යෙදුමෙන් කියවන්න

ගොතමත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ගොතමත්‍ථෙරගාථාවණ‍්ණනා

ගෞතම ස්ථවිරගාථා වර්ණනාව

සුඛං සුපන‍්තීති ආයස‍්මතො ගොතමත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො ආමොදඵලමදාසි. තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා ගොතමොති ලද‍්ධනාමො සත‍්තවස‍්සිකකාලෙ උපනයනං කත්‍වා රතනභික‍්ඛං චරිත්‍වා සහස‍්සං ලභිත්‍වා තං තාදිසෙ ඨානෙ ඨපෙත්‍වා වතං චරන‍්තො සොළසසත‍්තරසවස‍්සුද‍්දෙසිකකාලෙ අකල්‍යාණමිත‍්තෙහි කාමෙසු පරිනීයමානො එකිස‍්සා රූපූපජීවිනියා තං සහස‍්සභණ‍්ඩිකං දත්‍වා බ්‍රහ‍්මචරියවිනාසං පත්‍වා තාය චස‍්ස බ්‍රහ‍්මචාරිරූපං දිස‍්වා විරත‍්තාකාරෙ දස‍්සිතෙ එකරත‍්තිවාසෙනෙව නිබ‍්බින‍්නරූපො අත‍්තනො බ්‍රහ‍්මචරියනිවාසං ධනජානිඤ‍්ච සරිත්‍වා “අයුත‍්තං මයා කත”න‍්ති විප‍්පටිසාරී අහොසි. සත්‍ථා තස‍්ස හෙතුසම‍්පත‍්තිං චිත‍්තාචාරඤ‍්ච ඤත්‍වා තස‍්ස ආසන‍්නට‍්ඨානෙ අත‍්තානං දස‍්සෙසි. සො සත්‍ථාරං දිස‍්වා පසන‍්නමානසො උපසඞ‍්කමි, තස‍්ස භගවා ධම‍්මං දෙසෙසි. සො ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජන‍්තො ඛුරග‍්ගෙයෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.51.80-84) –

“සුඛං සුපන්තී” යනු ආයුෂ්මත් ගෝතම තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු කෙරෙහි සිත් පහදවා කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හිදී නිවන් පතාගෙන බොහෝ පින් දහම් රැස්කරගත්හ. විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපදුණු හෙතෙම වැඩිවියට පත්ව, දිනක් මම භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදී ආමෝද ඵලයක් පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව ඉපදී තව තවත් පින්දහම් සිදුකරමින් කාම සුගතීන්හිම සැරිසැරූ ඔහු මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර බමුණු ගෙදරක උපන්නේය. “ගෝතම” නමින් ප්‍රකට වූ ඒ බමුණු කුමරු සත්වියේදී අපනයනය (බමුණු පූනනූල දැමීම) කර, රුවන් භික්ෂාවෙහි (මුදල් සිඟාකෑමෙහි) හැසිරුණේය. ඉන් කහවනු දහසක් ලබාගත් ඔහු එය ආරක්ෂිත තැනක තබා බඹසර සුරකිමින් වත සමාදානය ආරක්ෂා කළේය. වයස අවුරුදු දාසයක්, දාහතක් වන කාලයෙහි අයහපත් මිතුරු ඇසුරුට පත් වූ ගෝතම කුමරු කාම පීඩිත වූයේ එක් ගණිකාවක් දැක, තමා රැස්කර ගත් කහවනු දහස ඇයට දී බඹසර විනාශ කර ගත්තේය. ඇය ඔහුගේ බඹසර විනාශ වූ බව දැක කළකිරුණු ස්වභාවයක් දැක්වූවාය. මේ දුටු බමුණු කුමරු ද ඇය හා එක් රැයක් විසීමෙන් ම කළකිරුණේ, තමා ගේ බඹසර විනාශවීම ද ධනහානිය ද සිහිකර “මවිසින් නුසුදුසුවූවක් කරන ලදී”යැයි විපිළිසර විය. මෙම අවස්ථාවෙහි බුදුනුවණින් ගෝතම කුමරුගේ හේතුසම්පත් දුටු ශාස්තෲන් වහන්සේ, ඔහුගේ කාමයේ නොඇලුණු සිත ද දැක, ඔහු සමීපයේ තමන්වහන්සේගේ රූපය දැක්වූ සේක. ගෝතම කුමරු බුදුරුව දැක පැහැදී, සතුටු සිතින් උන්වහන්සේ වෙත එළඹ ධර්මශ්‍රවණය කළේය. ධර්‍මශ්‍රවණය කිරීමෙන් හටගත් ශ්‍රද්ධාව ඇති ඔහු සසුනේ පැවිදි වූයේ හිසකෙස් බාද්දීම රහත් ඵලයට පත්විය. ගෝතම තෙරණුවෝ අපදාන පාළියේ දී මෙසේ පැවසූහ -

“සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං, ආහුතීනං පටිග‍්ගහං; රථියං පටිපජ‍්ජන‍්තං, ආමොදමදදිං ඵලං.

“දානමානාදී පුදපූජා පිළිගැනීමට යෝග්‍ය වූ රන්වන් පාටින් බබළන්නා වූ වීථියට පිළිපන් බුදුරජාණන් වහන්සේ දැක, මම ආමෝද ඵලයක් පුජා කළෙමි.

“එකනවුතිතො කප‍්පෙ, යං ඵලං අදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.

මීට කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් පැවැත්වූයෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා මම දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාකය මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා ඣානසුඛෙන ඵලසුඛෙන වීතිනාමෙන‍්තං එකො ගිහිසහායො උපගන‍්ත්‍වා, “ආවුසො, තයා රතනභික‍්ඛාය ලද‍්ධං පබ‍්බජන‍්තො කිං අකාසී”ති පුච‍්ඡි. තං සුත්‍වා ථෙරො “ඉදං නාම කත”න‍්ති අනාචික‍්ඛිත්‍වා මාතුගාමෙ දොසං පකාසෙත්‍වා අත‍්තනො වීතරාගභාවෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො “සුඛං සුපන‍්තී”තිආදිනා ගාථාද‍්වයමාහ.

රහත්බවට පත් වූ ගෝතම තෙරුන් ධ්‍යාන සුවයෙන් කල් යවන කල්හි එක් ගිහි කාලයේ සිටි යහලුවෙක් පැමිණ, “ඇවැත්නි! නුඹ විසින් ලබාගත් රුවන් භික්‍ෂාවට පැවිදිවන අවස්ථාවෙහි කුමක් කළේ ද?”යි විචාළේය. එය ඇසූ තෙරණුවෝ, “මෙන්ම දෙයක් කළෙමි”යි නොපවසා, ස්ත්‍රියගේ දොස් දක්වමින් ද තමන් වහන්සේගේ වීතරාගී බව දක්වමින් ද සිය රහත් බව ප්‍රකාශ කරමින් ද මේ ගාථා දෙක වදාළහ.

“සුඛං සුපන්ති මුනයො යෙ ඉත්‍ථීසු න ඛජ්ඣරෙ, සදා වෙ රක්ඛිතබ්බාසු යාසු සච්චං සුදුල්ලභං”

“වධං චරිම්හ තෙ කාම අණනා දානි තෙ මයං, ගච්ඡාමදානි නිබ්බාණං යත්‍ථ ගන්ත්‍වා න සොචතී”ති

