යෙදුමෙන් කියවන්න

උත‍්තරත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

උත‍්තරත්‍ථෙරගාථාවණ‍්ණනා

උත්තර ස්ථවිරගාථා වර්ණනාව

දුකනිපාතෙ නත්‍ථි කොචි භවො නිච‍්චොතිආදිකා ආයස‍්මතො උත‍්තරත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො සුමෙධස‍්ස භගවතො කාලෙ විජ‍්ජාධරො හුත්‍වා ආකාසෙන විචරති. තෙන ච සමයෙන සත්‍ථා තස‍්ස අනුග‍්ගණ‍්හනත්‍ථං වනන‍්තරෙ අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදි ඡබ‍්බණ‍්ණබුද‍්ධරංසියො විස‍්සජ‍්ජෙන‍්තො. සො අන‍්තලික‍්ඛෙන ගච‍්ඡන‍්තො භගවන‍්තං දිස‍්වා පසන‍්නචිත‍්තො ආකාසතො ඔරුය‍්හ සුවිසුද‍්ධෙහි විපුලෙහි කණිකාරපුප‍්ඵෙහි භගවන‍්තං පූජෙසි, පුප‍්ඵානි බුද‍්ධානුභාවෙන සත්‍ථු උපරි ඡත‍්තාකාරෙන අට‍්ඨංසු, සො තෙන භිය්‍යොසොමත‍්තාය පසන‍්නචිත‍්තො හුත්‍වා අපරභාගෙ කාලං කත්‍වා තාවතිංසෙ නිබ‍්බත‍්තිත්‍වා උළාරං දිබ‍්බසම‍්පත‍්තිං අනුභවන‍්තො යාවතායුකං තත්‍ථ ඨත්‍වා තතො චුතො දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ බ්‍රාහ‍්මණමහාසාලපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, උත‍්තරොතිස‍්ස නාමං අහොසි. සො විඤ‍්ඤුතං පත‍්තො බ්‍රාහ‍්මණවිජ‍්ජාසු නිප‍්ඵත‍්තිං ගන‍්ත්‍වා ජාතියා රූපෙන විජ‍්ජාය වයෙන සීලාචාරෙන ච ලොකස‍්ස සම‍්භාවනීයො ජාතො. තස‍්ස තං සම‍්පත‍්තිං දිස‍්වා වස‍්සකාරො මගධමහාමත‍්තො අත‍්තනො ධීතරං දාතුකාමො හුත්‍වා අත‍්තනො අධිප‍්පායං පවෙදෙසි. සො නිස‍්සරණජ‍්ඣාසයතාය තං පටික‍්ඛිපිත්‍වා කාලෙන කාලං ධම‍්මසෙනාපතිං පයිරුපාසන‍්තො තස‍්ස සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා වත‍්තසම‍්පන‍්නො හුත්‍වා ථෙරං උපට‍්ඨහති.

දුක නිපාතයෙහි “නත්‍ථි කොචි භවො නිච්චො” යනු ආයුෂ්මත් උත්තර තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? මෙතෙම පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව නිවන් පතාගෙන ඒ ඒ භවයේ දී පින් රැස්කරමින් අවුත් සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී විද්‍යාධරයෙක් ව ඉපිද අහසෙහි සැරිසරයි. එසමයෙහි ශාස්තෲන් වහන්සේ ඔහුට අනුග්‍රහ පිණිස ම වනයේ එක් රුකක් මුල හුන්සේක. අහසින් යමින් සිටි විද්‍යාධරයා සවණක් ගණ බුදුරැස් විහිදුවමින් සිටි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිත් ඇත්තේ, අහසින් බැස, ඉතා පිරිසිදු වූ මහත්වූ කිණිහිරි මලින් භාග්‍යවතුන් වහන්සේ පිදුවේය. බුද්ධානුභාවය නිසා එම මල් ශාස්තෲන් වහන්සේගේ මස්තකයෙහි ඡත්‍රයක් ලෙස පිහිටියේය. ඒ දුටු විද්‍යාධරයා බෙහෙවින් ප්‍රසන්න වූ සිත් ඇතිව, ඊට පසුකලෙක දී මියගොස් තව්තිසා දෙව්ලොව ඉපිද, මහත් වූ දිව්‍ය සැප සම්පත් විඳිමින් ආයු ඇතිතෙක් එහි සැපවිද, ඉන් චුතව දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහ නුවර බමුණු මහසල් කුලයක උපන්නේය. උත්තර නමින් ප්‍රකට වූ මේ බමුණු කුමරු වැඩිවියට පත්වත්ම සියලු බ්‍රාහ්මණ ශිල්පශාස්ත්‍රයෙහි පරතෙරට ගොස්, ජාතියෙන් ද රූපයෙන් ද ඉගෙනීමෙන් ද වයසින් ද ශිෂ්ට වූ හැසිරීමෙන් ද ලොව සම්භාවනීයත්‍වයට පත්විය. මේ උත්තර බමුණාගේ සම්පත් දුටු වයස්කාර නම් මගධ මහාමාත්‍යයා තම දුවණිය ඔහුට විවාහ කරදීමට කැමතිව, තම අදහස දන්වන ලදි. උත්තර බමුණාගේ සිත ගිහිගෙයින් නික්මීමෙහි ඇලී තිබූ බැවින් එම යෝජනාව ප්‍රතික්‍ෂේප කර, වරින් වර ධර්‍මසේනාපති සැරියුත් තෙරුන් ඇසුරු කරමින් උන්වහන්සේ සමීපයේ හිඳ ධර්මය ඇසීය. ධර්‍මශ්‍රවණයෙන් උපදවාගත් ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි වූ උත්තර භික්‍ෂුව වත් පිළිවෙතින් යුක්තව සැරියුත් තෙරුන්ට උපස්ථාන කළේය.

