යෙදුමෙන් කියවන්න

සොමචිත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සොමචිත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා

සෝමමිත්ත ස්ථවිරගාථා වර්ණනාව

පරිත‍්තං දාරුන‍්ති ආයස‍්මතො සොමමිත‍්තත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො බුද‍්ධගුණෙ සුත්‍වා පසන‍්නමානසො එකදිවසං කිංසුකරුක‍්ඛං පුප‍්ඵිතං දිස‍්වා පුප‍්ඵානි ගහෙත්‍වා සත්‍ථාරං උද‍්දිස‍්ස ආකාසෙ ඛිපිත්‍වා පූජෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ බාරාණසියං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා සොමමිත‍්තොති ලද‍්ධනාමො තිණ‍්ණං වෙදානං පාරගූ හුත්‍වා විමලෙන නාම ථෙරෙන කතපරිචයත‍්තා අභිණ‍්හං තස‍්ස සන‍්තිකං ගච‍්ඡන‍්තො ධම‍්මං සුත්‍වා සාසනෙ ලද‍්ධප‍්පසාදො පබ‍්බජිත්‍වා ලද‍්ධූපසම‍්පදො වත‍්තපටිවත‍්තං පූරෙන‍්තො විචරති. විමලත්‍ථෙරො පන කුසීතො මිද‍්ධබහුලො රත‍්තින්‍දිවං වීතිනාමෙති. සොමමිත‍්තො “කුසීතං නාම නිස‍්සාය කො ගුණො”ති තං පහාය මහාකස‍්සපත්‍ථෙරං උපසඞ‍්කමිත්‍වා තස‍්ස ඔවාදෙ ඨත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තෙ පතිට‍්ඨාසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.50.25-30) –

“පරිත්ත දාරුං” යනාදී ගාථා ආයුෂ්මත් සෝමමිත්ත තෙරණුවෝ වදාළහ. එම ගාථාවල උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ පූර්ව බුදුරජාණන් වහන්සේලා ඉදිරියෙහි දී ඒ ඒ භවයන්හි ඉපිද පින් රැස් කරමින් අවුත් “සිඛි” නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්හ. වියපත් සිටුකුමරු බුදුගුණ අසා පැහැදුණු සිතින් දිනක් පිපුණු එරබදු ගසක් දැක, ඉන් මල් නෙලාගෙන ශාස්තෲන් වහන්සේ උදෙසා අහසට දමා පූජා කළේය. ඒ පින්කම නිසා දෙව් මිනිස් දෙගතියෙහි සැප විඳි ඔහු, මේ බුද්ධෝත්පාද කාලයේ දී බරණැස් නුවර බමුණු පවුලක “සෝම මිත්ත” යන නමින් උපන්නේ ය. ත්‍රිවේද පාරගත වූ ඔහු විමල නම් තෙරුන් වහන්සේ ඇසුරු කරමින් නිතර උන්වහන්සේගේ ධර්‍මය අසයි. ධර්ම ශ්‍රවණයෙන් උපදවාගත් ශ්‍රද්ධා ඇති සෝමමිත්ත බමුණා බුදුසසුනේ පැවිදි උපසම්පදා බව ලබා වත් පිළිවෙත් සපුරමින් වාසය කළේය. විමල තෙරණුවෝ කුසීතව, කම්මැලිව නිදිමත බහුල වූයේ දිවා රෑ නිදාගනිමින් කල් ගෙවූහ. සෝමමිත්ත හිමියෝ “කුසීතයා සමග විසීමෙන් කවර ගුණයක් උපදී ද?” යි විමල තෙරුන් අත්හැර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වෙත පැමිණ, උන්වහන්සේගේ අවවාදයන්හි පිහිටා විදසුන් වඩා නොබෝ දිනකින්ම රහත් ඵලයෙහි පිහිටියහ. අපදාන පාළියේ දී උන්වහන්සේ මෙසේ පැවසූහ.

“කිංසුකං පුප‍්ඵිතං දිස‍්වා, පග‍්ගහෙත්‍වාන අඤ‍්ජලිං; බුද‍්ධසෙට‍්ඨං සරිත්‍වාන, ආකාසෙ අභිපූජයිං.

“පිපීගිය කෑලගසක් දැක ඇඳිලි බැඳගෙන බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කොට අහසෙහි එම මල් තිබියදීම පූජා කළෙමි.

“තෙන කම‍්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා මානුසං දෙහං, තාවතිංසමගච‍්ඡහං.

මැනවින් කරන ලද එම කර්මය නිමිති කරගෙන හා චිත්ත ප්‍රණිධිය නිසා මිනිස් කය අත්හළ මම දෙව්ලොව උපන්නෙමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං කම‍්මමකරිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මීට කල්ප තිස් එකකට පෙර කරන ලද පින්කම හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං, භවා සබ‍්බෙ සමූහතා; නාගොව බන්‍ධනං ඡෙත්‍වා, විහරාමි අනාසවො.

“මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

“ස‍්වාගතං වත මෙ ආසි, මම බුද‍්ධස‍්ස සන‍්තිකෙ; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

අරහත‍්තං පන පත්‍වා විමලත්‍ථෙරං ඔවාදෙන තජ‍්ජෙන‍්තො –

රහත් බවට පත් සෝමමිත්ත තෙරණුවෝ, විමල තෙරුන්ට අවවාද දෙමින් තර්ජනය කරන සේක් මේ ගාථා දෙක වදාළහ.

“පරිත‍්තං දාරුමාරුය‍්හ, යථා සීදෙ මහණ‍්ණවෙ; එවං කුසීතමාගම‍්ම, සාධුජීවීපි සීදති; තස‍්මා තං පරිවජ‍්ජෙය්‍ය, කුසීතං හීනවීරියං.

