යෙදුමෙන් කියවන්න

මහාකාළත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

මහාකාළත්‍ථෙරගාථාවණ‍්ණනා

මහාකාල ස්ථවිරගාථා වර්ණනාව

කාළී ඉත්‍ථීති ආයස‍්මතො මහාකාළත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො ඉතො එකනවුතෙ කප‍්පෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො කෙනචිදෙව කරණීයෙන අරඤ‍්ඤං ගතො තත්‍ථ අඤ‍්ඤතරස‍්ස රුක‍්ඛස‍්ස සාඛාය ඔලම‍්බමානං පංසුකූලචීවරං දිස‍්වා “අරියද‍්ධජො ඔලම‍්බතී”ති පසන‍්නචිත‍්තො කිඞ‍්කණිපුප‍්ඵානි ගහෙත්‍වා පංසුකූලං පූජෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සෙතබ්‍යනගරෙ සත්‍ථවාහකුලෙ නිබ‍්බත‍්තිත්‍වා මහාකාළොති ලද‍්ධනාමො විඤ‍්ඤුතං පත්‍වා ඝරාවාසං වසන‍්තො පඤ‍්චහි සකටසතෙහි භණ‍්ඩං ගහෙත්‍වා වාණිජ‍්ජවසෙන සාවත්‍ථිං ගතො එකමන‍්තං සකටසත්‍ථං නිවෙසෙත්‍වා අද‍්ධානපරිස‍්සමං විනොදෙත්‍වා අත‍්තනො පරිසාය සද‍්ධිං නිසින‍්නො සායන‍්හසමයං ගන්‍ධමාලාදිහත්‍ථෙ උපාසකෙ ජෙතවනං ගච‍්ඡන‍්තෙ දිස‍්වා සයම‍්පි තෙහි සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා සොසානිකඞ‍්ගං අධිට‍්ඨාය සුසානෙ වසති. අථෙකදිවසං කාළී නාම එකා ඉත්‍ථී ඡවඩාහිකා ථෙරස‍්ස කම‍්මට‍්ඨානත්‍ථාය අචිරමතසරීරං උභො සත්‍ථී භින්‍දිත්‍වා උභො ච බාහූ භින්‍දිත්‍වා සීසඤ‍්ච දධිථාලකං විය භින්‍දිත්‍වා සබ‍්බං අඞ‍්ගපච‍්චඞ‍්ගං සම‍්බන්‍ධමෙව කත්‍වා ථෙරස‍්ස ඔලොකෙතුං යොග්‍යට‍්ඨානෙ ඨපෙත්‍වා එකමන‍්තං නිසීදි. ථෙරො තං දිස‍්වා අත‍්තානං ඔවදන‍්තො –

“කාලී ඉත්‍ථී” යනු ආයුෂ්මත් මහාකාල තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින් රැස් කරමින් අවුත් මෙයින් කල්ප අනූ එකකට පෙර, කුලගෙයක ඉපිද වියට පත් වූහ. කිසියම් කටයුත්තකට ආරණ්‍යයට ගිය ඒ ගහපතියා අරණෙහි එක් ගසක් මුල වූ අත්තක එල්ලෙන පාංශුකූල චීවරයක් දැක “අර්ය ධ්වජයක් ලබන ලදී”යි සතුටුව කිණිහිරි මලින් එම සිවුර පිදුවේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව්-මිනිස් දෙගතියේ සැරී සැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේදී සේතව්‍ය නුවර ගැල්වලින් බඩුගෙන ගොස් විකුණන කුලයක ඉපිද “මහා කාල” නමින් ප්‍රකට විය. වියපත්ව ගිහිගේ වසන මහාකාල පන්සීයක් ගැලින් බඩුගෙන ගොස් වෙළඳාම් කරමින් සැවැත් නුවරට පැමිණ, එහි එක් තැනෙක ගැල් බහා සිය පිරිස සමග දිගු ගමන් වෙහෙස නිවා ගනිමින් සිටියේය. සවස් වේලෙහි සුවඳ තෙල් මල් ගෙන ජේතවනාරාමයට යන උපාසකයන් දුටු මහාකාල ද ඔවුන් සමග විහාරයට ගියේය. ශාස්තෲන් වහන්සේගෙන් ධර්‍මය අසා ලැබූ ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි වූ මහාකාල තෙරණුවෝ සොසානිකාංගය සමාදන්ව සොහොනේ වාසය කළහ. එක් දිනක් කාළී නම් කුලියට මිනී දවන ස්ත්‍රියක් තෙරුන්ට කමටහන සඳහා අලුත රැගෙන ආ මළ සිරුරක අත් පා සිඳ හිස ද දී සැලියක් මෙන් සිඳ එම සියලු අංග ප්‍රත්‍යංග සම්බන්ධ කරමින් තෙරුන්ට බලා සිටීමට සුදුසු තැනක තැබුවාය. එසේ තැබූ ඇය එකත් පසෙක සිටියාය. මේ මළසිරුර දුටු තෙරණුවෝ තමාටම අවවාද කර ගනිමින් මේ ගාථා දෙක වදාළහ.

