යෙදුමෙන් කියවන්න

ඉසිදත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ඉසිදත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා

ඉසිදත්ත ස්ථවිරගාථා වර්ණනාව

පඤ‍්චක‍්ඛන්‍ධා පරිඤ‍්ඤාතාති ආයස‍්මතො ඉසිදත‍්තත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං භගවන‍්තං රථියං ගච‍්ඡන‍්තං දිස‍්වා පසන‍්නමානසො මධුරං ආමොදඵලං අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ අවන‍්තිරට‍්ඨෙ වඩ‍්ඪගාමෙ අඤ‍්ඤතරස‍්ස සත්‍ථවාහස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, ඉසිදත‍්තොතිස‍්ස නාමං අහොසි. සො වයප‍්පත‍්තො මච‍්ඡිකාසණ‍්ඩෙ චිත‍්තස‍්ස ගහපතිනො අදිට‍්ඨසහායො හුත්‍වා තෙන බුද‍්ධගුණෙ ලිඛිත්‍වා පෙසිතසාසනං පටිලභිත්‍වා සාසනෙ සඤ‍්ජාතප‍්පසාදො ථෙරස‍්ස මහාකච‍්චානස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා විපස‍්සනං ආරභිත්‍වා නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.51.80-84) –

“පඤ්චක්ඛන්‍ධා පරිඤ්ඤාතා” යනු ආයුෂ්මත් ඉසිදත්ත තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු ඉදිරියෙහි දී නිවන් පතාගෙන කළ ප්‍රාර්ථනා හා පුණ්‍යසම්භාර ධර්‍ම රැස්කර ගනිමින් පැමිණි මෙතෙම, විපස්සි භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද වැඩිවියට පත් ව සිටියේ ය. ඒ සිටුතුමා දිනක් භාග්‍යවතුන් වහන්සේ වීථියෙහි වඩිනු දැක පැහැදුණු සිතින් එක් මිහිරි ආමෝද ඵලයක් උන්වහන්සේට පිළිගැන්වීය. ඒ පින්කමේ විපාක ලෙස දෙව් ලොව උපන් ඔහු, තව තවත් පින්දහම් සිදුකරමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරි සරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී අවන්තික රට වඩ්ඪ නම් ගමේ එක් සාත්තවාහකයකුගේ පුතු ව ඉපදුණෝය. ඉසිදත්ත නමින් ප්‍රකට වූ ඒ කුමරු තරුණවියට පත්ව, මච්ඡිකා සණ්ඩයේ චිත්ත ගෘහපතියාගේ නොදුටු මිතුරෙක් ව වාසය කළේය. චිත්ත ගහපති විසින් බුදුගුණ ලියා යැවූ හසුන කියවා බුදුසසුන කෙරෙහි හටගත් ප්‍රසාදයෙන් ඉසිදත්ත, මහා කච්චායන තෙරුන් සමීපයෙහි දී පැවිදි ව, විදසුන් වඩා නොබෝ දිනකින්ම ෂට් අභිඥා උපදවා ගත්තේය. අපදාන පාළියේ දී මෙසේ උන්වහන්සේගේ චරිතය දක්වන ලදි.

“සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං, ආහුතීනං පටිග‍්ගහං; රථියං පටිපජ‍්ජන‍්තං, ආමොදමදදිං ඵලං.

“ලෝකයාගේ පූජාවන් පිළිගත්තා වූ රන්වන් පාටින් බබළන වීථියෙහි වඩින බුදුරජාණන් වහන්සේ දැක, උන්වහන්සේට අමෝද ඵලයක් පිදුවෙමි.

“එකනවුතිතො කප‍්පෙ, යං ඵලං අදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.