“පරිත්තං දාරුමාරුය්හ යථාසීදෙ මහණ්ණවෙ, එවං කුසීතමාගම්ම සාධුජීවී විසීදති, තස්මා තං පරිවජ්ජෙය්‍ය කුසීතං හීනවීරියං”

“පවිවිත‍්තෙහි අරියෙහි, පහිතත‍්තෙහි ඣායිභි; නිච‍්චං ආරද‍්ධවීරියෙහි, පණ‍්ඩිතෙහි සහාවසෙ”ති. – ගාථාද‍්වයං අභාසි;

“පවිවිත්තෙහි අරියෙහි පහිතත්තෙහි ඣායිහී, නිච්චං ආරද්ධවිරියෙහි පණ්ඩිතෙහි සහාවසෙ”

තත්‍ථ පරිත‍්තං දාරුමාරුය‍්හ, යථා සීදෙ මහණ‍්ණවෙති පෙසලොපි කුලපුත‍්තො කුසීතං අලසපුග‍්ගලං නිස‍්සාය සීදති සංසාරෙ පතති, න තස‍්ස පාරං නිබ‍්බානං ගච‍්ඡති. යස‍්මා එතදෙවං, තස‍්මා තං අධිකුසලධම‍්මවසෙන සීසං අනුක‍්ඛිපිත්‍වා කුච‍්ඡිතං සීදනතො කුසීතං වීරියාරම‍්භාභාවතො හීනවීරියං පුග‍්ගලං සබ‍්බථා වජ‍්ජෙය්‍ය, න තස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජෙය්‍යාති අත්‍ථො.

එහි “පරිත්තං දාරුමාරුය්හ යථා සීදෙ මහණ්ණවෙ” සුපේශල ශික්‍ෂාකාමී කුලපුත්‍රයා ද කුසීත අලස පුද්ගලයෙකු ඇසුරු කිරීමෙන් සසරෙහි ගිලේ (වැටේ) නිවණ නම් වූ පරතෙරට පැමිණීමට නොහැකි වේ. මෙලෙසින් ඒ අකුසල් දහම් වශයෙන් හිස නොඔසවාම කුසෙහි ගිලා බසී. කුසීත වූ වීර්යාරම්භ කිරීමෙන් දුරු වූ හීන වීර්ය ඇති පුද්ගලයා සියලුම ආකාරයෙන් වර්ජනය කරන්නේ ය. එබඳු පුද්ගලයා දිට්ඨානුගතියට (අනකරණයට) සුදුසු බවට පත් නො වන්නේය” යන අර්ථයයි.

එවං පුග‍්ගලාධිට‍්ඨානාය ගාථාය කොසජ‍්ජෙ ආදීනවං දස‍්සෙත්‍වා ඉදානි වීරියාරම‍්භෙ ආනිසංසෙ දස‍්සෙතුං “පවිවිත‍්තෙහී”තිආදි වුත‍්තං. තස‍්සත්‍ථො – යෙ පන කායවිවෙකසම‍්භවෙන පවිවිත‍්තා, තතො එව කිලෙසෙහි ආරකත‍්තා අරියා, නිබ‍්බානං පතිපෙසිතත‍්තතාය පහිතත‍්තා ආරම‍්මණූපනිජ‍්ඣානවසෙන ලක‍්ඛණූපනිජ‍්ඣානවසෙන ච ඣායිනො, සබ‍්බකාලං පග‍්ගහිතවීරියතාය ආරද‍්ධවීරියා, ලොකියලොකුත‍්තරභෙදාය පඤ‍්ඤාය සමන‍්නාගතත‍්තා පණ‍්ඩිතා, තෙහියෙව සහ ආවසෙය්‍ය සදත්‍ථං නිප‍්ඵාදෙතුකාමො සංවසෙය්‍යාති. තං සුත්‍වා විමලත්‍ථෙරො සංවිග‍්ගමානසො විපස‍්සනං පට‍්ඨපෙත්‍වා සදත්‍ථං ආරාධෙසි. ස‍්වායමත්‍ථො පරතො ආගමිස‍්සති.

මෙසේ පුද්ගල අධිෂ්ඨාන වශයෙන් කුසීත බවෙහි ආදීනව මුල් ගාථාවෙන් දක්වා, දැන් වීර්යාරම්භයෙහි ආනිසංස දැක්වීමට “පවිවිත්තෙහි” යනාදී ගාථාව වදාළහ. එහි අර්ථ - යමෙක් කාය විවේකයෙන් හටගත් අතිශය වූ විවේකයෙන් ම කෙලෙසුන් දුරු කිරීමෙන් ආර්ය වූ නිර්වාණයට යැවූ සිත් ඇති බැවින් ආරම්මණ හා ලක්‍ෂණයන්ගේ මෙනෙහි කිරීම් වශයෙන් ධ්‍යාන වඩන්නා වූ, සියලු කාලයම එසවූ වීර්ය ඇති බැවින් අරඹන ලද වීර්ය ඇති, ලෞකික ලෝකෝත්තර භේද ඇති ප්‍රඥාවෙන් යුක්ත වූ බැවින් හෙතෙම පණ්ඩිතයෙකි. එබඳු වූ පණ්ඩිතයන් සමග වසන්නේ ය. ස්වාර්ථය ඉටුකරගනු කැමති පුද්ගලයෝ එබඳු උතුමන් හා එක්ව වසන්නේය. මෙය ඇසූ විමල තෙරණුවෝ සංවේගයට පත් සිතැත්තේ විදසුන් වඩා ස්වාර්ථ සාධනය කරගත්හ. ස්වාර්ථය වූ නිර්වාණාවබෝධයට පැමිණියහ.

සොමමිත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සෝමමිත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.