යෙදුමෙන් කියවන්න

පිණ‍්ඩොලභාද‍්වාජත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

පිණ‍්ඩොලභාද‍්වාජත්‍ථෙරගාථාවණ‍්ණනා

පිණ්ඩෝලභාරද්වාජ ස්ථවිරගාථා වර්ණනාව

නයිදං අනයෙනාතිආදිකා ආයස‍්මතො පිණ‍්ඩොලභාරද‍්වාජත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ සීහයොනියං නිබ‍්බත‍්තිත්‍වා පබ‍්බතගුහායං විහරති. භගවා තස‍්ස අනුග‍්ගහං කාතුං ගොචරාය පක‍්කන‍්තකාලෙ සයනගුහං පවිසිත්‍වා නිරොධං සමාපජ‍්ජිත්‍වා නිසීදි. සීහො ගොචරං ගහෙත්‍වා නිවත‍්තො ගුහාද‍්වාරෙ භගවන‍්තං දිස‍්වා හට‍්ඨතුට‍්ඨො ජලජථලජපුප‍්ඵෙහි පූජං කත්‍වා චිත‍්තං පසාදෙන‍්තො භගවතො ආරක‍්ඛත්‍ථාය අරඤ‍්ඤෙ වාළමිගෙ අපනෙතුං තීසු වෙලාසු සීහනාදං නදන‍්තො බුද‍්ධගතාය සතියා අට‍්ඨාසි. යථා පඨමදිවසං, එවං සත‍්තාහං පූජෙසි. භගවා සත‍්තාහච‍්චයෙන නිරොධා වුට‍්ඨහිත්‍වා “වත‍්තිස‍්සති ඉමස‍්ස එත‍්තකො උපනිස‍්සයො”ති තස‍්ස පස‍්සන‍්තස‍්සෙව ආකාසං පක‍්ඛන්‍දිත්‍වා විහාරමෙව ගතො. සීහො පාලිලෙය්‍යකහත්‍ථී විය බුද‍්ධවියොගදුක‍්ඛං අධිවාසෙතුං අසක‍්කොන‍්තො කාලං කත්‍වා හංසවතීනගරෙ මහාභොගකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො නගරවාසීහි සද‍්ධිං විහාරං ගතො ධම‍්මදෙසනං සුත්‍වා සත‍්තාහං මහාදානං පවත‍්තෙත්‍වා යාවජීවං පුඤ‍්ඤානි කත්‍වා අපරාපරං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො අම‍්හාකං භගවතො කාලෙ කොසම‍්බියං රඤ‍්ඤො උතෙනස‍්ස පුරොහිතපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති භාරද‍්වාජො නාම නාමෙන. සො වයප‍්පත‍්තො තයො වෙදෙ උග‍්ගහෙත්‍වා පඤ‍්ච මාණවකසතානි මන‍්තෙ වාචෙන‍්තො මහග‍්ඝසභාවෙන අනනුරූපාචාරත‍්තා තෙහි පරිච‍්චජ‍්ජන‍්තො රාජගහං ගන‍්ත්‍වා භගවතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච ලාභසක‍්කාරං දිස‍්වා සාසනෙ පබ‍්බජිත්‍වා භොජනෙ අමත‍්තඤ‍්ඤූ හුත්‍වා විචරන‍්තො සත්‍ථාරා උපායෙන මත‍්තඤ‍්ඤුතාය පතිට‍්ඨාපිතො විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.50.104-109) –

