යෙදුමෙන් කියවන්න

යසත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

යසත්‍ථෙරගාථාවණ‍්ණනා

යස ස්ථවිරගාථා වර්ණනාව

සුවිලිත‍්තො සුවසනොති ආයස‍්මතො යසත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සුමෙධස‍්ස භගවතො කාලෙ මහානුභාවො නාගරාජා හුත්‍වා බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං අත‍්තනො භවනං නෙත්‍වා මහාදානං පවත‍්තෙසි. භගවන‍්තං මහග‍්ඝෙන තිචීවරෙන අච‍්ඡාදෙසි, එකමෙකඤ‍්ච භික‍්ඛුං මහග‍්ඝෙනෙව පච‍්චෙකදුස‍්සයුගෙන සබ‍්බෙන සමණපරික‍්ඛාරෙන අච‍්ඡාදෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ සෙට‍්ඨිපුත‍්තො හුත්‍වා මහාබොධිමණ‍්ඩං සත‍්තහි රතනෙහි පූජෙසි. කස‍්සපස‍්ස භගවතො කාලෙ සාසනෙ පබ‍්බජිත්‍වා සමණධම‍්මං අකාසි. එවං සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං අම‍්හාකං භගවතො කාලෙ බාරාණසියං මහාවිභවස‍්ස සෙට‍්ඨිනො පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, යසො නාම නාමෙන පරමසුඛුමාලො. “තස‍්ස තයො පාසාදා”ති සබ‍්බං ඛන්‍ධකෙ (මහාව· 25) ආගතනයෙන වෙදිතබ‍්බං.

“සුවිලිත්තො සුවසනො” යනු ආයුෂ්මත් යස තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී සසරින් මිදීම සඳහා පින් රැස්කරමින් පැමිණ සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ ලොව උපන් කාලයෙහි මහානුභාව නාගරාජයෙකු වී උපන්හ. නා රජු බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නය තම භවනට වැඩමවාගෙන ගොස් මහදන් පැවැත්වීය. භාග්‍යවතුන් වහන්සේට මහත් අනර්ඝ තුන් සිවුරක් පූජාකළේය. එක් එක් භික්‍ෂුවට මහත් අනර්ඝ වූ වෙන් වෙන් වස්ත්‍ර යුගල බැවින් ද සියලු ශ්‍රමණ පිරිකර ද පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම සිද්ධත්‍ව භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුපුතෙක් ව මහ බෝ මැඩට සත්විධ රත්නයන්ගෙන් පූජා කළේය. මෙසේ කාම සුගතීන් හි ම සැරි සරමින් අවුත් මේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී මහත් සම්පත් ඇති සිටුවරයෙකුට දාව බරණැස් නුවර දී ඉපිද යස නමින් ප්‍රකට විය. ඔහු අතිශයින් සියුමැලිය.

සො පුබ‍්බහෙතුනා චොදියමානො රත‍්තිභාගෙ නිද‍්දාභිභූතස‍්ස පරිජනස‍්ස විප‍්පකාරං දිස‍්වා සඤ‍්ජාතසංවෙගො සුවණ‍්ණපාදුකාරූළ‍්හොව ගෙහතො නිග‍්ගතො දෙවතාවිවටෙන නගරද‍්වාරෙන නික‍්ඛමිත්‍වා ඉසිපතනසමීපං ගතො “උපද‍්දුතං වත, භො, උපස‍්සට‍්ඨං වත, භො”ති ආහ. තෙන සමයෙන භගවතා ඉසිපතනෙ විහරන‍්තෙන තස‍්සෙව අනුග‍්ගණ‍්හනත්‍ථං අබ‍්භොකාසෙ චඞ‍්කමන‍්තෙන “එහි, යස, ඉදං අනුපද‍්දුතං, ඉදං අනුපස‍්සට‍්ඨ”න‍්ති වුත‍්තො, “අනුපද‍්දුතං අනුපස‍්සට‍්ඨං කිර අත්‍ථී”ති සොමනස‍්සජාතො සුවණ‍්ණපාදුකා ඔරුය‍්හ භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා එකමන‍්තං නිසින‍්නො සත්‍ථාරා අනුපුබ‍්බිකථං කථෙත්‍වා සච‍්චදෙසනාය කතාය සච‍්චපරියොසානෙ සොතාපන‍්නො හුත්‍වා ගවෙසනත්‍ථං ආගතස‍්ස පිතු භගවතා සච‍්චදෙසනාය කරියමානාය අරහත‍්තං සච‍්ඡාකාසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.40.456-483) –

