යෙදුමෙන් කියවන්න

ජොතිදාසත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ජොතිදාසත්‍ථෙරගාථාවණ‍්ණනා

ජෝතිදාස ස්ථවිරගාථා වර්ණනාව

යෙ ඛො තෙති ආයස‍්මතො ජොතිදාසත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථාරං පිණ‍්ඩාය ගච‍්ඡන‍්තං දිස‍්වා පසන‍්නචිත‍්තො කාසුමාරිකඵලං අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ පාදියත්‍ථජනපදෙ විභවසම‍්පන‍්නස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, ජොතිදාසොතිස‍්ස නාමං අහොසි. සො විඤ‍්ඤුතං පත්‍වා ඝරමාවසන‍්තො එකදිවසං මහාකස‍්සපත්‍ථෙරං අත‍්තනො ගාමෙ පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා පසන‍්නචිත‍්තො භොජෙත්‍වා ථෙරස‍්ස සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා අත‍්තනො ගාමසමීපෙ පබ‍්බතෙ මහන‍්තං විහාරං කාරෙත්‍වා ථෙරං තත්‍ථ වාසෙත්‍වා චතූහි පච‍්චයෙහි උපට‍්ඨහන‍්තො ථෙරස‍්ස ධම‍්මදෙසනාය පටිලද‍්ධසංවෙගො පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.51.51-56) –

“යෙ ඛො තෙ” යනු ආයුෂ්මත් ජෝතිදාස තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී පින් රැස් කරමින් අවුත්, සිඛිනම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක උපන්හ. වියටපත් මේ සිටුකුමරු දිනක් ශාස්තෲන් වහන්සේ පිඬු පිණිස වැඩම කරනු දැක, පැහැදුණු සිතින් කටු එරමිණිය ගෙඩියක් උන්වහන්සේට පිදුවේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් - මිනිස් දෙගතියේ සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ දී පානීයත්‍ථ ජනපදයේ මහත් සම්පත් ඇති බමුණකුගේ පුතුව ඉපිද “ජෝතිදාස” නමින් ප්‍රකට විය. වියටපත් ජෝතිදාස ගිහිගේ වසමින් සිටින කල්හි දිනක් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ තම ගමෙහි පිඬු පිණිස හැසිරෙනු දුටුවේය. පැහැදුණු සිතින් උන්වහන්සේ වළඳවා, සමීපයේ හිඳ ධර්‍ම ශ්‍රවණය කළ ජෝතිදාස, තම ගම සමීපයේ වූ පර්වතයක මහත් වූ විහාරයක් සාදවා, තෙරුන් වහන්සේ එහි වාසය කරවාගෙන සිවු පසයෙන් ඇප උපස්ථාන කරමින් නිතර බණ ඇසුවේය. තෙරුන්ගේ ධර්‍මය ශ්‍රවණය කිරීමෙන් ලැබූ ශ්‍රද්ධාව හා ගිහිගේ පිළිබඳ සංවේග ඇති ජෝතිදාස, විදසුන් භාවනාව වඩමින් නොබෝ දිනකින්ම ෂඩ් අභිඥා උපදවා ගත්තේය. ජෝතිදාස තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.

“කණිකාරංව ජොතන‍්තං, නිසින‍්නං පබ‍්බතන‍්තරෙ; අද‍්දසං විරජං බුද‍්ධං, ලොකජෙට‍්ඨං නරාසභං.

“කඳු අතරෙහි වැඩ හුන්නා වූ සුපිපි කිණිහිරි රුකක් වැනි වූ රජස් විරහිත ලෝක ජ්‍යෙෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

“පසන‍්නචිත‍්තො සුමනො, සිරෙ කත්‍වාන අඤ‍්ජලිං; කාසුමාරිකමාදාය, බුද‍්ධසෙට‍්ඨස‍්සදාසහං.

පහන් සිත් ඇති මම සතුටු සිතින් හිසෙහි ඇඳිලි බැඳගෙන ඒ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට කටු එරමිණිය ගෙඩියක් පිදුවෙමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං ඵලං අදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.

