යෙදුමෙන් කියවන්න

කිම‍්බිලත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

කිම‍්බිලත්‍ථෙරගාථාවණ‍්ණනා

කිම්බිල ස්ථවිරගාථා වර්ණනාව

අභිසත‍්තොව නිපතතීති ආයස‍්මතො කිමිලත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි කරොන‍්තො කකුසන්‍ධස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො පරිනිබ‍්බුතෙ සත්‍ථරි තස‍්ස ධාතුයො උද‍්දිස‍්ස සළලමාලාහි මණ‍්ඩපාකාරෙන පූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන තාවතිංසෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුනගරෙ සාකියරාජකුලෙ නිබ‍්බත‍්ති, කිමිලොතිස‍්ස නාමං අහොසි. සො වයප‍්පත‍්තො භොගසම‍්පත‍්තියා සම‍්පන‍්නො විහරති. තස‍්ස ඤාණපරිපාකං දිස‍්වා සංවෙගජනනත්‍ථං අනුපියායං විහරන‍්තො සත්‍ථා පඨමයොබ‍්බනෙ ඨිතං දස‍්සනීයං ඉත්‍ථිරූපං අභිනිම‍්මිනිත්‍වා පුරතො දස‍්සෙත්‍වා පුන අනුක‍්කමෙන යථා ජරාරොගවිපත‍්තීහි අභිභූතා දිස‍්සති, තථා අකාසි. තං දිස‍්වා කිමිලකුමාරො අතිවිය සංවෙගං පකාසෙන‍්තො –

“අභිසත්‍ථොව නිපත්තී” යනු ආයුෂ්මත් කිම්බිල තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි දී කරන ලද ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ; පෙර කකුසඳ නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද තරුණ වියට පත්වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ධාතූන් වහන්සේ උදෙසා, එම සිටුතුමා විසින් හොර දඬුවලින් මණ්ඩපයක් කරවා පූජා කරන ලදි. ඒ පින්කමේ විපාක වශයෙන් තව්තිසා දෙව්ලොව උපන් හෙතෙම කාම සුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිලවත්‍ථු නගරයේ ශාක්‍ය පවුලක උපන්නේය. කිම්බිල නමින් ප්‍රකට වූ ඒ කුමරු වැඩිවියට පත්ව කාමයෝගී සම්පතින් ආඪ්‍යව වාසය කළේය. ඔහුගේ නුවණ මුහුකුරා ගිය බව දුටු බුදුරජාණන් වහන්සේ ඔහුගේ සිතේ සංවේගය ඇතිකිරීමට අනුපිය අඹවනයේ දී ඉතා තරුණවියේ සිටි දැකුම්කළු ස්ත්‍රී රූපයක් මවා ඔහු ඉදිරියේදීම ක්‍රමයෙන් ජරාවට පත්වන, රෝගාබාධයන්ට ලක්වන ආකාරය දැක්වූ සේක. එය දුටු කිම්බිල කුමරු දැඩි සේ සංවේගයට පත්ව මේ ගාථාව පැවසීය.

“අභිසත‍්තොව නිපතති වයො, රූපං අඤ‍්ඤමිව තථෙව සන‍්තං; තස‍්සෙව සතො අවිප‍්පවසතො, අඤ‍්ඤස‍්සෙව සරාමි අත‍්තාන”න‍්ති. – ගාථං අභාසි.

