යෙදුමෙන් කියවන්න

හෙරඤ‍්ඤකානිත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

හෙරඤ‍්ඤකානිත්‍ථෙරගාථාවණ‍්ණනා

හෙරඤ්ඤකානි ස්ථවිරගාථා වර්ණනාව

අච‍්චයන‍්ති අහොරත‍්තාති ආයස‍්මතො හෙරඤ‍්ඤකානිත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො පරෙසං භතකො හුත්‍වා ජීවන‍්තො එකදිවසං සුජාතස‍්ස නාම සත්‍ථුසාවකස‍්ස පංසුකූලං පරියෙසන‍්තස‍්ස උපඩ‍්ඪදුස‍්සං පරිච‍්චජි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන තාවතිංසෙසු නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කොසලරඤ‍්ඤො ගාමභොජකස‍්ස චොරවොසාසකස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, හෙරඤ‍්ඤකානීතිස‍්ස නාමං අහොසි. සො වයප‍්පත‍්තො පිතු අච‍්චයෙන රඤ‍්ඤා තස‍්මිංයෙව ගාමභොජකට‍්ඨානෙ ඨපිතො ජෙතවනපටිග‍්ගහණෙ බුද‍්ධානුභාවං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො අත‍්තනො කනිට‍්ඨස‍්ස තං ඨානන‍්තරං දාපෙත්‍වා රාජානං ආපුච‍්ඡිත්‍වා පබ‍්බජිත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.50.31-40) –

“අච්චයන්ති අහොරත්තා” යනු ආයුෂ්මත් හේරඤ්ඤකානි තෙරුන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි දී හංසවතී නුවර කුලගෙයක උපන්හ. වියටපත් හෙතෙම අනුන්ගේ මෙහෙකරුවෙක්ව නුවර හැසිරෙනුයේ, දිනක් සුජාත නම් බුද්ධශ්‍රාවකයන් වහන්සේ පාංශුකූලයක් සොයමින් වඩිනු දැක, උන්වහන්සේට රෙදි කැබැල්ලක් පූජා කළේය. ඒ පින්කම හේතුවෙන් තව්තිසාවෙහි උපන් ඔහු අනතුරුව ඒ ඒ දිව්‍ය-මනුෂ්‍ය භවයන්හි හැසිර මේ බුද්ධෝත්පාද කාලයේ දී කොසොල් රජුගේ ග්‍රාම භෝජක වූ චෝරඝාතකයාගේ පුතුව උපන්නේ ය. හේරඤ්ඤික නමින් ප්‍රකට වූ හෙතෙම තම පියා කළුරිය කළ පසුව රජු විසින් එම තනතුරෙහිම හෙවත් ගම්පති තනතුරෙහිම තබන ලදි. ජේතවනාරාමය පිළිගන්නා දින උතුම් බුදු සිරිය දුටු හෙතෙම ලැබූ ශ්‍රද්ධා ඇතිව තම බාල සෝයුරාට ග්‍රාමභෝජක තනතුර දී, රජුට ද දන්වා පැවිදි විය. පැවිදි කිස මැනවින් සැපිරූ හේරඤ්ඤික හිමියෝ නොබෝ කලකින්ම රහත් වූහ. අපදානපාළියේ දී උන්වහන්සේ මෙසේ පැවසූහ.

“පදුමුත‍්තරභගවතො, සුජාතො නාම සාවකො; පංසුකූලං ගවෙසන‍්තො, සඞ‍්කාරෙ චරතෙ තදා.

එකල පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වූ සුජාත තෙරුන් වහන්සේ සිවුරු පිණිස පාංශුකූල රෙදිකඩක් සොයමින් කසල ඇතිතැන්හි හැසිරුණහ.

“නගරෙ හංසවතියා, පරෙසං භතකො අහං; උපඩ‍්ඪදුස‍්සං දත්‍වාන, සිරසා අභිවාදයිං.

මම හංසවතී නුවර අනුන්ගේ මෙහෙකරු වූයෙමි. උන්වහන්සේට රෙදි කඩක් පිදූ මම හිස නමා වැන්දෙමි.

“තෙන කම‍්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා මානුසං දෙහං, තාවතිංසමගච‍්ඡහං.

මැනවින් කළ ඒ කර්මය නිසාත්, චිත්තප්‍රණිධිය නිසාත් මිනිස් සිරුර හැර දැමූ මම තව්තිසා දෙව්ලොව උපන්නෙමි.

“තෙත‍්තිංසක‍්ඛත‍්තුං දෙවින්‍දො, දෙවරජ‍්ජමකාරයිං; සත‍්තසත‍්තතික‍්ඛත‍්තුඤ‍්ච, චක‍්කවත‍්තී අහොසහං.

තිස් තුන්වරක් දෙව්රජව උපන් මම සැත්තෑ සත් වරක් සක්විති සම්පත් වින්දෙමි.

