යෙදුමෙන් කියවන්න

මහාකාළත්‍ථෙරගාථා

2. 2. 6.

2. 2. 6.

151. කාළී ඉත්‍ථි බ්‍රහතී ධඞ‍්කරූපා සත්‍ථිං ච භෙත්‍වා අපරං ච සත්‍ථිං, බාහං ච භෙත්‍වා අපරං ච බාහුං සීසං ච භෙත්‍වා දධිථාලකං’ ව එසා නිසින‍්නා අභිසද‍්දහිත්‍වා.

151. කවුඩකුට බඳු පැහැ ඇති මහත් වූ සිරුරක් ඇති තෙල ‘කාලී’ නම් වූ ස්ත්‍රී තොමෝ (මළ සිරුරෙහි) දෙ කළවය ද දෙ අත් ද බිඳ දීතලියක් මෙන් හිස ද බිඳ (ඒ අවයව) සුදුසු සේ ගළපා තබා හුන්නී යැ.

152. යො වෙ අවිද‍්වා උපධිං කරොති පුනප‍්පුනං දුක‍්ඛමුපෙති මන්‍දො, තස‍්මා පජානං උපධිං න කයිරා මාහුං පුන භින‍්නසිරො සයිස‍්සන‍්ති.

152. මූඨ වූ යමෙක් ක්ලේශෝපධිය උපදවා ද, ඒ මූඨ තෙම ඒකාන්තයෙන් පුනපුනා දුකට පැමිණෙයි. එහෙයින් නුවණැත්තේ ක්ලේශෝපධිය නූපදවන්නේ යැ. කුමක් හෙයින යත්: මම යළි බිඳුණුහිස් ඇති වැ නහමක් ශයනය කෙරෙම්වා යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා මහාකාළො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ මේ ගාථා ආයුෂ්මත් මහාකාල ස්ථවිරයන් වහන්සේ ...

මහාකාළත්‍ථෙරගාථා.

මහාකාල ස්ථවිරගාථා යි.