යෙදුමෙන් කියවන්න

වජ‍්ජිපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

වජ‍්ජිපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා

වජ්ජිපුත්ත ස්ථවිරගාථා වර්ණනාව

රුක‍්ඛමූලගහනං පසක‍්කියාති ආයස‍්මතො වජ‍්ජිපුත‍්තත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො ඉතො චතුනවුතෙ කප‍්පෙ එකං පච‍්චෙකසම‍්බුද‍්ධං භික‍්ඛාය ගච‍්ඡන‍්තං දිස‍්වා පසන‍්නමානසො කදලිඵලානි අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ වෙසාලියං ලිච‍්ඡවිරාජපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, වජ‍්ජිරාජපුත‍්තත‍්තා වජ‍්ජිපුත‍්තොත්‍වෙව චස‍්ස සමඤ‍්ඤා අහොසි. සො දහරො හුත්‍වා හත්‍ථිසික‍්ඛාදිසික‍්ඛනකාලෙපි හෙතුසම‍්පන‍්නතාය නිස‍්සරණජ‍්ඣාසයොව හුත්‍වා විචරන‍්තො සත්‍ථු ධම‍්මදෙසනාකාලෙ විහාරං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ නිසින‍්නො ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.51.57-62) –

“රුක්ඛමුලගහණං පසක්කිය” යනු ආයුෂ්මත් වජ්ජිපුත්ත තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ඒ ඒ භවයෙ හි දී තව තවත් පින්දහම් සිදුකරමින් අවුත්, මෙයින් කල්ප අනූ හතරකට පෙර දී එක් පසේ බුදුවරයන් වහන්සේ කෙනෙකුන් පිඬුපිණිස හැසිරෙනු දැක පැහැදුණු සිතින් කෙලෙස් ගෙඩි පූජාකළහ. හෙතෙම ඒ පින්කම නිසා දෙව්ලොව ඉපදී තව තවත් පින් රැස්කරමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරි සරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී විශාලා මහනුවර ලිච්ඡවී රජ පවුලක කුමරෙක් ව උපන්නේය. වජ්ජි රජු පුතෙකු බැවින් “වජ්ජිපුත්ත” යන නමින් ඔහු හැඳින්විණි. එකුමරු කුඩා කාලයේ දීම හස්ථිශිල්පාදිය උගන්නා සමයෙහි පූර්ව හේතු වශයෙන් ගිහිගෙන් නික්මීමේ ආශාවෙන් හැසිරෙනුයේ ශාස්තෲන් වහන්සේ ධර්‍මදේශනා කරන වේලාවෙහි විහාරයට ගොස් පිරිස කෙළවර හිඳ ධර්‍මය අසා ලැබූ ශ්‍රද්ධාවෙන් ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදිවිය. වජ්ජිපුත්ත තෙරණුවෝ විදසුනෙහි සිත පිහිටුවා භාවනා කර, නොබෝ දිනකින් ම ෂඩ් අභිඥාලාභියෙකු වූහ. අපදාන පාළියෙහිදී උන්වහන්සේ තම අතීතය මෙසේ පැවසූහ.

“සහස‍්සරංසී භගවා, සයම‍්භූ අපරාජිතො; විවෙකා වුට‍්ඨහිත්‍වාන, ගොචරායාභිනික‍්ඛමි.

“තමාම සත්‍යය අවබෝධ කරගත්, අපරාජිත වූ දහසක් රශ්මි ඇති භාග්‍යවතුන් වහන්සේ විවේකයෙන් නැගී සිට පිඬු පිණිස නික්මුණු සේක.

“ඵලහත්‍ථො අහං දිස‍්වා, උපගච‍්ඡිං නරාසභං; පසන‍්නචිත‍්තො සුමනො, අවටං අදදිං ඵලං.

අතින් ඵල රැගෙන මම උන්වහන්සේ වෙත ගියෙමි, පැහැදුණු සිතින් සතුටින් යුක්තව මම උන්වහන්සේට නැටි සහිත වූ ඵල පිළිගැන්වූයෙමි.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, යං ඵලං අදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.

