අජිනත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
අජිනත්ථෙරගාථාවණ්ණනා
අජින ස්ථවිරගාථා වර්ණනාව
අපි චෙ හොති තෙවිජ්ජොතිආදිකා ආයස්මතො අජිනත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො බුද්ධසුඤ්ඤෙ ලොකෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො කෙනචිදෙව කරණීයෙන අරඤ්ඤං ගතො තත්ථ සුචින්තිතං නාම පච්චෙකසම්බුද්ධං ආබාධෙන පීළිතං නිසින්නං දිස්වා උපසඞ්කමිත්වා වන්දිත්වා භෙසජ්ජත්ථාය පසන්නමානසො ඝතමණ්ඩං අදාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා අපරාපරං පුඤ්ඤානි කත්වා සුගතීසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං අඤ්ඤතරස්ස දලිද්දබ්රාහ්මණස්ස ගෙහෙ පටිසන්ධිං ගණ්හි. තං විජායනකාලෙ අජිනචම්මෙන සම්පටිච්ඡිංසු. තෙනස්ස අජිනොත්වෙව නාමං අකංසු. සො භොගසංවත්තනියස්ස කම්මස්ස අකතත්තා දලිද්දකුලෙ නිබ්බත්තො වයප්පත්තොපි අප්පන්නපානභොජනො හුත්වා විචරන්තො ජෙතවනපටිග්ගහණෙ බුද්ධානුභාවං දිස්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තො නචිරස්සෙව ඡළභිඤ්ඤො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.43.78-87) –
“අපිචෙහොති තෙවිජ්ජො” යනු ආයුෂ්මත් අජින තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින් රැස් කරමින් පැමිණි උන්වහන්සේ, එක් බුද්ධශූන්‍ය වූ කාලයක (ලොව) සිටුගෙයක උපන්හ. වැඩිවියට පත් ඒ සිටුකුමරු කිසියම් කටයුත්තකට කැළයට ගියවිට, එහි දී “සුචිත්තිත” නම් පසේ බුදුරජාණන් වහන්සේ අසනීප වී වැඩ හිඳිනු දැක - සමීපයට ගොස් වැඳ පැහැදුණු සිතින් බෙහෙත් සඳහා ගිතෙල් ස්වල්පයක් පිළිගැන්වීය. ඒ පින්කමේ විපාක ලෙස දෙව් ලොව ඉපිද තව තවත් පින්දහම් සිදුකර කාමසුගතීන් හි ම සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක් දිළිඳු බමුණකුට දාව බැමිණියගේ කුස පිළිසිඳ ගත්තේය. එකුමරු බිහිවන මොහොතෙහි අඳුන් දිවි සමකින් පිළිගත් බැවින් “අජින” නාමය තබනලදි. ඔහු භවභෝග ලැබීමට නිසි පිනක් නොකළ බැවින් දිළිඳු පවුලක ඉපදී, වැඩිවියට පත්වුවත් අල්ප වූ ආහාර පාන ඇති බැවින් ඔබිනොබ ඇවිදගියේය. එවිට ජේතවනාරාමය පිළිගන්නා අවස්ථාවෙහි බුද්ධානුභාවය දැකීමෙන් හටගත් ශ්‍රද්ධාව නිසා බුදුසසුනේ පැවිදිවූ හෙතෙම විදසුන් කමටහන් වඩා නොබෝ දිනකින් ම ෂඩ් අභිඥාලාභී විය. අපදාන පාළියේ අජින තෙරණුවෝ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ -
“සුචින්තිතං භගවන්තං, ලොකජෙට්ඨං නරාසභං; උපවිට්ඨං මහාරඤ්ඤං, වාතාබාධෙන පීළිතං.
“සුචින්තිත නම් (ලොවට ජ්‍යෙෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ) පසේ බුදුන් වහන්සේ වාතාබාධයකින් පීඩිතව මහ වනයේ වැඩ වසනු දුටු මම, සිත පහදවා පිරිසිදු ගිතෙල් ස්වල්පයක් පිළිගැන්වූයෙමි.
“දිස්වා චිත්තං පසාදෙත්වා, ඝතමණ්ඩමුපානයිං; කතත්තා ආචිතත්තා ච, ගඞ්ගා භාගීරථී අයං.
මේ පින්කම කිරීමෙන් හා වැඩූ සිත් ඇති බැවින් මෙම භගීරථි ගඟ ද සිවුමහ සමුදුරු ද මගේ අදහස අනුව මී සකුරු බවට පත්වේ. සිවුමහ දිවයිනට අයත් වූ මේ වෘක්ෂයෝ පවා මගේ අදහස අනුව කල්ප වෘක්ෂයෝ වෙති. මම වසර පනහක් දෙව් රජය කරවූයෙමි,
“මහාසමුද්දා චත්තාරො, ඝතං සම්පජ්ජරෙ මම; අයඤ්ච පථවී ඝොරා, අප්පමාණා අසඞ්ඛියා.
