රාධත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
රාධත්ථෙරගාථාවණ්ණනා
රාධ ස්ථවිරගාථා වර්ණනාව
යථා අගාරං දුච්ඡන්නන්තිආදිකා ආයස්මතො රාධත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයං කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො විහාරං ගන්ත්වා සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසින්නො සත්ථාරා එකං භික්ඛුං පටිභානෙය්යකානං අග්ගට්ඨානෙ ඨපියමානං දිස්වා සයං තං ඨානන්තරං පත්ථෙත්වා මහාදානං පවත්තෙසි. සත්ථු උළාරඤ්ච පූජං අකාසි. සො එවං කතපණිධානො තතො චුතො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං සත්ථාරං පිණ්ඩාය ගච්ඡන්තං දිස්වා පසන්නමානසො මධුරානි අම්බඵලානී අදාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා අපරාපරං පුඤ්ඤානි කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො අම්හාකං භගවතො කාලෙ රාජගහෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා රාධොති ලද්ධනාමො වයප්පත්තො හුත්වා ඝරාවාසං වසන්තො මහල්ලකකාලෙ පුත්තදාරෙහි අපසාදිතො, “කිං මෙ ඝරාවාසෙන, පබ්බජිස්සාමී”ති විහාරං ගන්ත්වා ථෙරෙ භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචිත්වා තෙහි “අයං බ්රාහ්මණො ජිණ්ණො න සක්කොති වත්තපටිවත්තං පූරෙතු”න්ති පටික්ඛිත්තො සත්ථු සන්තිකං ගන්ත්වා අත්තනො අජ්ඣාසයං පවෙදෙත්වා සත්ථාරා උපනිස්සයසම්පත්තිං ඔලොකෙත්වා ආණත්තෙන ධම්මසෙනාපතිනා පබ්බාජිතො විපස්සනං පට්ඨපෙත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.51.63-67) –
“යථා අගාරං දුච්ඡන්නං” යනු ආයුෂ්මත් රාධ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර සිටු ගෙයක ඉපදුණු උන්වහන්සේ වියපත්ව විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පසෙක සිටියහ. ඒ සිටුතුමා ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්ෂුවක් ප්‍රතිභාන ඇති භික්ෂූන් අතුරින් අගතනතුරෙහි පිහිටුවන දැක, තමා ද ඒ තනතුර ප්‍රාර්ථනා කරගෙන මහාදානයක් පැවැත්වීය. ශාස්තෲන් වහන්සේට මහත් වූ පූජාවක් ද කළේය. මෙසේ කළ ප්‍රාර්ථනා ඇති ඔහු ඉන් චුතව, සසර ඒ ඒ භවයන්හි දී තව තවත් පින්දහම් රැස්කරමින් අවුත් විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්නේ ය. වැඩිවියට පත් හෙතෙම පිඬු පිණිස වැඩම වූ බුදුරජාණන් වහන්සේට පහන් සිතින් එක් මිහිරි අඹ ඵලයක් පිදුවේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපිද තව තවත් පින්දහම් සිදුකරගනිමින් දෙව් මිනිස් දෙගතියේ සැරි සරා අවුත් අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි රජගහ නුවර බමුණු ගෙදරක උපන්නේ ය. “රාධ” නමින් ප්‍රකට වූ ඒ බමුණු කුමරු වැඩිවියට පත්ව ගිහිගේ වසන්නේ, මහලු කාලයේ දී අඹුදරුවන් විසින් නොසළකන ලද්දේ, “මා හට ගිහිගේ විසීමෙන් කවර ප්‍රයෝජනයක් ද? පැවිදිවන්නෙමි”යි විහාරයට ගොස් ස්ථවිර භික්ෂූන් සමීපයට ගොස් පැවිද්ද ඉල්ලීය. උන්වහන්සේලා විසින් “මේ බමුණා ඉතා මහලුවූවෙකි. වත් පිළිවෙත් පවා පිරීමට අසමර්ථයෙකි”යි ප්‍රතික්ෂේප කරන ලදි. ශාස්තෲන් වහන්සේ හමුවට ගිය රාධ බමුණා තම අදහස උන්වහන්සේට දැන්වීය. රාධගේ හේතු සම්පත් දුටු ශාස්තෲන් වහන්සේගේ අණ කිරීම මත දම් සෙනෙවි සැරියුත් තෙරුන් විසින් පැවිදි කරන ලද රාධ තෙරණුවෝ විදසුනෙහි සිත පිහිටුවා නොබෝ කලකින් ම රහත් ඵලයේ පිහිටියහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.
“සුවණ්ණවණ්ණං සම්බුද්ධං, ආහුතීනං පටිග්ගහං; රථියං පටිපජ්ජන්තං, පාදඵලං අදාසහං.