“පදෙසරජ‍්ජං විපුලං, ගණනාතො අසඞ‍්ඛියං; උපඩ‍්ඪදුස‍්සදානෙන, මොදාමි අකුතොභයො.

මා ලැබූ ප්‍රදේශ රාජ්‍ය සම්පත් ගිණිය නොහැක. අඩ වස්ත්‍රයක් පිදුවෙම් භය විරහිතව සතුටු වෙමි.

“ඉච‍්ඡමානො චහං අජ‍්ජ, සකානනං සපබ‍්බතං; ඛොමදුස‍්සෙහි ඡාදෙය්‍යං, අඩ‍්ඪදුස‍්සස‍්සිදං ඵලං.

අද මම කැමති නම් පර්වත සහිත වූ මේ මුළු පෙදෙසම කොටු පිළියෙන් වැසීමේ හැකියාවෙන් යුක්ත වෙමි. අඩ වතක් පිදීමේ විපාක එබඳුය.

“සතසහස‍්සිතො කප‍්පෙ, යං දානමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, අඩ‍්ඪදුස‍්සස‍්සිදං ඵලං.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර දුන් දානයේ විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො කනිට‍්ඨභාතරං තතො කම‍්මතො නිවත‍්තෙතුකාමො තස‍්මිංයෙව කම‍්මෙ අභිරතං දිස‍්වා තං චොදෙන‍්තො –

රහත්බවට පත් වූ උන්වහන්සේ තම බාල සෝයුරා ඒ ගිහි කටයුතුවලින් වළක්වාගනු කැමතිව, ගිහි කටයුතුවලම තදින් ඇලුණු ඔහුට චෝදනා කරමින් මේ ගාථා දෙක වදාළහ.

“අච‍්චයන‍්ති අහොරත‍්තා, ජීවිතං උපරුජ‍්ඣති; ආයු ඛීයති මච‍්චානං, කුන‍්නදීනංව ඔදකං.

“අච්චයන්ති අහොරත්තා ජීවිතං උපරුජ්ඣති, ආයු ඛීයති මච්චානං කුන්නදීනං ව ඔදකං”

“අථ පාපානි කම‍්මානි, කරං බාලො න බුජ‍්ඣති; පච‍්ඡාස‍්ස කටුකං හොති, විපාකො හිස‍්ස පාපකො”ති. – ගාථාද‍්වයං අභාසි.

“අථ පාපානි කම්මානි කරං බාලොන බුජ්ඣති, පච්ඡාස්ස කටුකං හොති, විපාකො හිස්ස පාපකො”

තත්‍ථ අච‍්චයන‍්තීති අතික‍්කමන‍්ති, ලහුං ලහුං අපගච‍්ඡන‍්තීති අත්‍ථො. අහොරත‍්තාති රත‍්තින්‍දිවා. ජීවිතං උපරුජ‍්ඣතීති ජීවිතින්‍ද්‍රියඤ‍්ච ඛණිකනිරොධවසෙන නිරුජ‍්ඣති. වුත‍්තඤ‍්හි “ඛණෙ ඛණෙ, ත්‍වං භික‍්ඛු, ජායසි ච ජිය්‍යසි ච මිය්‍යසි ච චවසි ච උපපජ‍්ජසි චා”ති. ආයු ඛීයති මච‍්චානන‍්ති මරිතබ‍්බසභාවත‍්තා මච‍්චාති ලද‍්ධනාමානං ඉමෙසං සත‍්තානං ආයු “යො චිරං ජීවති, සො වස‍්සසතං අප‍්පං වා භිය්‍යො”ති (දී· නි· 2.91; සං· නි· 2.143; අ· නි· 7.74) එවං පරිච‍්ඡින‍්නකාලපරමායු ඛීයති ඛයඤ‍්ච සම‍්භෙදඤ‍්ච ගච‍්ඡති, යථා කිං? කුන‍්නදීනංව ඔදකං යථා නාම කුන‍්නදීනං පබ‍්බතෙය්‍යානං ඛුද‍්දකනදීනං උදකං චිරං න තිට‍්ඨති, ලහුතරං ඛීයති, ආගතමත‍්තංයෙව විගච‍්ඡති, එවං සත‍්තානං ආයු ලහුතරං ඛීයති ඛයං ගච‍්ඡති. එත්‍ථ ච උදකමෙව “ඔදක”න‍්ති වුත‍්තං, යථා මනොයෙව මානසන‍්ති.