තෙන ච සමයෙන ථෙරස‍්ස අඤ‍්ඤතරො ආබාධො උප‍්පන‍්නො, තස‍්ස භෙසජ‍්ජත්‍ථාය උත‍්තරො සාමණෙරො පාතොව පත‍්තචීවරමාදාය විහාරතො නික‍්ඛන‍්තො අන‍්තරාමග‍්ගෙ තළාකස‍්ස තීරෙ පත‍්තං ඨපෙත්‍වා උදකසමීපං ගන‍්ත්‍වා මුඛං ධොවති. අථ අඤ‍්ඤතරො උමඞ‍්ගචොරො ආරක‍්ඛපුරිසෙහි අනුබද‍්ධො අග‍්ගද‍්වාරෙනෙව නගරතො නික‍්ඛමිත්‍වා පලායන‍්තො අත‍්තනා ගහිතං රතනභණ‍්ඩිකං සාමණෙරස‍්ස පත‍්තෙ පක‍්ඛිපිත්‍වා පලායි. සාමණෙරො පත‍්තසමීපං උපගතො. චොරං අනුබන්‍ධන‍්තා රාජපුරිසා සාමණෙරස‍්ස පත‍්තෙ භණ‍්ඩිකං දිස‍්වා, “අයං චොරො, ඉමිනා චොරියං කත”න‍්ති සාමණෙරං පච‍්ඡාබාහං බන්‍ධිත්‍වා වස‍්සකාරස‍්ස බ්‍රාහ‍්මණස‍්ස දස‍්සෙසුං. වස‍්සකාරො ච තදා රඤ‍්ඤො විනිච‍්ඡයෙ නියුත‍්තො හුත්‍වා ඡෙජ‍්ජභෙජ‍්ජං අනුසාසති. සො “පුබ‍්බෙ මම වචනං නාදියි, සුද‍්ධපාසණ‍්ඩියෙසු පබ‍්බජී”ති ච බද‍්ධාඝාතත‍්තා කම‍්මං අසොධෙත්‍වාව ජීවන‍්තමෙව තං සූලෙ උත‍්තාසෙසි.

එසමයෙහි සැරියුත් තෙරුන්ට එක්තරා ආබාධයක් ඇතිවිය. උන්වහන්සේට බෙහෙත් ගෙන ඒමට උදෑසනින්ම විහාරයෙන් නික්මුණු උත්තර සාමණේරයෝ පා සිවුරු රැගෙන වඩිනුයේ අතරමග එක් විල් තෙරක පාත්‍රය තබා ජලය ගෙන මුව සෝදමින් සිටියහ. මේ වේලාවෙහි ම එක්තරා උමං සොරකු රාජපුරුෂයන් විසින් ලුහුබඳිනුයේ ප්‍රධාන දොරටුවෙන් ම නගරයට පිවිස පලායන්නේ, තමන් විසින් සොරාගත් රන්බඩු විල්තෙර තිබූ පාත්‍රයේ දමා පලා ගියේය. මුව සෝදාගත් සාමණේරයෝ පාත්‍රය සමීපයට පැමිණියහ. එවිටම රාජපුරුෂයෝ එතැනට පැමිණ, පාත්‍රයේ ම බඩු දැක, “මේ සොරාය, මොහු විසින් සොරකම කරන ලදැ”යි සාමණේරයන් දැඩිව අල්ලා බැඳ වස්සකාර බමුණාට දැක්වූහ. එකල වස්සකාර ඇමතියා රාජ නියෝගයෙන් අධිකරණ කටයුතු විමසයි. හෙතෙම උත්තර සාමණේරයන් හැඳිනගෙන, “නුඹ පෙර මගේ වචනය පිළිනොගෙන පිරිසිදු පාසණ්ඩයන් කෙරෙහි පැවිදිවීයැ”යි බඳින ලද වෛර ඇති බැවින් නඩුව නොවිමසාම” මොහු දිවැස් හුළ තබව”යි නියෝග කළේය.

