යෙදුමෙන් කියවන්න

තිස‍්සත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

තිස‍්සත්‍ථෙරගාථාවණ‍්ණනා

තිස්ස ස්ථවිරගාථා වර්ණනාව

බහූ සපත‍්තෙ ලභතීති ආයස‍්මතො තිස‍්සත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො පියදස‍්සිස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සිප‍්පෙසු නිප‍්ඵත‍්තිං ගන‍්ත්‍වා කාමෙසු ආදීනවං දිස‍්වා ඝරාවාසං පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අරඤ‍්ඤායතනෙ සාලවනෙ අස‍්සමං කාරෙත්‍වා වසති. භගවා තස‍්ස අනුග‍්ගණ‍්හනත්‍ථං අස‍්සමස‍්ස අවිදූරෙ සාලවනෙ නිරොධං සමාපජ‍්ජිත්‍වා නිසීදි. සො අස‍්සමතො නික‍්ඛමිත්‍වා ඵලාඵලත්‍ථාය ගච‍්ඡන‍්තො භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො චත‍්තාරො දණ‍්ඩෙ ඨපෙත්‍වා භගවතො උපරි පුප‍්ඵිතාහි සාලසාඛාහි සාඛාමණ‍්ඩපං කත්‍වා සත‍්තාහං නවනවෙහි සාලපුප‍්ඵෙහි භගවන‍්තං පූජෙන‍්තො අට‍්ඨාසි බුද‍්ධාරම‍්මණං පීතිං අවිජහන‍්තො. සත්‍ථා සත‍්තාහස‍්ස අච‍්චයෙන නිරොධතො වුට‍්ඨහිත්‍වා භික‍්ඛුසඞ‍්ඝං චින‍්තෙසි. තාවදෙව සතසහස‍්සමත‍්තා ඛීණාසවා සත්‍ථාරං පරිවාරෙසුං. භගවා තස‍්ස භාවිනිං සම‍්පත‍්තිං විභාවෙන‍්තො අනුමොදනං වත්‍වා පක‍්කාමි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා තිස‍්සොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො තිණ‍්ණං වෙදානං පාරගූ හුත්‍වා පඤ‍්චමත‍්තානි මාණවකසතානි මන‍්තෙ වාචෙන‍්තො ලාභග‍්ගයසග‍්ගප‍්පත‍්තො හුත්‍වා සත්‍ථු රාජගහගමනෙ බුද‍්ධානුභාවං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.49.190-220) –