“මම සඞ්කප්පමඤ්ඤාය, භවතෙ මධුසක්කරා; චාතුද්දීපා ඉමෙ රුක්ඛා, පාදපා ධරණීරුහා.
“මම සඞ්කප්පමඤ්ඤාය, කප්පරුක්ඛා භවන්ති තෙ; පඤ්ඤාසක්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජමකාරයිං.
“එකපඤ්ඤාසක්ඛත්තුඤ්ච, චක්කවත්තී අහොසහං; පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
පනස් එක් වාරයක් සක්විති රජව උපන්නෙමි, මා ලැබූ ප්‍රදේශ රාජ සම්පත්තිය පමණ කළ නොහැක.
“චතුන්නවුතිතො කප්පෙ, යං දානමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඝතමණ්ඩස්සිදං ඵලං.
මෙයින් කල්ප අනූ හයකට පෙර යම් ගිතෙල් දානයක් දුන්නෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. පිරිසිදු ගිතෙල් පිදීමේ විපාකය මෙබඳුය,
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වාපි පුරිමකම්මනිස්සන්දෙන අප්පලාභී අප්පඤ්ඤාතොව අහොසි. උද්දෙසභත්තසලාකභත්තානිපි ලාමකානෙව පාපුණන්ති. කම්මඵලෙනෙව ච නං පුථුජ්ජනා භික්ඛූ සාමණෙරා ච “අප්පඤ්ඤාතො”ති අවමඤ්ඤන්ති. ථෙරො තෙ භික්ඛූ සංවෙජෙන්තො –
පෙර කර්ම නිසා රහත් බවට පත් වූවත් අල්ප ලාභ ඇතිව අප්‍රකට ව උන්වහන්සේ විසූහ. උදෙසන බත්, සලාක බත් ආදිය ද අල්පව ලැබේ. කර්ම බලය නිසා පුහුදුන් භික්ෂූහු හා සාමණේරාදීහු අජින තෙරුන්ට “අප්‍රකට වූවෙකු”යි අවමන් කළහ. උන්වහන්සේ එම භික්ෂූන්ට සංවේග උපදවමින් මේ ගාථා දෙක වදාළහ.
“අපි චෙ හොති තෙවිජ්ජො, මච්චුහායී අනාසවො; අප්පඤ්ඤාතොති නං බාලා, අවජානන්ති අජානතා.
“අපි චෙ හොති තෙවිජ්ජො මච්චුහායී අනාසවො, අප්පඤ්ඤාතොති නං බාලා අවජානන්ති අජානනා”
“යො ච ඛො අන්නපානස්ස, ලාභී හොතීධ පුග්ගලො; පාපධම්මොපි චෙ හොති, සො නෙසං හොති සක්කතො”ති. –
“යො ච ඛො අන්නපානස්ස ලාභී හොතීධ පුග්ගලො, පාපධම්මොපි චෙ හොති සො නෙසං හොති සක්කතො”
ගාථාද්වයං අභාසි.
තත්ථ අපීති සම්භාවනෙ නිපාතො. චෙති පරිකප්පනෙ. හොතීති භවති. තිස්සො විජ්ජා එතස්සාති තෙවිජ්ජො. මච්චුං පජහතීති මච්චුහායී. කාමාසවාදීනං අභාවෙන අනාසවො. ඉදං වුත්තං හොති – දිබ්බචක්ඛුඤාණං පුබ්බෙනිවාසඤාණං ආසවක්ඛයඤාණන්ති ඉමාසං තිස්සන්නං විජ්ජානං අධිගතත්තා තෙවිජ්ජො තතො එව සබ්බසො කාමාසවාදීනං පරික්ඛීණත්තා අනාසවො ආයතිං පුනබ්භවස්ස අග්ගහණතො මරණාභාවෙන මච්චුහායී යදිපි හොති, එවං සන්තෙපි අප්පඤ්ඤාතොති නං බාලා අවජානන්ති යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තං සදත්ථං අනුපාපුණිත්වා ඨිතම්පි නං උත්තමං පුරිසං “ධුතවාදො බහුස්සුතො ධම්මකථිකො”ති උප්පන්නලාභස්ස අභාවතො “න පඤ්ඤාතො න පාකටො”ති බාලා දුම්මෙධපුග්ගලා අවජානන්ති, කස්මා? අජානතා අජානනකාරණා ගුණානං අජානනමෙව තත්ථ කාරණන්ති දස්සෙති.