අථස‍්ස භගවා ඤාණපරිපාකං ඔලොකෙත්‍වා තං ඨානං ගන‍්ත්‍වා විප‍්ඵුරන‍්තහත්‍ථනඛමණිමයූඛසම‍්භින‍්නසිතාභතාය පග‍්ඝරන‍්තජාතිහිඞ‍්ගුලකසුවණ‍්ණරසධාරං විය ජාලාගුණ‍්ඨිතමුදුතලුනදීඝඞ‍්ගුලිහත්‍ථං උත‍්තරස‍්ස සීසෙ ඨපෙත්‍වා, “උත‍්තර, ඉදං තෙ පුරිමකම‍්මස‍්ස ඵලං උප‍්පන‍්නං, තත්‍ථ තයා පච‍්චවෙක‍්ඛණබලෙන අධිවාසනා කාතබ‍්බා”ති වත්‍වා අජ‍්ඣාසයානුරූපං ධම‍්මං දෙසෙසි. උත‍්තරො අමතාභිසෙකසදිසෙන සත්‍ථු හත්‍ථසම‍්ඵස‍්සෙන සඤ‍්ජාතප‍්පසාදසොමනස‍්සතාය උළාරං පීතිපාමොජ‍්ජං පටිලභිත්‍වා යථාපරිචිතං විපස‍්සනාමග‍්ගං සමාරූළ‍්හො ඤාණස‍්ස පරිපාකං ගතත‍්තා සත්‍ථු ච දෙසනාවිලාසෙන තාවදෙව මග‍්ගපටිපාටියා සබ‍්බකිලෙසෙ ඛෙපෙත්‍වා ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.56.55-92) –

ඉක්බිති ඔහුගේ නුවණ මුහුකුරා ගිය බව දුටු භාග්‍යවතුන් වහන්සේ, එතැනට ගොස් සෙළවෙන්නා වූ නිය නම් මැණික් රැසින් ශෝභමාන වූ වැගිරෙන දෑහිගුල් රන් රස දහරක් වැනි වූ දැලින් බැඳුණු මෘදු - තරුණ දිගු ඇඟිලි සහිත බබලන ශ්‍රී හස්තය උත්තර සාමණේරයන්ගේ හිසෙහි තබා, “උත්තරය! මේ නුඹගේ පෙර කර්මයක විපාකයයි. එහිදී නුඹ විසින් ප්‍රත්‍යවේක්‍ෂා බලයෙන් ඉවසාගැනීම කළයුතුයි” යනුවෙන් වදාරා සාමණේරයන්ගේ අදහසට අනුකූල වූ ධර්‍මයක් දේශනා කළසේක. උත්තර සාමණේරයෝ අමාවෙන් අභිෂේක කරන ලද්දාක් මෙන් ශාස්තෲන් වහන්සේගේ හස්ත ස්පර්ශයෙන් හටගත් සතුටින් මහත් වූ ප්‍රීතියක් විඳිනුයේ නුවණ මුහුකුරා ගිය පරිදි විදසුන් මාර්ගය වඩා, ශාස්තෲන් වහන්සේ දෙසූ විලසින් ම මගපිළිවෙලින් සියලු කෙලෙස් ක්‍ෂය කොට ෂඩ්අභිඥාලාභී වූහ. උත්තර තෙරුන් විසින් අපදාන පාළියේදී මෙසේ පවසන ලදි.

“සුමෙධො නාම සම‍්බුද‍්ධො, බාත‍්තිංසවරලක‍්ඛණො; විවෙකකාමො භගවා, හිමවන‍්තමුපාගමි.

“දෙතිස් මහ පුරිස ලකුණින් හෙබි සුමේධ නම් බුදුරජාණන් වහන්සේ, විවේක සැප කැමතිව හිමවතට එළඹිසේක.

“අජ‍්ඣොගාහෙත්‍වා හිමවන‍්තං, අග‍්ගො කාරුණිකො මුනි; පල‍්ලඞ‍්කං ආභුජිත්‍වාන, නිසීදි පරිසුත‍්තමො.

පුරුෂෝත්තම වූ කරුණාවෙන් අග්‍ර වූ බුදුපියාණන් වහන්සේ හිමවතෙහි පලක් බැඳ වැඩහුන් සේක.

“විජ‍්ජාධරො තදා ආසිං, අන‍්තලික‍්ඛචරො අහං; තිසූලං සුගතං ගය‍්හ, ගච‍්ඡාමි අම‍්බරෙ තදා.

එකල මම අහසෙහි හැසිරෙන විද්‍යාධරයෙක් වූයෙමි. මනාව සෑදූ ත්‍රිශූලයක් ගෙන අහසෙහි හැසිරුණෙමි.

“පබ‍්බතග‍්ගෙ යථා අග‍්ගි, පුණ‍්ණමායෙව චන්‍දිමා; වනං ඔභාසතෙ බුද‍්ධො, සාලරාජාව ඵුල‍්ලිතො.

කඳු මුදුනක වූ ගින්නක් මෙන් ද පුන් පෝදා සඳ මෙන් ද මනාව පිපුණු සල් ගසක් මෙන් ද බුදුරජාණෝ වනයෙහි බබළති.

“වනග‍්ගා නික‍්ඛමිත්‍වාන, බුද‍්ධරංසීභිධාවරෙ; නළග‍්ගිවණ‍්ණසඞ‍්කාසා, දිස‍්වා චිත‍්තං පසාදයිං.

ඒ සවණක් ගණ බුදුරැස් වනයෙන් නික්මෙයි. නළ වනයේ හටගත් ගින්නක් බඳු බුදුරැස් දැක සිත පැහැදවූයෙමි.

