යෙදුමෙන් කියවන්න

වසභත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

වසභත්‍ථෙරගාථාවණ‍්ණනා

වසභ ස්ථවිරගාථා වර්ණනාව

පුබ‍්බෙ හනති අත‍්තානන‍්ති ආයස‍්මතො වසභත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො බුද‍්ධසුඤ‍්ඤෙ ලොකෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො බ්‍රාහ‍්මණානං විජ‍්ජාසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං ගන‍්ත්‍වා නෙක‍්ඛම‍්මජ‍්ඣාසයතාය ඝරාවාසං පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා චුද‍්දසසහස‍්සතාපසපරිවාරො හිමවන‍්තස‍්ස අවිදූරෙ සමග‍්ගෙ නාම පබ‍්බතෙ අස‍්සමං කාරෙත්‍වා වසන‍්තො ඣානාභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙත්‍වා තාපසානං ඔවාදානුසාසනියො දෙන‍්තො එකදිවසං එවං චින‍්තෙසි – “අහං ඛො දානි ඉමෙහි තාපසෙහි සක‍්කතො ගරුකතො පූජිතො විහරාමි, මයා පන පූජෙතබ‍්බො න උපලබ‍්භති, දුක‍්ඛො ඛො පනායං ලොකෙ යදිදං අගරුවාසො”ති. එවං පන චින‍්තෙත්‍වා පුරිමබුද‍්ධෙසු කතාධිකාරතාය පුරිමබුද‍්ධානං චෙතියෙ අත‍්තනා කතං පූජාසක‍්කාරං අනුස‍්සරිත්‍වා “යංනූනාහං පුරිමබුද‍්ධෙ උද‍්දිස‍්ස පුලිනචෙතියං කත්‍වා පූජං කරෙය්‍ය”න‍්ති හට‍්ඨතුට‍්ඨො ඉද‍්ධියා පුලිනථූපං සුවණ‍්ණමයං මාපෙත්‍වා සුවණ‍්ණමයාදීහි තිසහස‍්සමත‍්තෙහි පුප‍්ඵෙහි දෙවසිකං පූජං කරොන‍්තො යාවතායුකං පුඤ‍්ඤානි කත්‍වා අපරිහීනජ‍්ඣානො කාලං කත්‍වා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තො. තත්‍ථපි යාවතායුකං ඨත්‍වා තතො චුතො තාවතිංසෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ වෙසාලියං ලිච‍්ඡවිරාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වසභොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො භගවතො වෙසාලිගමනෙ බුද‍්ධානුභාවං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.50.57-92) –

“පුබ්බෙ හන්ති අත්තානං” යනු ආයුෂ්මත් වසභ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයෙහිදී රැස් කරගත් පින්දහම් ඇතිව ලොවුතුරු බුදුවරුන්ගෙන් ලෝකය ශූන්‍ය වූ කාලයකදී බමුණු කුලයක උපන්හ. වියපත් ඔහු බමුණු ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට පැමිණ, ගිහිගෙයින් නික්මීමේ වැදගත්කම දුටු බැවින් ගිහි වාසය හැර තවුස් පැවිද්දෙන් පැවිදි ව, දාහතර දහසක් තවුසන් පිරිවරාගෙන, හිමවතට නුදුරෙන් වූ “සමග්ග” නම් පර්වතයේ අසපුවක විසීය. ධ්‍යානාභිඥා උපදවා තවුසන්ට අවවාද අනුශාසනා කරන හෙතෙම මෙසේ සිතීය. “මම දැන් මේ තවුසන් විසින් කරන සත්කාර, සම්මාන හා පුද පූජාදියෙන් පිදුම් ලබමින් වෙසෙමි. මවිසින් පිදිය යුත්තෙක්, ගරු කළ යුත්තෙක් නොලබමි. මේ ලෝකයේ ගුරුවරයෙකු, ගරුකළයුත්තෙක් නොලබමි. මේ ලෝකයේ ගුරුවරයකු, ගරු කළයුත්තෙකු නොමැතිව විසීම දුකකි” මෙසේ සිතා පෙර බුදුවරු වෙත කරන ලද ප්‍රාර්ථනා ඇති බැවින්, පෙර බුදුවරුන්ගේ චෛත්‍යයන්ට තමා විසින් කරන ලද පූජා සත්කාර සිහිපත් කර, “ම පෙර බුදුවරු උදෙසා වැලිවලින් චෛත්‍යයක් සාදා පූජා කරන්නේ නම් මැනවි” යි සිතා සතුටු සිතින් සෘද්ධියෙන් රන්වන් වූ වැලි සෑයක් මැවීය. එම සෑයට රන්මය වූ තුන්දහසක් පමණ මලින් දිනපතා ම පූජා පවත්වමින් ආයුෂ කෙළවර වනතෙක් නොපිරිහුණු ධ්‍යානයෙන් යුතුව සිට, කළුරිය කොට බඹලොව උපන්නේය. එහි ද පරමායුෂ විඳි හෙතෙම ඉන් චුතව තව්තිසා දෙව්ලොව ඉපදුණි. පසුව ඒ ඒ කාම සුගති භවයන් සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී විශාලා මහනුවර ලිච්ඡවි රජකුලයෙහි උපන්නේය. “වසභ” නමින් ප්‍රකට වූ ඔහු වැඩිවියට පත්ව විශාලා මහනුවරට වැඩම වූ බුදුරදුන්ගේ ආනුභාවය දැකීමෙන් හටගත් ශ්‍රද්ධාව නිසා බුදුසසුනේ පැවිදි විය. විදසුන් භාවනාව වැඩූ වසභ තෙරණුවෝ නොබෝ කලකින්ම රහත් බවට පත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.