තත්‍ථ සුඛං සුපන‍්ති මුනයො, යෙ ඉත්‍ථීසු න බජ‍්ඣරෙති යෙ ඉත්‍ථීසු විසයභූතාසු නිමිත‍්තභූතාසු වා රාගබන්‍ධනෙන න බජ‍්ඣන‍්ති, තෙ මුනයො තපස‍්සිනො සංයතින්‍ද්‍රියා සුඛං සුපන‍්ති සුඛං විහරන‍්ති, නත්‍ථි තෙසං දුක‍්ඛන‍්ති අධිප‍්පායො. “සුපන‍්තී”ති හි නිදස‍්සනමත‍්තමෙතං. සදා වෙ රක‍්ඛිතබ‍්බාසූති එකංසෙන සබ‍්බකාලං රක‍්ඛිතබ‍්බාසු. ඉත්‍ථියො හි සත‍්තභූමිකෙ නිප‍්පුරිසෙ පාසාදෙ උපරිභූමියං වසාපෙත්‍වාපි, කුච‍්ඡියං පක‍්ඛිපිත්‍වාපි න සක‍්කා රක‍්ඛිතුං, තස‍්මා තා කිට‍්ඨාදිගාවියො විය සබ‍්බකාලං රක‍්ඛණීයා හොන‍්ති. බහුචිත‍්තතාය වා සාමිකෙන වත්‍ථාලඞ‍්කාරානුප‍්පදානාදිනා චිත‍්තඤ‍්ඤථත‍්තතො සබ‍්බකාලං රක‍්ඛිතබ‍්බා. සරීරසභාවං වා මාලාගන්‍ධාදීහි පටිච‍්ඡාදනවසෙන රක‍්ඛිතබ‍්බචිත‍්තතාය රක‍්ඛිතබ‍්බාති. යාසු සච‍්චං සුදුල‍්ලභන‍්ති යාසු සච‍්චවචනං ලද‍්ධුං න සක‍්කා, ඉත්‍ථියො හි අග‍්ගිම‍්පි පවිසන‍්ති, විසම‍්පි ඛාදන‍්ති, සත්‍ථම‍්පි ආහරන‍්ති, උබ‍්බන්‍ධිත්‍වාපි කාලං කරොන‍්ති, න පන සච‍්චෙ ඨාතුං සක‍්කොන‍්ති. තස‍්මා එවරූපා ඉත්‍ථියො වජ‍්ජෙත්‍වා ඨිතා මුනයො සුඛිතා වතාති දස‍්සෙති.

එහි “සුඛං සුපන්ති මුනයො යෙ ඉත්‍ථීසු න ඛජ්ඣරෙ” යනු යමෙක් ස්ත්‍රීන් කෙරෙහි විෂය වශයෙන් හෝ නිමිති වශයෙන් රාගයෙන් නොබැඳෙත් ද නො ඇලෙත් ද ඒ සේඛ මුනිවරු වූ තපස්වීවරු වූ සංයම වූ ඉඳුරන් ඇත්තෝ සුවසේ නිදති. සුවසේ වෙසෙති. ඔවුන්ට කිසිදු දුකක් නැත යන අදහසයි. “සුපන්තී” යනු නිදසුනක් දැක්වීම් පමණකි. “යදා වෙ රක්ඛිතබ්බාසු” යනු ඒකාන්තයෙන්ම සැමකල්හි රැකිය යුත්තෝය. ස්ත්‍රීහු වනාහි මහල් සතක් වූ පුරුෂයන්ගෙන් තොර වූ ප්‍රාසාදයක මතු මහලෙහිම වාසය කරවූවත් කුසේ තබාගත් නමුත් රැක ගැනීමට අපහසුවූවෝය. එනිසා ඔවුහු ගොයම් ආදිය මෙන් සෑම කල්හි ආරක්ෂා කරගත යුතු වෙති. බොහෝ ධනය ඇති සැමියන් විසින් අලංකාර වස්ත්‍රාභරණ දීමෙන් ආදී වශයෙන් ඈලා ගේ සිත වෙනත් පුරුෂයකු කරා ඇදී නොයන සේ රැකිය යුතුය. මුලු ශරීරයම මල් ගඳ විලවුන් ආදියෙන් වැසීම් වශයෙන් හෝ ආරක්ෂා කළ යුතු සිත් ඇති බැවින් ස්ත්‍රීහු නිතරම රැකිය යුත්තෝ වෙති. “යාසු සච්චං සුදුල්ලභං” ස්ත්‍රීන්ගෙන් සත්‍ය වචනයක් ලබාගැනීමට නොහැක. ස්ත්‍රීහු වනාහි ස්වභාවයෙන්ම ගින්නට වදිති. විස ද කති. සැනින් ගෙල කපා ගනිති. ගෙල වැළලා ගනිති. මෙසේ කළුරිය කළත් සත්‍යයේ පිහිටීමට අසමත් වෙති. එනිසා මෙබඳු ස්ත්‍රීහු හැරදමා සිටි මුනිවරු නම් සුවසේ වෙසෙන්නෝම බව දක්වයි.

