යෙදුමෙන් කියවන්න

සුරාධත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සුරාධත්‍ථෙරගාථාවණ‍්ණනා

සුරාධ ස්ථවිරගාථා වර්ණනාව

ඛීණා හි මය‍්හං ජාතීතිආදිකා ආයස‍්මතො සුරාධත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථාරං දිස‍්වා පසන‍්නමානසො මාතුලුඞ‍්ගඵලං අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ අනන‍්තරං වුත‍්තස‍්ස රාධත්‍ථෙරස‍්ස කනිට‍්ඨො හුත්‍වා නිබ‍්බත‍්ති, සුරාධොතිස‍්ස නාමං අහොසි. සො ජෙට‍්ඨභාතරි රාධෙ පබ‍්බජිතෙ සයම‍්පි පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.51.68-72) –

“ඛීණා හි මය්හං ජාතී” යනු ආයුෂ්මත් සුරාධ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හි දී පින්දහම් රැස්කරමින් පැමිණ “සිඛී” නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටු ගෙයක උපන්හ. වැඩි වියට පත් සිටු කුමරු එම භාග්‍යවතුන් වහන්සේ දැක, පැහැදුණු සිතින් නාරං ගෙඩියක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව උපන් හෙතෙම, තව තවත් පින්දහම් සිදුකරමින් කාම සුගතීන්හි ම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේදී මුලින් විස්තර කළ රාධ බමුණාගේ බාල සෝයුරාව උපන්නේ ය. ඔහු “සුරාධ” නම් විය. වැඩිමල් සෝයුරු රාධ බමුණා පැවිදි වූ කල්හි, සුරාධ ද පැවිදි විය. සුරාධ තෙරණුවෝ විදසුන් කමටහනෙහි සිත පිහිටවූ සේක්, නොබෝ කලකින් ම රහත් ඵලයට පත්වූහ. උන්වහන්සේ අපදාන පාළියේ දී මෙසේ පැවසූහ -

“කණිකාරංව ජලිතං, පුණ‍්ණමායෙව චන්‍දිමං; ජලන‍්තං දීපරුක‍්ඛංව, අද‍්දසං ලොකනායකං.

“පුන් පෝ දිනයෙහි සඳ මෙන් බබලන්නා වූ කිණිහිරි රුක් වැනි වූ පහන් ගසක් මෙන් භෝග මාන වූ ලෝක නායක වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

“මාතුලුඞ‍්ගඵලං ගය‍්හ, අදාසිං සත්‍ථුනො අහං; දක‍්ඛිණෙය්‍යස‍්ස වීරස‍්ස, පසන‍්නො සෙහි පාණිභි.

නාරං ගෙඩියක් රැගත් මම දක්‍ෂිණාර්හ වූ මහා ප්‍රඥා වූ මහා වීර ශාස්තෲන් වහන්සේට පහන් සිතින් දෙ අතින්ම එය පූජා කළෙමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං ඵලං අදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.

එකල්හි මීට කල්ප තිස් එකකට පෙර දී යම් ඵල දානයක් පැවැත්වූයෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වාම දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාකය එබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා සාසනස‍්ස නිය්‍යානිකභාවදස‍්සනත්‍ථං අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො “ඛීණා හී මය‍්හ”න‍්තිආදිනා ගාථාද‍්වයමාහ.

රහත් බවට පත් වූ සුරාධ තෙරණුවෝ බුදු සසුනේ නෛර්‍ය්‍යාණික භාවය දැක්වීම පිණිස සිය රහත් බව ප්‍රකාශ කරමින් මේ ගාථා දෙක වදාළහ.

“ඛීණාහි මය්හං ජාති වුසිතං ජිනසාසනං, පහීණො ජාලසංඛාතො - භවනෙත්ති සමූහතා”

“යස්සත්‍ථාය පබ්බජිතො අගාරස්මා අනගාරියං, සො මො අත්‍ථො අනුප්පත්තො සබ්බසංයොජනක්‍ඛයො”

තත්‍ථ ඛීණාති ඛයං පරියොසානං ගතා. ජාතීති භවො භවනිබ‍්බත‍්ති වා. වුසිතං ජිනසාසනන‍්ති ජිනස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සාසනං මග‍්ගබ්‍රහ‍්මචරියං වුට‍්ඨං පරිවුට‍්ඨං. පහීනො ජාලසඞ‍්ඛාතොති සත‍්තසන‍්තානස‍්ස ඔත්‍ථරණතො නිස‍්සරිතුං අප‍්පදානතො ච “ජාලසඞ‍්ඛාතො”ති ච ලද‍්ධනාමා දිට‍්ඨි අවිජ‍්ජා ච පහීනා මග‍්ගෙන සමුච‍්ඡින‍්නා. භවනෙත‍්ති සමූහතාති කාමභවාදිකස‍්ස භවස‍්ස නයනතො පවත‍්තනතො භවනෙත‍්තිසඤ‍්ඤිතා තණ‍්හා සමුග‍්ඝාටිතා. යස‍්සත්‍ථාය පබ‍්බජිතොති යස‍්ස අත්‍ථාය යදත්‍ථං අහං අගාරස‍්මා ගෙහතො අනගාරියං පබ‍්බජ‍්ජං පබ‍්බජිතො උපගතො. සො සබ‍්බෙසං ඔරම‍්භාගියුද‍්ධම‍්භාගියප‍්පභෙදානං සංයොජනානං බන්‍ධනානං ඛයභූතො අත්‍ථො නිබ‍්බානසඞ‍්ඛාතො පරමත්‍ථො අරහත‍්තසඞ‍්ඛාතො සදත්‍ථො ච මයා අනුප‍්පත‍්තො අධිගතොති අත්‍ථො.

එහි “ඛීණා” යනු ක්‍ෂය වූ කෙළවරට ගිය. “ජාති” යනු භවයයි. භවෝත්පත්තියයි. “වුසිතං ජින සාසනං” යනු ජින නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි බඹසර වැස නිමවූයෙමි. “පහීණො ජාල සඞ්ඛාතො” සත්ත්‍වයන්ගේ සන්තානය වසාගෙන, මිදීමට නිදහස් වීමට අවස්ථාවක් නොදෙන දැලක් වැනි වූ හෙයින් “ජාල” නම් වූ අවිද්‍යා දෘෂ්ටි දෙක ප්‍රහීණ කරන ලදි. ආර්ය මාර්ගයෙන් මුලුමනින් ම සිඳ දමන ලදි. “භවනෙත්ති සමූහතා” කාමාදීභවයන්ට පමුණුවන, සංසාරික පැවැත්මට උපකාරවන තණ්හාව මුලිනුපුටා දමන ලදි. “යම් අර්ථයක් සඳහා මම ගිහිගෙයින් නික්ම අනගාරී සසුනෙහි පැවිදිවූයෙම් ද ඒ සියලු ඕරම්භාගිය හා උද්ධම්භාගිය යන ප්‍රභේද ඇති දස සංයෝජනයෝම ප්‍රහීණ කළෙමි. අර්ථවත් වූ නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථය, අර්හත් සංඛ්‍යාත (තම යහපත්) ස්වාර්ථය ද මම ලබාගත්තෙමි. සලසා ගත්තෙමි” යන අර්ථයයි.

සුරාධත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සුරාධ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.