“නයිදං අනයෙන” යනු ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයේ සිංහ රාජයෙක් ව උපන් පිණ්ඩෝල භාරද්වාර හිමි, එක් පර්වත ගුහාවක විසීය. භාග්‍යවතුන් වහන්සේ එම සිංහරාජයාට අනුග්‍රහ පිණිස, ඌ ගොදුරු පිණිස පිටතගිය වේලාවෙහි නිදන ගුහාවට වැඩමවා, නිරෝධ සමාපත්තියට සමවැදුනහ. සිංහයා ගොදුරු ගෙන ගුහාවට පැමිණ, ගුහා දොරකඩ දී භාග්‍යවතුන් වහන්සේ දැක සතුටු සිතින් දිය - ගොඩ හටගත් මලින් උන්වහන්සේ පුදා සිත්පහදවා ගෙන; උන්වහන්සේ ආරක්‍ෂා කරමින් සෙසු නපුරු වල් සතුන් එලවා දැමීම සඳහා තුන් වේලෙහිම සිංහ නාද පවත්වමින් බුදුගුණ මෙනෙහි කරමින් සිටියේ ය. පළමු දින මෙන් ම සත් දිනක් ම මෙසේ පූජා පැවැත් වූ පසු, සත්දින ගෙවීයාමෙන් සමවතින් නැගීසිටි භාග්‍යවතුන් වහන්සේ “මොහුට උපනිශ්‍රය සම්පත් සඳහා මෙපමණක්ම සෑහේ” යැයි දැන, සිංහයා බලා සිටියදීම අහසින් විහාරයට වැඩිසේක. පාරිලෙය්‍ය ඇතා මෙන් සිංහයාට ද බුදුරදුන්ගෙන් වියෝවීම ඉවසාගත නොහැකිව කළුරිය කළේය. මියගිය සිංහයා තිරිසන් භවයෙන් මිදී හංසවතී නුවර මහත් සම්පත් ඇති සිටු පවුලක ඉපිද වැඩිවියට පැමිණ නුවර වැසියන් සමග විහාරයට ගොස් ධර්‍මශ්‍රවණය කළේය. සත්දිනක් මහදන් පවත්වා දිවි ඇති තාක් පින්දහම් සිදුකළ හෙතෙම ඒ ඒ දිව්‍ය - මානුෂික වූ කාම භවයන් හි සැරිසරා අවුත්; අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී කොසඹෑවේ රජ වූ උදේනි රජුගේ පුරෝහිතයාගේ පුතුව ඉපදුණි. ඔහු “භාරද්වාජ” නමින් ප්‍රකට විය. වියටපත් ඒ බමුණු කුමරු, ත්‍රිවේද පාරගතව පන්සීයක් පමණ බමුණු කුමරුවන්ට වේදය උගන්වනුයේ, පිරිස මහත් බැවින් සමීපයේ විසීම අසීරුව, ඒ පිරිස හැරදමා රජගහනුවරට ගියේය. එහිදී භාග්‍යවතුන් වහන්සේට හා භික්‍ෂු මහා සංඝරත්නයට උපන් ලාභ සත්කාර දැක සසුනේ පැවිදි වූ හෙතෙම භෝජනයෙහි පමණ නොදැක මංමුලාව හැසිරෙන කල් හි, ශාස්තෲන් වහන්සේ විසින් උපායෙන් ද භාරද්වාජ උපතින් ම නුවණැති බැවින් ද විදසුනෙහි සිත පිහිටුවන ලදි. නොබෝ දිනකින් ම භාරද්වාජ හිමියෝ ෂඩ්අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක් වූහ. උන්වහන්සේ අපදාන පාළියේ දී මෙසේ පැවසූහ.

“මිගලුද‍්දො පුරෙ ආසිං, විපිනෙ විචරං තදා; අද‍්දසං විරජං බුද‍්ධං, සබ‍්බධම‍්මාන පාරගුං.

“පෙර මම මුව වැද්දෙක් වූයෙමි. වනයේ හැසිරෙමින් සිටි මම සියලු ධර්මයන් හි පරතෙරට ගිය කෙලෙස් දූවිලි පිසදැමූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

“පියාලඵලමාදාය, බුද‍්ධසෙට‍්ඨස‍්සදාසහං; පුඤ‍්ඤක‍්ඛෙත‍්තස‍්ස වීරස‍්ස, පසන‍්නො සෙහි පාණිභි.

