යෙදුමෙන් කියවන්න

ගඞ‍්ගාතීරියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ගඞ‍්ගාතීරියත්‍ථෙරගාථාවණ‍්ණනා

ගඞ්ගාතීරිය ස්ථවිරගාථා වර්ණනාව

තිණ‍්ණං මෙ තාලපත‍්තානන‍්තිආදිකා ආයස‍්මතො ගඞ‍්ගාතීරියත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සාසනෙ අභිප‍්පසන‍්නො හුත්‍වා භික‍්ඛුසඞ‍්ඝස‍්ස පානීයමදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං අඤ‍්ඤතරස‍්ස ගහපතිස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, “දත‍්තො”තිස‍්ස නාමං අහොසි. සො වයප‍්පත‍්තො ඝරාවාසං වසන‍්තො අගමනීයට‍්ඨානභාවං අජානිත්‍වා වීතික‍්කමං කත්‍වා පුන අගමනීයට‍්ඨානභාවං ඤත්‍වා සංවෙගජාතො පබ‍්බජිත්‍වා තං කම‍්මං ජිගුච‍්ඡිත්‍වා ලූඛපටිපත‍්තිං අනුතිට‍්ඨන‍්තො පංසුකූලචීවරං ඡවසිත‍්තසදිසං මත‍්තිකාපත‍්තඤ‍්ච ගහෙත්‍වා ගඞ‍්ගාතීරෙ තීහි තාලපත‍්තෙහි කුටිකං කත්‍වා විහාසි, තෙනෙවස‍්ස ගඞ‍්ගාතීරියොති සමඤ‍්ඤා අහොසි. සො “අරහත‍්තං අප‍්පත්‍වා න කෙනචි සල‍්ලපිස‍්සාමී”ති චිත‍්තං අධිට‍්ඨාය පඨමං සංවච‍්ඡරං තුණ‍්හීභූතො වචීභෙදං අකරොන‍්තොව විහාසි. දුතියෙ සංවච‍්ඡරෙ ගොචරගාමෙ අඤ‍්ඤතරාය ඉත්‍ථියා “මූගො නු ඛො නො”ති වීමංසිතුකාමාය පත‍්තෙ ඛීරං ආසිඤ‍්චන‍්තියා හත්‍ථවිහාරෙ කතෙපි ඔකිරිතෙ, “අලං, භගිනී”ති වාචං නිච‍්ඡරි. තතියෙ පන සංවච‍්ඡරෙ අන‍්තරවස‍්සෙව ඝටයන‍්තො වායමන‍්තො අරහත‍්තං පාපුණි, තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.50.51-56) –

“තිණ්ණං මෙ තාලපත්තානං” යන මේ ගාථාව ආයුෂ්මත් ගංගාතීරිය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්හ. වියපත් ඒ සිටුකුමරු බුදුසසුනෙහි දැඩිව පැහැදී භික්‍ෂු සංඝයාට පැන් පූජා කළේය. ඒ පින්කම් විපාක වශයෙන් දෙව්ලොව උපන් හෙතෙම, තව තවත් පින්දහම් සිදුකරමින් දෙව් මිනිස් දෙගතියෙහි ම සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර එක්තරා ගහපතියකුගේ පුතු ව ඉපිද, “දත්ත” නමින් ප්‍රකට විය. වැඩිවියට පත් එකුමරු ගිහිගෙයි වසන්නේ පරලොවක්, සසර ගමනක් ඇති බව නොදැන සමාජ නීති ඉක්මවා හැසිරුනේය. නමුත් නැවත සසර ගමනක් ඇති බව දැන උපන් සංවේග ඇති දත්ත සිටුකුමරු බුදුසසුනේ පැවිදිව, තමාගේ පෙර ක්‍රියා පිළිකුල් කරමින් ඉතා දැඩි රූක්‍ෂ ප්‍රතිපත්තිවල පිහිටියේ ය. දත්ත හිමියෝ පාංශුකූල සිවුරු පමණක් ම පෙරවූහ. මිනීවලට දිය ඉසින බඳුනක් වැනි මැටි පාත්‍රයක් රැගෙන ගංගාතීරයට වැඩම කළ උන්වහන්සේ එහි තල් පත්‍ර තුනකින් කුටියක් සාදාගෙන වාසය කළහ. එනිසා උන්වහන්සේ “ගංගාතීරිය” නමින් ප්‍රකට වූහ. උන්වහන්සේ “රහත් බවට පත්වන තෙක්ම මම කිසිවකු හා කථා නොකරමි” යි යන අධිෂ්ඨානයෙන්, වසරක් ම නිශ්ශබ්දව වචීභේද නොකර ම විසූහ. දෙවැනි වසරේ දී පිඬුපිණිස යන ගමෙහි එක් ස්ත්‍රියක්, “මෙහිමියෝ ගොළුවූවෙක්දැ?යි විමසනු කැමැත්තී පාත්‍රයට කිරි වත්කරන්නී අතින් සංඥා කළ මුත් පාත්‍රය උතුරායන තෙක් කිරි වත් කරන්නට විය. එවිට ගංගාතීරිය හිමියෝ, “නැගණියෙනි! දැන් ඇති” යි පැවසූහ. මෙසේ හික්මුණු උන්වහන්සේ තෙවැනි වසරේ වස්කාලය තුල දී වෑයම් කර, උත්සාහ කර රහත්බවට පත්වූහ. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ පැවසූහ.