“විචිනං අද‍්දසං පුප‍්ඵං, කණිකාරං දෙවගන්‍ධිකං; තීණි පුප‍්ඵානි ආදාය, බුද‍්ධසෙට‍්ඨමපූජයිං.

ඒ මේ අතර බැලූ මම දිව සුවඳ හමන කිණිහිරි මල් දැක ඉන් මල් තුනක් ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදුවෙමි.

“බුද‍්ධස‍්ස ආනුභාවෙන, තීණි පුප‍්ඵානි මෙ තදා; උද‍්ධංවණ‍්ටා අධොපත‍්තා, ඡායං කුබ‍්බන‍්ති සත්‍ථුනො.

ඒ පිදූ මල් තුන බුද්ධානුභාවයෙන් නැටි උඩට හා පෙති යටට සිටිනසේ අහසෙහි සිටිමින් බුදුරදුන්ට සෙවන සැපයුවේය.

“තෙන කම‍්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා මානුසං දෙහං, තාවතිංසමගච‍්ඡහං.

මැනවින් කළ ඒ කර්මය හා චිත්ත ප්‍රාර්ථනාව නිසා මිනිස් සිරුර හැර මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.

“තත්‍ථ මෙ සුකතං බ්‍යම‍්හං, කණිකාරීති ඤායති; සට‍්ඨියොජනමුබ‍්බෙධං, තිංසයොජනවිත්‍ථතං.

එහි මැනවින් නිර්මිත මගේ විමානය “කණිකාරී” නමින් හැඳින්විණි. එය යොදුන් සැටක් උසය, තිස් යොදුනක් පුළුල් ය.

“සහස‍්සකණ‍්ඩං සතභෙණ‍්ඩු, ධජාලු හරිතාමයං; සතසහස‍්සනිය්‍යූහා, බ්‍යම‍්හෙ පාතුභවිංසු මෙ.

භාග දහසක් ඇති එහි ගෝලාකාර මුදුන් සීයකි. ධජ පතාකයන් ගෙන් පිරි නිල්වන් වූ ඒ මගේ විමානයෙහි ලක්‍ෂයක් ප්‍රධාන ශාලා පහළ විය.

“සොණ‍්ණමයා මණිමයා, ලොහිතඞ‍්කමයාපි ච; ඵලිකාපි ච පල‍්ලඞ‍්කා, යෙනිච‍්ඡකා යදිච‍්ඡකා.

එහි කැමති තැනක කැමතිතාක් රන්මය, මැණික්මය, පද්මරාග මාණික්‍යමය, මිණිමය, රිදීමය ආසන පහළ වේ.

“මහාරහඤ‍්ච සයනං, තූලිකා විකතීයුතං; උද‍්ධලොමිඤ‍්ච එකන‍්තං, බිම‍්බොහනසමායුතං.

එහි පුලුන් කොට්ට සහිත දෙදාවලු එක්දාවලු ඇතිරිලි හා කොට්ටවලින් පිරි මා හැඟි යහන් ද ඇත.

“භවනා නික‍්ඛමිත්‍වාන, චරන‍්තො දෙවචාරිකං; යථා ඉච‍්ඡාමි ගමනං, දෙවසඞ‍්ඝපුරක‍්ඛතො.

යම් කලෙක භවනයෙන් නික්ම දිව්‍ය සමූහයා පිරිවරා යනු කැමතිව දිව්‍ය චාරිකාවට එළඹුණු කල්හිම මල් වියන් මා පිරිවරා ගනියි.

“පුප‍්ඵස‍්ස හෙට‍්ඨා තිට‍්ඨාමි, උපරිච‍්ඡදනං මම; සමන‍්තා යොජනසතං, කණිකාරෙහි ඡාදිතං.

මගේ මස්තකයේ හාත්පස සියක් යොදුන් ප්‍රදේශය කිණිහිරි මලින් වැසේ.

“සට‍්ඨිතූරියසහස‍්සානි, සායං පාතං උපට‍්ඨහුං; පරිවාරෙන‍්ති මං නිච‍්චං, රත‍්තින්‍දිවමතන්‍දිතා.

හැටදාහක් තූර්ය වාදකයෝ උදේ සවස මට උවටැන් කරති. රෑ දහවල් ඔවුහු මා පිරිවරා ගෙන සිටිති.

“තත්‍ථ නච‍්චෙහි ගීතෙහි, තාළෙහි වාදිතෙහි ච; රමාමි ඛිඩ‍්ඩා රතියා, මොදාමි කාමකාමහං.

එහි නැටුම් - ගැයුම් - වැයුම් - තාල - වාදන - ක්‍රීඩාදියෙන් සිත් අලවා වෙසෙන මම කාම සම්පත්තියෙන් මුදිත වූයෙමි.

“තත්‍ථ භුත්‍වා පිවිත්‍වා ච, මොදාමි තිදසෙ තදා; නාරීගණෙහි සහිතො, මොදාමි බ්‍යම‍්හමුත‍්තමෙ.

ඒ තව්තිසා භවනයේ වූ උතුම් විමානයේ ස්ත්‍රීන් පිරිවරා ගත් මම දිව සැප වින්දෙමි.

