යෙදුමෙන් කියවන්න

මහාචුන්‍දත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

මහාචුන්‍දත්‍ථෙරගාථාවණ‍්ණනා

මහාචුන්‍ද ස්ථවිරගාථා වර්ණනාව

සුස‍්සූසාති ආයස‍්මතො මහාචුන්‍දත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ කුම‍්භකාරකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො කුම‍්භකාරකම‍්මෙන ජීවන‍්තො එකදිවසං සත්‍ථාරං දිස‍්වා පසන‍්නමානසො එකං මත‍්තිකාපත‍්තං ස‍්වාභිසඞ‍්ඛතං කත්‍වා භගවතො අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මගධරට‍්ඨෙ නාලකගාමෙ රූපසාරියා බ්‍රාහ‍්මණියා පුත‍්තො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස කනිට‍්ඨභාතා හුත්‍වා නිබ‍්බත‍්ති, චුන්‍දොතිස‍්ස නාමං අහොසි. සො වයප‍්පත‍්තො ධම‍්මසෙනාපතිං අනුපබ‍්බජිත්‍වා තං නිස‍්සාය විපස‍්සනං පට‍්ඨපෙත්‍වා ඝටෙන‍්තො වායමන‍්තො නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.51.39-50) –

“සුස්සූසා” යනු ආයුෂ්මත් මහාචුන්ද තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයන්හි දී පින් රැස් කරමින් පැමිණ, විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී කුම්භකාර කුලයෙහි ඉපදුනහ. වැඩිවියට පත් ඔහු කුඹල් කර්මාන්තයෙන් ජීවත්වන සමයෙහි, දිනක් ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් එක් මැටි පාත්‍රයක් මැනවින් සාදා උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කමේ බලයෙන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී “මගධ” රට “නාලක” ගමෙහි රූපසාරී බැමිණියගේ පුතුව, සැරියුත් මහ තෙරුන්ගේ බාල සෝයුරාව උපන් ඔහු “චුන්ද” නමින් ප්‍රකට විය. වැඩිවියට පත් චුන්ද කුමරු දම්සෙනෙවි සැරියුත් තෙරුන් අනුවම පැවිදි වී, උන්වහන්සේ ඇසුරු කරමින් වෙසෙන්නේ විදසුනෙහි සිත පිහිටුවා උත්සාහ කර, වෑයම් කර නොබෝ කලකින්ම ෂඩ් අභිඥා උපදවා ගත්තේය. චුන්ද තෙරණුවෝ අපදාන පාළියෙහි දී මෙසේ පැවසූහ -

“නගරෙ හංසවතියා, කුම‍්භකාරො අහොසහං; අද‍්දසං විරජං බුද‍්ධං, ඔඝතිණ‍්ණමනාසවං.

“මම එකල්හි හංසවතී නුවර කුඹලෙක් ව උපන්නෙමි. චතුරෝඝයන් තරණය කළ, ආශ්‍රව රහිත වූ කෙලෙස් දූවිලි පිස දැමූ බුදුරදුන් දුටුවෙමි.

“සුකතං මත‍්තිකාපත‍්තං, බුද‍්ධසෙට‍්ඨස‍්සදාසහං; පත‍්තං දත්‍වා භගවතො, උජුභූතස‍්ස තාදිනො.

මම මනාව සෑදූ මැටි පාත්‍රයක් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදුවෙමි. සෘජු වූ තාදී ගුණැති උන්වහන්සේට පාත්‍රය පිදූ මම සසර භවයන්හි ඉපිද රන්තලී ලබමි. රිදීමය, රන්මය, මැණික්මය තැටි ද භාජන ද මම පරිභෝග කරමි. පාත්‍ර පිදීමේ පුණ්‍ය විපාකය මෙබඳුය. ඒ මම කීර්තියට ද දන ධාන්‍යාදී සැප ද ලැබුවෙමි.”

“භවෙ නිබ‍්බත‍්තමානොහං, සොණ‍්ණථාලෙ ලභාමහං; රූපිමයෙ ච සොවණ‍්ණෙ, තට‍්ටිකෙ ච මණීමයෙ.

“පාතියො පරිභුඤ‍්ජාමි, පුඤ‍්ඤකම‍්මස‍්සිදං ඵලං; යසානඤ‍්ච ධනානඤ‍්ච, අග‍්ගභූතො ච හොමහං.

“යථාපි භද‍්දකෙ ඛෙත‍්තෙ, බීජං අප‍්පම‍්පි රොපිතං; සම‍්මාධාරං පවෙච‍්ඡන‍්තෙ, ඵලං තොසෙති කස‍්සකං.

