මෙලජිනත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
මෙලජිනත්ථෙරගාථාවණ්ණනා
මෙලජින ස්ථවිරගාථා වර්ණනාව
යදාහං ධම්මමස්සොසින්තිආදිකා ආයස්මතො මෙළජිනත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො සුමෙධස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං භගවන්තං පිණ්ඩාය ගච්ඡන්තං දිස්වා පසන්නමානසො මධුරං ආමොදඵලං අදාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ බාරාණසියං ඛත්තියකුලෙ නිබ්බත්තිත්වා මෙළජිනොති ලද්ධනාමො විජ්ජාසිප්පෙසු නිප්ඵත්තිං ගතො පණ්ඩිතො බ්යත්තො දිසාසු පාකටො අහොසි. සො භගවති බාරාණසියං ඉසිපතනෙ විහරන්තෙ විහාරං ගන්ත්වා සත්ථාරං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනං පට්ඨපෙත්වා තදහෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.51.57-62) –
“යදාහං ධම්මස්සොසිං” යනු ආයුෂ්මත් මේළජින තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයන්හි දී පින් රැස් කරමින් පැමිණ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපදුනහ. වියපත් වූ සිටුකුමරු භාග්‍යවතුන් වහන්සේ පිඬුපිණිස වැඩම කරනු දැක, පැහැදුණු සිතින් එක් මිහිරි ආමෝද ඵලයක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිසුන් අතර සැරි සැරූ ඔහු මේ බුද්ධෝත්පාද කාලයෙහි බරණැස් නුවර ක්ෂත්රිය කුලයක ඉපිද, “මේළජින” යන නමින් හැඳින්විණි. සියලු විද්‍යා ශිල්ප ශාස්ත්‍රයන්හි කෙළවරට පැමිණි, පණ්ඩිත වූ විශාරද වූ හෙතෙම සියලු දිශාවන්හි ප්‍රකට විය. භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතනයේ වැඩවසන කල්හි එම විහාරයට ගිය මේළජින ධර්මශ්රවණ කිරීමෙන් ලැබූ ශ්‍රද්ධා ඇතිව බුදුසසුනේ පැවිදි විය. විදසුනෙහි සිත පිහිටවූ මේළජින තෙරණුවෝ පැවිදි වූ දිනම රහත් වූහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පැවසූහ -
“සහස්සරංසී භගවා, සයම්භූ අපරාජිතො; විවෙකා වුට්ඨහිත්වාන, ගොචරායාභිනික්ඛමි.
“තමාම අවබෝධ කරගත් සත්‍ය ඇති, අපරාජිත වූ දහසක් රැස් දරන්නා වූ සිද්ධත්ථ නම් බුදුරජාණන් වහන්සේ, විවේකයෙන් නැගී සිටිසේක් - පිඬුපිණිස නික්මුණු සේක.
“ඵලහත්ථො අහං දිස්වා, උපගච්ඡිං නරාසභං; පසන්නචිත්තො සුමනො, අවටං අදදිං ඵලං.
අතෙහි ඵල දරාගත් මම එකල්හි උන්වහන්සේ වෙත පැමිණියෙමි. පැහැදුණු සිතින් හා සතුටු සිතින් උන්වහන්සේට ආමෝද ඵලයක් පූජාකළෙමි.
“චතුන්නවුතිතො කප්පෙ, යං ඵලං අදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
මෙයින් කල්ප අනූ හතරකට පෙරදී යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. ඵලදානයාගේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා අපරභාගෙ භික්ඛූහි, “ආවුසො, කිං තයා උත්තරිමනුස්සධම්මො අධිගතො”ති පුට්ඨො සීහනාදං නදන්තො –
රහත් බවට පත්වූ මේළජින තෙරුන්ගෙන් මෑත කාලයකදී භික්ෂූහු මෙසේ ඇසූහ. “ඇවැත්නි! කිම නුඹ වහන්සේ කිසියම් උතුරු මිනිස් දහමක් අවබෝධ කරගත් සේක්ද?” යනුවෙනි, ඊට පිළිතුරු වශයෙන් සිංහනාද පැවැත්වූ උන්වහන්සේ මේ ගාථා දෙක වදාළහ.