“අභිසත්‍ථොව නිපතති වයො, රූපං අඤ්ඤමිව තථෙව සන්තං, තස්සෙව සතො අවිප්පවසතො, අඤ්ඤස්සෙව සරාමි අත්තානං”

තත්‍ථ අභිසත‍්තොවාති “ත්‍වං සීඝං ගච‍්ඡ මා තිට‍්ඨා”ති දෙවෙහි අනුසිට‍්ඨො ආණත‍්තො විය. “අභිසට‍්ඨො වා”තිපි පාඨො, “ත්‍වං ලහුං ගච‍්ඡා”ති කෙනචි අභිලාසාපිතො වියාති අත්‍ථො. නිපතතීති අතිපතති අභිධාවති න තිට‍්ඨති, ඛණෙ ඛණෙ ඛයවයං පාපුණාතීති අත්‍ථො. වයොති බාල්‍යයොබ‍්බනාදිකො සරීරස‍්ස අවත්‍ථාවිසෙසො. ඉධ පනස‍්ස යොබ‍්බඤ‍්ඤං අධිප‍්පෙතං, තං හිස‍්ස අභිපතන‍්තං ඛීයන‍්තං හුත්‍වා උපට‍්ඨිතං. රූපන‍්ති රූපසම‍්පදාති වදති. රූපන‍්ති පන සරීරං “අට‍්ඨිඤ‍්ච පටිච‍්ච න‍්හාරුඤ‍්ච පටිච‍්ච මංසඤ‍්ච පටිච‍්ච ආකාසො පරිවාරිතො රූපංත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡතී”තිආදීසු (ම· නි· 1.306) විය. අඤ‍්ඤමිව තථෙව සන‍්තන‍්ති ඉදං රූපං යාදිසං, සයං තථෙව තෙනෙවාකාරෙන සන‍්තං විජ‍්ජමානං අඤ‍්ඤං විය මය‍්හං උපට‍්ඨාතීති අධිප‍්පායො. “තදෙව සන‍්ත”න‍්ති ච කෙචි පඨන‍්ති. තස‍්සෙව සතොති තස‍්සෙව මෙ අනඤ‍්ඤස‍්ස සතො සමානස‍්ස. අවිප‍්පවසතොති න විප‍්පවසන‍්තස‍්ස, චිරවිප‍්පවාසෙන හි සතො අනඤ‍්ඤම‍්පි අඤ‍්ඤං විය උපට‍්ඨාති ඉදම‍්පි ඉධ නත්‍ථීති අධිප‍්පායො. අඤ‍්ඤස‍්සෙව සරාමි අත‍්තානන‍්ති ඉමං මම අත‍්තභාවං අඤ‍්ඤස‍්ස සත‍්තස‍්ස විය සරාමි උපධාරෙමි සඤ‍්ජානාමීති අත්‍ථො. තස‍්සෙවං අනිච‍්චතං මනසි කරොන‍්තස‍්ස දළ‍්හතරො සංවෙගො උදපාදි, සො සංවෙගජාතො සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.56.42-48) –

එහි “අභිසත්‍ථොව” ‘නුඹ වහා ගෙවී යනුව’ යි දෙවියන් විසින් අණකරන, නියෝග කරන ලද්දෙකු මෙන් “අභිසත්තොව” යන පාඨය ද යෙදේ, නුඹ වහා යව! කිසියම් ආශාවකින් දිව යන්නෙකු මෙන්, “නිපත්ති” වේගයෙන් වැටේ, වේගයෙන් ගතවේ. ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා ක්‍ෂයභාවයට, ව්‍යය වන ස්වභාවයට පැමිණේ! යන අර්ථයයි. “වයො” බාල, තරුණ ආදී ශරීරයේ අවස්ථා විශේෂය දැක්වීමකි. මෙහි දි තරුණ අවස්ථාව අදහස් විය. ඒ තරුණ අවස්ථාව වහා වැටේ, වහා ක්‍ෂය වී යයි, “රූපං” යනු රූප සම්පත්තියයි. “රූප” යන්නෙන් ශරීරය අදහස් වේ. “ඇට, නහර, මස් ආදියෙන් යුතු අකාශයෙන් පිරිවරාගත් රූපයම මෙහිදී අදහස් වේ.” ආදියේ දක්වන ලද්දාක් මෙනි. “අඤ්ඤමිව තථෙව සන්තං” මේ රූපය යම්සේ තමා ම ඒ ආකාරයෙන් ම පවතින, විද්‍යමාන වන අනිකක් (වෙනත් දෙයක්) මෙන් මට වැටහේ, ඇතැමෙක් “තථෙව සන්තං” යනුවෙන් පමණක් දක්වති. “තස්සෙව සතො” ඒ මාගේ අනිකකු නොවූ ආත්මයම, මාගේ ශරීරයම, “අවිප්ප වසතො”, “බොහෝ කාලයක් වෙන්ව විසුවේ නම් අනිකකු නොවූවත් අනිකකු මෙන් වැටහේ, ඒ කාරණය ද මෙහිදී මම නැත,” යන අදහසයි. “අඤ්ඤස්සෙව සරාමි අත්තානං” මේ මාගේ ආත්මභාවය වෙනත් සත්ත්‍වයකු මෙන් සිහිකරමි, සළකමි, හැඳිනගනිමි යන අර්ථයයි. මේ අයුරින් රූපයේ අනිත්‍යබව මෙනෙහි කළ කිම්බිලි කුමරුට දැඩි වූ සංවේගයක් ඇතිවිය. උපත් සංවේග ඇති හෙතෙම ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ, ධර්‍ම අසා, ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදිවූයේ විදසුන් භාවනාවෙහි සිත පිහිටුවා නොබෝ කලකින් ම රහත්බවට පත්විය. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පවසන ලදි -

