මහානාමත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
මහානාමත්ථෙරගාථාවණ්ණනා
මහානාම ස්ථවිරගාථා වර්ණනාව
එසාවහිය්යසෙ පබ්බතෙනාති ආයස්මතො මහානාමත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො සුමෙධස්ස භගවතො කාලෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා බ්රාහ්මණවිජ්ජාසු නිප්ඵත්තිං ගතො ඝරාවාසං පහාය අඤ්ඤතරාය නදියා තීරෙ අස්සමං කාරෙත්වා සම්බහුලෙ බ්රාහ්මණෙ මන්තෙ වාචෙන්තො විහරති. අථෙකදිවසං භගවා තං අනුග්ගණ්හිතුං තස්ස අසමපදං උපගච්ඡි. සො භගවන්තං දිස්වා පසන්නචිත්තො ආසනං පඤ්ඤාපෙත්වා අදාසි . නිසින්නෙ භගවති සුමධුරං මධුං උපනාමෙසි. තං භගවා පරිභුඤ්ජිත්වා හෙට්ඨා අධිමුත්තත්ථෙරවත්ථුම්හි වුත්තනයෙන අනාගතං බ්යාකරිත්වා පක්කාමි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා අපරාපරං සුගතීසුයෙව පරිවත්තෙන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා මහානාමොති ලද්ධනාමො විඤ්ඤුතං පත්තො භගවතො සන්තිකං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා කම්මට්ඨානං ගහෙත්වා නෙසාදකෙ නාම පබ්බතෙ විහරන්තො කිලෙසපරියුට්ඨානං වික්ඛම්භෙතුං අසක්කොන්තො “කිං මෙ ඉමිනා සංකිලිට්ඨචිත්තස්ස ජීවිතෙනා”ති අත්තභාවං නිබ්බින්දන්තො උච්චං පබ්බතසිඛරං අභිරුහිත්වා “ඉතො පාතෙත්වා තං මාරෙස්සාමී”ති අත්තානං පරං විය නිද්දිසන්තො –
“එසාව හීය්‍යසෙ පබ්බතෙන” යනු ආයුෂ්මත් මහානාම තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින් රැස් කරමින් අවුත් සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි එක් බමුණු පවුලක උපන්හ. සියළු බ්‍රාහ්මණ ශිල්ප ශාස්ත්‍රයන්හි කෙළවරට ගිය හෙතෙම ගිහිවාසය අතහැර එක්තරා නදී තීරයක අසපුවක් කරවා බොහෝ බමුණන්ට වේද මන්ත්‍ර උගන්වමින් සිටියේය. එක් දිනක් සුමේධ බුදුරජාණන් වහන්සේ ඔහුට අනුග්‍රහ පිණිස ඒ අසපුවට වැඩි සේක. උන්වහන්සේ දැක පැහැදුණු සිතින් අසුනක් පැනවූ තාපස බමුණා එහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට ඉතා මිහිරි මී පැණි පූජා කළේය. එය වැළඳූ භාග්‍යවතුන් වහන්සේ ඉහත අධිමුත්ත තෙරුන් වහන්සේගේ කථාවෙහි පැවසූ ලෙසම අනාගතය පිළිබඳ විවරණ දී වැඩියහ. ඒ පින්කමේ බලයෙන් දෙව්ලොව උපන් ඔහු, ඒ ඒ කාම සුගතීන්හිම සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ සැවැත්නුවර එක් බමුණු පවුලක ඉපිද “මහානාම” නමින් ප්රකටව විය. වියපත් මහානාම කුමරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ධර්මය අසා ලැබූ ශ්‍රද්ධා ඇතුව සසුනේ පැවිදි වී කමටහන් රැගෙන නේසාදක නම් පර්වතයෙහි වාසය කළේය. මහානාම තෙරණුවෝ කෙලෙස් මුළුමනින්ම නසා දැමීමට අසමත් වූ සේක්, “මේ මාගේ කෙලෙස් සහිත ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද? යි තම ජීවිතය පිළිබඳව කළකිරී උස් වූ පර්වතය මුදුනට ම නැග “මෙයින් වැටී මැරෙන්නෙමි” යි තමා වෙනත් අයෙකු මෙන් දක්වමින් මේ ගාථාව වදාළහ.