“හිමවන‍්තස‍්සාවිදූරෙ, සමග‍්ගො නාම පබ‍්බතො; අස‍්සමො සුකතො මය‍්හං, පණ‍්ණසාලා සුමාපිතා.

“හිමවතට නුදුරෙහි ‘සමග්ග’ නම් පර්වතයක් විය. එහි මනාව කරන ලද පන්සලක මම වාසය කළෙමි.

“නාරදො නාම නාමෙන, ජටිලො උග‍්ගතාපනො; චතුද‍්දසසහස‍්සානි, සිස‍්සා පරිචරන‍්ති මං.

එකල මම “නාරද” නම් වූ උග්‍ර තපස් ඇති ජටිලයෙක් වූයෙමි. දාහතර දහසක් ශිෂ්‍යයෝ මා පිරිවරා ගත්හ.

“පටිසල‍්ලීනකො සන‍්තො, එවං චින‍්තෙසහං තදා; සබ‍්බො ජනො මං පූජෙති, නාහං පූජෙමි කිඤ‍්චනං.

විවේකීව සිටියා වූ මට මෙබඳු සිතිවිල්ලක් විය. “සියලු ජනයා මා හට පුදති. මම කිසිවකු නොපුදමි.

“න මෙ ඔවාදකො අත්‍ථි, වත‍්තා කොචි න විජ‍්ජති; අනාචරියුපජ‍්ඣායො, වනෙ වාසං උපෙමහං.

මට ඔවා දෙන්නෙක් නැත. මම ආචාර්ය උපාධ්‍යායකු නොමැතිව වන වාසයට පැමිණියෙමි.

“උපාසමානො යමහං, ගරුචිත‍්තං උපට‍්ඨහෙ; සො මෙ ආචරියො නත්‍ථි, වනවාසො නිරත්‍ථකො.

මම යමෙකු ඇසුරු කරන්නෙම් ද ගුරු සිත උපදවන්නෙම් ද එබඳු වූ ගුරුවරයෙකු මා හට නැත. මෙසේ වනයේ විසුම නිරර්ථකය.

“ආයාගං මෙ ගවෙසිස‍්සං, ගරුං භාවනියං තථා; සාවස‍්සයො වසිස‍්සාමි, න කොචි ගරහිස‍්සති.

ම විසින් පිදිය යුතු වූ එසේම ගරුභාවනීය වූ උතුමෙක් සොයන්නෙමි. එබඳු උතුමෙකු ඇසුරු කරමින් වෙසෙමි. එවිට කිසිවෙක් මට නො ගරහන්නේ ය.”

“උත‍්තානකූලා නදිකා, සුපතිත්‍ථා මනොරමා; සංසුද‍්ධපුලිනාකිණ‍්ණා, අවිදූරෙ මමස‍්සමං.

නොගැඹුරු ඉවුරු ඇති මනා තොටුපල ඇති සුදෝසුදු වැලිතලාවෙන් ගැවසීගත් කුඩා ගඟක් මාගේ අසපුව සමීපයෙහි විය.