මීට කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා ම මම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාකය වශයෙන් මේ දක්වා ම මම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාකය මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

ඡළභිඤ‍්ඤො පන හුත්‍වා “බුද‍්ධුපට‍්ඨානං ගමිස‍්සාමී”ති ථෙරං ආපුච‍්ඡිත්‍වා අනුක‍්කමෙන මජ‍්ඣිමදෙසං ගන‍්ත්‍වා සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නො , “කච‍්චි, භික‍්ඛු, ඛමනීයං, කච‍්චි යාපනීය”න‍්තිආදිනා සත්‍ථාරා කතපටිසන්‍ථාරො පටිවචනමුඛෙන, “භගවා තුම‍්හාකං සාසනං උපගතකාලතො පට‍්ඨාය මය‍්හං සබ‍්බදුක‍්ඛං අපගතං, සබ‍්බො පරිස‍්සයො වූපසන‍්තො”ති පවෙදනවසෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

ෂට් අභිඥාලාභී වූ ඉසිදත්ත තෙරණුවෝ “බුදු උවටැනට යන්නෙමි” යි ස්වකීය ගුරු හිමියන්ගෙන් අවසර ගෙන අනුපිළිවෙලින් මධ්‍ය දේශයට පැමිණ ශාස්තෲන් වහන්සේ සමීපයට වැඩම කළහ. තමන් වහන්සේට වැඳ එකත් පසෙක සිටි ඉසිදත්ත තෙරුන්ගෙන් ශාස්තෲන් වහන්සේ “මහණ! කෙසේද යැපිය හැකි ද? ඉවසිය හැකි ද?” යනාදී වශයෙන් විමසා කරන ලද පිළිසඳර කථා ඇති සේක, “භාග්‍යවතුන් වහන්සේ! නුඹ වහන්සේගේ සසුනට පිවිසි කාලයෙහි පටන්ම මගේ සියලු දුක් දුරු වූයේය. සියලුම උපද්‍රව සංසිඳුණේය” යනුවෙන් පැවසූ, ඉසිදත්ත තෙරණුවෝ සිය රහත්බව ප්‍රකාශ කරන සේක් මේ ගාථාව වදාළහ.

“පඤ‍්චක‍්ඛන්‍ධා පරිඤ‍්ඤාතා, තිට‍්ඨන‍්ති ඡින‍්නමූලකා; දුක‍්ඛක‍්ඛයො අනුප‍්පත‍්තො, පත‍්තො මෙ ආසවක‍්ඛයො”ති. – ගාථං අභාසි;

“පඤ්චක්ඛන්‍ධා පරිඤ්ඤාතා, තිට්ඨන්ති ඡින්නමුලකා, දුක්ඛක්ඛයො අනුප්පත්තො, පත්තො මෙ ආසවක්ඛයො”

තත්‍ථ පඤ‍්චක‍්ඛන්‍ධා පරිඤ‍්ඤාතාති පඤ‍්චපි මෙ උපාදානක‍්ඛන්‍ධා විපස‍්සනාපඤ‍්ඤාසහිතාය මග‍්ගපඤ‍්ඤාය “ඉදං දුක‍්ඛං, එත‍්තකං දුක‍්ඛං, න ඉතො භිය්‍යො”ති සබ‍්බසො පරිච‍්ඡිජ‍්ජ ඤාතා, න තෙසු කිඤ‍්චිපි පරිඤ‍්ඤාතබ‍්බං අත්‍ථීති අධිප‍්පායො. තිට‍්ඨන‍්ති ඡින‍්නමූලකාති සබ‍්බසො පරිඤ‍්ඤාතත‍්තා එව තෙසං අවිජ‍්ජාතණ‍්හාදිකස‍්ස මූලස‍්ස සමුච‍්ඡින‍්නත‍්තා අරියමග‍්ගෙන පහීනත‍්තා යාවචරිමචිත‍්තනිරොධා තෙ තිට‍්ඨන‍්ති. දුක‍්ඛක‍්ඛයො අනුප‍්පත‍්තොති ඡින‍්නමූලකත‍්තායෙව ච නෙසං වට‍්ටදුක‍්ඛස‍්ස ඛයො පරික‍්ඛයො අනුප‍්පත‍්තො, නිබ‍්බානං අධිගතං. පත‍්තො මෙ ආසවක‍්ඛයොති කාමාසවාදීනං සබ‍්බෙසං ආසවානං ඛයන‍්තෙ අභිගන‍්තබ‍්බතාය “ආසවක‍්ඛයො”ති ලද‍්ධනාමං අරහත‍්තං පත‍්තං පටිලද‍්ධන‍්ති අත්‍ථො. කෙචි පන අන‍්තිමායං සමුස‍්සයො”ති පඨන‍්ති. නිබ‍්බානස‍්ස අධිගතත‍්තායෙව අයං මම සමුස‍්සයො අත‍්තභාවො අන‍්තිමො සබ‍්බපච‍්ඡිමකො, නත්‍ථි දානි පුනබ‍්භවොති අත්‍ථො. යං පන තත්‍ථ තත්‍ථ අවුත‍්තං, තං හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානංයෙවාති.