“සතානං පඤ‍්චක‍්ඛත‍්තුඤ‍්ච, දෙවරජ‍්ජමකාරයිං; සතානං තීණික‍්ඛත‍්තුඤ‍්ච, චක‍්කවත‍්තී අහොසහං; පදෙසරජ‍්ජං විපුලං, ගණනාතො අසඞ‍්ඛියං.

පන්සිය වරක් දිව්‍යරාජව උපන් මම තුන්සිය වරක් සක්විති රජකම දැරුවෙමි. මා ලැබූ ප්‍රදේශ රාජ සම්පත් ප්‍රමාණය ගණන් කළ නොහැක.

“භවෙ භවෙ සංසරන‍්තො, මහාභොගං ලභාමහං; භොගෙ මෙ ඌනතා නත්‍ථි, බුද‍්ධපූජායිදං ඵලං.

කුඩා මහත් භවනයන් හි සැරි සැරූ මම මහත් වූ භෝග සම්පත් අනූනව වැළඳූයෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.

“දුවෙ භවෙ සංසරාමි, දෙවත‍්තෙ අථ මානුසෙ; අඤ‍්ඤං ගතිං න ජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

දිව්‍ය හා මනුෂ්‍ය යන කාම සුගතීන් හිම සැරිසරා මම දුගතියක නූපන්නෙමි. මේ බුද්ධ පූජාවේ විපාකයයි.

“දුවෙ කුලෙ පජායාමි, ඛත‍්තියෙ චාපි බ්‍රාහ‍්මණෙ; නීචෙ කුලෙ න ජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

ක්‍ෂත්‍රීය හා බ්‍රාහ්මණ කුලයන්හි හැර අන් කුලයක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.

“හත්‍ථියානං අස‍්සයානං, සිවිකං සන්‍දමානිකං; ලභාමි සබ‍්බමෙවෙතං, බුද‍්ධපූජායිදං ඵලං.

එහි විපාක වශයෙන් ඇති, අස් රථ ද සිවිකා හා ස්‍යන්දත රථ ද ලැබූ මා වටා දැසි දස් සමූහයා ද මැනවින් සැරසුණු ස්ත්‍රීහු ද පිරිවරා ගනිති. කෝසෙය්‍ය, කම්බිලි, කොමු හා සපුපිළි ද යන මේ සියල්ල ලැබුවෙමි.

“දාසීගණං දාසගණං, නාරියො සමලඞ‍්කතා; ලභාමි සබ‍්බමෙවෙතං, බුද‍්ධපූජායිදං ඵලං.

“කොසෙය්‍යකම‍්බලියානි , ඛොමකප‍්පාසිකානි ච; ලභාමි සබ‍්බමෙවෙතං, බුද‍්ධපූජායිදං ඵලං.

“නවවත්‍ථං නවඵලං, නවග‍්ගරසභොජනං; ලභාමි සබ‍්බමෙවෙතං, බුද‍්ධපූජායිදං ඵලං.

නව වස්ත්‍ර, නව ඵල, අභිනව අග්‍රරස භෝජන ලැබූ මම “මෙය කව, මෙය අනුභව කරව, මෙහි සැතපෙව” යනාදී වදන් නිතර ඇසීමි.

“ඉමං ඛාද ඉමං භුඤ‍්ජ, ඉමම‍්හි සයනෙ සය; ලභාමි සබ‍්බමෙවෙතං, බුද‍්ධපූජායිදං ඵලං.

“සබ‍්බත්‍ථ පූජිතො හොමි, යසො අච‍්චුග‍්ගතො මම; මහාපක‍්ඛො සදා හොමි, අභෙජ‍්ජපරිසො සදා; ඤාතීනං උත‍්තමො හොමි, බුද‍්ධපූජායිදං ඵලං.

සැමතන්හි පුදන ලද මාගේ කීර්තිය දසත පැතිරුණි. හැමකල්හි සමූහයා විසින් මා පිරිවරා සිටිත්, නොබෙදුණු සමගි පිරිස් පිරිවරා ගත් මම ඥාතීන් අතර උතුම් වූයෙමි.

“සීතං උණ‍්හං න ජානාමි, පරිළාහො න විජ‍්ජති; අථො චෙතසිකං දුක‍්ඛං, හදයෙ මෙ න විජ‍්ජති.

ශීත - උෂ්ණ නොදත් මා හට දැවීමක් පිරිතැවීමක් නොවිණි. එමෙන්ම සිතේ දුක් දොම්නසක් ද නොවිණි.

“සුවණ‍්ණවණ‍්ණො හුත්‍වාන, සංසරාමි භවාභවෙ; වෙවණ‍්ණියං න ජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

භවයෙන් භවයට රන්වන් සිරුරු ඇතිව සැරිසැරූ මාගේ ශරීරය විවර්ණ බවට නොගියේය.

“දෙවලොකා චවිත්‍වාන, සුක‍්කමූලෙන චොදිතො; සාවත්‍ථියං පුරෙ ජාතො, මහාසාලෙ සුඅඩ‍්ඪකෙ.

බුද්ධ පූජාවේ විපාක ලෙස දෙව්ලොවින් චුත වූ මම සැවැත් නුවර ආඪ්‍ය වූ බමුණු මහසල් කුලයක උපන්නෙමි.

