යෙදුමෙන් කියවන්න

පාරාසරියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

පාරාසරියත්‍ථෙරගාථාවණ‍්ණනා

පාරාසරිය ස්ථවිරගාථා වර්ණනාව

ඡඵස‍්සායතනෙ හිත්‍වාති ආයස‍්මතො පාරාපරියත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො පියදස‍්සිස‍්ස භගවතො කාලෙ නෙසාදයොනියං නිබ‍්බත‍්තිත්‍වා තස‍්ස විඤ‍්ඤුතං පත‍්තස‍්ස විචරණට‍්ඨානෙ අඤ‍්ඤතරස‍්මිං වනසණ‍්ඩෙ පියදස‍්සී භගවා තං අනුග‍්ගණ‍්හිතුං නිරොධසමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා නිසීදි. සො ච මිගෙ පරියෙසන‍්තො තං ඨානං ගතො සත්‍ථාරං දිස‍්වා පසන‍්නමානසො භගවන‍්තං අන‍්තො කත්‍වා කතං සාඛාමණ‍්ඩපං පදුමපුප‍්ඵෙහි කූටාගාරාකාරෙන සඤ‍්ඡාදෙත්‍වා උළාරං පීතිසොමනස‍්සං පටිසංවෙදෙන‍්තො සත‍්තාහං නමස‍්සමානො අට‍්ඨාසි. දිවසෙ දිවසෙ ච මිලාතමිලාතානි අපනෙත්‍වා අභිනවෙහි ඡාදෙසි. සත්‍ථා සත‍්තාහස‍්ස අච‍්චයෙන නිරොධතො වුට‍්ඨහිත්‍වා භික‍්ඛුසඞ‍්ඝං අනුස‍්සරි. තාවදෙව අසීතිසහස‍්සමත‍්තා භික‍්ඛූ සත්‍ථාරං පරිවාරෙසුං. “මධුරධම‍්මකථං සුණිස‍්සාමා”ති දෙවතා සන‍්නිපතිංසු, මහා සමාගමො අහොසි. සත්‍ථා අනුමොදනං කරොන‍්තො තස‍්ස දෙවමනුස‍්සෙසු භාවිනිං සම‍්පත‍්තිං ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවකබොධිඤ‍්ච බ්‍යාකරිත්‍වා පක‍්කාමි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො තිණ‍්ණං වෙදානං පාරගූ හුත්‍වා පරාපරගොත‍්තතාය පාරාපරියොති ලද‍්ධසමඤ‍්ඤො බහූ බ්‍රාහ‍්මණෙ මන‍්තෙ වාචෙන‍්තො සත්‍ථු රාජගහගමනෙ බුද‍්ධානුභාවං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.40.353-385) –