මෙයින් කල්ප අනූ හතරකට පෙර ඵලදානයක් දුන්නෙම් ද එහි විපාකය වශයෙන් මේ දක්වා ම දුගතියක නූපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් දැන් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

ඡළභිඤ‍්ඤො පන හුත්‍වා අපරභාගෙ අචිරපරිනිබ‍්බුතෙ සත්‍ථරි ධම‍්මං සඞ‍්ගායිතුං සඞ‍්කෙතං කත්‍වා මහාථෙරෙසු තත්‍ථ තත්‍ථ විහරන‍්තෙසු එකදිවසං ආයස‍්මන‍්තං ආනන්‍දං සෙඛංයෙව සමානං මහතියා පරිසාය පරිවුතං ධම‍්මං දෙසෙන‍්තං දිස‍්වා තස‍්ස උපරිමග‍්ගාධිගමාය උස‍්සාහං ජනෙන‍්තො –

ෂඩ් අභිඥාලාභී වූ උන්වහන්සේ, ඊට පසු කාලයක, ශාස්තෲන් වහන්සේ පිරිනිවි නොබෝ කලකින් ධර්මය සංගායනා කිරීමට සනිටුහන් කරගත් මහතෙරුන් වහන්සේලා ඒ ඒ තැන වාසය කරන කල්හි, එක් දිනක් සේඛයකු වූ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් මහත් වූ පිරිසක් සහිතව ධර්‍මදේශනා කරමින් සිටිනු දැක, ආනන්‍ද තෙරණුවන් ඉහළ මාර්ගඵල අවබෝධයට යොමුකරවීම සඳහා උත්සාහවන්ත කරවීමට මේ ගාථාව වදාළහ.

“රුක‍්ඛමූලගහනං පසක‍්කිය, නිබ‍්බානං හදයස‍්මිං ඔපිය; ඣාය ගොතම මා ච පමාදො, කිං තෙ බිළිබිළිකා කරිස‍්සතී”ති. – ගාථං අභාසි.

“රුක්ඛමූලගහනං පසක්කිය, නිබ්බාණං හදයස්මිං ඔපිය, ඣාය ගොතම මා පමාදො, කිං තෙ බිලිබිලිකා කරිස්සති”

තත්‍ථ රුක‍්ඛමූලගහනන‍්ති රුක‍්ඛමූලභූතං ගහනං, ගහනඤ‍්හි අත්‍ථි, න රුක‍්ඛමූලං, රුක‍්ඛමූලඤ‍්ච අත්‍ථි, න ගහනං, තෙසු රුක‍්ඛමූලග‍්ගහණෙන ඨානස‍්ස ඡායාසම‍්පන‍්නතාය වාතාතපපරිස‍්සයාභාවං දස‍්සෙති. ගහනග‍්ගහණෙන නිවාතභාවෙන වාතපරිස‍්සයාභාවං ජනසම‍්බාධාභාවඤ‍්ච දස‍්සෙති, තදුභයෙන ච භාවනායොග්‍යතං. පසක‍්කියාති උපගන‍්ත්‍වා. නිබ‍්බානං හදයස‍්මිං ඔපියාති “එවං මයා පටිපජ‍්ජිත්‍වා නිබ‍්බානං අධිගන‍්තබ‍්බ”න‍්ති නිබ‍්බුතිං හදයෙ ඨපෙත්‍වා චිත‍්තෙ කරිත්‍වා. ඣායාති ලක‍්ඛණූපනිජ‍්ඣානෙන ඣාය, විපස‍්සනාභාවනාසහිතං මග‍්ගභාවනං භාවෙහි. ගොතමාති ධම‍්මභණ‍්ඩාගාරිකං ගොත‍්තෙන ආලපති. මා ච පමාදොති අධිකුසලෙසු ධම‍්මෙසු මා පමාදං ආපජ‍්ජි. ඉදානි යාදිසො ථෙරස‍්ස පමාදො, තං පටික‍්ඛෙපවසෙන දස‍්සෙන‍්තො “කිං තෙ බිළිබිළිකා කරිස‍්සතී”ති ආහ. තත්‍ථ බිළිබිළිකාති විළිවිළිකිරියා, බිළිබිළීති සද‍්දපවත‍්ති යථා නිරත්‍ථකා, එවං බිළිබිළිකාසදිසා ජනපඤ‍්ඤත‍්ති කිං තෙ කරිස‍්සති කීදිසං අත්‍ථං තුය‍්හං සාධෙති, තස‍්මා ජනපඤ‍්ඤත‍්තිං පහාය සදත්‍ථපසුතො හොහීති ඔවාදං අදාසි.

