වල්ලියත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
වල්ලියත්ථෙරගාථාවණ්ණනා
වලලිය ස්ථවිරගාථා වර්ණනාව
මක්කටො පඤ්චද්වාරායන්තිආදිකා ආයස්මතො වල්ලියත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො ඉතො එකතිංසෙ කප්පෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං කෙනචිදෙව කරණීයෙන අරඤ්ඤං ගතො තත්ථ නාරදං නාම පච්චෙකසම්බුද්ධං රුක්ඛමූලෙ වසන්තං දිස්වා පසන්නමානසො නළෙහි සාලං කත්වා තිණෙහි ඡාදෙත්වා අදාසි. චඞ්කමනට්ඨානඤ්චස්ස සොධෙත්වා වාලුකා ඔකිරිත්වා අදාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණමහාසාලස්ස පුත්තො හුත්වා නිබ්බත්ති, වල්ලියොතිස්ස නාමං අහොසි. සො වයප්පත්තො යොබ්බනමනුප්පත්තො ඉන්ද්රියවසිකො හුත්වා විචරන්තො කල්යාණමිත්තසංසග්ගෙන භගවන්තං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනං පට්ඨපෙත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.50.93-103) –
“මක්කටො පඤ්චද්වාරාය” යනු ආයුෂ්මත් වල්ලිය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි දී කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින්දහම් සිදුකරගත්හ. මෙයින් කල්ප තිස් එකකට පෙරදී සිටුගෙයක ඉපිද වැඩිවිය පත් වූ හෙතෙම, එක් දිනක් කිසියම් කටයුත්තතකට ආරණ්‍යයට ගියේ එහි දී නාරද නම් පසේ බුදුරජාණන් වහන්සේ රුක් මුල වැඩහිඳුනු දැක පැහැදුණු සිතින් බටවලින් ශාලාවක් සාදා තණපතින් එය වසා පූජා කළේය. සක්මන් කරන තැන ද සෝදා පවිත්රකර, වැලි ඇතිරුවේය. ඒ පින්කම නිසා දිව්‍යමානුෂික කාමසුගතීන් හි ම සැරිසැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර බමුණු මහසල් කුලයක ඉපිද, “වල්ලිය” යන නමින් ප්‍රකට විය. වැඩිවියට පත් වල්ලිය බමුණු කුමරු යොවුන් බවින් මත් ව ඉඳුරන් පිනවමින් හැසිරෙන කල්හි කල්යාණමිත්රාශ්රය නිසා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ ධර්මශ්රවණය කළේය. ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි වූ වල්ලිය තෙරුන් නොබෝ කලකින් ම රහත්බවට පත්වූයේය. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පවසති.
“හිමවන්තස්සාවිදූරෙ, හාරිතො නාම පබ්බතො; සයම්භූ නාරදො නාම, රුක්ඛමූලෙ වසී තදා.
“හිමවතට නුදුරෙහි හාරිත නම් පර්වතයක් විය. එකල්හි ලොව දතයුතු සියල්ල තමාම මැනවින් දැනගත් නාරද නම් පසේ බුදුරජාණන් වහන්සේ රුක්මුලක වැඩවිසූහ.
“නළාගාරං කරිත්වාන, තිණෙන ඡාදයිං අහං; චඞ්කමං සොධයිත්වාන, සයම්භුස්ස අදාසහං.
උන්වහන්සේට බටවලින් කුටියක් කරවා, එය තණපතින් හා බටකොළවලින් සෙවෙලි කොට වසා, සක්මන් මළුව ද පිරිසිදු කරවා පිදුවෙමි.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
මැනවින් කරන ලද ඒ කර්මය හා ප්‍රාර්ථනා මහිමය නිසා මිනිස් කය හැර දැමූ මම තව්තිසාවෙහි ඉපදුනෙමි.
“තත්ථ මෙ සුකතං බ්යම්හං, නළකුටිකනිම්මිතං; සට්ඨියොජනමුබ්බෙධං, තිංසයොජනවිත්ථතං.