“පදුමුත‍්තරබුද‍්ධස‍්ස , භික‍්ඛුසඞ‍්ඝෙ අනුත‍්තරෙ; පසන‍්නචිත‍්තො සුමනො, පානීඝටමපූරයිං.

“මම පදුමුත්තර බුදුරදුන්ගේ අනුත්තර වූ භික්‍ෂු සංඝයා කෙරෙහි පහන් සිත් ඇත්තෙම්, සොම්නස් වූයේම පැන්කළයක් පිදුයෙමි.

“පබ‍්බතග‍්ගෙ දුමග‍්ගෙ වා, ආකාසෙ වාථ භූමියං; යදා පානීයමිච‍්ඡාමි, ඛිප‍්පං නිබ‍්බත‍්තතෙ මම.

පර්වත මුදුනෙහි හෝ ගස් මුදුනක හෝ අහසෙහි හෝ පොළවෙහි හෝ යම් කලෙක පැන් කැමති වූ මා හට පැන් ලැබේ.

“සතසහස‍්සිතො කප‍්පෙ, යං දානමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, දකදානස‍්සිදං ඵලං.

මීට කල්ප ලක්‍ෂයකට පෙර යම්බඳු පැන් දානයක් දුන්නෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා ම දුගතියක නූපන්නමෙි. පැන් පිදීමේ විපාකය මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහා පන හුත්‍වා අත‍්තනො පුබ‍්බභාගපටිපත‍්තියා විභාවනමුඛෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

රහත් බවට පත් වූ උන්වහන්සේ, තමාගේ පූර්ව භාග ප්‍රතිපත්තිය ප්‍රකට කිරීම සඳහා රහත් බව ප්‍රකාශ කරන සේක්, මේ ගාථා දෙක වදාළහ.

“තිණ‍්ණං මෙ තාලපත‍්තානං, ගඞ‍්ගාතීරෙ කුටී කතා; ඡවසිත‍්තොව මෙ පත‍්තො, පංසුකූලඤ‍්ච චීවරං.

“තිණ්ණං මෙ තාලපත්තානං ගංගාතීරෙ කුටී කතා, ඡවසිත්තොව මෙ පත්තො පංසුකූලං ච චීවරං”

“ද‍්වින‍්නං අන‍්තරවස‍්සානං, එකා වාචා මෙ භාසිතා; තතියෙ අන‍්තරවස‍්සම‍්හි, තමොඛන්‍ධො පදාලිතො”ති. – ගාථාද‍්වයං අභාසි;

“ද්වින්නං අන්තරවස්සානං එකා වාචා මෙ භාසිතා, තතියෙ අන්තරවස්සම්හි තමොක්ඛන්‍ධො පදාළිතො”

තත්‍ථ තිණ‍්ණං මෙ තාලපත‍්තානං, ගඞ‍්ගාතීරෙ කුටී කතාති තාලරුක‍්ඛතො පහිතෙහි තීහි තාලපණ‍්ණෙහි මය‍්හං වස‍්සනපරිහරණත්‍ථං ගඞ‍්ගාය නදියා තීරෙ කුටිකා කතා. තෙන අත‍්තනො සෙනාසනසන‍්තොසං දස‍්සෙති. වුත‍්තඤ‍්හි ධම‍්මසෙනාපතිනා –

එහි “තිණ්ණං මෙ තාලපත්තානං ගංගාතීරෙ කුටී කතා” යනු තල් ගසින් වැටුණු තල් කොළ තුනකින් මාහට වැස්සෙන් වන උවදුරු, දුරුකර ගැනීමට ගඟ ඉවුරෙහි කුටියක් සාදාගත්තෙමි. මේ ප්‍රකාශයෙන් තමාගේ සෙනසුන පිළිබඳ තෘප්තිමත් භාවය සතුටුවීම දක්වයි. දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ මෙසේ වදාළහ.