“නදිං අමරිකං නාම, උපගන‍්ත්‍වානහං තදා; සංවඩ‍්ඪයිත්‍වා පුලිනං, අකං පුලිනචෙතියං.

එකල මම “අපදික” නම් වූ ඒ නදියට පිවිස වැලි එකතු කොට වැලි සෑයක් සෑදුවෙමි.

“යෙ තෙ අහෙසුං සම‍්බුද‍්ධා, භවන‍්තකරණා මුනී; තෙසං එතාදිසො ථූපො, තං නිමිත‍්තං කරොමහං.

“භවය කෙළවර කළා වූ යම් ඒ සම්මා සම්බුදුවරු වැඩසිටියෝ නම් මේ සෑය උන්වහන්සේලා සඳහා ය. මෙය උන්වහන්සේලා අරමුණු කරගෙන මම සාදමි.”

“කරිත්‍වා පුලිනං ථූපං, සොවණ‍්ණං මාපයිං අහං; සොණ‍්ණකිඞ‍්කණිපුප‍්ඵානි, සහස‍්සෙ තීණි පූජයිං.

මෙසේ සිතමින් වැලි සෑය සෑදූ මම සෘද්ධියෙන් රන් මවා ඉන් රන් කිකිණිමල් තුන් දහසක් පූජා කළෙමි.

“සායපාතං නමස‍්සාමි, වෙදජාතො කතඤ‍්ජලී; සම‍්මුඛා විය සම‍්බුද‍්ධං, වන්‍දිං පුලිනචෙතියං.

මෙසේ කරවූ සෑය වෙත උදේ සවස පැමිණි මම හටගත් සතුටින් බැඳැදිලිව නමස්කාර කළෙමි. සම්බුදුරජහු අභිමුවෙහි මෙන් සැමදා වැන්දෙමි.

“යදා කිලෙසා ජායන‍්ති, විතක‍්කා ගෙහනිස‍්සිතා; සරාමි සුකතං ථූපං, පච‍්චවෙක‍්ඛාමි තාවදෙ.

යම් කලෙක මා හට කාමාශ්‍රිත විතර්ක පහළ වේ නම් එකල්හි සර්වඥ ස්තූපය සිහිකරමි. මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කළෙමි.

“උපනිස‍්සාය විහරං, සත්‍ථවාහං විනායකං; කිලෙසෙ සංවසෙය්‍යාසි, න යුත‍්තං තව මාරිස.

“නිදුකාණෙනි! සාර්ත්‍ථවාහක වූ විනායක වූ බුදුරජාණන් වහන්සේ ඇසුරු කොට පවතින නුඹ කෙලෙස් සමඟ වෙසෙහි නම් එය නුසුදුසුය”

“සහ ආවජ‍්ජිතෙ ථූපෙ, ගාරවං හොති මෙ තදා; කුවිතක‍්කෙ විනොදෙසිං, නාගො තුත‍්තට‍්ටිතො යථා.

මෙසේ සෑය සිහිකරන්නා වූ කෙණෙහිම මාගේ සිතෙහි බුද්ධ ගෞරවය ඇති වේ. කණමුලට අණින යවුලෙන් පෙලූ ඇතෙකු මෙන් මිථ්‍යා විතර්ක දුරුකරමි.

“එවං විහරමානං මං, මච‍්චුරාජාභිමද‍්දථ; තත්‍ථ කාලඞ‍්කතො සන‍්තො, බ්‍රහ‍්මලොකමගච‍්ඡහං.

මෙලෙස විසූ මම මාරයාට යටත් වූයෙමි. එහි කලුරිය කළ මම බඹලොව උපන්නෙමි.

“යාවතායුං වසිත්‍වාන, තිදිවෙ උපපජ‍්ජහං; අසීතික‍්ඛත‍්තුං දෙවින්‍දො, දෙවරජ‍්ජමකාරයිං.

දිවිතාක් එහි විසූ මම තව්තිසා දෙව්ලොව උපන් මම අසූවාරයක් දිව්‍ය රාජව උපන්නෙමි.

“සතානං තීණික‍්ඛත‍්තුඤ‍්ච, චක‍්කවත‍්තී අහොසහං; පදෙසරජ‍්ජං විපුලං, ගණනාතො අසඞ‍්ඛියං.