එහි මා හට පහළ වූ නළකිලිය නම් වූ විමානය සැට යොදුනක් උස් විය. එහි පළල යොදුන් තිසකි.
“චතුද්දසෙසු කප්පෙසු, දෙවලොකෙ රමිං අහං; එකසත්තතික්ඛත්තුඤ්ච, දෙවරජ්ජමකාරයිං.
දෙව් ලොව කල්ප දාහතරක් සිත් ඇලවූ මම සැත්තෑ එක්වරක් දෙව් රජව උපන්නෙමි.
“චතුත්තිංසතික්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං; පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
සක්විති රජව තිස් හතර වාරයක් උපන්නෙමි. මහත් වූ ප්‍රදේශ රාජ සම්පත් අසීමිතව වින්දෙමි.
“ධම්මපාසාදමාරුය්හ, සබ්බාකාරවරූපමං; යදිච්ඡකාහං විහරෙ, සක්යපුත්තස්ස සාසනෙ.
ඒ මම දැන් සියලු ආකාරයෙන් උතුම් උපමා ඇති ධර්ම නම් ප්‍රාසාදයට නැගී ශාක්‍ය පුත්‍ර වූ බුදුරදුන්ගේ සසුනෙහි සුවසේ කැමති සේ වෙසෙමි.
“එකතිංසෙ ඉතො කප්පෙ, යං කම්මමකරිං තදා; දුග්ගතිං නාභිජානාමි, නළකුටියිදං ඵලං.
මීට කල්ප තිස් එකකට පෙර යම් කුසල කර්මයක් කළෙම් ද එදා සිට මේ දක්වා දුගතියක නූපන්නෙමි. නළ කුටියක් පිදීමේ විපාක මෙබඳුය,
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
“දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා පුථුජ්ජනකාලෙ අත්තනො චිත්තස්ස රූපාදිආරම්මණෙසු යථාකාමප්පවත්තියා, ඉදානි අරියමග්ගෙන නිග්ගහිතභාවස්ස ච විභාවනෙන අඤ්ඤං බ්යාකරොන්තො –
රහත්බවට පත් වූ වල්ලිය තෙරණුවෝ, පෙර තමා පුහුදුන් අවස්ථාවෙහි තමාගේ සිතේ පැවති රූපාදී අරමුණුවල කැමති සේ ඇලීසිටීමේ ආශාව දැන් මේ ආර්ය මාර්ගයෙන් නැති කර, ඊට නිග්‍රහ කරනු පිණිසත් සිය රහත් බව ප්‍රකාශ කරනු පිණිසත් මෙම ගාථා දෙක වදාළහ.
“මක්කටො පඤ්චද්වාරායං, කුටිකායං පසක්කිය; ද්වාරෙන අනුපරියෙති, ඝට්ටයන්තො මුහුං මුහුං.
“මක්කටො පඤ්චද්වාරායං කුටිකායං පසක්කිය, ද්වාරෙන අනුපරියෙති ඝට්ටයන්තො මුහුං මුහුං”
“තිට්ඨ මක්කට මා ධාවි, න හි තෙ තං යථා පුරෙ; නිග්ගහීතොසි පඤ්ඤාය, නෙව දූරං ගමිස්සසී”ති. – ගාථාද්වයං අභාසි;
“තිට්ඨ මක්කට මාධාවි, නහිතෙ තං යථා පුරෙ, නිග්ගහීතොසි පඤ්ඤාය නෙව දුරා ගමිස්සසී”