“නිබ‍්බුතෙ කකුසන්‍ධම‍්හි, බ්‍රාහ‍්මණම‍්හි වුසීමති; ගහෙත්‍වා සළලං මාලං, මණ‍්ඩපං කාරයිං අහං.

“විසූ බඹසර ඇති පාපධර්‍ම බහා තැබූ කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි, උන්වහන්සේට මම හොරදඬුවලින් මණ්ඩපමාලයක් කරවූයෙමි.

“තාවතිංසං ගතො සන‍්තො, ලභිම‍්හ බ්‍යම‍්හමුත‍්තමං; අඤ‍්ඤෙ දෙවෙතිරොචාමි, පුඤ‍්ඤකම‍්මස‍්සිදං ඵලං.

තව්තිසාවේ උපන් මම එහිදී උතුම් පහයක් ලැබුවෙමි. සෙසු දෙවියන් ඉක්මවා සිරි සැපතින් බැබලුනෙමි. මා කළ පින් කමේ විපාකය මෙබඳුය.

“දිවා වා යදි වා රත‍්තිං, චඞ‍්කමන‍්තො ඨිතො චහං; ඡන‍්නො සළලපුප‍්ඵෙහි, පුඤ‍්ඤකම‍්මස‍්සිදං ඵලං.

දවල් රෑ සක්මන් කරන හා සිටගෙන සිටින මා නිතර සලල මලින් වැසුණෙමි. ඒ පින්කමෙහි විපාක මෙබඳුය.

“ඉමස‍්මිංයෙව කප‍්පම‍්හි, යං බුද‍්ධමභිපූජයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මේ කල්පයේ දී ම යම් බුදුකෙනෙකු පිදුවේම ද එනිසා දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වාපි ථෙරො අත‍්තනො පුරිමුප‍්පන‍්නං අනිච‍්චතාමනසිකාරං විභාවෙන‍්තො තමෙව ගාථං පච‍්චුදාහාසි. තෙනෙතං ඉමස‍්ස ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණම‍්පි අහොසි.

රහත්බවට පත් වූ කිම්බිල තෙරණුවෝ තමාට මුලින් ගිහි අවස්ථාවේ උපන් අනිත්‍යතාව මෙනෙහි කරමින්, එය ප්‍රකටව දක්වනසේක් එම ගාථාවම නැවත වදාළහ. එනිසා එම ගාථාව කිම්බිල තෙරණුවන්ගේ රහත්බව ප්‍රකාශ කරන ගාථාව ද විය.

කිමිලත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

කිම්බිල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.