“ලොව දෙන්නවුන්ගේ දන් පිළිගන්නා වූ රන්වන් වූ බුදුරජාණන් වහන්සේ පිඬු පිණිස වීථියට වැඩම වූ කල්හි මම අඹ ඵලයක් පිදුවෙමි.
“එකනවුතිතො කප්පෙ, යං ඵලං අදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
මීට කල්ප අනූ එකකට පෙර දී යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාකය මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
අරහත්තං පන පත්වා සත්ථු සන්තිකාවචරො හුත්වා විචරන්තො සත්ථු ධම්මදෙසනාපටිභානස්ස පච්චයභූතානං පටිභානජානනකානං අග්ගො ජාතො. ථෙරස්ස හි දිට්ඨිසමුදාචාරඤ්ච ආගම්ම දසබලස්ස නවනවා ධම්මදෙසනා පටිභාති. තෙනාහ භගවා – “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං පටිභානෙය්යකානං යදිදං රාධො”ති (අ· නි· 1.219, 233). සො එකදිවසං “ඉමෙ සත්තා අභාවනාය රාගෙන අභිභුය්යන්ති, භාවනාය සති තං නත්ථී”ති භාවනං ථොමෙන්තො “යථා අගාර”න්තිආදිනා ගාථාද්වයමාහ.
රහත් බවට පත් වූ උන්වහන්සේ, ශාස්තෲන් වහන්සේ සමීපයේ ම හැසිරෙන්නේ, ශාස්තෲන් ධර්මදේශනාව වහා වටහාගන්නා වූ භික්ෂූන් අතර ප්‍රධාන වූහ. ඒ තෙරුන් වහන්සේට වනාහි දෘෂ්ඨි, සමුදය, ආචාරාදියට ද පැමිණි දසබලයන් වහන්සේගේ ධර්ම දේශනාව ඉන් තොරව අවබෝධ වේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි! මගේ ශ්‍රාවක භික්ෂූන් අතර ප්‍රතිභාන ඇති භික්ෂූන්ට මේ රාධ තෙරුන් අග්‍ර වේ” යැයි වදාළ සේක. රාධ තෙරණුවෝ දිනක් “මේ සත්ත්වයෝ සිත නොවැඩීම නිසා රාගයෙන් මුලාවෙකි. සිත වැඩීමෙන් යෙදුණේත් නැත” යැයි වැටහී භාවනාව පිළිබඳ උත්සාහය වඩමින් මෙම ගාථා දෙක වදාළහ.
“යථා අගාරං දුච්ඡන්නං වුට්ඨි සමතිවිජ්ඣති, එවං අභාවිතං චිත්තං රාගො සමතිවිජ්ඣතී”
“යථා අගාරං සුච්ඡන්නං - වුට්ඨි න සමතිවිජ්ඣතී, එවං සුභාවිතං චිත්තං - රාගො න සමතිවිජ්ඣති”
තත්ථ අගාරන්ති යංකිඤ්චි ගෙහං. දුච්ඡන්නන්ති විරළච්ඡන්නං ඡිද්දාවඡිද්දං. සමතිවිජ්ඣතීති වස්සවුට්ඨි විනිවිජ්ඣති. අභාවිතන්ති තං අගාරං වුට්ඨි විය භාවනාය රහිතත්තා අභාවිතං චිත්තං. රාගො සමතිවිජ්ඣතීති න කෙවලං රාගොව දොසමොහමානාදයොපි සබ්බකිලෙසා තථාරූපං චිත්තං අතිවිජ්ඣන්තියෙව. සුභාවිතන්ති සමථවිපස්සනාභාවනාහි සුට්ඨු භාවිතං, එවරූපං චිත්තං සුච්ඡන්නං ගෙහං වුට්ඨි විය රාගාදයො කිලෙසා අතිවිජ්ඣිතුං න සක්කොන්තීති.
එහි “අගාරං” යනු යම්කිසි ගෙයක් “දුච්ඡන්නං” නොවැසූ, තැනින් තැන වැසූ හා තැනින් තැන තෙමෙන සිදුරු ඇති “සමතිවිජ්ඣතී” වැස්ස විනිවිද යන්නේ ද “අභාවිතං” ඒ වැස්සෙන් තෙමෙන ගෙය මෙත් වැඩීමක් පුරුදු-පුහුණු නොකළ සිතට “රාගො සමතිවිජ්ඣතී” රාගය පමණ නොව දෝෂ (තරහ) මෝහාදී සියලු කෙලෙස් වැදගනියි. එබඳු සිත විනිවිද යන්නේ මය. “සුභාවිතං” යනු සමථ-විදර්ශනා ආදී වශයෙන් මනාව වැඩූ සිත. මෙබඳු සිත මැනවින් සෙවිලි කළ ගෙයට වැස්ස නොපිවිසෙන්නාක් මෙන් රාගාදී කෙලෙසුන්ගෙන් පීඩා නොවේ. එබඳු සිත විනිවිද යෑමට නොහැකි වේ.
රාධත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
රාධ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.