තුන්සිය වාරයක් සක්විති රජකම දැරූ මම ලබාගත් ප්‍රදේශ රාජ්‍ය ගණනින් ගිණිය නොහැක්කෙමි.

“සොණ‍්ණකිඞ‍්කණිපුප‍්ඵානං, විපාකං අනුභොමහං; ධාතීසතසහස‍්සානි, පරිවාරෙන‍්ති මං භවෙ.

මම ඒ කිංකිණි පුෂ්ප පූජාවෙහි විපාකය විඳිමි. භවයෙහි සිය දහසක් කිරිමවුවරු මා පිරිවරාගෙන සිටිති.

“ථූපස‍්ස පරිචිණ‍්ණත‍්තා, රජොජල‍්ලං න ලිම‍්පති; ගත‍්තෙ සෙදා න මුච‍්චන‍්ති, සුප‍්පභාසො භවාමහං.

සෑ රජුට පිදීම නිසා මගේ සිරුරෙහි දූවිලි නොවැකේ. ඩහදිය නොදමන මගේ ශරීරය ප්‍රභාවෙන් බැබලුණේය.

“අහො මෙ සුකතො ථූපො, සුදිට‍්ඨාමරිකා නදී; ථූපං කත්‍වාන පුලිනං, පත‍්තොම‍්හි අචලං පදං.

“අහෝ! ආශ්චර්යයකි. ම විසින් මැනවින් කළ සෑයකි. නදිය එය වටකරගෙන සිටී. වැලිසෑය සෑදූ මම අචල වූ නිවනට පැමිණියෙමි.

“කුසලං කත‍්තුකාමෙන, ජන‍්තුනා සාරගාහිනා; නත්‍ථි ඛෙත‍්තං අඛෙත‍්තං වා, පටිපත‍්තීව සාධකා.

කුසල් කරනු කැමති නිර්වාණ සාරය සොයන සත්ත්වයා විසින් “මෙය කෙතය, මෙය නොකෙතයැ”යි වෙන්කර ගත යුත්තක් නැත. ප්‍රතිපත්තියම අර්ථසාධක වන්නීය.

“යථාපි බලවා පොසො, අණ‍්ණවංතරිතුස‍්සහෙ; පරිත‍්තං කට‍්ඨමාදාය, පක‍්ඛන්‍දෙය්‍ය මහාසරං.

බලවත් පුරුෂයෙක් සාගරය තරණය කිරීමට උත්සාහ කරන්නේ, කුඩා දඬුකඩක් ගෙන මහසයුරට පැන “මම මේ දඬුකඩ නිසා මහසයුර තරණය කරන්නෙමි”යි උත්සාහයෙන්ද වීර්යයෙන් ද යුතු වූයේ කෙසේ හෝ සාගරය තරණය කරන්නේ ද එලෙසින් ම මවිසින් යම් කුසල කර්මයක් කරන ලද නම් එය ඉතා කුඩාවූවකි. නමුත් ඒ සුළු පින්කම නිසා මම සසර ඉක්මවීමි.

“ඉමාහං කට‍්ඨං නිස‍්සාය, තරිස‍්සාමි මහොදධිං; උස‍්සාහෙන වීරියෙන, තරෙය්‍ය උදධිං නරො.

“තථෙව මෙ කතං කම‍්මං, පරිත‍්තං ථොකකඤ‍්ච යං; තං කම‍්මං උපනිස‍්සාය, සංසාරං සමතික‍්කමිං.

“පච‍්ඡිමෙ භවෙ සම‍්පත‍්තෙ, සුක‍්කමූලෙන චොදිතො; සාවත්‍ථියං පුරෙ ජාතො, මහාසාලෙ සුඅඩ‍්ඪකෙ.

ඒ කුසලයෙන් මෙහෙය වූ මම අන්තිම භවයේදී සැවැත් නුවර ආඪ්‍ය වූ මහාසාර කුලයක උපන්නෙමි.

“සද‍්ධා මාතා පිතා මය‍්හං, බුද‍්ධස‍්ස සරණං ගතා; උභො දිට‍්ඨපදා එතෙ, අනුවත‍්තන‍්ති සාසනං.

මගේ මවුපියෝ සැදැහැත්තෝය. බුදුරදුන් සරණ ගියෝය. ඒ දෙදෙනම දක්නා ලද නිවණ ඇතිව බුද්ධානු ශාසනයට අනුව පවතිති.