“පල‍්ලඞ‍්කෙන නිසින‍්නස‍්ස, ජණ‍්ණුකෙ නාභිවස‍්සති; අලං ඵාසුවිහාරාය, පහිතත‍්තස‍්ස භික‍්ඛුනො”ති. (ථෙරගා· 985; මි· ප· 6.1.1);

“පල්ලඞ්කෙන නිසින්නස්ස ජන්නුකෙ නාභිවස්සති, අලං ඵාසු විහාරාය පහිතත්තස්ස භික්ඛුනො”

“පලක් බැඳ හුන්නා වූ ධ්‍යාන වඩන භික්‍ෂුවගේ දණමඬල දක්වා වූ ප්‍රදේශය නොතෙමේ නම්, එය උන්වහන්සේට පහසු විහරණයකි.”

“තාලපත‍්තීන”න‍්තිපි පාඨො, සො එවත්‍ථො. ඡවසිත‍්තොව මෙ පත‍්තොති මය‍්හං පත‍්තො ඡවසිත‍්තසදිසො, මතානං ඛීරසෙචනකුණ‍්ඩසදිසොති අත්‍ථො . පංසුකූලඤ‍්ච චීවරන‍්ති චීවරඤ‍්ච මෙ අන‍්තරමග‍්ගසුසානාදීසු ඡඩ‍්ඩිතනන‍්තකෙහි කතං පංසුකූලං. පදද‍්වයෙන පරික‍්ඛාරසන‍්තොසං දස‍්සෙති.

ඇතැම්හු “තාලපත්තීනං” යන පාඨය දක්වති. එහි ද මේ අර්ථයම ඇත. “ඡවසිත්තොව මෙ පත්තො” යනු මගේ පාත්‍රය මිනීවලට දිය - කිරි ඉසින බඳුනක් වැනිය. මළවුන්ගේ සිරුරට කිරිදිය ඉසින කුඩා බඳුනක් වැනිය. “පංසුකූලං ච චීවරං” මේ මගේ සිවුර ද අතරමග, සොහොන් ආදියේ අත්හැර දැමූ රෙදිකඩවලින් සාදාගත් පාංශුකූලයකි. මේ දෙපදයෙන් උන්වහන්සේගේ පිරිකර ආහාර - වස්ත්‍ර ලැබී මෙහි තෘප්තිමත් භාවය දක්වයි.

ද‍්වින‍්නං අන‍්තරවස‍්සානන‍්ති ද‍්වීසු අන‍්තරවස‍්සෙසු පබ‍්බජිතතො අරහත‍්තමප‍්පත‍්තසංවච‍්ඡරෙසු. එකා වාචා මෙ භාසිතාති එකා, “අලං, භගිනී”ති ඛීරපටික‍්ඛෙපවාචා එව මයා වුත‍්තා, අඤ‍්ඤො තත්‍ථ වචීභෙදො නාහොසි. තෙන උක‍්කංසගතං කායවචීසංයමං දස‍්සෙති. තතියෙ අන‍්තරවස‍්සම‍්හීති තතියස‍්ස සංවච‍්ඡරස‍්ස අබ‍්භන‍්තරෙ, තස‍්මිං අපරිපුණ‍්ණෙයෙව. තමොඛන්‍ධො පදාලිතොති අග‍්ගමග‍්ගෙන තමොඛන්‍ධො භින‍්නො, අවිජ‍්ජානුසයො සමුච‍්ඡින‍්නොති අත්‍ථො. තෙන තදෙකට‍්ඨතාය සබ‍්බකිලෙසානං අනවසෙසප‍්පහානං වදති.

“ද්වින්නං අන්තර වස්සානං” පැවිදිව වසර දෙකක් තුල දී රහත්බවට පත් වූ වසරේදී “එකා වාචා මෙ භාසිතා” එකම වදනක් “නැගණියෙනි! ඇති” යන කිරි ප්‍රතික්‍ෂේප කිරීම සඳහා වූ එකම වචනයක් මවිසින් පවසන ලදි. මා හට වෙනත් කිසිදු වාග් භේදයක් සිදුනොවිණි. මෙම ප්‍රකාශයෙන් උසස් බවට ගිය කාය - වාග් සංවරබව දක්වයි. “තතියෙ අන්තරවස්සම්හී” තෙවැනි (පැවිද්දෙන්) වසර තුළදීම එය නිමවීමට පෙරදීම “තමොක්ඛන්‍ධො පදාළිතො” යනු “ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් මම මෝහ නැමති කෙලෙස් කඳ බිඳ දැමුවෙමි. අවිද්‍යාදී අනුසයන් මුලිනුපුටා දැමුවෙමි” යන අදහසයි. මේ පදයෙන් මුලුමනින් ම කෙලෙස් නසා අර්හත් ඵලය සාක්‍ෂාත් කළ බව පවසයි.

ගඞ‍්ගාතීරියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ගංගාතීරිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.