සබ්බමිත්තත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සබ්බමිත්තත්ථෙරගාථාවණ්ණනා
සබ්බමිත්ත ස්ථවිරගාථා වර්ණනාව
ජනො ජනම්හි සම්බද්ධොති ආයස්මතො සබ්බමිත්තත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො ඉතො ද්වානවුතෙ කප්පෙ තිස්සස්ස භගවතො කාලෙ නෙසාදකුලෙ නිබ්බත්තිත්වා වනචාරිකො හුත්වා වනෙ මිගෙ වධිත්වා මංසං ඛාදන්තො ජීවති. අථස්ස භගවා අනුග්ගණ්හනත්ථං වසනට්ඨානසමීපෙ තීණි පදචෙතියානි දස්සෙත්වා පක්කාමි. සො අතීතකාලෙ සම්මාසම්බුද්ධෙසු කතපරිචයත්තා චක්කඞ්කිතානි දිස්වා පසන්නමානසො කොරණ්ඩපුප්ඵෙහි පූජං කත්වා තෙන පුඤ්ඤකම්මෙන තාවතිංසභවනෙ නිබ්බත්තිත්වා අපරාපරං සුගතීසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථිනගරෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්ති, සබ්බමිත්තොතිස්ස නාමං අහොසි. සො විඤ්ඤුතං පත්තො ජෙතවනපටිග්ගහණෙ බුද්ධානුභාවං දිස්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා කම්මට්ඨානං ගහෙත්වා අරඤ්ඤෙ විහරන්තො වස්සං උපගන්ත්වා වුට්ඨවස්සො භගවන්තං වන්දිතුං සාවත්ථිං ගච්ඡන්තො අන්තරාමග්ගෙ මාගවිකෙහි ඔඩ්ඩිතෙ පාසෙ මිගපොතකං බද්ධං අද්දස. මාතා පනස්ස මිගී පාසං අප්පවිට්ඨාපි පුත්තසිනෙහෙන දූරං න ගච්ඡති, මරණභයෙන පාසසමීපම්පි න උපගච්ඡති මිගපොතකො ච භීතො ඉතො චිතො ච පරිවත්තෙන්තො කරුණං විලපති, තං දිස්වා ථෙරො , “අහො සත්තානං ස්නෙහහෙතුකං දුක්ඛ”න්ති ගච්ඡන්තො තතො පරං සම්බහුලෙ චොරෙ එකං පුරිසං ජීවගාහං ගහෙත්වා පලාලවෙණියා සරීරං වෙඨෙත්වා ඣාපෙන්තෙ, තඤ්ච මහාවිරවං විරවන්තං දිස්වා තදුභයං නිස්සාය සඤ්ජාතසංවෙගො තෙසං චොරානං සුණන්තානංයෙව –
“ජනො ජනම්හි සම්බද්ධො” යනු ආයුෂ්මත් සබ්බමිත්ත තෙරුන් වහන්සේ වදාළ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හිදී පින්දහම් රැස් කරමින් අවුත්, මෙයින් කල්ප අනූ දෙකකට පෙර තිස්ස භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි වැදි කුලයේ උපන්හ. වනයේ හැසිරෙන වැද්දෙකු වූ ඔහු වනයේ මුවන් මරා මස් කමින් ජීවත් විය. පසුව භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුග්‍රහ පිණිස වසන තැනට නුදුරෙන් පා සලකුණු තුනක් දක්වා වැඩි සේක. පෙර සිටම සම්මා සම්බුදුවරුන් කෙරෙහි කරන ලද පුහුණුවීම් ඇති ඒ වැදිතෙම, පා සලකුණේ සක් ලකුණු දැක පැහැදුණු සිතැත්තේ කරඬු