“බොධිපපටිකං ගය‍්හ, සොණ‍්ණථූපමකාරයුං; සායපාතං නමස‍්සන‍්ති, සක්‍යපුත‍්තස‍්ස සම‍්මුඛා.

ඔවුහු ශ්‍රී මහා බෝධියෙන් ගිලිහුණු පොතු ගෙන රන්සෑයක් කරවූහ. ශාක්‍යපුත්‍ර බුදුරදුන් හමුවෙහි මෙන් සිතා උදේ සවස ඊට නමස්කාර කළහ.

“උපොසථම‍්හි දිවසෙ, සොණ‍්ණථූපං විනීහරුං; බුද‍්ධස‍්ස වණ‍්ණං කිත‍්තෙන‍්තා, තියාමං වීතිනාමයුං.

පොහෝ දිනවල ඒ රන් ථූපය බැහැරට ගෙන බුදුගුණ ගයමින් තුන්යම් රැය ගෙවූහ.

“සහ දිස‍්වානහං ථූපං, සරිං පුලිනචෙතියං; එකාසනෙ නිසීදිත්‍වා, අරහත‍්තමපාපුණිං.

ඒ රන් ථූපය දුටු මා හට පෙර සෑදූ වැලි සෑය සිහිවුණි. ඒ අස්නෙහිම හිඳි මම රහත් වූයෙමි.

“ගවෙසමානො තං වීරං, ධම‍්මසෙනාපතිද‍්දසං; අගාරා නික‍්ඛමිත්‍වාන, පබ‍්බජිං තස‍්ස සන‍්තිකෙ.

ඒ උතුම් බුද්ධ වීරයන් වහන්සේ සොයන මා හට දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ හමු වී උන්වහන්සේ සමීපයේ පැවිදි වූයෙමි.

“ජාතියා සත‍්තවස‍්සෙන, අරහත‍්තමපාපුණිං; උපසම‍්පාදයී බුද‍්ධො, ගුණමඤ‍්ඤාය චක‍්ඛුමා.

උපතින් සත් වියැති වු මම රහත් වූයෙමි. පසැස් ඇති බුදුරජාණන් වහන්සේ මගේ ගුණ මහිම දැන මා උපසපන් කරවූහ.

“දාරකෙනෙව සන‍්තෙන, කිරියං නිට‍්ඨිතං මයා; කතං මෙ කරණීයජ‍්ජ, සක්‍යපුත‍්තස‍්ස සාසනෙ.

ළදරු අවස්ථාවෙහිදීම මම කළයුතු කටයුතු නිමවූයෙමි. ශාක්‍ය පුත්‍රීය බුදු සසුනෙහි වෙනත් මවිසින් කළයුත්තක් නැත.

“සබ‍්බවෙරභයාතීතො, සබ‍්බසඞ‍්ගාතිගො ඉසි; සාවකො තෙ මහාවීර, සොණ‍්ණථූපස‍්සිදං ඵලං.

මහාවීර වූ සෘෂීන් වහන්ස! මම සියලු භය හා වෛර ඉක්මවූයෙමි. සියලු ක්ලේශයන් ඉක්ම වූයෙමි. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. රන් මල් පූජාවේ මේ විපාකයයි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

ම විසින් සියලු කෙලෙස් දවන ලදි. සියලු භවයෝ නසන ලදහ. ආශ්‍රව සිඳ ලූ මම ඇත් රජෙකු මෙන් වෙසෙමි. -පෙ- කෙලෙස් දැවූ මම බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා දායකානුග‍්ගහං කරොන‍්තො තෙහි උපනීතෙ පච‍්චයෙ න පටික‍්ඛිපති, යථාලද‍්ධෙයෙව පරිභුඤ‍්ජති. තං පුථුජ‍්ජනා “අයං කායදළ‍්හිබහුලො අරක‍්ඛිතචිත‍්තො”ති මඤ‍්ඤමානා අවමඤ‍්ඤන‍්ති. ථෙරො තං අගණෙන‍්තොව විහරති. තස‍්ස පන අවිදූරෙ අඤ‍්ඤතරො කුහකභික‍්ඛු පාපිච‍්ඡො සමානො අප‍්පිච‍්ඡො විය සන‍්තුට‍්ඨො විය අත‍්තානං දස‍්සෙන‍්තො ලොකං වඤ‍්චෙන‍්තො විහරති. මහාජනො තං අරහන‍්තං විය සම‍්භාවෙති. අථස‍්ස සක‍්කො දෙවානමින්‍දො තං පවත‍්තිං ඤත්‍වා ථෙරං උපසඞ‍්කමිත්‍වා, “භන‍්තෙ, කිං නාම කුහකො කරොතී”ති පුච‍්ඡි. ථෙරො පාපිච‍්ඡං ගරහන‍්තො –