“යම් සේ සුන්දර තැනක රෝපිත ඉතා කුඩා වූත් බීජය, මැනවින් වැසිදිය ලබා ශස්‍ය ඵලයෙන් (අස්වැන්නෙන්) ගොවියාගේ සිත සතුටු කරයි ද එසේම බුද්ධ ක්‍ෂේත්‍රයේ රෝපිත මේ පාත්‍ර දානය නම් බීජය ප්‍රීති ධාරා වස්නා කල්හි එහි ඵලය මා සිත සතුටු කරන්නේ ය.

“තථෙවිදං පත‍්තදානං, බුද‍්ධඛෙත‍්තම‍්හි රොපිතං; පීතිධාරෙ පවස‍්සන‍්තෙ, ඵලං මං තොසයිස‍්සති.

“යාවතා ඛෙත‍්තා විජ‍්ජන‍්ති, සඞ‍්ඝාපි ච ගණාපි ච; බුද‍්ධඛෙත‍්තසමො නත්‍ථි, සුඛදො සබ‍්බපාණිනං.

සංඝයාගේ ද සමූහයාගේ ද යම්තාක් පින් කෙත් වේ නම් ඒවා උතුම් බුද්ධ ක්‍ෂේත්‍රය (බුද්ධ නම් කෙත) මෙන් සත්ත්වයන්ට සුව සෙත සැලසීමට සමත් නොවේ.”

“නමො තෙ පුරිසාජඤ‍්ඤ, නමො තෙ පුරිසුත‍්තම; එකපත‍්තං දදිත්‍වාන, පත‍්තොම‍්හි අචලං පදං.

“එනිසා පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස! ඔබ වහන්සේට නමස්කාර වේවා! පුරුෂෝත්තමයන් වහන්ස! ඔබවහන්සේට නමස්කාර වේවා! එකම පාත්‍රයක් දුන් මම අචල වූ නිවණට පැමිණියෙමි.

“එකනවුතිතො කප‍්පෙ, යං පත‍්තමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, පත‍්තදානස‍්සිදං ඵලං.

මෙයින් කල්ප අනූ එකකට පෙර යම් පාත්‍රයක් දුන්නෙම් ද එදා සිට මේ දක්වා දුගතියක නූපන්නෙමි. පාත්‍ර දානයේ විපාකය මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේ අනුශාසනය ඉටුකළෙමි.

ඡළභිඤ‍්ඤො පන හුත්‍වා අත‍්තනා පටිලද‍්ධසම‍්පත‍්තියා කාරණභූතං ගරූපනිස‍්සයං විවෙකවාසඤ‍්ච කිත‍්තෙන‍්තො –

ෂඩ් අභිඥා ලාභී වූ චුන්ද තෙරණුවෝ තමන් වහන්සේ ලබාගත් ගුණ සම්පත්තීන්ට හේතු භූත වූ ගුරු ඇසුර ද විවේකයෙහි ඇලීම ද ප්‍රකට කරන සේක්, මෙම ගාථා දෙක වදාළහ.

“සුස‍්සූසා සුතවද‍්ධනී, සුතං පඤ‍්ඤාය වද‍්ධනං; පඤ‍්ඤාය අත්‍ථං ජානාති, ඤාතො අත්‍ථො සුඛාවහො.

“සූස්සූසා සුතවඩ්ඪනී, සුතං පඤ්ඤාය වඩ්ඪනං, පඤ්ඤාය අත්‍ථං ජානාතී, ඤාතො අත්‍ථො සුඛාවහො”

“සෙවෙථ පන‍්තානි සෙනාසනානි, චරෙය්‍ය සංයොජනවිප‍්පමොක‍්ඛං; සචෙ රතිං නාධිගච‍්ඡෙය්‍ය තත්‍ථ, සඞ‍්ඝෙ වසෙ රක‍්ඛිතත‍්තො සතීමා”ති. –

“සෙවෙථ පන්‍ථානි සෙනාසනානි, චරෙය්‍ය සංයෝජන විප්පමොක්ඛං, සචෙ රතිං නාධිගච්ඡෙය්‍ය තත්‍ථ, සඞ්ඝ වසෙ රක්ඛිතත්තො සතීමා”

ගාථාද‍්වයං අභාසි.