“පඤ‍්ච කාමගුණෙ හිත්‍වා, පබ‍්බජිං අනගාරියං; ජාතියා සත‍්තවස‍්සොහං, අරහත‍්තමපාපුණිං.

පස්කම් සැප හැරදැමූ මම සත් වියේදීම රහත් බවට පත් වූයෙමි.

“උපසම‍්පාදයී බුද‍්ධො, ගුණමඤ‍්ඤාය චක‍්ඛුමා; තරුණො පූජනීයොහං, බුද‍්ධපූජායිදං ඵලං.

පසැස් ඇති බුදුරජාණන් වහන්සේ මාගේ ගුණ දැන මා උපසම්පදා කරවූහ. බුද්ධ පූජාවේ විපාක වශයෙන් තරුණ වූ මම පිදිය යුත්තෙක් වූයෙමි.

“දිබ‍්බචක‍්ඛු විසුද‍්ධං මෙ, සමාධිකුසලො අහං; අභිඤ‍්ඤාපාරමිප‍්පත‍්තො, බුද‍්ධපූජායිදං ඵලං.

මාගේ දිව ඇස පිරිසිදුය. සමාධියෙහි දක්‍ෂ වූ මම අභිඥාවන්හි කෙළ පැමිණියෙමි.

“පටිසම‍්භිදා අනුප‍්පත‍්තො, ඉද‍්ධිපාදෙසු කොවිදො; ධම‍්මෙසු පාරමිප‍්පත‍්තො, බුද‍්ධපූජායිදං ඵලං.

සිවුපිළිසිඹියාපත් සෘද්ධිපාදයන් හි දක්‍ෂ වූ මම ධර්‍මය පිළිබඳ විශාරද වූයෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.

“තිංසකප‍්පසහස‍්සම‍්හි, යං බුද‍්ධමභිපූජයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මෙයින් කල්ප තිස් දහසකට පෙර බුදුකෙනෙකුන් පිදීමේ පිනින් මේ දක්වා ම මම දුගතියක නූපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනය ඉටුකළෙමි.”

ඡළභිඤ‍්ඤො පුන හුත්‍වා සූලතො උට‍්ඨහිත්‍වා පරානුද‍්දයාය ආකාසෙ ඨත්‍වා පාටිහාරියං දස‍්සෙසි. මහාජනො අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතො අහොසි. තාවදෙවස‍්ස වණො සංරූළ‍්හි, සො භික‍්ඛූහි, “ආවුසො, තාදිසං දුක‍්ඛං අනුභවන‍්තො කථං ත්‍වං විපස‍්සනං අනුයුඤ‍්ජිතුං අසක‍්ඛී”ති පුට‍්ඨො, “පගෙව මෙ, ආවුසො, සංසාරෙ ආදීනවො, සඞ‍්ඛාරානඤ‍්ච සභාවො සුදිට‍්ඨො, එවාහං තාදිසං දුක‍්ඛං අනුභවන‍්තොපි අසක‍්ඛිං විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා විසෙසං අධිගන‍්තු”න‍්ති දස‍්සෙන‍්තො –

දිවැස් හුළ හිඳගෙනම ෂඩ් අභිඥා උපදවාගත් උන්වහන්සේ අන්‍යයන්හට අනුකම්පාවෙන් ඉන් නැගී අහසෙහි හිඳ ප්‍රාතිහාර්යයක් දැක්වූහ. මහජනයා ආශ්චර්ය හා අද්භූත සිත් ඇත්තෝ වූහ. එකෙණෙහිම තුවාලය වැඩිවිය. උත්තර තෙරණුවෝ, භික්‍ෂූන් වහන්සේලාගේ “ඇවැත්නි! නුඹ වහන්සේ මෙබඳු දැඩි දුකක් විඳිමින් විදසුන් වඩා රහත්වීමට හැකිවූයේ කෙසේද?” යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, “ඇවැත්නි! සංසාරයේ සැරිසැරූ මම එහි ආදීනව ද සංස්කාරයන්ගේ ස්වභාවය ද මැනවින් දුටුවෙමි. එනිසා සසර දුක් විඳි මම මෙබඳු ස්වල්ප දුකක් විඳිමින් විදසුන් වඩා විශේෂ මගඵල ලැබීම පිළිබඳව කියනු කිම?” යනුවෙන් පිළිතුරු ගාථා දෙකක් වදාළහ.

“නත්‍ථි කොචි භවො නිච‍්චො, සඞ‍්ඛාරා වාපි සස‍්සතා; උප‍්පජ‍්ජන‍්ති ච තෙ ඛන්‍ධා, චවන‍්ති අපරාපරං.

“නත්‍ථිකොචි භවො නිච්චො, සඞ්ඛාරා වාපි සස්සතා, උප්පජ්ජන්ති ච තෙ ඛන්‍ධා, චවන්ති අපරාපරං.

“එතමාදීනවං ඤත්‍වා, භවෙනම‍්හි අනත්‍ථිකො; නිස‍්සටො සබ‍්බකාමෙහි, පත‍්තො මෙ ආසවක‍්ඛයො”ති. –

“එතමාදීනවං ඤත්‍වා භවෙනම්හි අනත්‍ථිකො, නිස්සටො සබ්බකාමෙහි පත්තො මෙ ආසවක්ඛයො.”