පියල් ගෙඩියක් ගෙන පැහැදුණු සිතින් පින්කෙත වූ වීර වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදුවෙමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං ඵලං අදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.

මීට කල්ප තිස් එකකට පෙර යම් ඵල දානයේ විපාකය මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි, -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

ඡළභිඤ‍්ඤො පන හුත්‍වා “භගවතො සම‍්මුඛා යං සාවකෙහි පත‍්තබ‍්බං, තං මයා පත‍්ත”න‍්ති, භික‍්ඛුසඞ‍්ඝෙ ච “යස‍්ස මග‍්ගෙ වා ඵලෙ වා කඞ‍්ඛා අත්‍ථි, සො මං පුච‍්ඡතූ”ති සීහනාදං නදි. තෙන තං භගවා, “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං සීහනාදිකානං යදිදං පිණ‍්ඩොලභාරද‍්වාජො”ති (අ· නි· 1.188, 195) එතදග‍්ගෙ ඨපෙසි. සො එකදිවසං අත‍්තනො සන‍්තිකං උපගතං ගිහිකාලෙ සහායභූතං මච‍්ඡරිං මිච‍්ඡාදිට‍්ඨිබ්‍රාහ‍්මණං අනුකම‍්පමානො තස‍්ස දානකථං කථෙත්‍වා තෙන ච “අයං මම ධනං විනාසෙතුකාමො”ති භකුටිං කත්‍වාපි “තුය‍්හං එකභත‍්තං දෙමී”ති වුත‍්තෙ, “තං සඞ‍්ඝස‍්ස දෙහි මා මය‍්හ”න‍්ති සඞ‍්ඝස‍්ස පරිණාමෙසි. පුන බ්‍රාහ‍්මණෙන “අයං මං බහූනං දාපෙතුකාමො”ති අප‍්පච‍්චයෙ පකාසිතෙ දුතියදිවසං ධම‍්මසෙනාපතිනා සඞ‍්ඝගතාය දක‍්ඛිණාය මහප‍්ඵලභාවප‍්පකාසනෙන තං පසාදෙත්‍වා, “අයං බ්‍රාහ‍්මණො ‘ආහාරගෙධෙන මං දානෙ නීයොජෙසී’ති මඤ‍්ඤති, ආහාරස‍්ස පන මයා සබ‍්බසො පරිඤ‍්ඤාතභාවං න ජානාති, හන්‍ද නං ජානාපෙමී”ති –

ෂඩ් අභිඥාලාභී වූ භාරද්වාජ තෙරණුවෝ, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි (හමුවෙහි) “ශ්‍රාවකයන් විසින් පත්විය යුතු තත්ත්‍වයට (ඵලයට) මා පත්වූයෙමි. ශාසන බඹසරෙහි අග්‍රඵලය ලබාගත්තෙමි.” යි පවසා භික්‍ෂු සංඝයාට “යමකුට ආර්ය මාර්ගයෙහි හෝ ඵලයන්හි සැකයක් වේනම් ඔවුහු මා විමසත්වා! මගෙන් ඒ පිළිබඳ අසත්වා!” යි පවසමින් සිංහනාද පැවැත්වූහ. ඒ නිමිතිකරගෙන භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි! මාගේ භික්‍ෂු මහා ශ්‍රාවකයන් අතුරින් සිංහනාද කර භික්‍ෂූන් ගේ අග්‍රස්ථානයට මේ පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවෝ සුදුසු වෙති”යි අග්‍රස්ථානයෙහි තැබූසේක. එක් දිනක් උන්වහන්සේ තමා ළඟට පැමිණියා වූ පෙර ගිහිව සිටිය දී යහලුවෙකු වූ තද මසුරු මිසදිටුගත් බමුණකුට අනුකම්පා කරමින් දාන කථාවෙන් ධර්‍මදේශනා කළසේක. ඒ දෙසුම ඇසූ බමුණා, “මොහු මගේ ධනය විනාශ කරනු කැමැත්තෙකි”යි බැම හකුළුවා ගෙන “නුඹ වහන්සේට එක බතක් දෙමි”යි කීවේය. එවිට තෙරණුවෝ “ඒ බත සංඝයාට දෙන්න. මා හට නොදෙන්න”යි වදාරා සංඝයාට දන් පිරිනැමූහ. එය ඇසූ බමුණා, නැවත “මෙතෙම මගේ ධනය බොහෝ දෙනෙකුට දීමට කැමති වේ” යැයි අප්‍රසාදය ප්‍රකාශ කළේය. දෙවැනි දිනයෙ (ඊට පසු දින) ධර්ම සේනාපති සැරියුත් තෙරණුවෝ සංඝයාට පිරිනැමූ දක්‍ෂිණාවෙන් මහත් භල ලැබෙන බව පෙන්වා ඒ බමුණා පැහැදවූහ. පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවෝ “මේ බමුණ මා ආහාරයට ඇති ගිජුබව නිසා දන් දීමට යොදවන ලදැයි සිතයි. ආහාරය පිළිබඳ මා යථා ස්වභාවයෙන් පිරිසිඳ දත් බව නොදනියි. එය ඔහුට පවසමි” යි මේ ගාථා දෙක ප්‍රකාශ කළහ.