තත්‍ථ සුස‍්සූසාති සොතබ‍්බයුත‍්තස‍්ස සබ‍්බසුතස‍්ස සොතුමිච‍්ඡා, ගරුසන‍්නිවාසොපි. දිට‍්ඨධම‍්මිකාදිභෙදඤ‍්හි අත්‍ථං සොතුමිච‍්ඡන‍්තෙන කල්‍යාණමිත‍්තෙ උපසඞ‍්කමිත්‍වා වත‍්තකරණෙන පයිරුපාසිත්‍වා යදා තෙ පයිරුපාසනාය ආරාධිතචිත‍්තා කඤ‍්චි උපනිසීදිතුකාමා හොන‍්ති, අථ නෙ උපනිසීදිත්‍වා අධිගතාය සොතුමිච‍්ඡාය ඔහිතසොතෙන සොතබ‍්බං හොතීති ගරුසන‍්නිවාසොපි සුස‍්සූසාහෙතුතාය “සුස‍්සූසා”ති වුච‍්චති. සා පනායං සුස‍්සූසා සච‍්චපටිච‍්චසමුප‍්පාදාදිපටිසංයුත‍්තං සුතං තංසමඞ‍්ගිනො පුග‍්ගලස‍්ස වඩ‍්ඪෙති බ්‍රූහෙතීති සුතවද‍්ධනී, බාහුසච‍්චකාරීති අත්‍ථො. සුතං පඤ‍්ඤාය වද‍්ධනන‍්ති යං තං “සුතධරො සුතසන‍්නිචයො”ති (ම· නි· 1.339; අ· නි· 4.22) “ඉධෙකච‍්චස‍්ස බහුකං සුතං හොති සුත‍්තං ගෙය්‍යං වෙය්‍යාකරණ”න‍්ති (අ· නි· 4.6) ච එවමාදිනා නයෙන වුත‍්තං බාහුසච‍්චං, තං අකුසලප‍්පහානකුසලාධිගමනහෙතුභූතං පඤ‍්ඤං වද‍්ධෙතීති සුතං පඤ‍්ඤාය වද‍්ධනං, වුත‍්තඤ‍්හෙතං භගවතා –

එහි “සූස්සූසා” යනු ගුරු ඇසුරෙහි වසන්නා විසින් ඇසිය යුතුවූ අසා දැන ගත යුතු වූ දේ පිළිබඳ අසනු කැමැත්ත. දිට්ඨධම්මිකාදී (මෙලොවදී ඵල ලැබෙන) ප්‍රභේදයන්හි අර්ථය අසනු කැමැත්තා, කලණ මිතුරන් වෙත ගොස්, වත් පිළිවෙත් ආදියෙන් ඔවුන් ඇසුරු කරයි. එසේ ඇසුරු කිරීමෙන් ඔවුන්ගේ සිත සතුටු කර, මඳ වේලාවක් ඔවුන් සමීපයේ හිඳිනු කැමති වේ. මෙසේ සමීපයේ හිඳ අවබෝධ කරගත යුතු බැවින් අසනු කැමති, යොමුකළ කන් ඇති බව අසනු කැමැත්තයි. ගුරු ඇසුරද ඇසීමට - ශ්‍රවණයට උපකාර වන බැවින් “සූස්සූසා” නම් වේ. ඒ මේ අසනු කැමැත්ත නිසා සත්‍ය, ප්‍රතීත්‍ය සමුත්පාදාදිය ප්‍රතිසංයුත්ත වූ ශ්‍රැතවත්භාවයෙන් පුද්ගලයා පිරිපුන් වේ. ශ්‍රැතයෙන් වැඩේ යන අරුතින් “සුතවඩ්ඪනී” නම් වේ. හෙවත් බහුශ්‍රැත බව ඇති කරයි. “සුතං පඤ්ඤාය වඩ්ඪනං” යම් ඒ සුතධර වූ ශ්‍රැතයෙන් යුක්ත වූ ඇතමෙක් මෙහි බහුශ්‍රැතයෙක් වේ. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණා දී වශයෙන් දේශිත නවංග සත්‍ථුශාසනය බහුශ්‍රැත බව ඇති කරයි. එය අකුසල් දුරු කර, කුසලාධිගමනයට හේතු භූත වන හෙයින් ප්‍රඥාව වඩයි. එනිසා ඇසීමෙන්, ශ්‍රැතයෙන් ප්‍රඥාව වැඩේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“සුතාවුධො ඛො, භික‍්ඛවෙ, අරියසාවකො අකුසලං පජහති, කුසලං භාවෙති, සාවජ‍්ජං පජහති, අනවජ‍්ජං භාවෙති, සුද‍්ධං අත‍්තානං පරිහරතී”ති (අ· නි· 7.67).