මෙයින් තිස් එක් කල්පයකට පෙර යම් ඵල පූජාවක් කෙළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

ඡළභිඤ‍්ඤො පන හුත්‍වා තීණි පිටකානි උග‍්ගහෙත්‍වා විසෙසතො විනයපිටකෙ සුකුසලභාවං පත්‍වා දසවස‍්සිකො පරිසුපට‍්ඨාකො ච හුත්‍වා බහූහි භික‍්ඛූහි සද‍්ධිං භගවන‍්තං වන්‍දිතුං සාවත්‍ථිං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ අද‍්ධානපරිස‍්සමවිනොදනත්‍ථං තිත්‍ථියානං ආරාමං පවිසිත්‍වා එකමන‍්තං නිසින‍්නො එකං පඤ‍්චතපං තපන‍්තං බ්‍රාහ‍්මණං දිස‍්වා, “කිං, බ්‍රාහ‍්මණ, අඤ‍්ඤස‍්මිං තපනීයෙ අඤ‍්ඤං තපතී”ති ආහ. තං සුත්‍වා බ්‍රාහ‍්මණො කුපිතො, “භො, මුණ‍්ඩක, කිං අඤ‍්ඤං තපනීය”න‍්ති ආහ. ථෙරො තස‍්ස –

ෂඩ් අභිඥාලාභී වූ ජෝතිදාස තෙරණුවෝ ත්‍රිපිටකය උගෙන විශේෂයෙන් විනය පිටකයෙහි ඉතා දක්ෂ බවට පත්ව, දස වසරක් සිවු පිරිසට උපස්ථාන කළහ. අනතුරුව බොහෝ භික්‍ෂූන් පිරිවරා භාග්‍යවතුන් වහන්සේට වැඳීම සඳහා සැවැත් නුවර බලා වැඩම කරන අතරමගදී, ගමන් වෙහෙස නිවා ගැනීමට එක් අන්‍ය තීර්ථකාරාමයකට පිවිසි උන්වහන්සේ, එහි එක් පසෙක හුන්නා වූ පංචතාපනයෙන් තමන් තවන්නා වූ බමුණෙකු දැක මෙසේ වදාළහ. “බමුණ! කිම තමා තවනුයේ යැයි අනිකක් තවනුයේ ද?” එය අසා කිපුණු එම බමුණා “එම්බා මුඩු තැනැත්ත!, අනික් තැවිය යුතු දේ කවරේ ද?” යි විචාළේය. ඊට පිළිතුරු දෙන තෙරණුවෝ

“කොපො ච ඉස‍්සා පරහෙඨනා ච, මානො ච සාරම‍්භමදො පමාදො; තණ‍්හා අවිජ‍්ජා භවසඞ‍්ගතී ච, තෙ තප‍්පනීයා න හි රූපඛන්‍ධො”ති. –

“කොධොච ඉස්සාච පරමොදනා ච, මානො ච සාරම්භමදො පමාදො, තණ්හා අවිජ්ජා භවසංගතී ච, තෙ තපනීයා හි රූපක්ඛන්‍ධො”

“ක්‍රෝධය ද ඊර්ෂ්‍යාව ද මානය ද එකටෙක කියා ගැනීම ද මදය ද ප්‍රමාදය ද තණ්හාව ද අවිද්‍යාව ද භව පැවැත්ම ද යන මේවා රූප ස්කන්‍ධයාගේ තැවීම් වේ.”

ගාථාය ධම‍්මං දෙසෙසි. තං සුත්‍වා සො බ්‍රාහ‍්මණො තස‍්මිං තිත්‍ථියාරාමෙ සබ‍්බෙ අඤ‍්ඤතිත්‍ථියා ච ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජිංසු. ථෙරො තෙහි සද‍්ධිං සාවත්‍ථිං ගන‍්ත්‍වා භගවන‍්තං වන්‍දිත්‍වා කතිපාහං තත්‍ථ වසිත්‍වා අත‍්තනො ජාතිභූමිංයෙව ගතො දස‍්සනත්‍ථං උපගතෙසු ඤාතකෙසු නානාලද‍්ධිකෙ යඤ‍්ඤසුද‍්ධිකෙ ඔවදන‍්තො –

යන ගාථාවෙන් ධර්ම දේශනා කළහ. එම දේශනාව ඇසූ බමුණා ප්‍රධාන එම තීර්ථකාරාම වැසි සියළු අන්‍ය තීර්ථකයෝ තෙරුන් සමීපයේ පැවිදි වූහ. තෙරුන් වහන්සේ ඔවුන් සමග සැවැත් නුවරට ගොස්, භාග්‍යවතුන් වහන්සේට වැඳ දින කිහිපයක් එහි වාසය කළහ. පසුව තම උපන් බිමට ම වැඩම වූ ජෝතිදාස තෙරුන් දැකීමට පැමිණියා වූ නානාවිධ පිළිගැනීම් හා යාග-ශුද්ධීන් පිළිගත් ඥාතීන්ට අවවාද දෙමින් මේ ගාථා දෙක වදාළහ.