“එසාවහිය්යසෙ පබ්බතෙන, බහුකුටජසල්ලකිකෙන; නෙසාදකෙන ගිරිනා, යසස්සිනා පරිච්ඡදෙනා”ති. – ගාථං අභාසි;
“එසාව හීය්‍යසෙ පබ්බතෙන බහුකුටජසල්ලකිතෙන, නෙසාදකෙන ගිරිනා යසස්සිනා පරිච්ඡදෙන”
තත්ථ එසාවහිය්යසෙති එසො ත්වං මහානාම අවහිය්යසෙ පරිහායසි. පබ්බතෙනාති නිවාසට්ඨානභූතෙන ඉමිනා පබ්බතෙන. බහුකුටජසල්ලකිකෙනාති බහූහි කුටජෙහි ඉන්දසාලරුක්ඛෙහි සල්ලකීහි ඉන්දසාලරුක්ඛෙහි වා සමන්නාගතෙන. නෙසාදකෙනාති එවංනාමකෙන. ගිරිනාති සෙලෙන. සෙලො හි සන්ධිසඞ්ඛාතෙහි පබ්බෙහි ඨිතත්තා “පබ්බතො”ති, පසවනාදිවසෙන ජලස්ස, සාරභූතානං භෙසජ්ජාදිවත්ථූනඤ්ච ගිරණතො “ගිරී”ති වුච්චති. තදුභයත්ථසම්භවතො පනෙත්ථ “පබ්බතෙනා”ති වත්වා “ගිරිනා”ති ච වුත්තං. යසස්සිනාති සබ්බගුණෙහි විස්සුතෙන පකාසෙන. පරිච්ඡදෙනාති නානාවිධරුක්ඛගච්ඡලතාහි සමන්තතො ඡන්නෙන, වසනට්ඨානතාය වා තුය්හං පරිච්ඡදභූතෙන. අයඤ්හෙත්ථ අධිප්පායො – මහානාම, යදි කම්මට්ඨානං විස්සජ්ජෙත්වා විතක්කබහුලො හොසි, එවං ත්වං ඉමිනා ඡායූදකසම්පන්නෙන සප්පායෙන නිවාසනට්ඨානභූතෙන නෙසාදකගිරිනා පරිහායසි, ඉදානිහං තං ඉතො පාතෙත්වා මාරෙස්සාමි, තස්මා න ලබ්භා විතක්කවසිකෙන භවිතුන්ති. එවං ථෙරො අත්තානං සන්තජ්ජෙන්තොයෙව විපස්සනං උස්සුක්කාපෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.40.333-352) –
එහි “එසාව හීය්‍යසෙ” යනු මහානාමය! නුඹ මේ පැවිද්දෙන් එකතැන නවතින්නේ ය. පිරිහෙන්නේ ය. “පබ්බතෙන” වාසය කරන්නාවූ මේ පර්වතයෙන්, “බහුකූටජසල්ලකිතෙන” බොහෝ වූ කෙළි ද ගසින්, ඉඳුසල් ගසින් යුක්ත වූ හෝ කෙළිද - ඉඳුසල් ගස්වලින් යුක්ත “නෙසාදකෙන” එනම් ඇති, නේ සාද නම් වූ, “ගිරිනා” පර්වතයෙන්, ගල්පර්වතය වනාහී එකිනෙක ගැලපුණු පුරුක් (පබ්බ) වලින් යුක්තවූ බැවින් “පර්වතය” නම් වූත් පසෙක ඇති වනාන්තරාදියෙන් ද ජලාශ වලින් ද සාරවූ ද බෙහෙත් ද්‍රව්‍ය ආදියට නිවාස වූ බැවින් “ගිරි” නම් වූත් ස්ථානයකි. එම අර්ථ දෙකින් ම මෙහි “පර්වතය” යැයි ද “ගිරි” යැයි ද කියන ලදි. “යසස්සිනා” පර්වතයට අදාළ වූ ගුණාංගවලින් ප්‍රකට වූ ප්‍රසිද්ධ වූ “පරිච්ඡදෙන” යනු නානාවිධ වූ රුක්, ගොමු, ලතාදියෙන් යුක්ත වූ වැසුණු නුඹ වාසය කරන ස්ථානය මැනවින් වැසුණේය. මෙම ගාථාවේ අර්ථය මෙසේය - “මහානාමය! ඉදින් නුඹ කමටහන් අතහැර විතර්ක බහුල වන්නෙහි නම් වේ. සෙවණ හා දිය සහිත වූ ඉතා සුදුසු වාසස්ථානයක් වූ නේසාදක පර්වතයෙන් පිරිහුණු අයකු නොවේවා” යනුවෙනි. තෙරණුවෝ මෙසේ තමාට උපදෙස් දෙමින් සංවේගයට පත්වනවාත් සමගම විදසුන් වඩා රහත්බවට පත්වූහ. එනිසා උන්වහන්සේ තම චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වූහ.