මලින් පූජා කළේය. ඒ පින්කම හේතුවෙන් තව්තිසා භවනයෙහි ඉපිද සැප විඳි ඔහු ඒ ඒ කාම සුගතීන්හිම උපදිමින් සසර සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත්නුවර බමුණු කුලයක උපන්නේය. “සබ්බමිත්ත” නමින් ප්‍රකට වූ ඔහු වියට පැමිණ ජේතවනාරාමය පිළිගන්නා උත්සවයේදී පැවති බුද්ධානුභාවය දැක ලබන ලද ශ්‍රද්ධාවෙන් පැවිදි විය. ශ්‍රද්ධාවෙන් පැවිදි වී කමටහන් ගෙන ආරණ්‍යයට වැඩම කළ සබ්බමිත්ත තෙරණුවෝ වස් නිමවා භාග්‍යවතුන් වහන්සේට වැඳීම සඳහා සැවැත් නුවර බලා පිටත් වූහ. අතරමග මුව වැද්දෙකු ඇටවූ උගුලකට හසු වූ මුව පොවුවකු දුටු උන්වහන්සේ එහි මඳක් නතර වූහ. උගුලට හසු නොවුණත් දරු සෙනෙහස නිසා මව වූ මුවැත්තිය ඉතා දුර නොගොස්, මරණ භය නිසා උගුල සමීපයට ද නොගොස් පෙනෙන තෙක් මානයේ සිටියාය. මුව පැටියා ද බියවී එහෙ මෙහෙ පෙරලෙන්නේ බැගෑපත් හඬින් හඬයි. මෙය දුටු තෙරණුවෝ “අනේ සත්ත්වයින්ගේ සෙනෙහසින් බැඳීම නිසා ඇතිවූ දුකක තරම”යි පවසා ඉදිරියට වැඩම කළහ. තවත් තැනකදී බොහෝ සොරු එක්ව එක් පුරුෂයෙකු ජීවග්රහයෙන් අල්ලාගෙන ඔහුගේ මුළු සිරුරම පිදුරුවලින් වසා දවනු දුටුවේය. ඒ මිනිසා ද මහ හඬින් කෑගැසීය. මේ සිදුවීම් දෙකම දැකීමෙන් හටගත් සංවේග ඇති සබ්බමිත්ත තෙරණුවෝ සොරුන්ට ඇසෙන සේ මේ ගාථා දෙක වදාළහ.
“ජනො ජනම්හි සම්බද්ධො, ජනමෙවස්සිතො ජනො; ජනො ජනෙන හෙඨීයති, හෙඨෙති ච ජනො ජනං.
“ජනො ජනම්හි සම්බද්ධො ජන මෙවස්සිතො ජනො, ජනො ජනෙන හෙඨීයති හෙඨෙති ච ජනො ජනං”
“කො හි තස්ස ජනෙනත්ථො, ජනෙන ජනිතෙන වා; ජනං ඔහාය ගච්ඡං තං, හෙඨයිත්වා බහුං ජන”න්ති. – ගාථාද්වයං අභාසි;
“කොහි තස්ස ජනෙනත්ථො ජනෙන ජනිතෙන වා, ජනං ඔහාය ගච්ඡන්තං හෙඨයිත්වා බහුං ජනං”
තත්ථ ජනොති අන්ධබාලජනො. ජනම්හීති අඤ්ඤෙ ජනෙ. සම්බද්ධොති තණ්හාබන්ධනෙන බද්ධො. “අයං මෙ පුත්තො, මාතා”තිආදිනා පටිබද්ධො. අයමෙව වා පාඨො, “ඉමෙ මං පොසෙන්ති, අහං ඉමෙ නිස්සාය ජීවාමී”ති පටිබද්ධචිත්තොති අත්ථො. ජනමෙවස්සිතො ජනොති “අයං මෙ පුත්තො, ධීතා”තිආදිනා අඤ්ඤමෙව ජනං අඤ්ඤො ජනො අස්සිතො තණ්හාය අල්ලීනො පරිග්ගය්හ ඨිතො. ජනො ජනෙන හෙඨීයති, හෙඨෙති ච ජනො ජනන්ති කම්මස්සකතාය යථාභූතාවබොධස්ස ච අභාවතො අජ්ඣුපෙක්ඛනං අකත්වා ලොභවසෙන යථා ජනො ජනං අස්සිතො, එවං දොසවසෙන ජනො ජනෙන හෙඨීයති විබාධීයති. “තයිදං මය්හංව උපරි හෙඨනඵලවසෙන පරිපතිස්සතී”ති අජානන්තො හෙඨෙති ච ජනො ජනං.