“ඡ ඵස්සායතනෙ හිත්‍වා” යනු ආයුෂ්මත් පාරාසරිය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි දී කළ ප්‍රාර්ථනාව ඇතිව ඒ ඒ භවයන්හි දී පින් රැස්කර ගනිමින් පැමිණ, පියදස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී වැදි කුලයෙහි උපන්හ. වියපත් වූ ඒ වැදි තෙම හැසිරෙන එක්තරා වන ලැහැබකට, ඔහුට අනුග්‍රහ පිණිස වැඩම කළ, පියදස්සි බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුනහ. ඒ වැදි තෙමේ ද මුවන් සොයමින් එතැනට පැමිණ ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් උන්වහන්සේට සුවසේ වැඩ සිටීමට ආවරණය වන පරිදි කුළුගෙයක් වැනිවූ ගස් අතු මණ්ඩපයක් සාදා, නෙළුම් මුලින් එය වසා මහත් වූ ප්‍රීති සොම්නසක් විඳින්නේ සත්දිනක් උන්වහන්සේට වැඳගෙන සිටියේය. දිනපතා මැලවෙන මල් ඔහු ඉවත් කරයි. අලුත් මලින් කුටිය වසයි. ශාස්තෲන් වහන්සේ සත්දින ගෙවුණු පසු නිරෝධ සමාපත්තියෙන් නැගී සිට, භික්ෂු සංඝයා පිළිබඳව සිහිපත් කළ සේක. එකෙණෙහිම අසූදාහක් පමණ භික්ෂූහු ශාස්තෲන් වහන්සේ පිරිවරා ගත්හ. “මිහිරි දහම් කථාවක් අසමු”යි දෙවියෝ රැස්වුනහ. එවිට මහත් වූ සමාගමයක් විය. ශාස්තෲන් වහන්සේ පුණ්‍යානුමෝදනාව පවත්වා, ඒ වැදි පුරුෂයා ලබන දෙව් මිනිස් සැප හා මේ බුද්ධෝත්පාද කාලයේ දී ලබන ශ්‍රාවක බෝධිය පිළිබඳව විවරණ දී වැඩිසේක. ඒ වැදිතෙම එසේ කරන ලද පින්කම නිසා දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර බමුණු පවුලක ඉපිද වියපත්ව ත්‍රිවේද පාරගත වූයේ පරාසර ගෝත්‍රයේ බැවින් “පාරාසරිය” යනුවෙන් ප්‍රසිද්ධව බොහෝ බමුණන්ට වේද මන්ත්‍ර ඉගැන්වීය. ශාස්තෲන් වහන්සේ රජගහ නුවරට වැඩම වූ අවස්ථාවෙහි බුද්ධානුභාවය දැක ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි වු හෙතෙම විදසුන් වඩා නොබෝ දිනකින් ම රහත් බවට පත් වූයේය. උන්වහන්සේ අපදාන පාලියේදී සිය චරිතය මෙසේ දැක්වූහ -

“පියදස‍්සී නාම භගවා, සයම‍්භූ ලොකනායකො; විවෙකකාමො සම‍්බුද‍්ධො, සමාධිකුසලො මුනි.

“තමන් වහන්සේ ම සියල්ල අවබෝධ කරගත්තා වූ ලෝකනායක වූ සර්‍වඥ වූ මුනිගුණයෙන් යුක්ත වූ සමාධියෙහි දක්‍ෂ වූ පියදස්සී භාග්‍යවතුන් වහන්සේ විවේකය කැමති වූහ.

“වනසණ‍්ඩං සමොග‍්ගය‍්හ, පියදස‍්සී මහාමුනි; පංසුකූලං පත්‍ථරිත්‍වා, නිසීදි පුරිසුත‍්තමො.

මහා මුනිවූ පුරුෂෝත්තම වූ ඒ පියදස්සි බුදුරජාණෝ වන ලැහැබට පිවිස පාංශුකූල සිවුර අතුරා සමවත් සුවයෙන් වැඩහුන්හ.

“මිගලුද‍්දො පුරෙ ආසිං, අරඤ‍්ඤෙ කානනෙ අහං; පසදං මිගමෙසන‍්තො, ආහිණ‍්ඩාමි අහං තදා.

එකල්හි මම වනයෙහි හැසිරෙන මුව වැද්දෙක් වූයෙමි. තිත් මුවෙකු සොයමින් වනයේ ඇවිද ගිය මම එහිදී චතුරෝඝයන් තරණය කළ ආශ්‍රව රහිත වූ පිපියා වූ සල් ගසක් බඳු වූ අහස මැදට පැමිණි සූර්යයා බඳු වූ සම්බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

“තත්‍ථද‍්දසාසිං සම‍්බුද‍්ධං, ඔඝතිණ‍්ණමනාසවං; පුප‍්ඵිතං සාලරාජංව, සතරංසිංව උග‍්ගතං.

“දිස‍්වානහං දෙවදෙවං, පියදස‍්සිං මහායසං; ජාතස‍්සරං සමොග‍්ගය‍්හ, පදුමං ආහරිං තදා.

දේවාතිදේව වූ මහත් යශස් ඇති ඒ පියදස්සී බුදුරජාණන් වහන්සේ දුටු මම ස්වාභාවිකවම හටගත් විලකට බැස පියුම් රැගෙන ආවෙමි.

“ආහරිත්‍වාන පදුමං, සතපත‍්තං මනොරමං; කූටාගාරං කරිත්‍වාන, ඡාදයිං පදුමෙනහං.