“යෙ ඛො තෙ වෙඨමිස‍්සෙන, නානත‍්තෙන ච කම‍්මුනා; මනුස‍්සෙ උපරුන්‍ධන‍්ති, ඵරුසූපක‍්කමා ජනා; තෙපි තත්‍ථෙව කීරන‍්ති, න හි කම‍්මං පනස‍්සති.

“යෙ ඛො තෙ වෙසමිස්සෙන නානත්‍ථෙන ච කම්මුනා, මනුස්සෙ උපරුන්‍ධන්ති ඵරුසුපක්කමා ජනා, තෙපි තත්‍ථෙව කිරන්ති නහි කම්මං පනස්සති”

“යං කරොති නරො කම‍්මං, කල්‍යාණං යදි පාපකං; තස‍්ස තස‍්සෙව දායාදො, යං යං කම‍්මං පකුබ‍්බතී”ති. – ගාථාද‍්වයං අභාසි;

“යං කරොති නරො කම්මං කල්‍යාණං යදි පාපකං, තස්ස තස්සෙව දායාදො යං යං කම්මං පකුබ්බතී”

තත්‍ථ යෙති අනියමුද‍්දෙසො. තෙති අනියමතො එව පටිනිද‍්දෙසො. පදද‍්වයස‍්සාපි “ජනා”ති ඉමිනා සම‍්බන්‍ධො. ඛොති නිපාතමත‍්තං. වෙඨමිස‍්සෙනාති වරත‍්තඛණ‍්ඩාදිනා සීසාදීසු වෙඨදානෙන. “වෙධමිස‍්සෙනා”තිපි පාළි, සො එවත්‍ථො. නානත‍්තෙන ච කම‍්මුනාති හනනඝාතනහත්‍ථපාදාදිච‍්ඡෙදනෙන ඛුද‍්දකසෙළදානාදිනා ච නානාවිධෙන පරූපඝාතකම‍්මෙන. මනුස‍්සෙති නිදස‍්සනමත‍්තං, තස‍්මා යෙ කෙචි සත‍්තෙති අධිප‍්පායො. උපරුන්‍ධන‍්තීති විබාධෙන‍්ති. ඵරුසූපක‍්කමාති දාරුණපයොගා, කුරූරකම‍්මන‍්තාති අත්‍ථො. ජනාති සත‍්තා. තෙපි තත්‍ථෙව කීරන‍්තීති තෙ වුත‍්තප‍්පකාරා පුග‍්ගලා යාහි කම‍්මකාරණාහි අඤ‍්ඤෙ බාධිංසු. තත්‍ථෙව තාසුයෙව කාරණාසු සයම‍්පි කීරන‍්ති පක‍්ඛිපීයන‍්ති, තථාරූපංයෙව දුක‍්ඛං අනුභවන‍්තීති අත්‍ථො. “තථෙව කීරන‍්තී”ති ච පාඨො, යථා සයං අඤ‍්ඤෙසං දුක‍්ඛං අකංසු, තථෙව අඤ‍්ඤෙහි කරීයන‍්ති, දුක‍්ඛං පාපීයන‍්තීති අත්‍ථො, කස‍්මා? න හි කම‍්මං පනස‍්සති කම‍්මඤ‍්හි එකන‍්තං උපචිතං විපාකං අදත්‍වා න විගච‍්ඡති, අවසෙසපච‍්චයසමවායෙ විපච‍්චතෙවාති අධිප‍්පායො.