“නයිදං අනයෙන ජීවිතං, නාහාරො හදයස‍්ස සන‍්තිකො; ආහාරට‍්ඨිතිකො සමුස‍්සයො, ඉති දිස‍්වාන චරාමි එසනං.

“නයිදං අනයෙන ජීවිතං, නාහාරො හදයස්ස සන්තිකො, ආහාරට්ඨිතිකො සමුස්සයො, ඉති දිස්වාන චරාමි එසනං”

“පඞ‍්කොති හි නං අවෙදයුං, යායං වන්‍දනපූජනා කුලෙසු; සුඛුමං සල‍්ලං දුරුබ‍්බහං, සක‍්කාරො කාපුරිසෙන දුජ‍්ජහො”ති. –

“පඞ්කොති හි නං අවෙදයුං, යායං වන්‍දනපූජනා කුලෙසු, සුඛුමං සල්ලං දුරුබ්බහං, සක්කාරො කාපුරිසෙන දුජ්ජහො.”

ගාථාද‍්වයං අභාසි.

තත්‍ථ නයිදං අනයෙන ජීවිතන‍්ති ඉදං මම ජීවිතං අනයෙන අඤායෙන වෙළුදානපුප‍්ඵදානාදිඅනෙසනාය න හොති ජීවිතනිකන‍්තියා අභාවතො. නාහාරො හදයස‍්ස සන‍්තිකොති ආහාරො ච ආහරියමානො මග‍්ගඵලඤාණං විය හදයස‍්ස චිත‍්තස‍්ස සන‍්තිකරො න හොති, කෙවලං පන සජ‍්ජුකං ඛුදාපටිඝාතමත‍්තං කරොතීති අධිප‍්පායො. අථ වා නාහාරො හදයස‍්ස සන‍්තිකොති ආහාරො රසතණ‍්හාවත්‍ථු මෙ හදයස‍්ස සන‍්තිකො ආසත‍්තො න හොති රසතණ‍්හාය එව අභාවතො. “සන‍්තිකෙ”තිපි පඨන‍්ති. යො හි ආහාරගිද‍්ධො ලාභසක‍්කාරප‍්පසුතො විචරති, තස‍්ස ආහාරො හදයස‍්ස සන‍්තිකෙ නාම අභිණ‍්හං මනසිකාතබ‍්බතො. යො පන පරිඤ‍්ඤාතාහාරො, සො තත්‍ථ පහීනච‍්ඡන්‍දරාගො, න තස‍්සාහාරො හදයස‍්ස සන‍්තිකෙ නාම – “කථං නු ඛො ලභෙය්‍ය”න‍්තිආදිමනසිකරණස‍්සෙව අභාවතො. යදි හි ජීවිතනිකන‍්ති ආහාරරසතණ‍්හා ච නත්‍ථි, අථ කස‍්මා පිණ‍්ඩාය චරසීති අනුයොගං මනසි කත්‍වා ආහ “ආහාරට‍්ඨිතිකො සමුස‍්සයො, ඉති දිස‍්වාන චරාමි එසන”න‍්ති. ආහාරො භොජනං ඨිති ඨානං පච‍්චයො එතස‍්සාති ආහාරට‍්ඨිතිකො. “ආහාරපටිබද‍්ධවුත‍්තිකො සමුස‍්සයො කායො”ඉති දිස‍්වාන එවං ඤත්‍වා ඉමමත්‍ථං බුද‍්ධියං ඨපෙත්‍වා චරාමි එසනං, භික‍්ඛාපරියෙසනං කරොමීති අත්‍ථො.