එහි “අපි” යනු සම්භාවනාර්ථයේ නිපාතයකි. “චෙ” යනු පරිකල්පනාර්ථයේ නිපාතයකි. “හොති” වේ මොහුට ත්‍රිවිද්‍යාව ඇත යන අරුතින් “තෙවිජ්ජො” නම් වේ. මරණය නවතාලූයේය යන අරුතින් “මච්චුහායී” නම් වේ. කාමාදී ආශ්‍රව නොමැති නිසා “අනාසවො” නම් වේ. මෙහි අරුත මෙසේ දතයුතුයි. දිව්‍ය චක්ෂුඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, අසවක්ෂය ඥානය යන මේ ත්‍රිවිද්‍යාව. අවබෝධ කරගත් බැවින් තේවිජ්ජ නම් වූ, එසේ ම සියලු කාමාදී ආශ්‍රව ක්ෂය කළ බැවින් අනාශ්‍රව නම් වූ නැවත අනාගත උත්පත්තියක් නොමැති බැවින් මරණාදියෙන් තොරවූ නිසා මච්චුනායී නම් වේ. ඉදින් මෙසේ ගුණමහිම පැවතියත් මෝඩයෝ මැනවින් ගිහිගෙයින් නික්ම, අනගාරී සසුනෙහි පැවිදිවේ ද ඒ අර්ථයක් සඳහා කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙයින් නික්ම, අනගාරී සසුනෙහි පැවිදිවේ ද ඒ අර්ථයට මනාව පැමිණියා වූ උතුම් පුරුෂයා, “ධුතවාදියෙකි”, “බහුශ්‍රැතයෙකි”, “ධර්මකථිකයෙකි” යනුවෙන් කීර්ති ප්‍රශංසාදියක් නොමැති හෙයින් “අප්රකටයෙකි” “සැඟවුණු කෙනෙකි” යි බාලයෝ හා මෝඩ - අනුවණ පුද්ගලයෝ අවමන් කරති. කුමක් නිසා ද? “අජානනා” නොදන්නා බැවිණි. “ගුණයන්ගේ නොදැනීමෙන් ම මෙ කරුණ සිදුවේ” යැයි දක්වයි.
යථා ච ගුණානං අජානනතො බාලා ලාභගරුතාය සම්භාවනීයම්පි අවජානන්ති, එවං ගුණානං අජානනතො ලාභගරුතාය එවං අවජානිතබ්බම්පි සම්භාවෙන්තීති දස්සෙන්තො දුතියං ගාථං ආහ. තත්ථ යොති අනියමවචනං. ච-සද්දො බ්යතිරෙකෙ, තෙන යථාවුත්තපුග්ගලතො ඉමස්ස පුග්ගලස්ස වුච්චමානංයෙව විසෙසං ජනෙති. ඛොති අවධාරණෙ. අන්නපානස්සාති නිදස්සනමත්තං. ලාභීති ලාභවා. ඉධාති ඉමස්මිං ලොකෙ. ජරාමරණෙහි තස්ස තස්ස සත්තාවාසස්ස පූරණතො ගලනතො ච පුග්ගලො. පාපධම්මොති ලාමකධම්මො. අයඤ්හෙත්ථ අත්ථො – යො පන පුග්ගලො චීවරාදිපච්චයමත්තස්සෙව ලාභී හොති, න ඣානාදීනං, සො පාපිච්ඡතාය දුස්සීලභාවෙන හීනධම්මොපි සමානො ඉධ ඉමස්මිං ලොකෙ බාලානං ලාභගරුතාය සක්කතො ගරුකතො හොතීති.
ඒ උතුමන්ගේ ගුණ නොදන්නා බැවින් බාලයෝ ලාභ - කීර්ති මත පිහිටා ගරු කළ යුත්තන්ට අවමන් කරති. මෙසේ ගුණ නොදැනීමෙන් ලාභාදිය ගරු කරන්නන්ට ම මෙසෙ අවමන් කළ යුතු යැයි දක්වමින් දෙවැනි ගාථාව පවසන ලදි. එහි “යො” යනු අනියමාර්ථ වචනයකි. යමෙක්, “ච” ශබ්දය වැඩි ශබ්දයකි. ඉන් මුලින් පැවසූ පුද්ගලයාම, ඒ පුද්ගලයා පිළිබඳව ම විශේෂයක් ඇති කරයි. “ඛො” යනු අවධාරණාර්ථයේ නිපාතයකි. “අන්නපානස්ස” යනු නිදසුනක් - දැක්වීම පමණි. ආහාර පානාදියක් “ලාභී” ලබන්නේ හෝ වේද, “ඉධ” මේ ලෝකයේ ජරාමරණ දෙකින් ඒ ඒ සත්තාවාසයන් පුරවන බැවින් වගුරුවන බැවින් “පුග්ගල” නම් වේ. “පාපධම්මො” ලාමක පවිටු දහම් ඇති, මෙහි අර්ථ මෙසේ දත යුතුයි, - “යම් පුද්ගලයෙක් චීවරා දී ප්‍රත්‍ය පමණක්ම ලබන්නේ ද ධ්‍යානාදියක් නොලබන්නේ ද, ඔහු පවිටු බැවින් ද දුසිල් බැවින් ද හීන වූ ධර්ම ඇති බැවින් ද මේ ලෝකයේ වෙසෙන මෝඩයන්ගේ ලාභගරු බවට, සත්කාර කිරීමට, ගරුකිරීමට පත්වේ. ලක්වේ.”
අජිනත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
අජින ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.