ඔහුට මාලිගා තුනක් විය. මේ ආදී තොරතුරු ඛන්‍ධක විනයෙහි (මහාවග්ග පාළි - මාහා ඛන්‍ධක) විස්තර වන පරිදිම දතයුතුයි. ඒ සිටුපුත් පෙර කුසල කර්‍මබලයෙන් මෙහෙයවනු ලබන්නේ රාත්‍රියේ නිදාගත් පිරිවර ජනයාගේ විප්‍රකාර දැක හටගත් සංවේගය නිසා රන්මිරිවැඩි සඟලකින් ගෙයින් නික්ම, දෙවියන් විසින් හැරදැමූ නුවර දොරටුවෙන් පිටතට අවුත් ඉසිපතනය සමීපයට පැමිණියේය. ඔහු “භවත්නි! ඒකාන්තයෙන් තණ්හාදිය විසින් පීඩා කරන ලද්දේය. තණ්හාදී ක්ලේශධර්‍මවලින් පීඩා කරන ලද්දේය.” යනුවෙන් පැවසීය. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ඉසිපතනයෙහි වැඩවසන සේක්, ඔහුට අනුග්‍රහ පිණිසම එළිමහනෙහි සක්මන් කරන සේක් “යස! එන්න, මෙහි තණ්හාදී පීඩාවන් නැත. මෙහි තණ්හාදී උපද්‍රවයන් නැත”යි වදාළහ. එය ඇසූ යස කුමරු “පීඩා නැති උවදුරු නැති ජීවිතයක් ද ඇතැයි” සතුටුව රන්පාවහන් ගලවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ එකත් පසෙක සිටියේය. එසේ සිටි කුමරුට අනුපිළිවෙල කථාව වදාළ බුදුරජාණන් වහන්සේ අනතුරුව චතුරාර්ය සත්‍ය දේශනා කළ සේක. එය අසා සෝවාන් ඵලයෙහි පිහිටි යස කුමරු, තමා සොයා පැමිණි පියාට භාග්‍යවතුන් වහන්සේ දෙසූ සත්‍ය පිළිබඳ දම් දෙසුම අසා රහත් ඵලයෙහි පිහිටියේය. ඒ බව අපදාන පාළියේ දී යස තෙරණුවෝ මෙසේ වදාළහ.

“මහාසමුද‍්දං ඔග‍්ගය‍්හ, භවනං මෙ සුනිම‍්මිතං; සුනිම‍්මිතා පොක‍්ඛරණී, චක‍්කවාකපකූජිතා.

“මහ සමුදුර සමීපයෙහි මට භවනයක් මැවිණි. සක්වාලිහිණි හඬ ඇති මන්‍දාර, පියුම්, උපුල් මලින් ගැවසුණු පොකුණක් ඒ අසල මැවිණි.

“මන්‍දාලකෙහි සඤ‍්ඡන‍්නා, පදුමුප‍්පලකෙහි ච; නදී ච සන්‍දතෙ තත්‍ථ, සුපතිත්‍ථා මනොරමා.

ඒ පෙදෙසෙහි සිත්කලු වූ මනා තොටුපල ඇති මස් කැසුබුවන් ගැවසුනු විහඟ සමූහයා රැස්වූ නදියක් ගලාබසී.

“මච‍්ඡකච‍්ඡපසඤ‍්ඡන‍්නා, නානාදිජසමොත්‍ථතා; මයූරකොඤ‍්චාභිරුදා, කොකිලාදීහි වග‍්ගුහි.

මොණර, කොස්වාලිහිණි, කොවුල් ආදී පක්‍ෂි නාදයෙන් ඒ මනරම් නදී පෙදෙස දොඩමලුය.

“පාරෙවතා රවිහංසා ච, චක‍්කවාකා නදීචරා; දින්‍දිභා සාළිකා චෙත්‍ථ, පම‍්මකා ජීවජීවකා.