“කාළී ඉත්‍ථී බ්‍රහතී ධඞ‍්කරූපා, සත්‍ථිඤ‍්ච භෙත්‍වා අපරඤ‍්ච සත්‍ථිං; බාහඤ‍්ච භෙත්‍වා අපරඤ‍්ච බාහං, සීසඤ‍්ච භෙත්‍වා දධිථාලකංව; එසා නිසින‍්නා අභිසන්‍දහිත්‍වා.

“කාලි ඉත්‍ථි බ්‍රහති ධද්ධකරූපා, සත්‍ථිඤ්ච භෙත්‍වා අපරං ච සත්‍ථිං, බාහං ච භෙත්‍වා අපරං ච බාහුං, සීසඤ්ච භෙත්‍වා දධිථාලිකංවා, එසා නිසින්නා අභිසන්‍දහිත්‍වා”

“යො වෙ අවිද‍්වා උපධිං කරොති, පුනප‍්පුනං දුක‍්ඛමුපෙති මන්‍දො; තස‍්මා පජානං උපධිං න කයිරා, මාහං පුන භින‍්නසිරො සයිස‍්ස”න‍්ති. –

“යො වෙ අවිද්වා උපධිං කරොතී, පුනප්පුනං දුක්ඛමුපෙති මන්‍දො, තස්මාපජානං උපධිං න කයිරා, මාහං පුන භින්නසිරො සයිස්සන්ති”

ගාථාද‍්වයං අභාසි.

තත්‍ථ කාළීති තස‍්සා නාමං, කාළවණ‍්ණත‍්තා වා එවං වුත‍්තං. බ්‍රහතීති මහාසරීරා ආරොහපරිණාහවතී. ධඞ‍්කරූපාති කාළවණ‍්ණත‍්තා එව කාකසදිසරූපා. සත්‍ථිඤ‍්ච භෙත්‍වාති මතසරීරස‍්ස සත්‍ථිං ජණ‍්ණුභෙදනෙන භඤ‍්ජිත්‍වා. අපරඤ‍්ච සත්‍ථින‍්ති ඉතරඤ‍්ච සත්‍ථිං භඤ‍්ජිත්‍වා. බාහඤ‍්ච භෙත්‍වාති බාහට‍්ඨිඤ‍්ච අග‍්ගබාහට‍්ඨානෙයෙව භඤ‍්ජිත්‍වා. සීසඤ‍්ච භෙත්‍වා දධිථාලකංවාති මතසරීරස‍්ස සීසං භින්‍දිත්‍වා භින‍්නත‍්තා එව ලෙඩ‍්ඩුදණ‍්ඩාදීහි පග‍්ඝරන‍්තං දධිථාලකං විය, පග‍්ඝරන‍්තං මත්‍ථලුඞ‍්ගං කත්‍වාති අත්‍ථො. එසා නිසින‍්නා අභිසන්‍දහිත්‍වාති ඡින‍්නභින‍්නාවයවං මතසරීරං තෙ අවයවෙ යථාඨානෙයෙව ඨපනෙන සන්‍දහිත්‍වා සහිතං කත්‍වා මංසාපණං පසාරෙන‍්තී විය එසා නිසින‍්නා.

එහි “කාලි” යනු ඇගේ නමයි. ඇගේ ශරීරය කළු බැවින් මේ නම යෙදුණි. “බ්‍රහතී” මහත් ශරීර ඇති, ආරෝහ පරිනාහ ඇති. “ධද්ධක රූපා” කළුපාට බැවින් කපුටකුට බඳු රුව ඇති “සත්‍ථිං ච භෙත්‍වා” මළ සිරුරේ කලවයක් දණ මඬලින් බිඳ. “අපරඤ්ච සත්‍ථිං” අනිත් කලවයත් බිඳ “බාහඤ්ච භෙත්‍වා” අත් බාහු ඇට ද උරහිසින්ම බිඳ “සීසඤ්ච භෙත්‍වා දධිථාලිකං වා” මළසිරුරේ හිස බිඳ, දී සැළිය බිඳි කල්හි වැගිරෙන්නාක් මෙන් දඬු මුගුරු ආදියෙන් ගැසීම නිසා වැගිරෙන මොළ කෑලි අති හිස” යන අර්ථයයි. “එසා නිසින්නා අභිසන්‍දහිත්‍වා” සිඳින බිඳින ලද ඒ මළ සිරුරේ ඒ ඒ අවයවයන් නියමිත තැනම තබමින් සංවිධානය කර, ගලපා මස් වෙළඳාමක් ඇරඹූ තැනැත්තියක මෙන් මෙහි සිටින්නීය.