රහත් බවට පත්වූ වසභ තෙරණුවෝ දායකයන්ට අනුග්‍රහ කරන සේක් ඔවුන් විසින් පූජා කරන ප්‍රත්‍යයන් ප්‍රතික්‍ෂේප කරති. ලැබෙන අයුරින්ම ආහාර වළඳති. එය දුටු පුහුදුන් භික්‍ෂූහු “මොහු කය වැඩීමෙහිම නියැලී නො රක්නා ලද සිත් ඇත්තෙකි”යි අවමන් කරති. වසභ තෙරණුවෝ එම අවමන් නො සලකා වාසය කළහ. උන් වහන්සේ වසන තැනට නුදුරෙහි එක්තරා කුහක භික්‍ෂුවක් පවිටු සිතැතිව, තමා අල්පේච්ඡවූ ලද දෙයින් සතුටුවන්නෙකු ලෙස ලෝකයා රවටමින් වාසය කළේය. මහජනයා මුලා වී උන්වහන්සේට රහතන් වහන්සේ කෙනෙකුන්ට මෙන් සත්කාර කරයි. මේ පුවත දුටු දෙවියන්ගේ ප්‍රධානියා වූ ශක්‍ර දේවේන්ද්‍රයා වසභ තෙරුන් වෙත පැමිණ “ස්වාමීනි! කුහකයා කුමක් නම් කරන්නේද?”යි විචාළේය. තෙරණුවෝ පාපියාට ගරහමින් මේ ගාථා දෙක වදාළහ.

“පුබ‍්බෙ හනති අත‍්තානං, පච‍්ඡා හනති සො පරෙ; සුහතං හන‍්ති අත‍්තානං, වීතංසෙනෙව පක‍්ඛිමා.

“පුබ්බෙ හන්ති අත්තානං පච්ඡා හන්ති සො පරෙ, සුහතං හන්ති අත්තානං විතං සෙනෙව පක්ඛිමා”

“න බ්‍රාහ‍්මණො බහිවණ‍්ණො, අන‍්තොවණ‍්ණො හි බ්‍රාහ‍්මණො; යස‍්මිං පාපානි කම‍්මානි, ස වෙ කණ‍්හො සුජම‍්පතී”ති. – ගාථාද‍්වයමාහ;

“න බ්‍රාහ්මණො බහිවණ්ණො අන්තො වණ්ණොහි බ්‍රාහ්මණො, යස්මිං පාපානි කම්මානි සවෙ කණ්හො සුජම්පති”