එහි “පඤ්චක්ඛන්‍ධා පරිඤ්ඤාතා” යනු මගේ මේ පඤ්ච උපාදානස්කන්‍ධය පිළිබඳව විදසුන් ප්‍රඥාව සහිත වූ මාර්ග ප්‍රඥාවෙන් “මෙය දුකයි, මෙපමණක් ම දුක ඇත, මෙයින් මත්තෙහි දුක නොපවතී” යනුවෙන් සියලුම ආකාරයෙන් පිරිසිඳ දැන, ඒ පිළිබඳව පඤ්චස්කන්‍ධය පිළිබඳ තවත් දතයුතු කිසිවක් නැත යන අදහසයි. “තිට්ඨන්ති ඡින්නමූලකා” යනු සියලුම ආකාරයෙන් පිරිසිඳ දත් බැවින් ම ඒවායේ අවිද්‍යා, තණ්හා දී මූලයන් මුලුමනින් ම සිඳ ආර්‍ය්‍ය මාර්ගයෙන් ප්‍රහීණ කරන ලද බැවින්, මේ පඤ්චස්කන්‍ධයෝ අවසන් සිත නිරුද්ධ වීම දක්වා පමණක් සිටිති. “දුක්ඛක්ඛයො අනුප්පත්තො” මුල් සිඳ දමන ලද බැවින් ඒ පඤ්චස්කන්‍ධය ආශ්‍රිත සංසාරික දුක ක්‍ෂය කරන ලදි. නිමා කරන ලදි. නිර්වාණය අවබෝධ කරගත්තෙමි. “පත්තො මෙ ආසවක්ඛයො” කාමාශ්‍රවාදී සියලු ආශ්‍රව ක්‍ෂය කළ කල්හි, අවබෝධ කරගත යුතු බැවින් “ආසවක්ඛය” නම් වූ “රහත්බවට පත්වූයෙමි. රහත් බව ලැබූවෙමි.” යන අර්ථයයි. ඇතැමෙක් මෙතැන දී “ආන්තිමායං සමුස්සයො” යන පාඨයක් දක්වති. නිවණ අවබෝධ කරගත් බැවින් මගේ මේ ආත්මභාවය අවසන් වූයේය. අවසන් ආත්ම භාවය ගතකරන මා හට පුනර්භවයක් නැත යනු එහි අර්ථයයි. මෙම වර්ණනාවේදී යම් පදයක අර්ථ නොපැවසූයෙම් ද එම පදයන්ගේ අර්ථ ඉහතින් පැවසූ හෙයින් අර්ථාවබෝධය ඉතා පහසු වේ.

ඉසිදත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ඉසිදත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

ද‍්වාදසමවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

දොළොස්වන වර්ගයේ අර්ථවර්ණනාව සමාප්තයි.

නිට‍්ඨිතා ච පරමත්‍ථදීපනියං ථෙරගාථාවණ‍්ණනායං

මේ පරමත්‍ථදීපනී නම් ථෙරගාථා අර්ථ වර්ණනාවෙහි

වීසාධිකසතත්‍ථෙරගාථාපටිමණ‍්ඩිතස‍්ස එකකනිපාතස‍්ස අත්‍ථවණ‍්ණනා නිට‍්ඨිතා

එක සිය විස්සකට අධික වූ ථෙරගාථාවලින් යුක්ත ඒකකනිපාතයේ අර්ථවර්ණනාව නිමියේ ය.