එහි “නයිදං අනයෙන ජීවිතං” මේ මාගේ ජීවිත පැවැත්ම අන්‍යය වූ වේළුදාන පුෂ්පදානාදී නුසුදුසු ආකාරයකින් නො සිදුවේ. ජීවිතය පිළිබඳ දැඩි ආශාවක් මට නැති බැවිනි. “නාහාරො හදයස්ස සන්තිකො” ආහාරය මා අවබෝධ කරගත් මගඵල නුවණ මෙන් සිතේ ශාන්තිය ඇති නොකරයි. හුදෙක් මහා බඩගින්න (කුසගින්න) නිවීම පමණක් ආහාරයෙන් සිදුවේ යන අදහසයි. නැතහොත් “නාහාරො හදයස්ස සන්තිකො” යනු ආහාරය රස තෘෂ්ණා වශයෙන් මගේ හදවතට, සිතට ඇලීමක් ශාන්තියක් ඇති නොකරයි, මා හට රස තෘෂ්ණාවක් නැති හෙයිණි, ඇතැම්හු “සන්තිකෙ” යැයි ද කියති. ආහාරයට ගිජු වූ ගිහියෝ ලාභසත්කාරවලට ඇලී හැසිරේ. ඔවුන්ට ආහාරය සිතට ශාන්තිය එළවයි, සැප ගෙනදෙයි නිතර ඒ පිළිබඳ සිහිපත් කළයුතු හෙයිනි. යමෙක් ආහාරය ඔවුන්ගේ සිතට ශාන්තිය ඇති නොකරයි. කෙසේ නම් ආහාර ලබම්දැයි සිහිකිරීමක් ඔවුන්ට නොමැති බැවිනි, “ඉදින් ජීවත්වීමේ දැඩි ආශාවක් ද තණ්හාවක් ද නැතිනම් කුමක් හෙයින් පිඬුපිණිස හැසිරේද? යන චෝදනාව සිහිකර මෙසේ පවසයි. “ආහාරට්ඨිතිකො සමුස්සයො ඉති දිස්වාන චරාමි එසනං” මේ ශරීරය ආහාරය නිසා පවතීනුයි “ආහාරට්ඨිතික” (ආහාරස්ථිතික) නම් වේ. “මේ ශරීරය ආහාරය සමඟ බැඳුණු පැවතුම් ඇත්තකි” යි දැක, දැක “එම අදහස සිතේ තබාගෙන හැසිරෙමි. එලෙසින් භික්‍ෂා සෙවීම කරන්නෙමි” යන අදහසයි. සිවුපසය නිමිත්තෙන් කුලයන් වෙත පැමිණෙන මා වැන්නෝ එහිදී සිදුවන වැඳුම් පිදුම් ලාභසත්කාර ආදියෙහි බැඳී - ඇලී සිටින්නෝ යැයි නොසිතිය යුතුයැයි දක්වමින් “පඞ්කො” යන ගාථාව පැවසූහ. එහි අර්ථය මෙසේය.