එහි “ජනො” යනු අඳබාල ජනයායි. “ජනම්හි” අන්‍ය ජනයා විසින් “සම්බද්ධො” තණ්හා බැඳීමෙන් බඳින ලදි. “මේ මගේ දරුවා” යැයි මාපියවරු දරුවාට බැඳී සිටිති. “මොවුහු මා පෝෂණය කරන්නේ ය. මම ජීවත්වන්නේ මොවුන් නිසාය” යනුවෙන් දරුවා ද මාපියාදීන්ට බැඳී සිටියි. “ජනමෙවස්සීතො ජනො” - මේ මගේ පුතාය, දුවය ආදී වශයෙන් අන්‍ය ජනයා අන්‍යවූම ජනයා සමග තණ්හාවෙන් ඇලී - බැඳී සිටිති. “ජනො ජනෙන හෙඨීයති හෙඨෙති ච ජනො ජනං” කර්ම කළ බැවින් ද තත් වූ පරිදි සත්‍ය වශයෙන් අවබෝධ නොකළ බැවින් ද මධ්‍යස්ථ නොවී ලෝභයෙන් ඇලීමෙන් ජනයා අන්‍ය ජනයාට ඇලී සිටිති. “මෙහි ඵල විපාක මතු මත්තෙහි මා වෙත පැමිණේයැ”යි නොදන්නා බැවින් ද්වේෂයෙන් ජනයා අන්‍ය ජනයා පෙළති. අන්‍යයන්ට පීඩා කරති.
කො හි තස්ස ජනෙනත්ථොති තස්ස අඤ්ඤජනස්ස අඤ්ඤෙන ජනෙන තණ්හාවසෙන අස්සිතෙන දොසවසෙන හෙඨිතෙන වා කො අත්ථො. ජනෙන ජනිතෙන වාති මාතාපිතා හුත්වා තෙන අඤ්ඤෙන ජනෙන ජනිතෙන වා කො අත්ථො. ජනං ඔහාය ගච්ඡං තං, හෙඨයිත්වා බහුං ජනන්ති යස්මා සංසාරෙ චරතො ජනස්ස අයමෙවානුරූපා පටිපත්ති, තස්මා තං ජනං, තස්ස ච බාධිකා යා සා තණ්හා ච, යො ච සො දොසො එව බහුං ජනං බාධයිත්වා ඨිතො, තඤ්ච ඔහාය සබ්බසො පහාය පරිච්චජිත්වා ගච්ඡං, තෙහි අනුපද්දුතං ඨානං ගච්ඡෙය්යං පාපුණෙය්යන්ති අත්ථො. එවං පන වත්වා ථෙරො තාවදෙව විපස්සනං උස්සුක්කාපෙත්වා අරහත්තමපාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.50.15-24) –
“කොහි තස්ස ජනෙනත්ථො” එසේ ජනයා අන්‍යජනයා විසින් තණ්හාවෙන් ඇලී සිටීමෙනුත් ද්වේෂයෙන් පීඩාවට පත් කිරීමෙනුත් කවර ප්‍රයෝජනයක් ද? “ජනෙන ජනිතෙන වා” මවුපියවරු වී ඒ අන්‍යජනයා ඉපදවීමෙන් කවර ප්‍රයෝජනයක් ද? “ජනං ඔහාය ගච්ඡන්තං හෙඨයිත්වා බහුං ජනං” සසර සැරිසරන සත්ත්වයාට මෙම පිළිවෙත් දෙකම ඇති බැවින් ඒ ජනයා තුළ තණ්හාව ද ද්වේෂය ද වැඩිවීමෙන් ඔවුන්ම පෙළෙමින් සිටිති. එනිසා එම ලෝභ-දෝස දෙක මුළුමනින්ම සිඳ දමා, අත්හැර යා යුතුයි. එසේ යන්නෝ උපද්‍රව රහිත වූ ක්ෂේම භූමියට යන්නෝය. පැමිණෙන්නෝය. මෙසේ ගාථා දේශනාව පැවැත්වූ තෙරණුවෝ එකෙණෙහිම විදසුන් වඩා රහත් බවට පත්වූහ. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ පැවසූහ.