තත්‍ථ පුබ‍්බෙ හනති අත‍්තානන‍්ති කුහකපුග‍්ගලො අත‍්තනො කුහකවුත‍්තියා ලොකං වඤ‍්චෙන‍්තො පාපිච‍්ඡතාදීහි පාපධම‍්මෙහි පඨමමෙව අත‍්තානං හනති, අත‍්තනො කුසලකොට‍්ඨාසං විනාසෙති. පච‍්ඡා හනති සො පරෙති සො කුහකො පඨමං තාව වුත‍්තනයෙන අත‍්තානං හන‍්ත්‍වා පච‍්ඡා පරෙ යෙහි “අයං භික‍්ඛු පෙසලො අරියො”ති වා සම‍්භාවෙන‍්තෙහි කාරා කතා, තෙ හනති තෙසං කාරානි අත‍්තනි කතානි අමහප‍්ඵලානි කත්‍වා පච‍්චයවිනාසනෙන විනාසෙති. සතිපි කුහකස‍්ස උභයහනනෙ අත‍්තහනනෙ පන අයං විසෙසොති දස‍්සෙන‍්තො ආහ සුහතං හන‍්ති අත‍්තානන‍්ති. සො කුහකො අත‍්තානං හනන‍්තො සුහතං කත්‍වා හන‍්ති විනාසෙති, යථා කිං? වීතංසෙනෙව පක‍්ඛිමාති, වීතංසොති දීපකසකුණො, තෙන. පක‍්ඛිමාති සාකුණිකො. යථා තෙන වීතංසසකුණෙන අඤ‍්ඤෙ සකුණෙ වඤ‍්චෙත්‍වා හනන‍්තො අත‍්තානං ඉධ ලොකෙපි හනති විඤ‍්ඤුගරහසාවජ‍්ජසභාවාදිනා, සම‍්පරායං පන දුග‍්ගතිපරික‍්කිලෙසෙන හනතියෙව, න පන තෙ සකුණෙ පච‍්ඡා හන‍්තුං සක‍්කොති, එවං කුහකොපි කොහඤ‍්ඤෙන ලොකං වඤ‍්චෙත්‍වා ඉධ ලොකෙපි අත‍්තානං හනති විප‍්පටිසාරවිඤ‍්ඤුගරහාදීහි, පරලොකෙපි දුග‍්ගතිපරික‍්කිලෙසෙහි, න පන තෙ පච‍්චයදායකෙ අපායදුක‍්ඛං පාපෙති. අපිච කුහකො දක‍්ඛිණාය අමහප‍්ඵලභාවකරණෙනෙව දායකං හනතීති වුත‍්තො, න නිප‍්ඵලභාවකරණෙන. වුත‍්තඤ‍්හෙතං භගවතා – “දුස‍්සීලස‍්ස මනුස‍්සභූතස‍්ස දානං දත්‍වා සහස‍්සගුණා දක‍්ඛිණා පාටිකඞ‍්ඛිතබ‍්බා”ති (ම· නි· 3.379). තෙනාහ “සුහතං හන‍්ති අත‍්තාන”න‍්ති.

එහි “පුබ්බෙ හන්ති අත්තානං” යනු කුහක පුද්ගලයා තමාගේ කුහක දිවි පැවැත්මෙන් ලොව රවටනුයේ පවට කැමතිවීම් ආදී පාප ධර්ම නිසා පළමුව තමා නසා ගනියි. තමාගේ කුසලාභිවර්ධනය විනාශකර ගනියි. “පච්ඡා හන්ති සො පරෙ” ඒ කුහකයා පළමුව මුලින් පැවසූ අයුරින්ම තමා නසාගෙන පසුව අන්‍යයන් විසින් “මේ භික්‍ෂුව සිල්වතෙකි. ආර්‍ය්‍යයන් වහන්සේ කෙනෙකි”යි ගරු සම්මාන කරන ලද්දේ ද, ඒ සැමදෙන ද විනාශ කරයි. සෙසු මහජනයා විසින් තමාට කරන ලද පූජාවන් මහත්ඵල මහානිසංස නොකොට ප්‍රත්‍ය විනාශ කරයි. මෙසේ සිදුකරන කුහකයාගේ දෙපාර්ශවයම නැසීමෙහි, තමා නැසීමෙහි ඇති විශේෂත්‍වය දක්වමින් මෙසේ පවසයි. “සුහතං හන්ති අත්තානං” ඒ කුහකයා තමා නසාගනුයේ තමා සුරක්‍ෂිත කොට ගෙන නැසෙයි. විනාශවෙයි. ඒ කෙසේ ද? “වීතංසෙනෙව පක්ඛිමා” වීතංස යනු පක්‍ෂියෙකි. කුරුල්ලෙකි. ඒ ලිහිණියන් මුලා කරන කුරුල්ලා විසින් “පක්ඛිමා” කුරුලු වැද්දා. යම් සේ ඒ ලිහිණියන් මුලා කරන පක්‍ෂියා විසින් අන්‍ය පක්‍ෂීන් රවටා නැසීමට පත් කරයි. ඌ මෙලොවදීම නුවණැත්තන් විසින් ගරහන, වරද දක්වනු ලබන්නේ දුකට පත්ව තමා නසා ගනියි. පරලොව දී දුක් පීඩා විඳිමින් නැසෙන්නේමය. ඒ පක්‍ෂීන් පසුව නැසීමට නොහැකි වේ. මෙසේ කුහකයා ද කුහකබවින් ලොව රවටා මෙලොවදීම විපිළිසැවීම්, නුවණැත්තන් විසින් ගැරහීම් ආදියෙන් දුකට පත් වේ. පරලොව දීම දුගතියට - පිරිතැබීමට පත් වේ. ඒ ප්‍රත්‍ය දායකයන් ද අපා දුකට පමුණුවයි. නමුත් මෙහිදී කුහකයා දක්‍ෂිණාවේ මහත් ඵල බව නැසීම් පමණකින්ම දායයාට හානියක් කරයි. එම ප්‍රත්‍ය දානය නිශ්ඵල වූවක් කිරීමට ඔහුට නොහැක. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේ එහෙයිනි. – “දුසිල් වූ මනුෂ්‍ය වූවෙකුට දන් දී දහස් ගුණ වූ දක්‍ෂිණාවක් කැමතිවිය යුතුයි. පැතිය යුතුයි.” එනිසා “සුහතං හන්ති ආත්තානං” ‘තමා සුහතයෙකු කර නසයි’ යනුවෙන් කියන ලදි.