එහි “රුක්ඛමුලගහනං” යනු රුක් මූලයන්ගේ ගහනය, වනය වදාළ බව දක්වයි. වන ගහන ඇති මුත් රුක්ඛ මූලයක් නැත. රුක්ඛ මූලයක් ඇත ගහනයක් නැත. ඒ ගහනයක් මෙන් වූ රුක්මුල්හි වූ වන වදුලේ සෙවණ සහිත බැවින් අවුවැසි ආදියෙන් උපද්‍රවයන්ගෙන් හා ජනයාගේ සම්බාධවලින් දුරු වූ බවද දක්වයි. ඒ දෙකම භාවනාවට යෝග්‍ය වේ. “පසක්කිය” පැමිණ, එතැනට ගොස්, “නිබ්බාණං හදයස්මිං ඔපිය” මෙසේ මා විසින් පිළිපැද නිවණ අවබෝධ කරගත යුතු”යි යනුවෙන් නිවණ සිතේ තබාගෙන, හදවතෙහි තබාගෙන “ඣාය” අනිත්‍යාදී ලක්‍ෂණ මෙනෙහි කරමින් ධ්‍යාන වඩන්න. විදර්ශනාව සහිත වූ මාර්ග භාවනාව වඩන්න. “ගෞතම” යනුවෙන් ධර්ම භාණ්ඩගාරිකයන් වහන්සේට ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරයි. “මා ච පමාදො” අධිකුසල දහම් හි පමා නොවන්න. දැන් තෙරුන්වහන්සේගේ ප්‍රමාද වීම ප්‍රතික්‍ෂේප කළයුතු බව දක්වමින් (ඊට විරුද්ධ බව දක්වමින්) “කිං තෙ බිලිබිලිකා කරිස්සති” යනුවෙන් “බිලිබිලි හඬ කවර අර්ථයක් නුඹට සලසන්නේ ද?” අසයි. එහි “බිලිබිලිකා” යනු බිලිබිලි ක්‍රියාවයි. බිලි බිලි යන හඬ පවතින නිරර්ථක වූ ක්‍රියාවකි. මෙබඳු නිරර්ථක වූ බිලිබිලි ශබ්ද නැගීමට ජනතාව සමග කරන කථා බහ සමානය. “කිං තෙ කරිස්සති” එම ක්‍රියාවෙන් නුඹට කුමන අර්ථයක් - යහපතක් ඉටුවේ ද? එනිසා ජනයා සමග කරන නිරර්ථක කතාබහ ඉවතලා ස්වාර්ථයෙහි ම යෙදෙන්නැයි අවවාද දෙයි.

තං සුත්‍වා අඤ‍්ඤෙහි වුත‍්තවිසගන්‍ධවායනවචනෙන සංවෙගජාතො බහුදෙව රත‍්තිං චඞ‍්කමෙන වීතිනාමෙන‍්තො විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා සෙනාසනං පවිසිත්‍වා මඤ‍්චකෙ නිපන‍්නමත‍්තොව අරහත‍්තං පාපුණි.

එය අසා අන්‍යයන් විසින් පැවසූ විදසුන් නම් සුවඳ පවනින් උපන් සංවේග ඇති වූ ආනන්‍ද තෙරණුවෝ විදසුන් භාවනාවෙහි ම උත්සාහවත්ව රෑ බොහෝ වේලාවක් සක්මණින් කල්යවා, සෙනසුනට පිවිසියහ. එහි පිවිස ඇඳෙහි හොත් (දිගා වූ) ඇසිල්ලෙහි ම රහත් බවට පත්වූහ.

වජ‍්ජිපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

වජ්ජිපුත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.