ඉදානි යස‍්ස අප‍්පහීනත‍්තා එවරූපාසු ඉත්‍ථීසුපි බජ‍්ඣන‍්ති, තස‍්ස කාමස‍්ස අත‍්තනො සුප‍්පහීනතං අච‍්චන‍්තනිට‍්ඨිතතඤ‍්ච දස‍්සෙන‍්තො දුතියං ගාථමාහ. වධං චරිම‍්හ තෙ කාමාති අම‍්භො කාම, තව වධං අච‍්චන‍්තසමුච‍්ඡෙදං අරියමග‍්ගෙන චරිම‍්හ, “වධං චරිම‍්හසෙ”තිපි පාඨො, වධාය පහානාය මග‍්ගබ්‍රහ‍්මචරියං අචරිම‍්හාති අත්‍ථො. අනණා දානි තෙ මයන‍්ති ඉදානි අග‍්ගමග‍්ගපත‍්තිතො පට‍්ඨාය ඉණභාවකරාය පහීනත‍්තා කාම තෙ අනණා මයං, න තුය‍්හං ඉණං ධාරෙම. අවීතරාගො හි රාගස‍්ස වසෙ වත‍්තනතො තස‍්ස ඉණං ධාරෙන‍්තො විය හොති, වීතරාගො පන තං අතික‍්කමිත්‍වා පරමෙන චිත‍්තිස‍්සරියෙන සමන‍්නාගතො. අනණත‍්තා එව ගච‍්ඡාම දානි නිබ‍්බානං, යත්‍ථ ගන‍්ත්‍වා න සොචති යස‍්මිං නිබ‍්බානෙ ගමනහෙතු සබ‍්බසො සොකහෙතූනං අභාවතො න සොචති, තං අනුපාදිසෙසනිබ‍්බානමෙව ඉදානි ගච‍්ඡාම අනුපාපුණාමාති අත්‍ථො.

දැන් යමක් ප්‍රහීණ නොකිරීමෙන් මෙබඳු ස්ත්‍රීන්ට බැඳීමට සිදුවේ. ඒ කාමය රාගය තමන් වහන්සේට නොමැති බව, තමා එය ප්‍රහීණ කළ බව, අතිශයින්ම නිවීමට ගිය බව දක්වමින් දෙවන ගාථාව වදාරති. “වධං චරිම්හ තෙ කාමා” එම්බා කාමය! නුඹ වැසුවෙමි. නුඹ අතිශයින්ම මුලිනුපුටා දැමුවෙමි. ආර්ය මාර්ගයෙහි මම හැසිරෙමි. “චරිම්හසෙ” යන පාඨය ද යෙදේ. “වධය පිණිස, ප්‍රහාණය පිණිස මග බඹසරෙහි හැසිරුනෙමි” යන අර්ථය එහි ඇත. “අණනාදානි තෙ මයං” දැන් අග්‍ර මාර්ගයෙහි නියුක්ත වූ අවස්ථාවෙහි සිටම ණය බව ඇති කරන ධර්‍ම නෑසූ බැවින් කාමය! අපි නුඹට ණය නැත්තෝ වෙමු. නුඹගේ ණය ගෙවූයෙමු. අවීතරාගීවූවෝ රාගයට වසඟව පවතින බැවින් කාමට දාස වූ ණය ගත්තෝ මෙනි. වීතරාගීහු වනාහි කාමය ඉක්මවා උතුම් වූ ප්‍රීතිමත්, ඉසුරුමත් භාවයෙන් යුතු බැවින් ණය නැත්තෝ වෙති. “අනිමිත්තා එව ගච්ඡාම, දානි නිබ්බාණං යත්‍ථ ගන්ත්‍වා න සොචතී” “යම් නිවණකට ගමන් කිරීම නිසා සර්ව ප්‍රකාරයෙන් ම ශෝක හේතූන් නැසූ බැවින් ශෝක නොකරමු. ඒ අනුපාදිශේෂ වූ නිවණටම දැන් අපි ගියෙමු. පැමිණියෙමු” යන අර්ථයයි.

ගොතමත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ගෝතම ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.