පරවි, රවිහංස, සක්වා ලිහිණි, නදීචර, දිය කිරල, සැළලිහිණි, උණහපුළු, ජීවංජීවක යන මොවුහු එහි රැස්ව සිටියහ.

“හංසා කොඤ‍්චාපි නදිතා, කොසියා පිඞ‍්ගලා බහූ; සත‍්තරතනසම‍්පන‍්නා, මණිමුත‍්තිකවාලුකා.

එහි නිති රැව්දෙන හංසයෝ කොස්වා ලිහිණියෝ, බකමුහුනෝ, පිංගලයෝ යන පක්‍ෂීහු බොහෝ වූහ.

“සබ‍්බසොණ‍්ණමයා රුක‍්ඛා, නානාගන්‍ධසමෙරිතා; උජ‍්ජොතෙන‍්ති දිවාරත‍්තිං, භවනං සබ‍්බකාලිකං.

සත්රුවනින් පිරි මිණිමුතු සහිත වැලිද නොයෙක් සුවඳ හමන හැම රන්මුවා වූ ගස් ද ඒ භවනය දිවා රෑ හැමකල්හි බබුලුවයි.

“සට‍්ඨිතූරියසහස‍්සානි, සායං පාතො පවජ‍්ජරෙ; සොළසිත්‍ථිසහස‍්සානි, පරිවාරෙන‍්ති මං සදා.

සැටදාහක් තූර්යනාද උදේ සවස පැවැත්වෙයි. හැම කල්හිම සොළොස් දහසක් ස්ත්‍රීහු මා පිරිවරාගෙන සිටිති.

“අභිනික‍්ඛම‍්ම භවනා, සුමෙධං ලොකනායකං; පසන‍්නචිත‍්තො සුමනො, වන්‍දයිං තං මහායසං.

භවනයෙන් නික්මුණු මම ප්‍රසන්න වූ සිතින් සතුටු සිතින් මහත් යශස් ඇති ලෝකනායක වූ ඒ සුමේධ බුදුරදුන් වැන්දෙමි.

“සම‍්බුද‍්ධං අභිවාදෙත්‍වා, සසඞ‍්ඝං තං නිමන‍්තයිං; අධිවාසෙසි සො ධීරො, සුමෙධො ලොකනායකො.

බුදුරදුන්ට වැඳ, සංඝයා සහිත උන්වහන්සේට දන් පිණිස ආරාධනා කළෙමි. ලෝකනායක වූ ප්‍රාඥවූ බුදුරජහු එය පිළිගත්හ.

“මම ධම‍්මකථං කත්‍වා, උය්‍යොජෙසි මහාමුනි; සම‍්බුද‍්ධං අභිවාදෙත්‍වා, භවනං මෙ උපාගමිං.

අනතුරුව උන්වහන්සේ මා හට ධර්‍මකථාවක් කළහ. උන්වහන්සේ වැඳ මාගේ භවනට ගිය මම පිරිවර ජනයා අමතා, “පෙරවරු කල්හි බුදුරජහු මාගේ භවනට වඩිනසේක. නුඹලා සැම රැස්වවු” යි පැවසීමි.

“ආමන‍්තයිං පරිජනං, සබ‍්බෙ සන‍්නිපතාථ වො; පුබ‍්බණ‍්හසමයං බුද‍්ධො, භවනං ආගමිස‍්සති.

“ලාභා අම‍්හං සුලද‍්ධං නො, යෙ වසාම තවන‍්තිකෙ; මයම‍්පි බුද‍්ධසෙට‍්ඨස‍්ස, පූජං කස‍්සාම සත්‍ථුනො.

ඒ පිරිවර ජනයා “ඔබ සමීපයෙහි විසීම අපට වූ ලාභයකි. යහපත් ලැබීමකි. අපිත් ශාස්තෲ වූ බුදුරජාණන් වහන්සේට පූජාවක් කරන්නෙමු”යි පැවසූහ.

“අන‍්නං පානං පට‍්ඨපෙත්‍වා, කාලං ආරොචයිං අහං; වසීසතසහස‍්සෙහි, උපෙසි ලොකනායකො.

ආහාරපාන පිළියෙල කළ මම බුදුරදුන්ට කාලය දැන්වීමි. ලෝකනායක වූ උන්වහන්සේ ලක්‍ෂයක් රහතුන් පිරිවරා දනට වැඩිසේක.