“යදාහං ධම්මමස්සොසිං, භාසමානස්ස සත්ථුනො; න කඞ්ඛමභිජානාමි, සබ්බඤ්ඤූ අපරාජිතෙ.
“යදාහං ධම්ම මස්සොසිං භාසමානස්ස සත්ථුනො, න කඞ්ඛමභිජානාමි සබ්බඤ්ඤු අපරාජිතො”
“සත්ථවාහෙ මහාවීරෙ, සාරථීනං වරුත්තමෙ; මග්ගෙ පටිපදායං වා, කඞ්ඛා මය්හං න විජ්ජතී”ති. – ගාථාද්වයං අභාසි;
“සත්ථවාහෙ මහාවීරෙ සාරථීනං වරුත්තමෙ, මග්ගෙ පටිපදායං වා කඞ්ඛා මය්හං න විජ්ජතී”
තත්ථ යදාති යස්මිං කාලෙ. අහන්ති අත්තානං නිද්දිසති. ධම්මන්ති චතුසච්චධම්මං. අස්සොසින්ති සුණිං. සත්ථුනොති දිට්ඨධම්මිකාදිඅත්ථෙහි වෙනෙය්යානං සාසනට්ඨෙන සත්ථුනො. කඞ්ඛන්ති සංසයං. සඞ්ඛතමසඞ්ඛතඤ්ච අනවසෙසතො ජානනට්ඨෙන සබ්බඤ්ඤූ. කුතොචිපි පරාජිතා භාවෙන අපරාජිතෙ. වෙනෙය්යසත්තානං සංසාරකන්තාරතො නිබ්බානං පටිවාහනට්ඨෙන සත්ථවාහෙ. ඉදං වුත්තං හොති – යතො පභුති අහං සත්ථුනො ධම්මං දෙසෙන්තස්ස චතුසච්චධම්මං අස්සොසිං සොතද්වාරානුසාරෙන උපධාරෙසිං උපලභිං, තතො පට්ඨාය අනවසෙසසඞ්ඛතාසඞ්ඛතසම්මුතිධම්මානං සයම්භූඤාණෙන ජානනතො සබ්බඤ්ඤූ අනාවරණදස්සාවිම්හි, පඤ්චන්නම්පි මාරානං අභිභවනතො තෙහි අපරාජිතත්තා සදෙවකෙ ලොකෙ අප්පටිහතධම්මචක්කත්තා ච අපරාජිතෙ, වෙනෙය්යසත්තානං ලොභකන්තාරාදිතො වාහනට්ඨෙන සත්ථවාහෙ, මහාවික්කන්තතාය මහාවීරෙ, අඤ්ඤෙහි දුද්දමානං පුරිසදම්මානං සරණතො අච්චන්තිකෙන දමථෙන දමනතො සාරථීනං පවරභූතෙ උත්තමෙ සම්මාසම්බුද්ධෙ , “බුද්ධො නු ඛො නො නු ඛො”ති කඞ්ඛං නාභිජානාමි අපරප්පච්චයභාවතො. තථාරූපෙ දෙසිතෙ අරියමග්ගෙ තදුපාදායභූතාය ච සීලාදිපටිපදාය “නිය්යානිකො නු ඛො න නු ඛො”ති කඞ්ඛා විචිකිච්ඡා න විජ්ජති නත්ථීති. එත්ථ ච අරියධම්මෙ සංසයාභාවකථනෙන අරියසඞ්ඝෙපි සංසයාභාවො කථිතොයෙවාති දට්ඨබ්බං තත්ථ පතිට්ඨිතස්ස අනඤ්ඤථාභාවතොති.