ඉමං ගාථාද‍්වයං අභාසි.

තත්‍ථ නත්‍ථි කොචි භවො නිච‍්චොති කම‍්මභවො උපපත‍්තිභවො කාමභවො රූපභවො අරූපභවො සඤ‍්ඤීභවො අසඤ‍්ඤීභවො නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීභවො එකවොකාරභවො චතුවොකාරභවො පඤ‍්චවොකාරභවොති එවංභෙදො, තත්‍ථාපි හීනො මජ‍්ඣිමො උක‍්කට‍්ඨො දීඝායුකො සුඛබහුලො වොමිස‍්සසුඛදුක‍්ඛොති එවංවිභාගො යොකොචි නිච‍්චො ධුවො ථිරො අපලොකියධම‍්මො නත්‍ථි තං තං කාරණං පටිච‍්ච සමුප‍්පන‍්නත‍්තා. යස‍්මා ච එතදෙවං, තස‍්මා සඞ‍්ඛාරා වාපි සස‍්සතා නත්‍ථීති යොජනා. පච‍්චයෙහි සඞ‍්ඛතත‍්තා “සඞ‍්ඛාරා”ති ලද‍්ධනාමෙ හි පඤ‍්චක‍්ඛන්‍ධෙ උපාදාය භවසමඤ‍්ඤාය සඞ‍්ඛාරාව හුත්‍වා සම‍්භූතා ජරාමරණෙන ච විපරිණමන‍්තීති අසස‍්සතා විපරිණාමධම‍්මා. තථා හි තෙ “සඞ‍්ඛාරා”ති වුච‍්චන‍්ති. තෙනාහ උප‍්පජ‍්ජන‍්ති ච තෙ ඛන්‍ධා, චවන‍්ති අපරාපරන‍්ති. තෙ භවපරියායෙන සඞ‍්ඛාරපරියායෙන ච වුත‍්තා පඤ‍්චක‍්ඛන්‍ධා යථාපච‍්චයං අපරාපරං උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා ච ජරාය පරිපීළිතා හුත්‍වා චවන‍්ති පරිභිජ‍්ජන‍්තීති අත්‍ථො. එතෙන “භවො, සඞ‍්ඛාරා”ති ච ලද‍්ධවොහාරා පඤ‍්චක‍්ඛන්‍ධා උදයබ‍්බයසභාවාති දස‍්සෙති. යස‍්මා තිලක‍්ඛණං ආරොපෙත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තස‍්ස තයොපි භවා ආදිත‍්තං විය සඞ‍්ඛතෙ ආදීනවං දොසං පගෙව විපස‍්සනාපඤ‍්ඤාය ජානිත්‍වා අනිච‍්චලක‍්ඛණෙහි දිට‍්ඨා සඞ‍්ඛාරා දුක‍්ඛානත‍්තා විභූතතරා උපට‍්ඨහන‍්ති, තෙනාහ භගවා – “යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා”ති (සං· නි· 3.15).

එහි “නත්‍ථිකොචි භවො නිච්චො” යනු කර්ම භවය උත්පත්ති භවය, කාම භවය, රූප භවය, අරූප භවය, සඤ්ඤී භවය, අසඤ්ඤී භවය, නේවසඤ්ඤී නාසඤ්ඤී භවය, ඒකවෝකාර භවය, චතුවෝකාර භවය, පඤ්ච වෝකාර භවය යනාදී ලෙස මෙසේ භවයන්ගේ ප්‍රභේද වේ. ඒ භවයන් හි ද හීන, මධ්‍යම, උත්කෘෂ්ඨ, දීර්‍ඝායුෂ, සැප බහුල, මිශ්‍ර වූ සුවදුක් ඇති ආදී වශයෙන් විවිධ ස්වභාව ඇත. මේ කිසිදු භවයක් නිත්‍ය, ස්ථිර, සදාතනික නොවේ. ඒ ඒ හේතු කාරණා නිසා උපන් බැවිනි. මේ සෑම භවයක්ම සංස්කාරයෝ වන බැවින් ඒවායෙහි සදාතනික ශාශ්වතභාවයක් නොමැත, හේතු ප්‍රත්‍යයන්ගෙන් සංස්කරණය කරන ලද බැවින් “සංස්කාර” යැයි ලැබූ නම් ඇති පඤ්චස්කන්‍ධය දැඩිව ගැනීමෙන් උපන් “භව” නම් වූ සංස්කාර ද ජරාමරණයන් ගෙන් ද විපරිණාමී ස්වභාවයට යන්නේ ය. අශාශ්වත (සදාතනික නොවන) බැවින් විපරිණාම ධර්මී වේ. එසේම එම භව හේතු ප්‍රත්‍ය සංස්කරණයෙන් හටගත් බැවින් “සංඛත” වූ “සංස්කාර” නම් වේ. පංචස්කන්‍ධය ද දැඩිව ගෙන සංස්කාර යැයි කියති. එනිසා “උප්පජ්ජන්ති ච තෙ ඛන්‍ධා චවන්ති අපරාපරං” යනුවෙන් “නුඹගේ ඒ ස්කන්‍ධයෝ මතු උපදිති. ඒ ඒ භවයෙහි චුත වෙති” යි කියන ලදි. නුඹගේ ‘භව’ නාමයෙන් කියන ලද පඤ්චස්කන්‍ධය ප්‍රත්‍යයන්ට අනුව ම නැවත නැවත උපදියි, උපදිනුයේ ද ජරාවෙන් පෙළී චුත වේ. බිඳේ. වැනසේ යන අර්ථයයි. මේ සංස්කාරයැයි නම් ලද භවයේ පඤ්චස්කන්‍ධය ඇතිවන නැතිවන ස්වභාවයෙන් යුක්ත වේ. සංස්කාරයන් සිහිකරන්නාට ත්‍රිලක්‍ෂණ අවබෝධයෙන් ත්‍රිවිධ භවය ගිනිගත්තාක් මෙන් සංඛත ධර්මයන්ගේ ආදීනව, දෝෂ වැටහේ. විදසුන් ප්‍රඥාවෙන් යුක්තව අනිත්‍යාදී ලක්‍ෂණයන්ගේ දක්නා ලද සංස්කාර දුක්ඛයන්ගේ අනාත්ම ස්වභාවය ඉතා මැනවින් වැටහේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ - “යමක් අනිත්‍ය නම් එය දුක් සහගතය. යමක් දුක් සහගත නම් එය අනාත්ම වේ” යනුවෙන් වදාළහ.