“බහු සපත්තෙ ලභතී” යනාදී ගාථා ආයුෂ්මත් තිස්ස තෙරණුවෝ වදාළහ. එම ගාථාවන්ගේ උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී සසරින් මිදීම සඳහා පින් දහම් රැස්කර ගනිමින් පැමිණි උන්වහන්සේ පියදස්සී භාග්‍යවතුන් සමයේදී බමුණු කුලයක උපන්හ. වැඩිවිය පත් බමුණු කුමරු ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට ගොස් කාමයේ ආදීනව දැක, ගිහිගෙයින් නික්ම තවුස් පැවිද්දෙන් පැවිදිව සල්වනයේ - අසපුවක් කරවාගෙන එහි වාසය කළේය. භාග්‍යවතුන් වහන්සේ එම තවුසාට අනුග්‍රහ පිණිස අසපුව නුදුරෙහි වූ සල් වනයේ නිරෝධ ඵල සමවතට සම වැදුනහ. අසපුවෙන් නික්ම ඵලවැල නෙලීමට ගිය තවුසා භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතැතිව දඬු සතරක් සිටුවා උන්වහන්සේ මත්තේ සුපිපි සල් අතුවලින් ශාඛා මණ්ඩපයක් සාදා සත් දිනක් වර්ණවත් සල් මලින් බුදුරදුන් පුදමින් බුද්ධාලම්භන ප්‍රීතියෙන්ම කල් ගත කළේය. සත්දින ඇවෑමෙන් නිරෝධ ඵල සමවතින් බුදුරජාණන් වහන්සේ නැගී සිට භික්‍ෂු සංඝයා පිළිබඳව සිහිපත් කළ සේක. එකෙණෙහිම ලක්‍ෂයක පමණ රහතන් වහන්සේලා ශාස්තෲන් වහන්සේ පිරිවරා ගත්හ. භාග්‍යවතුන් වහන්සේ තවුසාට ලැබෙන සම්පත් පිළිබඳ සඳහන් පුණ්‍යානුමෝදනාවක් පවත්වා භික්‍ෂු සංඝයා පිරිවරා වැඩිසේක. ඒ පින්කමේ විපාක ලෙස දෙව්ලොව උපන් තවුසොණෝ කාම සුගතීන්හිම සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහනුවර බමුණු පවුලක ඉපිද තිස්ස නමින් ප්‍රකට විය. වැඩිවියට පත්ව ත්‍රිවේධ පාරගත වූ තිස්ස බමුණා පන්සීයක් පමණ තරුණයන්ට වේදය උගන්වමින් කීර්ති, ප්‍රශංසා, ලාභාදියෙන් අග්‍රප්‍රාප්ත විය. රජගහ නුවරට වැඩම කළ මුල් දිනයේ උතුම් බුදුසිරි දුටු තිස්ස බමුණා ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි විය. විදසුන් කමටහනෙහි සිත පිහිට වූ තිස්ස තෙරණුවෝ නොබෝ කලකින්ම රහත් වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ -

“අජ‍්ඣොගාහෙත්‍වා සාලවනං, සුකතො අස‍්සමො මම; සාලපුප‍්ඵෙහි සඤ‍්ඡන‍්නො, වසාමි විපිනෙ තදා.

“සල්වනයට පිවිසි මා විසින් එහි මැනවින් අසපුවක් කරන ලදි. සල්මලින් ගැවසීගත් වනයේ වාසය කරන සමයෙහි සියලු දෙය තමන් වහන්සේ විසින්ම අවබෝධ කළා වූ භාග්‍යවත් පියදස්සී සම්බුදුරජාණෝ විවේක සැප කැමතිව සල්වනයට එළඹි සේක.

“පියදස‍්සී ච භගවා, සයම‍්භූ අග‍්ගපුග‍්ගලො; විවෙකකාමො සම‍්බුද‍්ධො, සාලවනමුපාගමි.

“අස‍්සමා අභිනික‍්ඛම‍්ම, පවනං අගමාසහං; මූලඵලං ගවෙසන‍්තො, ආහිණ‍්ඩාමි වනෙ තදා.

එකල්හි ම අසපුවෙන් නික්ම වනයට ගොස් එහි මුල් හා ඵල සොයමින් ඇවිද්දෙමි.

“තත්‍ථද‍්දසාසිං සම‍්බුද‍්ධං, පියදස‍්සිං මහායසං; සුනිසින‍්නං සමාපන‍්නං, විරොචන‍්තං මහාවනෙ.

ඒ මහා වනයෙහි මනාව වැඩහුන්නා වූ සමාධියට සමවැදුණු බබළන මහත් යසස් ඇති පියදස්සී බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

“චතුදණ‍්ඩෙ ඨපෙත්‍වාන, බුද‍්ධස‍්ස උපරී අහං; මණ‍්ඩපං සුකතං කත්‍වා, සාලපුප‍්ඵෙහි ඡාදයිං.

මුදුනෙන් එකට බැඳ දඬු සතරක් තැබූ මම බුදුරදුන් මතුයෙහි සෙවන පිණිස මනා මඬුවක් සාදා එය සල්මලින් වැසූවෙමි.

“සත‍්තාහං ධාරයිත්‍වාන, මණ‍්ඩපං සාලඡාදිතං; තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා, බුද‍්ධසෙට‍්ඨමවන්‍දහං.