එහි “යදා” යනු යම් කලෙක “අහං” යනුවෙන් තමන්වහන්සේ දක්වයි. “ධම්මං” චතුරාර්ය සත්‍යය ධර්මය. “අස්සොසිං” ඇසුවෙමි. “සත්ථුනො” යනු දිට්ඨධම්මික වූ (ඉදිරියේම ප්‍රතිඵල ලැබෙන) අර්ථයන්හි හික්මෙන්නවුන් පිහිටුවන අර්ථයෙන් ශාස්තෲන් වහන්සේගේ. “කඞ්ඛං” සැකයක්, සංඛත අසංඛත යනාදී සියල්ලම දන්නා වූ අර්ථයෙන් “සබ්බඤ්ඤු” සර්වඥ නම් වූ කිසිවෙකුට කිසිතැනකදී නොපැරදුණු බැවින් “අපරාජිතෙ” අපරාජිත වූ හික්මවන්නා වූ සත්ත්වයන් සසර කතරින් එතෙර කරවා නිවණට පමුණුවන බැවින් “සත්ථවාහෙ” ශ්‍රේෂ්ඨ සාත්තුවාහකයෙක් වූ මෙහි අදහස් මෙසේ දත යුතුයි. – “යම් දිනෙක මම ශාස්තෲන් වහන්සේගේ චතුරාර්ය සත්‍යය පිළිබඳ ධර්මය ඇසුවෙම් ද ශ්‍රෝතද්වාරයෙන් සලකා බැලුවෙම්ද ධාරණය කරගත්තේම් ද එසා සිට ලොව සියලුම සංඛත, අසංඛත සම්මුති ධර්මයන් තමන්වහන්සේ විසින්ම දැනගත් හෙයින් උන්වහන්සේගේ සර්වඥත්වය මැනවින් අවබෝධ කරගත්තෙමි. පංච මාරයන් අභිභවනය කිරීමෙන් ද ඒ මාරයන්ට නොමැඩලිය හැකි වූ බැවින්ද දෙවියන් සහිත ලෝකයේ කිසිවකු විසින් නො පැවැත්වූ දම්සක් පැවතුම් පැවැත්වූ බැවින්ද අපරාජිත වූ වේනෙය්‍ය සත්ත්වයන් කාන්තාරාදියෙන් (සසර නැමති) එතෙර කරවන බැවින් සාත්තුවාහකයෙකු වූ මහත් වූ වික්‍රම ඇති බැවින් මහාවීර වූ, අන්‍ය දමනය කළ නොහැකි පුරුෂාදීන් දමනය කරවීමෙන්, ඔවුන්ට පිහිටවීමෙන් හා අතිශය වූ දමනය කිරීම්වලින් සත්ත්වයා දමනය කරන්නා වූ රියදුරන් අතර ශ්‍රේෂ්ඨ-උතුම් සාරථී වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි “බුද්ධත්වයට පත්වී ද? නොවී ද?” යි සැකයක් නම් මා හට ඇති නොවිණි. එසේ සැක කිරීමට හේතුවක් නොමැති බැවිනි. එලෙසින් ම උන්වහන්සේ විසින් දෙසූ ආර්ය මාර්ගයෙහි ද ඊට උපකාර වූ සීලා දී ප්‍රතිපදාවෙහි ද “මෙම පිළිවෙත් පිරීමෙන් නිවණ ලැබේ ද? නොලැබේ ද?” යි සැකයක් හෝ විචිකිච්ඡාවක් මා හට නැත. මෙහි ද ආර්ය ධර්මයෙහි සැක රහිත බව පැවසීමෙන් ආර්ය සංඝයා කෙරෙහිද සැකයක් නොමැති බව අදහස් වී යැයි දත යුතුයි. එම ආර්ය සත් ධර්මයෙහි පිහිටි තැනැත්තාගේ (ස්ථිරව) වෙනස්වීමක් නම් නැති බැවිනි.
මෙළජිනත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
මේළජින ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.