සියස් පත් ඇති මනරම් වූ පියුම් රැගෙන ආ මම, කුළුගෙයක් සාදා එය පියුමින් වැසූවෙමි.

“අනුකම‍්පකො කාරුණිකො, පියදස‍්සී මහාමුනි; සත‍්තරත‍්තින්‍දිවං බුද‍්ධො, කූටාගාරෙ වසී ජිනො.

පස් මරුන් ජයගත් සත්වයන්ට අනුකම්පා කරන කාරුණික මහාමුනීන්‍ද්‍ර වූ පියදස්සී බුදුහු දවල් රෑ සතක් ඒ කුළුගෙයි විසූහ.

“පුරාණං ඡඩ‍්ඩයිත්‍වාන, නවෙන ඡාදයිං අහං; අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වාන, අට‍්ඨාසිං තාවදෙ අහං.

පරණ පියුම් ඉවත් කළ මම අලුත් පියුම් වලින් කුළුගෙය සෙවිලි කළෙමි. එකෙණෙහිම ඇඳිලි බැඳ සිටියෙමි.

“වුට‍්ඨහිත්‍වා සමාධිම‍්හා, පියදස‍්සී මහාමුනි; දිසං අනුවිලොකෙන‍්තො, නිසීදි ලොකනායකො.

සමාධියෙන් නැගිට සිටි ලෝකනායක වූ පියදස්සී බුදුරජාණෝ, දස දෙස බලමින් වැඩහුන්හ.

“තදා සුදස‍්සනො නාම, උපට‍්ඨාකො මහිද‍්ධිකො; චිත‍්තමඤ‍්ඤාය බුද‍්ධස‍්ස, පියදස‍්සිස‍්ස සත්‍ථුනො.

එවිට ම පියදස්සී බුදුරජාණන් වහන්සේගේ සුදස්සන නම් අග්‍ර උපස්ථායක භික්‍ෂුව බුදු සිත දැන, අසූදාහක් භික්‍ෂූන් පිරිවරා වනයේ සුවසේ වැඩහුන් ලෝකනායකයන් වහන්සේ වෙත එළඹියේය.

“අසීතියා සහස‍්සෙහි, භික‍්ඛූහි පරිවාරිතො; වනන‍්තෙ සුඛමාසීනං, උපෙසි ලොකනායකං.

“යාවතා වනසණ‍්ඩම‍්හි, අධිවත්‍ථා ච දෙවතා; බුද‍්ධස‍්ස චිත‍්තමඤ‍්ඤාය, සබ‍්බෙ සන‍්නිපතුං තදා.

එවිට වන ලැහැබෙහි අධිගෘහිත සියලුම දෙවියෝ ද බුදුසිත දැන එතැනට රැස්වූහ.

“සමාගතෙසු යක‍්ඛෙසු, කුම‍්භණ‍්ඩෙ සහරක‍්ඛසෙ; භික‍්ඛුසඞ‍්ඝෙ ච සම‍්පත‍්තෙ, ගාථා පබ්‍යාහරී ජිනො.

කුම්භාණ්ඩයන් ද රකුසන් සහිත යකුන් ද රැස්වූ කල්හි, භික්‍ෂු සංඝයා ද වැඩම වූ කල්හි බුදුහු මෙසේ වදාළහ.

“ථොමං සත‍්තාහං පූජෙසි, ආවාසඤ‍්ච අකාසි මෙ; තමහං කිත‍්තයිස‍්සාමි, සුණාථ මම භාසතො.

“යමෙක් සතියක් පුරා මා පිදුවේ ද මට ආවාසයක් කරවූයේ ද ඔහු කවරෙක්දැයි මම පවසමි. එසේ පවසන මාගේ වදන් අසවු,

“සුදුද‍්දසං සුනිපුණං, ගම‍්භීරං සුප‍්පකාසිතං; ඤාණෙන කිත‍්තයිස‍්සාමි, සුණාථ මම භාසතො.