සල් මල් සෙවිලි කළ එම මණ්ඩපය සත් දිනක් දරා සිටි මම එහි සිත පහදවා බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට වැන්දෙමි.

“භගවා තම‍්හි සමයෙ, වුට‍්ඨහිත්‍වා සමාධිතො; යුගමත‍්තං පෙක‍්ඛමානො, නිසීදි පුරිසුත‍්තමො.

පුරුෂෝත්තම වූ භාග්‍යවතුන් වහන්සේගේ සමාධියෙන් නැගිට වියදඬු පමණ දුර බලමින් වැඩ හුන්හ.

“සාවකො වරුණො නාම, පියදස‍්සිස‍්ස සත්‍ථුනො; වසීසතසහස‍්සෙහි, උපගච‍්ඡි විනායකං.

එකල්හි උන්වහන්සේගේ වරුණ නම් ශ්‍රාවකයාණෝ ලක්‍ෂයක් රහතුන් පිරිවරාගෙන බුදුරදුන් සමීපයට වැඩම කළහ.

“පියදස‍්සී ච භගවා, ලොකජෙට‍්ඨො නරාසභො; භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වාන, සිතං පාතුකරී ජිනො.

පස්මරුන් දිනූ ලෝක ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨ වූ පියදස්සි භාග්‍යවත්හු භික්‍ෂු සංඝයා මැද හිඳ සිනා පහළ කලහ.

“අනුරුද‍්ධො උපට‍්ඨාකො, පියදස‍්සිස‍්ස සත්‍ථුනො; එකංසං චීවරං කත්‍වා, අපුච‍්ඡිත්‍ථ මහාමුනිං.

පියදස්සී බුදුරදුන්ගේ අනුරුද්ධ නම් උපස්ථායක තෙරණුවෝ සිවුර ඒකාංශ කොට බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසූහ.

“කො නු ඛො භගවා හෙතු, සිතකම‍්මස‍්ස සත්‍ථුනො; කාරණෙ විජ‍්ජමානම‍්හි, සත්‍ථා පාතුකරෙ සිතං.

“භාග්‍යවතුන් වහන්ස!, ශාස්තෲන් වහන්සේ සිනා පහළ කිරීමට හේතු කවරේද? ශාස්තෲන් වහන්සේලා කරුණක් ඇතිවීමට සිනා පහළ කරති.”

“සත‍්තාහං සාලච‍්ඡදනං, යො මෙ ධාරෙසි මාණවො; තස‍්ස කම‍්මං සරිත්‍වාන, සිතං පාතුකරිං අහං.

එවිට බුදුපියාණන් වහන්සේ “යම් මානවකයෙක් මා හට සතියක් පුරා මල් හෙවනක් දැරුවේ ද ඔහුගේ කුසල කර්මය දැක මම සිනා පහළ කළෙමි.

“අනොකාසං න පස‍්සාමි, යත්‍ථ පුඤ‍්ඤං විපච‍්චති; දෙවලොකෙ මනුස‍්සෙ වා, ඔකාසොව න සම‍්මති.

එම පින විපාක දේ නම් ඊට අවකාශ ඇති තැනක් මම නොදකිමි. දිව්‍ය මනුෂ්‍ය ලෝකයත් ඊට නොසෑහේ.

“දෙවලොකෙ වසන‍්තස‍්ස, පුඤ‍්ඤකම‍්මසමඞ‍්ගිනො; යාවතා පරිසා තස‍්ස, සාලච‍්ඡන‍්නා භවිස‍්සති.

පිනින් පිරුණු දෙව්ලොව වසන ඔහුගේ සියලු පිරිස ද සල් සෙවනින් වැසුනාහු වෙති.

“තත්‍ථ දිබ‍්බෙහි නච‍්චෙහි, ගීතෙහි වාදිතෙහි ච; රමිස‍්සති සදා සන‍්තො, පුඤ‍්ඤකම‍්මසමාහිතො.