යො වෙ අවිද‍්වා උපධිං කරොතීති යො ඉමාය උපට‍්ඨාපිතං කම‍්මට‍්ඨානං දිස‍්වාපි අවිද‍්වා අකුසලො කම‍්මට‍්ඨානං ඡඩ‍්ඩෙත්‍වා අයොනිසොමනසිකාරෙන කිලෙසූපධිං උප‍්පාදෙති, සො මන්‍දො මන්‍දපඤ‍්ඤො සංසාරස‍්ස අනතිවත‍්තනතො පුනප‍්පුනං අපරාපරං නිරයාදීසු දුක‍්ඛං උපෙති. තස‍්මා පජානං උපධිං න කයිරාති තස‍්මාති යස‍්මා චෙතදෙවං, තස‍්මා. පජානං උපධින‍්ති “ඉධ යං දුක‍්ඛං සම‍්භොතී”ති පජානන‍්තො යොනිසො මනසිකරොන‍්තො කිලෙසූපධිං න කයිරා න උප‍්පාදෙය්‍ය. කස‍්මා? මාහං පුන භින‍්නසිරො සයිස‍්සන‍්ති යථයිදං මතසරීරං භින‍්නසරීරං සයති, එවං කිලෙසූපධීහි සංසාරෙ පුනප‍්පුනං උප‍්පත‍්තියා කටසිවඩ‍්ඪකො හුත්‍වා භින‍්නසිරො අහං මා සයිස‍්සන‍්ති. එවං වදන‍්තො එව ථෙරො විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.50.8-14) –

“යො වෙ අවිද්ධා උපධිං කරොති” යමෙක් මෙසේ ඔසවා තබන ලද කමටහන දැක දැකත් අඥාන අදක්‍ෂයෙකු බැවින් එම කමටහන අත්හැර අයෝනිසෝ මනසිකාරයෙන් (නුවණින් මෙනෙහි කරමින්) කෙලේස උපධීන් උපදවයිද ඔහු මෝඩයෙකි. මද නුවණ ඇත්තෙකි. සසර ගමන නොනැවැත්වීම නිසා නැවත නැවත නිරයාදී දුක්ඛයන්ට පැමිණේ! “තස්මා පජානං උපධිං නකයිරා” එනිසා නුවණැති පුද්ගලයා මේ සිරුර පිළිබඳව හටගන්නා දුක් යෝනිසෝ මනසිකාරයෙන් සිහිකර බලා කෙලෙස් උපධීන් ඇතිකර නොගත්තේය. කෙලෙස් නූපදවන්නේය. කුමක් නිසාද? “මාහං පුන භින්නසිරො සයිස්සං” යනු යම් සේ මළසිරුර සිඳී බිඳී මෙහි ශයනය කරන්නේ ද එලෙසින්ම කෙලෙස් උපධීන් නිසා සසර නැවත නැවත උපදිමින් ශරීරය වඩන්නෙකු වී සිඳුනු බිඳුනු ශරීර ඇති බවට පත්ව මම සයනය නොකරම්වා. මෙසේ පවසමින් ම විදසුනෙහි සිත පිහිට වූ තෙරුන් වහන්සේ රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.

“හිමවන‍්තස‍්සාවිදූරෙ, උදඞ‍්ගණො නාම පබ‍්බතො; තත්‍ථද‍්දසං පංසුකූලං, දුමග‍්ගම‍්හි විලම‍්බිතං.

“හිමවතට නුදුරින් ‘උරුගණ’ නම් පර්වතයක් විය. එහි ගස් මුදුනක එල්ලූ පාංශුකූල සිවුරක් දුටුවෙමි.

“තීණි කිඞ‍්කණිපුප‍්ඵානි, ඔචිනිත්‍වානහං තදා; හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙන, පංසුකූලමපූජයිං.

කිංකිණි මල් තුනක් නෙලා ගත් මම සතුටු සිතින් යුතුව ඒ උතුම් සිරුරට පූජා කළෙමි.

“තෙන කම‍්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්‍වා මානුසං දෙහං, තාවතිංසමගච‍්ඡහං.

මැනවින් කරන ලද එම කුසල කර්මය හා චිත්ත ප්‍රණිධිය නිසා මිනිස් කය හැර දමා දෙව්ලොව උපන්නෙමි.

“එකනවුතිතො කප‍්පෙ, යං කම‍්මමකරිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, පූජිත්‍වා අරහද‍්ධජං.

මෙයින් කල්ප අනූඑකකට පෙර යම් කුසල කර්මයක් කළෙම් ද එහි විපාක වහයෙන් දුගතියක නූපන්නෙමි. අර්හත් ධ්වජය පිදීමේ පින මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

මහාකාළත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මහාකාල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.