ඉතා දුකසේ දැකිය හැකි වූ ඉතා සියුම් වූ ද ඉතා ගැඹුරු වූද ඒ පින්කම මැනවින් ප්‍රකාශිතය. එය නුවණින් බලා පවසන්නෙමි. ඒ මාගේ වචනය අසවු.

“චතුද‍්දසානි කප‍්පානි, දෙවරජ‍්ජං කරිස‍්සති; කූටාගාරං මහන‍්තස‍්ස, පද‍්මපුප‍්ඵෙහි ඡාදිතං.

මොහු දාහතර කල්පයක් දිව්‍යරාජය විචාරන්නේය. පියුමක් මෙන් වැසුණු මහත් වූ කුළුගෙයක් අහසේ සිට ඔහුට සෙවන දෙයි. මේ පින්කමේ විපාකය එයයි. මෙතෙම කල්ප දෙදහස් හාරසියයක් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරන්නේය.

“ආකාසෙ ධාරයිස‍්සති, පුප‍්ඵකම‍්මස‍්සිදං ඵලං; චතුබ‍්බීසෙ කප‍්පසතෙ, වොකිණ‍්ණං සංසරිස‍්සති.

“තත්‍ථ පුප‍්ඵමයං බ්‍යම‍්හං, ආකාසෙ ධාරයිස‍්සති; යථා පදුමපත‍්තම‍්හි, තොයං න උපලිම‍්පති.

ඒ සියලු තැන්හිදී මල් මුවා වියනක් අහස් හි පහළ වන්නේය. පියුම් පතෙහි දිය නො තැවරෙන්නා සේ මොහුගේ සිතේ ද ක්ලේශයෝ නොතැවරෙති. මොහු පංචනීවරණ ධර්‍ම සිතින් දුරලා, සසුන් ගතවීමෙහි සිත් උපදවා ගිහිගෙයින් නික්ම පැවිදිවන්නේය. මල්මුවා විමනක් දරමින් ගිහිගෙන් නික්මෙන්නේය.

“තථෙවීමස‍්ස ඤාණම‍්හි, කිලෙසා නොපලිම‍්පරෙ; මනසා විනිවට‍්ටෙත්‍වා, පඤ‍්ච නීවරණෙ අයං.

“චිත‍්තං ජනෙත්‍වා නෙක‍්ඛම‍්මෙ, අගාරා පබ‍්බජිස‍්සති; තතො පුප‍්ඵමයෙ බ්‍යම‍්හෙ, ධාරෙන‍්තෙ නික‍්ඛමිස‍්සති.

“රුක‍්ඛමූලෙ වසන‍්තස‍්ස, නිපකස‍්ස සතීමතො; තත්‍ථ පුප‍්ඵමයං බ්‍යම‍්හං, මත්‍ථකෙ ධාරයිස‍්සති.

ප්‍රාඥ වූ සිහියෙන් යුක්ත වූ රුක්මුල් හි වසන මොහුට පැවිදි වූ පසුද මල්වියනක් අහසෙහි දරන්නේය.

“චීවරං පිණ‍්ඩපාතඤ‍්ච, පච‍්චයං සයනාසනං; දත්‍වාන භික‍්ඛුසඞ‍්ඝස‍්ස, නිබ‍්බායිස‍්සතිනාසවො.

මොහු චීවර, පිණ්ඩපාත, සේනාසන හා ගිලාන ප්‍රත්‍යය යන සිවුපසය භික්‍ෂු සංඝයාට පුදා අනාශ්‍රව වී පිරිනිවන් පාන්නේ ය.

“කූටාගාරෙන චරතා, පබ‍්බජ‍්ජං අභිනික‍්ඛමිං; රුක‍්ඛමූලෙ වසන‍්තම‍්පි, කූටාගාරං ධරීයති.

ඒ මම කුළු ගෙයකින් පැවිද්දට නික්මුණෙමි. රුක්මුල් හි වසන කල ඒ කුළු ගෙය ද දැරීමි.

“චීවරෙ පිණ‍්ඩපාතෙ ච, චෙතනා මෙ න විජ‍්ජති; පුඤ‍්ඤකම‍්මෙන සංයුත‍්තො, ලභාමි පරිනිට‍්ඨිතං.