මේ පින් විපාක විඳින ඔහු දිව්‍යමය වූ නෘත්‍ය, ගීත, වාදිතාදියෙන් හැම කල්හි දෙව්ලොව සිත් අලවා වෙසේ.

“යාවතා පරිසා තස‍්ස, ගන්‍ධගන්‍ධී භවිස‍්සති; සාලස‍්ස පුප‍්ඵවස‍්සො ච, පවස‍්සිස‍්සති තාවදෙ.

ඔහුගේ සියලු පිරිස ද සුවඳින් සුවඳවත් වන්නේ ය. එකෙණෙහි සල් මල් වැසි ද වසින්නේ ය.

“තතො චුතොයං මනුජො, මානුසං ආගමිස‍්සති; ඉධාපි සාලච‍්ඡදනං, සබ‍්බකාලං ධරිස‍්සති.

මොහු දෙව් සැප විඳ මිනිස් ලොව උපදින කල්හි ද මනුලොව සැම කල්හි සල් සෙවෙණ දරන්නේය.

“ඉධ නච‍්චඤ‍්ච ගීතඤ‍්ච, සම‍්මතාළසමාහිතං; පරිවාරෙස‍්සන‍්ති මං නිච‍්චං, බුද‍්ධපූජායිදං ඵලං.

කයිතාලම්, නැටුම්, ගැයුම් හා වැයුම් නිතරම ඔහු පිරිවරාගෙන සිටියි.

“උග‍්ගච‍්ඡන‍්තෙ ච සූරියෙ, සාලවස‍්සං පවස‍්සති; පුඤ‍්ඤකම‍්මෙන සංයුත‍්තං, වස‍්සතෙ සබ‍්බකාලිකං.

හිරු උදාවන කල්හි සල් මල් වැසි වසී. මේ බුද්ධ පූජාවේ විපාකයයි.

“අට‍්ඨාරසෙ කප‍්පසතෙ, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

මෙයින් කල්ප අටළොසකට පසුව ඔක්කාක කුලයේ උපදින ගෞතම නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වෙති.

“තස‍්ස ධම‍්මෙසු දායාදො, ඔරසො ධම‍්මනිම‍්මිතො; සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය, නිබ‍්බායිස‍්සතිනාසවො.

උන්වහන්සේගේ ධර්මයේ දායාද වූ ධර්මයෙන්ම නිර්මිත වූ ඖරස බුද්ධ පුත්‍රයෙකු වන මෙතෙම සියලු ආශ්‍රව ක්‍ෂය කොට පිරිනිවන් පාන්නේය.

“ධම‍්මං අභිසමෙන‍්තස‍්ස, සාලච‍්ඡන‍්නං භවිස‍්සති; චිතකෙ ඣායමානස‍්ස, ඡදනං තත්‍ථ හෙස‍්සති.

ධර්මාවබෝධය ලැබූ මෙතෙම සල්මල් සෙවෙනියක් ලබන්නේය. පිරිනිවී චිතකය දැවෙන කල්හි ද ඒ මත සල් මල් සෙවෙනියක් වන්නේය.”

“විපාකං කිත‍්තයිත්‍වාන, පියදස‍්සී මහාමුනි; පරිසාය ධම‍්මං දෙසෙසි, තප‍්පෙන‍්තො ධම‍්මවුට‍්ඨියා.

මහාමුනි වූ පියදස්සි බුදුහු මෙසේ කරන ලද පින්කමේ විපාක වදාරා දහස් වැසි වස්වන සේක්, රැස්වූ පිරිසට දහම් දෙසූහ.

“තිංසකප‍්පානි දෙවෙසු, දෙවරජ‍්ජමකාරයිං; සට‍්ඨි ච සත‍්තක‍්ඛත‍්තුඤ‍්ච, චක‍්කවත‍්තී අහොසහං.