“මහණෙනි! ශ්‍රැතවත් (ඇසූපිරූ තැන් ඇති) ආර්ය ශ්‍රාවකයන් වහන්සේ අකුසල් දුරු කරයි. කුසල් වඩයි. සාවද්‍ය සේ බැහැරලයි. නිරවද්‍ය දේ වඩයි. පිරිසිදු වූ තමා (අභ්‍යන්තර - බාහිර වශයෙන්) පරිහරණය කරයි.”

පඤ‍්ඤාය අත්‍ථං ජානාතීති බහුස‍්සුතො සුතමයඤාණෙ ඨිතො තං පටිපත‍්තිං පටිපජ‍්ජන‍්තො සුතානුසාරෙන අත්‍ථූපපරික‍්ඛාය ධම‍්මනිජ‍්ඣානෙන භාවනාය ච ලොකියලොකුත‍්තරභෙදං දිට‍්ඨධම‍්මාදිවිභාගං දුක‍්ඛාදිවිභාගඤ‍්ච අත්‍ථං යථාභූතං පජානාති ච පටිවිජ‍්ඣති ච, තෙනාහ භගවා –

“පඤ්ඤාය අත්තානං ජානාති” බහුශ්‍රැතව සුතමය ඤාණයෙහි පිහිටා ඒ පිළිවෙත් පුරන්නා විසින් ශ්‍රැතානුසාරයෙන්, අර්ථ මෙනෙහි කරමින්, ධර්මාවබෝධය ලැබීමට එය වඩනුයේ, ලෞකික - ලෝකෝත්තරාදී භේද ඇති දිට්ඨධම්මිකා දී විභාග ද දුක්ඛා දී විභාග ද ඇති අර්ථයන් තත්ත්වාකාරයෙන් දැන ගනියි. අවබෝධ කරගනු ලබයි. එනිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. –

“සුතස‍්ස යථාපරියත‍්තස‍්ස අත්‍ථමඤ‍්ඤාය ධම‍්මමඤ‍්ඤාය ධම‍්මානුධම‍්මප‍්පටිපන‍්නො හොතී”ති (අ· නි· 4.6).

“අසන්නා වූ, අසා පිළිවෙත් පුරන්නාට අර්ථය මැනවින් වැටහී, ධර්මානුධර්ම පිළිවෙතට මනාව පිළිපන්නේ වේ.”

“ධතානං ධම‍්මානං අත්‍ථං උපපරික‍්ඛති, අත්‍ථං උපපරික‍්ඛතො ධම‍්මා නිජ‍්ඣානං ඛමන‍්ති, ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තියා සති ඡන්‍දො ජායති, ඡන්‍දජාතො උස‍්සහති, උස‍්සහිත්‍වා තුලෙති, තුලයිත්‍වා පදහති, පහිතත‍්තො සමානො කායෙන චෙව පරමසච‍්චං සච‍්ඡිකරොති, පඤ‍්ඤාය ච නං අතිවිජ‍්ඣ පස‍්සතී”ති (ම· නි· 2.432) ච.

අසා ධාරණය කරගත් ධර්ම කරුණුවල අර්ථ මෙනෙහි කරන්නාට එම ධර්‍ම අවබෝධ වීමෙන් ඊට කැමැත්ත (ආශාව) ඇති වේ. කැමැත්ත නිසා උත්සාහ කරයි. උත්සාහ කරනුයේ සමාන කර බලයි. තුලනය කරනුයේ ආර්‍ය්‍ය මාර්ගයේ ස්ථිරව පිහටයි. තව තවත් උත්සාහ කරනුයේ කයින් මෙන්ම ප්‍රඥාවෙන් ද පරමාර්ථය, පරම වූ අර්ථය (යථාවබෝධය) සාක්ෂාත් කරගනියි. විනිවිද දකියි.

ඤාතො අත්‍ථො සුඛාවහොති යථාවුත‍්තො දිට‍්ඨධම‍්මිකාදිඅත්‍ථො චෙව දුක‍්ඛාදිඅත්‍ථො ච යාථාවතො ඤාතො අධිගතො ලොකියලොකුත‍්තරභෙදං සුඛං ආවහති නිප‍්ඵාදෙතීති අත්‍ථො.

“ඤාතො අත්‍ථා සුඛාවහො” යම් සේ පවසන ලද දිට්ඨධම්මිකාදි අර්ථයෙන් ද දුක්ඛා දී අර්ථයෙන් ද යථාර්ථවත්ව දැන, අවබෝධ කරගෙන අනතුරුව, “ලෞකික - ලෝකෝත්තරාදී භේද ඇති සුවයට පැමිණෙයි. සැප උපදවා ගනියි” යන අර්ථයයි.