එහි “අච්චයන්ති” ඉක්මවා යති, “වහ වහා ඉවත්වයති” යන අර්ථයයි. “අහොරත්තා” රූ දාවල් දෙක “ජීවිතං උපරුජ්ඣතී” ජීවිතින්‍ද්‍රිය ද ක්‍ෂණිකව නිරුද්ධවීම් වශයෙන් නිරුද්ධ වේ. මෙසේ පවසන ලදි. “මහණ! නුඹ ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා උපදින්නෙහිය, දිරායන්නෙහිය, චුතවන්නෙහිය, උපදින්නෙහිය. “ආයු ඛීයති මච්චානං” මැරෙන ස්වභාවයෙන් යුතු බැවින් “මච්ච” (සත්ත්‍ව) නම් වූ මේ සත්‍වයන්ගේ ආයුෂ - “යමෙක් වර්ෂ සීයක් හෝ ඊට මදක් අඩු හෝ වැඩිව චිරාත් කාලයක් ජීවත් වේ” යනුවෙන් පිරිසිඳ දක්වන ලද පරමායුෂ ක්‍ෂය වේ. ගෙවීමට බිඳීයාමට පත් වේ. කුමක් මෙන්ද යත් - කුඩා නදීන්හි දිය මෙනි. යම් සේ පර්වතයේ සිට ගලා බසින කුඩා දිය පහරවල ජලය බොහෝ කාලයක් නොසිටින්නේ ද, වහාම ක්‍ෂය වේද, ගලාගෙන පැමිණි මොහොතෙහි ඉවත්වේ ද සත්‍වයන්ගේ ආයුෂ ද එසේම වහා ගෙවී යයි. වහා ක්‍ෂය වේ. මෙහි ද ජලය ම “ඔදකං” යනුවෙන් අදහස් කෙරුණි. “මන” නම් සිත ම “මානස” වන්නාක් මෙනි. “උදක” නම් ජලය “ඔදක” වේ.

අථ පාපානි කම‍්මානි, කරං බාලො න බුජ‍්ඣතීති එවං සංසාරෙ අනිච‍්චෙපි සමානෙ බාලො ලොභවසෙන වා කොධවසෙන වා පාපානි කම‍්මානි කරොති, කරොන‍්තොපි න බුජ‍්ඣති, පාපං කරොන‍්තො ච “පාපං කරොමී”ති අබුජ‍්ඣනකො නාම නත්‍ථි, “ඉමස‍්ස කම‍්මස‍්ස එවරූපො දුක‍්ඛො විපාකො”ති පන අජානනතො “න බුජ‍්ඣතී”ති වුත‍්තං. පච‍්ඡාස‍්ස කටුකං හොතීති යදිපි පාපස‍්ස කම‍්මස‍්ස ආයූහනක‍්ඛණෙ “ඉමස‍්ස කම‍්මස‍්ස එවරූපො විපාකො”ති න බුජ‍්ඣති, තතො පච‍්ඡා පන නිරයාදීසු නිබ‍්බත‍්තස‍්ස අස‍්ස බාලස‍්ස කටුකං අනිට‍්ඨං දුක‍්ඛමෙව හොති. විපාකො හිස‍්ස පාපකො යස‍්මා අස‍්ස පාපකම‍්මස‍්ස නාම විපාකො පාපකො නිහීනො අනිට‍්ඨො එවාති. ඉමං පන ඔවාදං සුත්‍වා ථෙරස‍්ස කනිට‍්ඨභාතා රාජානං ආපුච‍්ඡිත්‍වා පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව සදත්‍ථං නිප‍්ඵාදෙසි.

“අථ පාපානි කම්මානි කරං බාලො න බුජ්ඣතී” මෙසේ සංසාරය, ජීවිතය අනිත්‍ය වුවත් මෝඩයා, අනුවණයා, ලෝභයෙන් හෝ ක්‍රෝධයෙන් පව් කම් කරයි. පව් කම් කරමින් මේ පිළිබඳව අවබෝධ කර නොගනියි. පව්කම් කරන්නා තමා කරන්නේ පාපී වූ කටයුතු බව නොදන්නේ නොවේ. ඔහු එය දනියි. නමුත් මේ කර්මයට, මේ පාප ක්‍රියාවන්ට මේ මේ ප්‍රතිවිපාක දුක් පීඩා ලැබේය යන කරුණ ඔහු නොදනියි. අවබෝධ කර නො ගනියි. “පච්ඡාස්ස කටුකං හොතී” ඉදින් පාප කර්ම රැස්කරන මොහොතෙහි මේ ක්‍රියාවට මෙබඳු විපාක ලැබේ යැයි නොසිතයි. ඉන් පසුව නිරයාදියෙහි ඉපිදුණු එම පව් කම් කළ මෝඩයාට කටුක, අකමැති දුක්ම පිදීමට සිදු වේ. ඒ පාපියාට හිමි විපාක ලැබේ. මේ පාපකර්මවල විපාක නම් පාපීය, නිහීනය, අකමැති වූ දුක්දෙන්නාහුම වෙති. මෙම අවවාදය ඇසූ හේරඤ්ඤකානි තෙරණුවන්ගේ බාල සොහොයුරා රජුට දන්වා පැවිදි ව, නොබෝ කලකින්ම ස්ව අර්ථ සිද්ධිය ඉටුකර ගත්තේය. (රහත් වූයේය)

හෙරඤ‍්ඤකානිත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

හේරඤ්ඤකානි ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.