“පඤ‍්චඞ‍්ගිකෙහි තූරියෙහි, පච‍්චුග‍්ගමනමකාසහං; සබ‍්බසොණ‍්ණමයෙ පීඨෙ, නිසීදි පුරිසුත‍්තමො.

පසඟතුරු සහිත වූ මම පෙරගමන් කළෙමි. පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ මුළුමනින් ම රනින් නිමවූ පුටුවෙහි වැඩහුන්හ.

“උපරිච‍්ඡදනං ආසි, සබ‍්බසොණ‍්ණමයං තදා; බීජනියො පවායන‍්ති, භික‍්ඛුසඞ‍්ඝස‍්ස අන‍්තරෙ.

එවිට රනින්ම නිම වූ උඩුවියනක් විය. භික්‍ෂු සංඝයා අතරෙහි විජිනිපතින් පවන් සලන ලදි.

“පහූතෙනන‍්නපානෙන, භික‍්ඛුසඞ‍්ඝමතප‍්පයිං; පච‍්චෙකදුස‍්සයුගළෙ, භික‍්ඛුසඞ‍්ඝස‍්සදාසහං.

බොහෝ වූ ආහාර පානයන්ගෙන් භික්‍ෂු සංඝයා සන්තර්පනය කළෙමි. වෙන් වෙන් වූ වස්ත්‍ර යුගල බැගින් මම භික්‍ෂු සංඝයාට වස්ත්‍ර පිදුවෙමි.

“යං වදන‍්ති සුමෙධොති, ලොකාහුතිපටිග‍්ගහං; භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා, ඉමා ගාථා අභාසථ.

ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ සුමේධ නම් බුදුපියාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද හිඳ මෙසේ වදාළසේක.

“යො මෙ අන‍්නෙන පානෙන, සබ‍්බෙ ඉමෙ ච තප‍්පයිං; තමහං කිත‍්තයිස‍්සාමි, සුණාථ මම භාසතො.

“මා ඇතුළු ශ්‍රාවකයන් ආහාරයෙන්, පානවර්ගවලින් තෘප්තිමත් කළ පුද්ගලයා පිළිබඳව පවසමි. ඒ මාගේ වචනය අසවු,

“අට‍්ඨාරසෙ කප‍්පසතෙ, දෙවලොකෙ රමිස‍්සති; සහස‍්සක‍්ඛත‍්තුං රාජා ච, චක‍්කවත‍්තී භවිස‍්සති.

හෙතෙම මින් මතු කල්ප එක්දහස් අටසියයක් දෙව්ලොව සිත් අලවා වෙසෙන්නේ ය. දහස්වරක් සක්විති රජ වන්නේ ය.

“උපපජ‍්ජති යං යොනිං, දෙවත‍්තං අථ මානුසං; සබ‍්බදා සබ‍්බසොවණ‍්ණං, ඡදනං ධාරයිස‍්සති.

දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරන ඔහුට සැමදා රන්වන් වියනක් ඇතිවන්නේ ය.

“තිංසකප‍්පසහස‍්සම‍්හි, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

මෙයින් තිස් දහස් කල්පයක් ගෙවීමෙන් ඔක්කාක කුලයේ උපදින ගෞතම නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.

“තස‍්ස ධම‍්මෙසු දායාදො, ඔරසො ධම‍්මනිම‍්මිතො; සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය, නිබ‍්බායිස‍්සතිනාසවො.

මොහු, උන්වහන්සේගේ ධර්‍මය දායාද කරගත් ධර්‍මයෙන් නිර්මිත කළාවක් වැනි වූ බුද්ධපුත්‍රයෙක් වන්නේ ය. සියලු ආශ්‍රව දැන අනාශ්‍රව වූයේ පිරිනිවන් පාන්නේ ය.

“භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා, සීහනාදං නදිස‍්සති; චිතකෙ ඡත‍්තං ධාරෙන‍්ති, හෙට‍්ඨා ඡත‍්තම‍්හි ඩය‍්හථ.