එහි “යෙ” අනියමින් දැක්වීමකි. “තෙ” යනු නියම වශයෙන්ම නැවත දැක්වීමකි. පද දෙකෙහි සබඳතාව දක්වන “ඛො” යන්න නිපාතයකි. යම්කෙනෙක්, “වෙසමිස්සෙන” වරපට, කඩරෙදි ආදියෙන් හිස ආදී ශරීරාවයව වෙලීමෙන්, “වෙඨමිස්සෙන” යන්න ද පාළියෙහි යෙදේ. මෙම අරුතම ඇත. “නානත්‍ථෙන ච කම්මුනා” නසන, ඝාතනය කරන, අත් පා සිඳින කුදු බවට ශරීරය පත්වන සේ වෙලීම් ආදී නානා විධ අනුන් නසන ක්‍රියාවලින්. “මනුස්සෙ” යනු නිදසුන් ලෙස දැක්වීමක් පමණි. කිසියම් සත්ත්‍වයෙකු යන අර්ථයයි. “උපරුන්‍ධන්ති” පෙළති. පීඩා කරති. “ඵරුසූපක්කමා” දරුණු වූ ප්‍රයෝග ඇති, කුරිරුකම් ඇති. “ජනා” යනු සත්ත්‍වයෝ. “තෙපි තත්‍ථෙව කීරන්ති” මෙසේ අනුන්ට විපත් කරන්නා වූ, අන්‍යයන්ට උගුල් අටවන්නා වූ ඔවුහු, තමන්ම ඊට හසුව විපතට පත්වෙති. හෙළනු ලැබෙති. නැතිනම් ඊට සමාන හෝ දුකකට පත්වෙති යන අර්ථයයි. “තථෙව කීරන්ති” යන පාඨය ද යෙදේ. “තමා අනුන්ට යම් දුක් පැමිණවීද එලෙසින් ම අනුන් තමන්ට ද දුක් එළවති. දුකට පමුණුවති” යන අර්ථයයි. කුමක් නිසාද? කර්මය විපාක නොදී නොනැසෙන හෙයිනි. “නහි කම්මං පනස්ස” කර්‍ම අනිවාර්යයෙන්ම විපාක දෙයි. රැස්වූ කර්ම, ඉතිරිවූ ප්‍රත්‍යයන්ගේ එකතුවීම ඇති කල්හි විපාක නොදී අහෝසි නොවේ.

ඉදානි “න හි කම‍්මං පනස‍්සතී”ති සඞ‍්ඛෙපතො වුත‍්තමත්‍ථං විභජිත්‍වා සත‍්තානං කම‍්මස‍්සකතං විභාවෙතුං “යං කරොතී”ති ගාථං අභාසි. තස‍්සත්‍ථො යං කම‍්මං කල්‍යාණං කුසලං, යදි වා පාපකං අකුසලං සත‍්තො කරොති, කරොන‍්තො ච තත්‍ථ යං කම‍්මං යථා ඵලදානසමත්‍ථං හොති, තථා පකුබ‍්බති උපචිනොති. තස‍්ස තස‍්සෙව දායාදොති තස‍්ස තස‍්සෙව කම‍්මඵලස‍්ස ගණ‍්හනතො තෙන තෙන කම‍්මෙන දාතබ‍්බවිපාකස‍්ස භාගී හොතීති අත්‍ථො. තෙනාහ භගවා – “කම‍්මස‍්සකා, මාණව, සත‍්තා කම‍්මදායාදා”තිආදි (ම· නි· 3.289). ඉමා ගාථා සුත්‍වා ථෙරස‍්ස ඤාතකා කම‍්මස‍්සකතායං පතිට‍්ඨහිංසූති.

දැන් “කර්මය විපාක නොදී නොනැසේ” යැයි සංක්‍ෂිප්තව පැවසූ අර්ථය බෙදා දක්වමින් (විග්‍රහ කරමින්) සත්ත්‍වයන්ගේ කර්ම කිරීම ප්‍රකට කරමින් “යං කරොති” යන දෙවන ගාථාව වදාළහ. එහි අරුත මෙසේය. යම් කර්මයක් කුසල හෝ පාපී අකුසලයක් සත්ත්වයා කරයි ද කරවන්නේ ද එහි යම් කුසලා කුසල කර්මයක් විපාකදීමට සමත්වේද එබඳු වූ කර්ම රැස්කරයි. එය දායාද කරගනියි. “තස්සතස්සෙව දායාදො” ඒ ඒ කර්ම ඵලයේ ගැනීම් වශයෙන් ඒ ඒ කර්මයෙන් දෙනු ලබන විපාකයට භාජන වෙයි. ලක් වේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ “මානවය! සත්ත්වයා කර්මය විසින් කරන ලදි. ඔවුහු කර්මය දායාද කර ඇත්තාහ”යි වදාළහ. මේ ගාථාවන් ප්‍රතිඵලයෙකැ”යි පිළිගත්හ. “මේ වර්තමාන ජීවිතය අපගේ පෙර ක්‍රියාවල ප්‍රතිඵලයෙකැ”යි පිළිගත්හ. මේ ගාථාවන් අසා තෙරුන්ගේ ඤාතිවරු කුසල් රැස් කිරීමෙහි පිහිටියාහුය.

ජොතිදාසත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ජෝතිදාස ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.