තත්ථ ඝට්ටයන්තොති අත්තනො ලොලභාවෙන රුක්ඛස්ස අඤ්ඤං සාඛං මුඤ්චිත්වා අඤ්ඤස්ස ගහණෙන අනෙකවාරං තත්ථ රුක්ඛං චාලෙන්තො ඵලූපභොගමක්කටො විය තෙන තෙන චක්ඛාදිද්වාරෙන රූපාදිආරම්මණෙසු අඤ්ඤං මුඤ්චිත්වා අඤ්ඤං ගණ්හන්තො චිත්තසන්තානස්ස සමාදානවසෙන නිච්චලං ඨාතුං අප්පදානෙන අභික්ඛණං ඝට්ටයන්තො චාලෙන්තො තස්මිංයෙව රූපාදිආරම්මණෙ අනුපරිවත්තති යථාකාමං විචරති. වත්තමානසමීපතාය චෙත්ථ වත්තමානවචනං. එවං අනුපරියන්තො ච තිට්ඨ, මක්කට, මා ධාවි ත්වං, චිත්තමක්කට, ඉදානි තිට්ඨ මා ධාවි, ඉතො පට්ඨාය තෙ ධාවිතුං න සක්කා, තස්මා න හි තෙ තං යථා පූරෙ යස්මා තං අත්තභාවගෙහං පුබ්බෙ විය න තෙ සෙවිතං පිහිතද්වාරභාවතො, කිඤ්ච නිග්ගහීතොසි පඤ්ඤාය සයඤ්ච ඉදානි මග්ගපඤ්ඤාය කිලෙසාභිසඞ්ඛාරසඞ්ඛාතානං පාදානං ඡෙදනෙන අච්චන්තිකං නිග්ගහං පත්තොසි, තස්මා නෙව දූරං ගමිස්සසි ඉතො අත්තභාවතො දූරං දුතියාදිඅත්තභාවං නෙව ගමිස්සසි යාවචරිමකචිත්තං එව තෙ ගමනන්ති දස්සෙති. “නෙතො දූර”න්තිපි පාඨො, සො එවත්ථො.
එහි “ඝට්ටයන්තො” යනු තමාගේ ලොල්බව නිසා ගසේ එක් අත්තක් හැර දමන විට ම තව අත්තක් අල්ලාගනිමින් නොයෙක් වර ඒ ගසේම එල්ලී සිටින ඵල කැමති වඳුරා මෙන් ඒ ඒ ඇස ආදී දොරටුවලින් රූපාදී අරමුණු එකක් මිදුන විට තව එකක් ගනිමින්, චිත්ත සන්තානයේ සමාධිගතවීම් වශයෙන් නිශ්චලව සිටීමට නොහැකිව, අසමත් ව නිතරම ගැටෙමින් - සැලෙමින් එම රූපාදී අරමුණුවල ම පෙරලෙමින් කැමතිසේ හැසිරෙයි. වර්තමානයට සමීප බැවින් මෙහි දී වත්තමාන විභක්තිය යොදන ලදි. මෙසේ “එහෙ - මෙහෙ යමින් ම සිටින වඳුර! එක තැනක සිටුව, නොදුවන්න, සිත නම් වඳුර! දැන් සිටුව, අරමුණු පසුපස නොදුවන්න. මෙතැන් සිට ඔබට දිවීමට නොහැකිය”, කුමක් නිසා ද? “නහි තෙ තං යථා පුරෙ” නුඹගේ ඒ කිළිය පෙර සේ නැත. ඒ ආත්මභාවය නම් ගෙය පෙර මෙන්, ඇසුරු කිරීමට නුඹට නොහැක්කෙහිය. එහි දොරටු වැසු බැවිනි. කිසිවක් යටපත් කරන, නසන ලද්දෙහි තමා ම දැන් තම ප්‍රඥාවෙන් ද මාර්ග ප්‍රඥාවෙන් ද කෙලෙස් රැස්කිරීම - සංස්කරණය කිරීම නම් වූ උපාදානයන්ගේ සිඳීමෙන්, අතිශයින් ම නිග්‍රහ කිරීමට පැමිණියෙහි ද එනිසා ඉතා දුර නො යන්නෙහි! මේ ආත්ම භාවයෙන් දුරට හෙවත් දෙවැනි ආත්ම භාවයකට නොයන්නෙහිය. “නුඹගේ ගමන මේ ජීවිතයේ අවසන් සිත පහළවීම දක්වා පමණි” යන අර්ථය දක්වයි. ඇතැම් හු මෙම අර්ථය ම ඇති “නෙතෙ දූරං” යන පාඨය ද දක්වති.
වල්ලියත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
වල්ලිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.