“සින්ධුයා නදියා තීරෙ, සුකතො අස්සමො මම; තත්ථ වාචෙමහං සිස්සෙ, ඉතිහාසං සලක්ඛණං.
“සින්ධුනදී තීරයෙහි මැනවින් කරණ ලද මාගේ අසපුවේ දී මම ලක්ෂණ ශාස්ත්‍රය සහිත ඉතිහාසය සිසුන්ට ඉගැන්වූයෙමි.
“ධම්මකාමා විනීතා තෙ, සොතුකාමා සුසාසනං; ඡළඞ්ගෙ පාරමිප්පත්තා, සින්ධුකූලෙ වසන්ති තෙ.
ධර්මය කැමති, විනීත වූ අනුශාසනය අසනු කැමති ඒ සිසුහු ෂඪංග වේදයෙහි (සය වැදෑරුම් වේදයෙහි) පරතෙරට ගියාහු සින්ධු ගං ඉවුරෙහි වෙසෙති.
“උප්පාතගමනෙ චෙව, ලක්ඛණෙසු ච කොවිදා; උත්තමත්ථං ගවෙසන්තා, වසන්ති විපිනෙ තදා.
භූතයන් පිළිබඳව විමසන උත්පාද ශාස්ත්‍රයෙහි ද අංග ලක්ෂණ ශාස්ත්‍රයෙහි ද දක්ෂ වූ උතුම් වූ අර්ථය සොයන්නාවූ ඔවුහු එම වනයේ වාසය කරති.
“සුමෙධො නාම සම්බුද්ධො, ලොකෙ උප්පජ්ජි තාවදෙ; අම්හාකං අනුකම්පන්තො, උපාගච්ඡි විනායකො.
සුමේධ නම් බුදුරජාණන් වහන්සේ අපට අනුකම්පාවෙන් එකෙණෙහිම අප වෙත එළඹියේය.
“උපාගතං මහාවීරං, සුමෙධං ලොකනායකං; තිණසන්ථාරකං කත්වා, ලොකජෙට්ඨස්සදාසහං.
එසේ එළඹි මහාවීර වූ සුමේධ නම් ලෝකනායකයන් වහන්සේ දුටු මම, උන්වහන්සේට තණ ඇතිරියක් සාදා දුන්නෙමි.
“විපිනාතො මධුං ගය්හ, බුද්ධසෙට්ඨස්සදාසහං; සම්බුද්ධො පරිභුඤ්ජිත්වා, ඉදං වචනමබ්රවි.
වනයෙන් මී ගෙනවුත් ලෝකයට ජ්‍යෙෂ්ඨවූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පූජාකළෙමි. බුදුපියාණන් වහන්සේ එය වළඳා මෙසේ වදාළහ.
“යො තං අදාසි මධුං මෙ, පසන්නො සෙහි පාණිභි; තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
“මා කෙරෙහි පැහැදුණු යම් අයෙක් මෙසේ මා වෙත මී පැණි පූජා කළේ ද ඔහුගේ අනාගතය පිළිබඳව පවසන්නෙමි. ඒ මාගේ වචනය අසවු.
“ඉමිනා මධුදානෙන, තිණසන්ථාරකෙන ච; තිංස කප්පසහස්සානි, දෙවලොකෙ රමිස්සති.
මේ මී පැණි දානය හා තණ ඇතිරිය පිදීම නිසා මෙතෙම කල්ප තිස් දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේය.