හෙතෙම භික්‍ෂු සංඝයා මැද හිඳ අභීත සිංහනාද කරන්නේය. මළ සිරුර මත පවා ඡත්‍රයක් දරන්නේය. ඡත්‍රය යටදී උන්වහන්සේගේ සිරුර ආදාහනය වන්නේය.

“සාමඤ‍්ඤං මෙ අනුප‍්පත‍්තං, කිලෙසා ඣාපිතා මයා; මණ‍්ඩපෙ රුක‍්ඛමූලෙ වා, සන‍්තාපො මෙ න විජ‍්ජති.

“මම දැන් සෝවාන් ආදී මගඵල නුවණ ලබා සිදුකරගත් ශ්‍රමණ ඵල ඇත්තෙක්මි. මම සියලු කෙලෙස් දැවූවෙමි. මණ්ඩපයක හෝ රුක් මුලක සිටි මා හට සන්තාපයක් ඇති නොවේ.

“තිංසකප‍්පසහස‍්සම‍්හි, යං දානමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, සබ‍්බදානස‍්සිදං ඵලං.

මෙයින් කල්ප තිස්දහසකට පෙර දුන් දානයේ විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. සියලු දේ දීමෙහි විපාකය මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටුකළෙමි.”

අථ භගවා ආයස‍්මන‍්තං යසං දක‍්ඛිණං බාහුං පසාරෙත්‍වා “එහි භික‍්ඛූ”ති ආහ. වචනසමනන‍්තරමෙව ද‍්වඞ‍්ගුලමත‍්තකෙසමස‍්සු අට‍්ඨපරික‍්ඛාරධරො වස‍්සසට‍්ඨිකත්‍ථෙරො විය අහොසි. සො අත‍්තනො පටිපත‍්තිං පච‍්චවෙක‍්ඛිත්‍වා උදානෙන‍්තො එහිභික‍්ඛුභාවප‍්පත‍්තිතො පුරිමාවත්‍ථවසෙන –

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් යස දෙසට දකුණු අත දිගුකොට “මහණ! මෙහි එව” යි වදාළසේක. එම වදන පිටවීමත් සමග ම කෙස් රවුල් දැගුල් පමණ වී අටපිරිකර දරණ සැට වයස් පිරි තෙරුන්වහන්සේ කෙනෙකු මෙන් පෙනී සිටි යස තෙරණුවෝ තමාගේ පිළිවෙත් පිරීම නැවත සිහිකර බලා උදන් අනනසේක් ඒහිභික්‍ෂුභාවයට පෙර අවස්ථාව දක්වමින් මේ ගාථාව වදාළහ.

“සුවිලිත‍්තො සුවසනො, සබ‍්බාභරණභූසිතො; තිස‍්සො විජ‍්ජා අජ‍්ඣගමිං, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. – ගාථං අභාසි;

“සුවිලිත්තො සුවසනො සබ්බාභරණභූසිතො, තිස්සො විජ්ජා අජ්ඣගමිං කතං බුද්ධස්ස සාසනං”

තත්‍ථ සුවිලිත‍්තොති සුන්‍දරෙන කුඞ‍්කුමචන්‍දනානුලෙපනෙන විලිත‍්තගත‍්තො. සුවසනොති සුට‍්ඨු මහග‍්ඝකාසිකවත්‍ථවසනො. සබ‍්බාභරණභූසිතොති සීසූපගාදීහි සබ‍්බෙහි ආභරණෙහි අලඞ‍්කතො. අජ‍්ඣගමින‍්ති අධිගච‍්ඡිං. සෙසං වුත‍්තනයමෙව.

එහි “සුවිලිත්තො” යනු සුන්දරවූ කොකුම් සඳුන් ආලේප කරගැනීමෙන් සුවඳ වත් වූ ශරීරාවයව ඇති වූයෙමි. “සුවසනො” ඉතා යහපත් මහාර්ඝ වූ කසී සළු හඳින පොරවන අයෙක් වීමි. “සබ්බාභරණභූසිතො” ශීර්ෂාභරණාදී සියලුම ආභරණවලින් අලංකාරවත් වූයෙමි. “අජ්ඣගමිං” යනු අවබෝධ කරගත්තෙමි. ත්‍රිවිද්‍යාව ලැබුවෙමි. සෙසු පදයන්ගේ අර්ථ ඉතා ප්‍රකටය.

යසත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

යස ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.