චීවර පිණ්ඩපාත ආදියෙහි අපේක්‍ෂාවක් මට නැත. කරන ලද පින්කම නිසා සිවුපසය අනූනව ලබමි.

“ගණනාතො අසඞ‍්ඛෙය්‍යා, කප‍්පකොටී බහූ මම; රිත‍්තකා තෙ අතික‍්කන‍්තා, පමුත‍්තා ලොකනායකා.

මවිසින් ගණන් කළ නොහැකි කල්ප ගණනක් ඉක්මවන ලද්දේය. ඒ කල්ප හිස් ලෙස ගෙවූ මම බුදුවරු රැසක් අතහැර දැමුවෙමි.

“අට‍්ඨාරසෙ කප‍්පසතෙ, පියදස‍්සී විනායකො; තමහං පයිරුපාසිත්‍වා, ඉමං යොනිං උපාගතො.

මෙයින් කල්ප එක්දහස් අටසියයකට පෙර පියදස්සී බුදුහු ලොව පහළවූහ. මම උන්වහන්සේ ඇසුරු කොට මේ ජන්මයට එළඹියෙමි.

“ඉධ පස‍්සාමි සම‍්බුද‍්ධං, අනොමං නාම චක‍්ඛුමං; තමහං උපගන‍්ත්‍වාන, පබ‍්බජිං අනගාරියං.

මෙහිදී පසැස් ඇති අනෝම නම් වූ බුදුරජාණන් වහන්සේ දැක, එළඹ අනගාරී වූ සසුනෙහි පැවිදි වූ මා හට පස්මරුන් ජයගත් දුක් කෙළවර කළ බුදුහු පිළිවෙත් මග දෙසූසේක. ඒ ධර්‍මය ඇසූ මම නිවණට පැමිණියෙමි.

“දුක‍්ඛස‍්සන‍්තකරො බුද‍්ධො, මග‍්ගං මෙ දෙසයී ජිනො; තස‍්ස ධම‍්මං සුණිත්‍වාන, පත‍්තොම‍්හි අචලං පදං.

“තොසයිත්‍වාන සම‍්බුද‍්ධං, ගොතමං සක්‍යපුඞ‍්ගවං; සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය, විහරාමි අනාසවො.

ශාක්‍ය කුල තිලක වූ ඒ ගෞතම නම් බුදුරජාණන් වහන්සේ සියලු ආශ්‍රව සිඳ අනාශ්‍රව ව වෙසෙමි.

“අට‍්ඨාරසෙ කප‍්පසතෙ, යං බුද‍්ධමභිපූජයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මීට කල්ප එක්දහස් අටසියයකට පෙර බුදුරජුන්ට යම් පූජාවක් කළෙම් ද ඒ නිසා දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා සඤ‍්ජාතසොමනස‍්සො උදානවසෙන –

රහත් බවට පත් ව තම පිළිවෙත සිහිපත් කර බැලූ පාරාසරිය තෙරණුවෝ හටගත් සොම්නසින් තම ප්‍රීතිය පහළ කිරීම් වශයෙන් මේ ගාථාව වදාළහ.

“ඡඵස‍්සායතනෙ හිත්‍වා, ගුත‍්තද‍්වාරො සුසංවුතො; අඝමූලං වමිත්‍වාන, පත‍්තො මෙ ආසවක‍්ඛයො”ති. – ගාථං අභාසි;

“ඡඵස්සායතනෙ හිත්‍වා ගුත්තද්වාරො සුසංවුතො, අඝමූලං වමිත්‍වාන පත්තො මෙ ආසවක්ඛයො”