“වනකම්මිකො පුරෙ ආසිං, පිතුමාතුමතෙනහං; පසුමාරෙන ජීවාමි, කුසලං මෙ න විජ්ජති.
“පෙර මම පිය මුතු පරපුරින් වනයේ දඩයම කරනුයේ සිවුපාවුන් මැරීමෙන් ජීවත්වූයෙමි. මට කුසලයක් රැස් නොවිණි.
“මම ආසයසාමන්තා, තිස්සො ලොකග්ගනායකො; පදානි තීණි දස්සෙසි, අනුකම්පාය චක්ඛුමා.
තිස්ස නම් බුදුරජාණන් වහන්සේ මගේ අසපුව අබියසට වැඩ පසැස් ඇති ලෝකනායකයාණන් වහන්සේගේ පියවර තුනක් දැක්වූ සේක.
“අක්කන්තෙ ච පදෙ දිස්වා, තිස්සනාමස්ස සත්ථුනො; හට්ඨො හට්ඨෙන චිත්තෙන, පදෙ චිත්තං පසාදයිං.
එම පා සටහන් දැක හඳුනාගත් මම සතුටුව සතුටු සිතින් පා සටහනෙහි සිත පැහැදවූයෙමි.
“කොරණ්ඩං පුප්ඵිතං දිස්වා, පාදපං ධරණීරුහං; සකොසකං ගහෙත්වාන, පදසෙට්ඨමපූජයිං.
පිපී ගිය කරඬු ගසක් දුටු මම ඉන් කොපු සහිත මල් ගෙන ඒ ශ්‍රේෂ්ඨ ශ්‍රී පාද ලාංඡනය පිදුවෙමි.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
මැනවින් කරන ලද එම කුසල කර්මය නිසාත් චිත්ත ප්‍රණිධිය නිසාත් මිනිස් සිරුර හැර දැමූ මම තව්තිසා දෙව්ලොව උපන්නෙමි.
“යං යං යොනුපපජ්ජාමි, දෙවත්තං අථ මානුසං; කොරණ්ඩකඡවි හොමි, සුප්පභාසො භවාමහං.
දිව්‍ය-මනුෂ්‍යාදී යම් අත්බවෙක උපනෙම් ද එකල මාගේ ශරීරය කෝරණ්ඩ පුෂ්ප වර්ණයෙන් බබළන්නේය. කරඬු මල් පාට සමක් මට ලැබෙන්නේය.
“ද්වෙනවුතෙ ඉතො කප්පෙ, යං කම්මමකරිං තදා; දුග්ගතිං නාභිජානාමි, පදපූජායිදං ඵලං.
මීට කල්ප අනූ දෙකකට පෙර යම් කර්මයක් කළෙම් ද ඒ නිසාවෙන් දුගතියක නූපන්නෙමි. පා සටහන් පිදීමේ විපාකය මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව ඉටු කළෙමි.
තෙ පන චොරා ථෙරස්ස සන්තිකෙ ධම්මං සුත්වා සංවෙගජාතා පබ්බජිත්වා ධම්මානුධම්මං පටිපජ්ජිංසූති.
සබ්බමිත්තත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සබ්බමිත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.