පච‍්චයනිමිත‍්තං කුලානි උපසඞ‍්කමන‍්තො තත්‍ථ වන්‍දනපූජනාහි ලාභසක‍්කාරෙහි ච බජ‍්ඣතීති එවං මාදිසෙසු න චින‍්තෙතබ‍්බන‍්ති දස‍්සෙන‍්තො “පඞ‍්කො”තිගාථං අභාසි. තස‍්සත්‍ථො – යා අයං පච‍්චයනිමිත‍්තං උපගතානං පබ‍්බජිතානං කුලෙසු ගෙහවාසීසු පවත‍්තිස‍්සති ගුණසම‍්භාවනා පූජනා ච, යස‍්මා තං අභාවිතත‍්තානං ඔසීදාපනට‍්ඨෙන මලීනභාවකරණෙන ච පඞ‍්කො කද‍්දමොති බුද‍්ධාදයො අවෙදයුං අබ‍්භඤ‍්ඤාසුං පවෙදෙසුං වා, තස‍්මා සා සප‍්පුරිසානං බන්‍ධාය න හොති සක‍්කාරාසාය පගෙව පහීනත‍්තා. අසප‍්පුරිසස‍්ස පන සක‍්කාරාසා දුවිඤ‍්ඤෙය්‍යසභාවතාය පීළාජනනතො අන‍්තො තුදනතො උද‍්ධරිතුං අසක‍්කුණෙය්‍යතො ච සුඛුමං සල‍්ලං දුරුබ‍්බහං. තතො එව තෙන සක‍්කාරො කාපුරිසෙන දුජ‍්ජහො දුරුබ‍්බහෙය්‍යො තස‍්ස පහානපටිපත‍්තියා අප‍්පටිපජ‍්ජනතො, සක‍්කාරාසාපහානෙන පහීනො හොතීති. තං සුත්‍වා බ්‍රාහ‍්මණො ථෙරෙ අභිප‍්පසන‍්නො අහොසි.

“ඒ මේ ප්‍රත්‍ය නිමිති කරගෙන පැමිණි පැවිද්දන්ට ගිහිගෙයි වසන්නෝ ගුණ සම්භාවනා පූජා දිය පවත්වන්නාහ, ඔවුහු සිත නොවැඩූ බැවින් ඒ ගුණ සම්භාවනාදියේ ගිලා බසිති, පැලීම් ආදියට පත්වෙති. එනිසා “ලාභ සත්කාරාදිය මඩ වගුරකි”යි බුද්ධාදී උතුමෝ පවසති, දන්වති, පෙන්වාදෙති, ඒ ආහාර තණ්හාව, සත්කාර පිළිබඳ ආශාව බුද්ධාදී සත්පුරුෂයන්ට සහමුලින් ම ප්‍රහීණ කළ බැවින් ඇති නොවේ. අසත්පුරුෂයන්ට ලාභ සත්කාර ආශාව පිළිබඳ යථාස්වභාවය නොවැටහෙන බැවින් ද පීඩා ඇතිකරන, ඇතුළත විදින - දැනෙන ස්වභාව ඇති, උදුරා දැමීමට අසමත් වන බැවින් ද සියුම් හුලකි, සැතකි, ඉවසිය නොහැක්කකි, දුරළිය නොහැක්කකි. එසේ ම ඒ සත්කාරය නින්දිත පුරුෂයන් විසින් ඉවත දැමීමට - දුරලීමට නොහැකි වේ. එම ආශාව ප්‍රහීණ කරන පිළිවෙත පිළිපැදීමෙන්, සත්කාරාශව ප්‍රහීණ කිරීමෙන් ම එය නැති කළ යුතුයි. මේ ගාථා දෙක අසා බමුණා තෙරුන් වහන්සේ කෙරෙහි වඩාත් පැහැදුනේය.

පිණ‍්ඩොලභාරද‍්වාජත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

පිණ්ඩෝල භාරද්වාජ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.