“තිංසකප්පසහස්සම්හි, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
මෙයින් කල්ප තිස් දහසකට පසුව, ඔක්කාක කුලයේ උපදින්නාවූ ගෞතම ශාස්තෲහු ලොව පහළවෙති.
“තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො; සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සතිනාසවො.
මොහු උන්වහන්සේගේ ධර්මය දායාද කරගත් ධර්මයෙන් නිර්මිත වූ ඖරස බුද්ධ පුත්‍රයෙක් ව සියලු ආශ්‍රව සිඳ පිරිනිවන්නේය.”
“දෙවලොකා ඉධාගන්ත්වා, මාතුකුච්ඡිං උපාගතෙ; මධුවස්සං පවස්සිත්ථ, ඡාදයං මධුනා මහිං.
ඒ මම දෙව් සැප විඳ මිනිස් මවුකුස පිළිසිඳ ගත් කල්හි මී පැණිවලින් පොළව තෙමමින් මී පැණි වැස්සක් ඇතිවිය.
“මයි නික්ඛන්තමත්තම්හි, කුච්ඡියා ච සුදුත්තරා; තත්රාපි මධුවස්සං මෙ, වස්සතෙ නිච්චකාලිකං.
මා ඉතා දුකසේ මවුකුසින් නික්මුණු කෙණෙහි ම නිරතුරුව මී පැණි වැසි ඇතිවිය.
“අගාරා අභිනික්ඛම්ම, පබ්බජිං අනගාරියං; ලාභී අන්නස්ස පානස්ස, මධුදානස්සිදං ඵලං.
ඒ මම වැඩිවිය පත්ව ගිහිගෙයින් නික්ම සසුනේ පැවිදි වූයෙමි. මා හට ආහාර පාන සුලභ විය. මී පැණි දානයේ විපාකය මෙබඳුය.
“සබ්බකාමසමිද්ධොහං, භවිත්වා දෙවමානුසෙ; තෙනෙව මධුදානෙන, පත්තොම්හි ආසවක්ඛයං.
මම දෙවි මිනිස් දෙගතියෙහි සියලු කාම සම්පත් විඳ සමෘද්ධිමත් වූයෙම් මී පැණි දානයේ විපාක වශයෙන්ම ආශ්‍රව ක්ෂය නම් වූ නිවණටද පැමිණියෙමි.
“වුට්ඨම්හි දෙවෙ චතුරඞ්ගුලෙ තිණෙ, සම්පුප්ඵිතෙ ධරණීරුහෙ සඤ්ඡන්නෙ; සුඤ්ඤෙ ඝරෙ මණ්ඩපරුක්ඛමූලකෙ, වසාමි නිච්චං සුඛිතො අනාසවො.
වැසි වසින කල්හිද සිව් අගලක් උස්ව වැඩුණු තණ බිම්හි ද පිපුණු මලින් බරවූ ගස්වලින් පිරුණු තැන්හි ද ජනශූන්‍ය වූ තැන, මණ්ඩපය, ගස්මුල් ආදියෙහි ද මම නිතර අනාශ්රවව වාසය කරමි.
“මජ්ඣෙ මහන්තෙ හීනෙ ච, භවෙ සබ්බෙ අතික්කමිං; අජ්ජ මෙ ආසවා ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
මහත් වූ ද මධ්‍යම වූ ද හීනවූ ද සියලු භව ඉක්ම වූයෙමි. අද මාගේ ආශ්‍රව ක්ෂය විය. දැන් නැවත ඉපදීමක් නැත.
“තිංසකප්පසහස්සම්හි, යං දානමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, මධුදානස්සිදං ඵලං.
මෙයින් කල්ප තිස් දාහයකට පෙර යම් දානයක් දුන්නෙම්ද ඒ හේතුවෙන් දුගතියක නූපන්නෙමි. මී පැණි දානයේ විපාකය මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියලු කෙලෙස් නසන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අයමෙව ච ථෙරස්ස අඤ්ඤාබ්යාකරණගාථා අහොසීති.
මෙම ගාථාව මහානාම තෙරුන්ගේ රහත්බව ප්‍රකාශ කරන ගාථාව ද විය.
මහානාමත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
මහානාම ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.