ඨිතාය භාවනාපඤ‍්ඤාය සුතමත‍්තෙනෙව න සිජ‍්ඣතීති තස‍්සා පටිපජ‍්ජනවිධිං දස‍්සෙන‍්තො “සෙවෙථ…පෙ…විප‍්පමොක‍්ඛ”න‍්ති ආහ. තත්‍ථ සෙවෙථ පන‍්තානි සෙනාසනානීති කායවිවෙකමාහ. තෙන සංයොජනප‍්පහානස‍්ස ච වක‍්ඛමානත‍්තා විවෙකාරහස‍්සෙව විවෙකවාසොති සීලසංවරාදයො ඉධ අවුත‍්තසිද‍්ධා වෙදිතබ‍්බා. චරෙය්‍ය සංයොජනවිප‍්පමොක‍්ඛන‍්ති යථා සංයොජනෙහි චිත‍්තං විප‍්පමුච‍්චති, තථා විපස‍්සනාභාවනං මග‍්ගභාවනඤ‍්ච චරෙය්‍ය පටිපජ‍්ජෙය්‍යාති අත්‍ථො. සචෙ රතිං නාධිගච‍්ඡෙය්‍ය තත්‍ථාති තෙසු පන‍්තසෙනාසනෙසු යථාලද‍්ධෙසු අධිකුසලධම‍්මෙසු ච රතිං පුබ‍්බෙනාපරං විසෙසස‍්ස අලාභතො අභිරතිං න ලභෙය්‍ය, සඞ‍්ඝෙ භික‍්ඛුසමූහෙ රක‍්ඛිතත‍්තො කම‍්මට‍්ඨානපරිගණ‍්හනතො රක‍්ඛිතචිත‍්තො ඡසු ද‍්වාරෙසු සතිආරක‍්ඛාය උපට‍්ඨපනෙන සතිමා වසෙය්‍ය විහරෙය්‍ය, එවං විහරන‍්තස‍්ස ච අපි නාම සංයොජනවිප‍්පමොක‍්ඛො භවෙය්‍යාති අධිප‍්පායො.

අසන දේ ධාරණයෙන්, වැඩීම් සංඥාව ඇති ඇසීමෙන් පමණක් මෙය සිදු නොවේ. සත්‍යාවබෝධයට පිළිපැදීම අත්‍යවශ්‍ය බව දක්වමින් “සෙවෙථ -පෙ- විප්පමොක්ඛං” යන ගාථාව වදාරා ඇත. එහි “සෙවෙථ පන්‍ථානි සෙනාසනානි” යනුවෙන් කාය විවේකය පැවසිණි. වනයේ වන සෙනසුන් ඇසුරින් සංයෝජන ප්‍රහාණය කිරීම ද කියනු ලබන විවේකයේ හුදකලාවාසයෙන් ද මෙහිදී නොපැවසුණු සීල සංවරාදිය ද ඉටුවේ යැයි දත යුතුයි. “චරෙය්‍ය සංයොජන විප්පමොක්ඛං” යම්සේ සංයෝජනයන්ගෙන් සිත මුදවන්නේ ද එසේ වූ විදසුන් භාවනාවෙහි හා මාර්ග භාවනාවෙහි හැසිරෙන්නේය පිළිපදින්නේය” යන අර්ථයයි. “සචෙ රතිං නාධිගච්ඡෙය්‍ය තත්‍ථා” යනු ඒ වනුයේ ඉතා දුර වූ සෙනසුන්හි ලැබෙන පරිදි අධිකුසල ධර්මයන්හි ඇලීම ද පූර්වාපර ගුණ විශේෂ නොලැබීමෙන් දැඩි ඇලීම ද නොලබන්නේ නම්; භික්‍ෂු සමූහයා වෙති, සංඝයා වෙත පැමිණ ඉඳුරන් රැකගෙන කමටහන් පරීක්‍ෂා කරමින් රක්නා ලද සිත් ඇතිව, සදොර පිළිබඳව සිහිය පිහිටුවා, සිහියෙන් යුක්තව වාසය කරන්නේ ය. මෙසේ වාසය කරන භික්‍ෂුවගේ සන්තානයෙන් සංයෝජනයෙන් මිදී යෑම වන්නේ ය” යන අදහසයි.

මහාචුන්‍දත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මහා චුන්ද ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.