තත්‍ථ ඡඵස‍්සායතනෙ හිත්‍වාති චක‍්ඛුසම‍්ඵස‍්සාදීනං ඡන‍්නං සම‍්ඵස‍්සානං උප‍්පත‍්තිට‍්ඨානතාය “ඵස‍්සායතනානී”ති ලද‍්ධනාමානි චක‍්ඛාදීනි ඡ අජ‍්ඣත‍්තිකායතනානි තප‍්පටිබද‍්ධසංකිලෙසප‍්පහානවසෙන පහාය. ගුත‍්තද‍්වාරො සුසංවුතොති තතො එව චක‍්ඛුද‍්වාරාදීනං ගුත‍්තත‍්තා, තත්‍ථ පවත‍්තනකානං අභිජ‍්ඣාදීනං පාපධම‍්මානං පවෙසනනිවාරණෙන සතිකවාටෙන සුට‍්ටු පිහිතත‍්තා ගුත‍්තද‍්වාරො සුසංවුතො. අථ වා මනච‍්ඡට‍්ඨානං ඡන‍්නං ද‍්වාරානං වුත‍්තනයෙන රක‍්ඛිතත‍්තා ගුත‍්තද‍්වාරො, කායාදීහි සුට‍්ඨු සඤ‍්ඤතත‍්තා සුසංවුතොති එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. අඝමූලං වමිත්‍වානාති අඝස‍්ස වට‍්ටදුක‍්ඛස‍්ස මූලභූතං අවිජ‍්ජාභවතණ‍්හාසඞ‍්ඛාතං දොසං, සබ‍්බං වා කිලෙසදොසං අරියමග‍්ගසඞ‍්ඛාතවමනයොගපානෙන උග‍්ගිරිත්‍වා සන‍්තානතො බහි කත්‍වා, බහිකරණහෙතු වා. පත‍්තො මෙ ආසවක‍්ඛයොති කාමාසවාදයො ආසවා එත්‍ථ ඛීයන‍්ති, තෙසං වා ඛයෙන පත‍්තබ‍්බොති ආසවක‍්ඛයො, නිබ‍්බානං අරහත‍්තඤ‍්ච. සො ආසවක‍්ඛයො පත‍්තො අධිගතොති උදානවසෙන අඤ‍්ඤං බ්‍යාකාසි.

එහි “ඡඵස්සායතනෙ හිත්‍වා” යනු චක්‍ෂු සම්ඵස්සාදී සයක් වූ සම්ඵස්සයන්ගේ ඉපදීමට කරුණු වූ බැවින් ‘ස්පර්ශායතන’ යැයි ලැබූ නම් ඇති චක්‍ෂු (ඇස) ආදී ආධ්‍යාත්මික ආයතන සය. ඒ හා බැඳුනු කෙලෙසුන් ප්‍රහාණ කිරීම් වශයෙන් අත්හැර, “ගුත්තද්වාරො සුසංවුතො” යනු එම චක්‍ෂුද්වාරාදිය මනාව වැසූ බැවින් ඒ හා බැඳී පවතින අභිධ්‍යාදී පාපධර්‍මයන් පිවිසීම වැළැක්වීම වශයෙන්, සිහිය නමැති දොර කවුළුව මනාව වසා සංවර වූයෙමි. නැතහොත් මනස සයවැනි කොට ඇති සදොර කියූ ආකාරයෙන්ම රක්‍ෂා කරනලද බැවින් වැසූ දොර ඇත්තේ, කායාදිය මනාව සංවර වූ බැවින් “සුසංවුතො” නම් වේ. මෙසේ මෙහි අර්ථ දත යුතුයි. “අඝ මූලං වමිත්‍වාන” සංසාරික දුකට මුල් වූ අවිද්‍යා, භවතණ්හාදී දෝෂ හෝ සියලුම කෙලෙස් දෝෂ, ආර්යමාර්ගය නම් විරේක පානය කිරීමෙන් වමාරා ස්ව සන්තානයෙන් බැහැර කොට ඉවත් කරන ලදුයේ, “පත්තො මෙ ආසවක්ඛයො” කාමාදි ආශ්‍රවයෝ ක්‍ෂය වන බැවින් හෝ එම ආශ්‍රව නැතිකිරීමෙන් පැමිණිය යුතු බැවින් නිවණ ද අර්හත්‍වය ද ‘ආසවක්ඛය’ නම් වේ. උන්වහන්සේ “ආශ්‍රවක්‍ෂයට පැමිණියහ. අවබෝධ කරගත්හ”යි උදන් ඇණීම් වශයෙන් රහත්බව ප්‍රකාශ කළසේක.

පාරාපරියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

පාරාසරිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.