ඒ මම කල්ප තිහක්ම දෙව් සැප විඳිමින් දිව්‍ය රාජ්‍යය කරවීමි. සැට සත්වරක් සක්විති රජුව උපන්නෙමි.

“දෙවලොකා ඉධාගන‍්ත්‍වා, ලභාමි විපුලං සුඛං; ඉධාපි සාලච‍්ඡදනං, මණ‍්ඩපස‍්ස ඉදං ඵලං.

දෙව් ලොවින් මෙහි උපන් මම මහත් සැප ලැබුවෙමි. සදාකාලික වූ සල්මල් සෙවෙනියක් මෙහි ද මට විය.

“අයං පච‍්ඡිමකො මය‍්හං, චරිමො වත‍්තතෙ භවො; ඉධාපි සාලච‍්ඡදනං, හෙස‍්සති සබ‍්බකාලිකං.

“මහාමුනිං තොසයිත්‍වා, ගොතමං සක්‍යපුඞ‍්ගවං; පත‍්තොම‍්හි අචලං ඨානං, හිත්‍වා ජයපරාජයං.

ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරදුන් සතුටු කළ මම ජය පරාජය අත්හැර අචල ස්ථානය වූ නිවනට පැමිණියෙමි.

“අට‍්ඨාරසෙ කප‍්පසතෙ, යං බුද‍්ධමභිපූජයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මෙයින් කල්ප අටළොසකට පෙර කරන ලද බුද්ධ පූජාවේ විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් ම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

සො අරහත‍්තං පන පත්‍වා විසෙසතො ලාභග‍්ගයසග‍්ගප‍්පත‍්තො අහොසි. තත්‍ථ කෙචි පුථුජ‍්ජනභික‍්ඛූ ථෙරස‍්ස ලාභසක‍්කාරං දිස‍්වා බාලභාවෙන අසහනාකාරං පවෙදෙසුං. ථෙරො තං ඤත්‍වා ලාභසක‍්කාරෙ ආදීනවං තත්‍ථ අත‍්තනො අලග‍්ගභාවඤ‍්ච පකාසෙන‍්තො –

රහත් වූ තිස්ස තෙරණුවෝ විශේෂ වූ ලාභයෙන් හා යසසින් අග්‍රප්‍රාප්ත වූහ. එවිට ඇතැම් පුහුදුන් භික්‍ෂූහු තෙරුන්ගේ ලාභ සත්කාර දැක අඳ බාල බැවින් නොඉවසන බව දැන්වූහ. තෙරුන් වහන්සේ එය දැන ලාභ සත්කාරයන්හි ආදීනව ද එහි තමන් වහන්සේගේ නොඇලීම ද පවසන සේක් මේ ගාථා දෙක වදාළහ.

“බහූ සපත‍්තෙ ලභති, මුණ‍්ඩො සඞ‍්ඝාටිපාරුතො; ලාභී අන‍්නස‍්ස පානස‍්ස, වත්‍ථස‍්ස සයනස‍්ස ච.

“පහු සපත්තෙ ලභති මුණ්ඩො සඞ්ඝාටිපාරුතො, ලාභී අන්නස්ස පානස්ස වත්‍ථස්ස සයනස්සච”

“එතමාදීනවං ඤත්‍වා, සක‍්කාරෙසු මහබ‍්භයං; අප‍්පලාභො අනවස‍්සුතො, සතො භික‍්ඛු පරිබ‍්බජෙ”ති. – ගාථාද‍්වයං අභාසි.

“එතමාදීනවං ඤත්‍වා සක්කාරෙසු මහබ්භයං, අප්පලාභො නවස්සුතො සතො භික්ඛු පරිබ්බජෙ”තී.”