එවං බාහිරපරිමජ‍්ජනමත‍්තෙ ඨිතා පුග‍්ගලා සුද‍්ධා නාම න හොන‍්ති, අබ‍්භන‍්තරසුද‍්ධියා එව පන සුද‍්ධා හොන‍්තීති දස‍්සෙන‍්තො “න බ්‍රාහ‍්මණො”ති දුතියං ගාථමාහ. තස‍්සත්‍ථො – ඉරියාපථසණ‍්ඨපනාදිබහිසම‍්පත‍්තිමත‍්තෙන බ්‍රාහ‍්මණො න හොති. සම‍්පත‍්තිඅත්‍ථො හි ඉධ වණ‍්ණ-සද‍්දො. අබ‍්භන‍්තරෙ පන සීලාදිසම‍්පත‍්තියා බ්‍රාහ‍්මණො හොති, “බාහිතපාපො බ්‍රාහ‍්මණො”ති කත්‍වා. තස‍්මා “යස‍්මිං පාපානි ලාමකානි කම‍්මානි සංවිජ‍්ජන‍්ති, එකංසෙන සො කණ‍්හො නිහීනපුග‍්ගලො”ති සුජම‍්පති, දෙවානමින්‍ද, ජානාහි. තං සුත්‍වා සක‍්කො කුහකභික‍්ඛුං තජ‍්ජෙත්‍වා “ධම‍්මෙ වත‍්තාහී”ති ඔවදිත්‍වා සකට‍්ඨානමෙව ගතො.

මෙසේ බාහිර පිරිමැදීම්, බාහිර හැසිරීම් වලින් පමණක් සංවර වූ පුද්ගලයෝ “පිරිසිදුවූවෝ” නොවෙති. අභ්‍යන්තරයෙන්ම ආධ්‍යාත්මික ගුණ වඩාගත් පුද්ගලයෝම පිරිසිඳවූවෝ යැයි දක්වමින් “න බ්‍රාහ්මණො” යනාදී දෙවැනි ගාථාව වදාළහ. එහි අර්ථ මෙසේය. “ඉරියවු පිහිටවීම් ආදී බාහිර සම්පත්තියෙන් පමණක් බ්‍රාහ්මණයෙක් (රහතන් වහන්සේ කෙනෙක්) නොවේ. මෙහි “වණ්ණ” යන ශබ්දයෙන් සම්පත්ති අර්ථය ගෙන දෙයි. (බහිවණ්ණො - බාහිර සම්පත්තියෙන්, අන්තො වණ්ණො - අභ්‍යන්තර සම්පත්තියෙන්) අභ්‍යන්තරික වූ සීලාදී ආධ්‍යාත්මික ගුණ සම්පත්තියෙන්ම බ්‍රාහ්මණයෙක් වේ. පවු බැහැර ලූ, ඉවත ලූ බ්‍රාහ්මණයෙකු - ආර්‍ය්‍යයකු ලෙස තමා දක්වන්නා වූ පාපීලාමක ක්‍රියා ඇති පුද්ගලයා ඒකාන්තයෙන්ම ශක්‍ර දේවේන්ද්‍රය! “නිහීන වූ අකාර්ය පුද්ගලයෙකි”යි දැනගන්න. මෙය ඇසූ සක් දෙව්රජු කුහක භික්‍ෂුව වෙත ගොස්, ඔහු බියට පත් කර (තර්ජනය කර) “ධර්මානුකූල වන්න”යි අවවාද දී සිය වාසස්ථානයටම ගියේ ය.

වසභත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

වසභ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

දුකනිපාතෙ පඨමවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවැනි නිපාතයේ පළමු වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.