිස්සරණප්පඤ්ඤො හුත්වා කායපොසනප්පසුතො කායදළ්හිබහුලොති අත්ථො, තස්ස කායදුට්ඨුල්ලගරුනො. හිය්යමානම්හි ජීවිතෙති කුන්නදීනං උදකං විය ජීවිතසඞ්ඛාරෙ ලහුසො ඛීයමානෙ. සරීරසුඛගිද්ධස්සාති පණීතාහාරාදීහි අත්තනො කායස්ස සුඛෙන ගෙධං ආපන්නස්ස . කුතො සමණසාධුතාති එවරූපස්ස පුග්ගලස්ස සමණභාවෙන සාධුතා සුසමණතා කුතො කෙන කාරණෙන සියා, එකංසතො පන කායෙ ජීවිතෙ ච නිරපෙක්ඛස්ස ඉතරීතරසන්තොසෙන සන්තුට්ඨස්ස ආරද්ධවීරියස්සෙව සමණසාධුතාති අධිප්පායො.
එහි “කායදුට්ඨුල්ලගරුතො” යනු නොමනා, නොගැලපෙන ආයෝග්‍ය බවයි. කයේ නොමනා හැසිරීම කායදුට්ඨුල්ලභාවය යි. කය වැඩීම් ආදිය ගරුකරන්නා “කායදුට්ඨුල්ලගරු” නම් වේ. සසරින් මිදීමේ ප්‍රඥාවෙන් දුරු වූ කය පෝෂණය කිරීමෙහි ම නියැලුණු” යන අර්ථයයි. ඒ කාය වැඩීම පමණක් ම ගරුකරන්නාට “හීයමානම්හි ජීවිතෙ” වියලීගෙන යන දිය කඩිතිවල දියමෙන් ජීවිත සංස්කාරය බොහෝ සෙයින් ක්ෂය වන කල්හි, “සරීර සුඛ ගිද්ධස්ස” යනු ප්‍රණීත ආහාර පානාදියෙන් තම කායික සුවය ම පතමින් ගිජුබවට පැමිණි තැනැත්තාට “කුතො සමණ සාධුතා” මෙබඳු පුද්ගලයාගේ ශ්‍රමණභාවයෙන් (මහණකමින්) යහපතක්, යහපත් ශ්රමණබවක් කොයින්ද? කවර කරුණකින් ලැබේද? ඒකාන්තයෙන්ම කයේත් ජීවිතයේත් අපේක්ෂාවක් නොමැති, ලද දෙයින් තුටුවන ඇරඹූ වීර්ය ඇති භික්ෂුවගේම ශ්‍රමණභාවය අර්ථවත් වේ යන අදහසයි.
අධිමුත්තත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
අධිමුත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.