තස‍්සත්‍ථො – සිඛම‍්පි අසෙසෙත්‍වා මුණ‍්ඩිතකෙසතාය මුණ‍්ඩො, ඡින්‍දිත්‍වා සඞ‍්ඝාටිතකාසාවධාරිතාය සඞ‍්ඝාටිපාරුතො, එවං වෙවණ‍්ණියං අජ‍්ඣුපගතො පරායත‍්තවුත‍්තිකො පබ‍්බජිතො සචෙ අන‍්නපානාදීනං ලාභී හොති, සොපි බහූ සපත‍්තෙ ලභති, තස‍්ස උසූයන‍්තා බහූ සම‍්භවන‍්ති. තස‍්මා එතං එවරූපං ලාභසක‍්කාරෙසු මහබ‍්භයං විපුලභයං ආදීනවං දොසං විදිත්‍වා අප‍්පිච‍්ඡතං සන‍්තොසඤ‍්ච හදයෙ ඨපෙත්‍වා අනවජ‍්ජුප‍්පාදස‍්සාපි උප‍්පන‍්නස‍්ස ලාභස‍්ස පරිවජ‍්ජනෙන අප‍්පලාභො, තතො එව තත්‍ථ තණ‍්හාවස‍්සුතාභාවෙන අනවස‍්සුතො, සංසාරෙ භයස‍්ස ඉක‍්ඛනතො භින‍්නකිලෙසතාය වා භික‍්ඛු සන‍්තුට‍්ඨිට‍්ඨානීයස‍්ස සතිසම‍්පජඤ‍්ඤස‍්ස වසෙන සතො හුත්‍වා පරිබ‍්බජෙ චරෙය්‍ය විහරෙය්‍යාති. තං සුත්‍වා තෙ භික‍්ඛූ තාවදෙව ථෙරං ඛමාපෙසුං.

එහි අර්ථ මෙසේය. - හිස කෙස් ගසක්වත් ඉතිරි නොවන සේ මුඩු කළ කෙස් නොමැති බැවින් “මුණ්ඩ” නම් වූ. සඟල වූ කශාය වස්ත්‍ර දරණ බැවින් “සඟල සිවුර පෙරවියා” වූ, මෙසේ විවර්ණ (වෙනස්) බවට පැමිණි අනුන් නිසා ජීවත්වෙන පැවිද්දා, ඉදින් ආහාරපානාදිය බහුලව ලබන්නේ නම් ඔහුට බොහෝ සතුරෝ ලැබෙති. එම පැවිද්දාට ඊර්ෂ්‍යා කරන්නෝද බොහෝ වෙති. එනිසා මෙසේ වූ ලාභ සත්කාර විෂයෙහි මහත් වූ භයක් ද ආදීනව ද යන දොස් දැන, අල්පේච්ඡ බව, ලද දෙයින් සතුටු වන බව හදවතෙහි තබාගෙන සිටිය යුතු වේ. මෙසේ නිවැරදි සේ සිවුපසය ලැබීමෙන් ද උපත් ලාභ ප්‍රයෝජන දුරු කිරීමෙන් ද අල්පලාභී වේ. ඒ ප්‍රත්‍යලාභාදිය කෙරෙහි තණ්හාව ක්‍ෂය කරගැනීමෙන් “අනවස්සුත” නම් වේ. සසර භය දක්නා බැවින් ද සිඳින බිඳින ලද කෙලෙස් ඇති බැවින් ද “භික්ඛු” නම් වේ. ලද දෙයින් තුටුවන හා සිහි ඇතිව වෙසෙන බැවින් “සතො” නම් වේ. මෙසේ වූ ස්වභාවයෙන් රහතන් වහන්සේ “පරිබ්බජෙ” හැසිරෙන්නෝය. වාසය කරන්නෝය. මෙම ගාථා දෙක ඇසූ පුහුදුන් භික්‍ෂූහු එකෙණෙහිම තිස්ස හිමියන්ගෙන් සමාව ඉල්ලා ගත්හ. (ක්‍ෂමා කරවා ගත්හ)

තිස‍්සත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

තිස්ස ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.