යස‍්මා තිලක‍්ඛණං ආරොපෙත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තස‍්ස තයොපි භවා ආදිත‍්තං විය අගාරං සප‍්පටිභයා උපට‍්ඨහන‍්ති, තස‍්මා ආහ “භවෙනම‍්හි අනත්‍ථිකො”ති. එවං පන සබ‍්බසො භවෙහි විනිවත‍්තියමානස‍්ස කාමෙසු අපෙක‍්ඛාය ලෙසොපි න සම‍්භවතියෙව, තෙනාහ “නිස‍්සටො සබ‍්බකාමෙහී”ති, අම‍්හීති යොජනා. මානුසෙහි විය දිබ‍්බෙහිපි කාමෙහි නිවත‍්තිතචිත‍්තොස‍්මීති අත්‍ථො. පත‍්තො මෙ ආසවක‍්ඛයොති යස‍්මා එවං සුපරිමජ‍්ජිතසඞ‍්ඛාරො භවෙසු සුපරිදිට‍්ඨාදීනවො කාමෙසු ච අනාසත‍්තමානසො තස‍්මා සූලමත්‍ථකෙ නිසින‍්නෙනාපි මෙ මයා පත‍්තො අධිගතො ආසවක‍්ඛයො නිබ‍්බානං අරහත‍්තඤ‍්චාති. අඤ‍්ඤෙහි ච සබ්‍රහ‍්මචාරීහි අප‍්පත‍්තමානසෙහි තදධිගමාය උස‍්සාහො කරණීයොති භික‍්ඛූනං ඔවාදමදාසි.

මෙසේ ත්‍රිලක්‍ෂණ මෙනෙහි කරමින් සංස්කාර ධර්‍ම පිළිබඳ සිහි කරන්නාට ත්‍රිවිධ භවය ම ගිනිගත් ලෙස වැටහී ගිහිගෙය භය සහිත තැනක් ලෙස වැටහේ ද එනිසා “භවෙනම්හි අනත්‍ථිකො” යි “මට භවයෙන් ප්‍රයෝජනයක් නැතැ”යි කියන ලදි. මෙසේ සියලුම ආකාරයෙන් භවයන් හි නොඇලුණු සිත් ඇති, කාමයන් හි කිසිදු අපේක්‍ෂාවක් නොමැති තැනැත්තා නැවත නූපදින්නේම ය. එනිසා “නිස්සටො සබ්බකාමෙහී” යනුවෙන් කියන ලදි. මම මනුෂ්‍ය වූ ද දිව්‍යමය වූ ද සියලු වස්තුකාම, ක්ලේශ කාමයන්ගෙන් දුරුවූ - ඉවත් වූ සිත් ඇත්තෙමි යන අර්ථයයි. “පත්තො මෙ ආසවක්ඛයො” මෙසේ මනාව පිරිසිඳ දැනගත් සංස්කාරමය වූ භවයන්හි ද මනාව දුටු ආදීනව ඇති කාමයන් හි ද නොතැවරුණු සිත් ඇති බැවින් දිවැස් හුල මත සිටියත් මම ආශ්‍රවක්‍ෂය කිරීමෙන් උතුම් වූ නිර්වාණයට, රහත්බවට පත්වූයෙමි. උත්තර තෙරණුවෝ මේ ගාථාවෙන් සෙසු සබ්‍රහ්මචාරී භික්‍ෂූන් වහන්සේලා, අප්‍රමාදීව රහත්වීම සඳහා උත්සාහවත් වූවන් කරනු සඳහා අවවාද දුන්හ.

උත‍්තරත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

උත්තර ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.