යෙදුමෙන් කියවන්න

කිම‍්බිලත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

කිම‍්බිලත්‍ථෙරගාථාවණ‍්ණනා

කිම්බිල ස්ථවිරගාථා වර්ණනාව

පාචීනවංසදායම‍්හීතිආදිකා ආයස‍්මතො කිමිලත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? තස‍්ස පුබ‍්බයොගො සංවෙගුප‍්පත‍්ති පබ‍්බජ‍්ජා ච එකකනිපාතෙ “අභිසත‍්තො”ති ගාථාය සංවණ‍්ණනායං වුත‍්තායෙව. තාය ච ගාථාය ථෙරෙන අත‍්තනො විසෙසාධිගමස‍්ස කාරණං දස‍්සිතං. ඉධ පන අධිගතවිසෙසස‍්ස අත‍්තනො ආයස‍්මතා ච අනුරුද‍්ධෙන ආයස‍්මතා ච නන්‍දියෙන සහ සමග‍්ගවාසො දස‍්සිතොති වෙදිතබ‍්බං. සමග‍්ගවාසං පන වසන‍්තා තෙ යථා ච වසිංසු, තං දස‍්සෙන‍්තො –

“පාචීනවංස දායම්හී” යනු ආයුෂ්මත් කිම්බිල තෙරුන්ගේ ගාථාවන් ය. ඒවායේ උපත කෙසේද? උන්වහන්සේගේ පෙර කථා පුවත; සංවේග උපදවා ගැනීම හා පැවිද්ද ඒක නිපාතයේ “අභිසත්තො” යනාදී ගාථාවේ අර්ථ වර්ණනාවේදී පැවසූ පරිදිම දත යුතුයි. එම ගාථාවේදී කිම්බිල තෙරණුවෝ තමාගේ විශේෂාධිගමයන්ට හේතුව දක්වන ලදි. මෙහිදී විශේෂාධිගම ලබා තමාගේත් ආයුෂ්මත් නන්‍දිය හිමියන්ගේත් සමගි වාසය නිමිති කරගෙන මෙම ගාථා දෙක දක්වන ලදි. සමගිව වාසය කරනු කැමැත්තෝ කෙසේ විසිය යුතු ද? යන්න මෙම ගාථාවන්හි පැවසේ.

“පාචීනවංසදායම‍්හි, සක්‍යපුත‍්තා සහායකා; පහායානප‍්පකෙ භොගෙ, උඤ‍්ඡෙ පත‍්තාගතෙ රතා.

“පාචීනවංසදායම්හී සක්‍යපුත්තා සහායකා, පහායානප්පකෙ භොගෙ උඤ්ඡ පත්තාගතෙ රතා”

“ආරද‍්ධවීරියා පහිතත‍්තා, නිච‍්චං දළ‍්හපරක‍්කමා; රමන‍්ති ධම‍්මරතියා, හිත්‍වාන ලොකියං රති”න‍්ති. – ගාථාද‍්වයං අභාසි;

“ආරද්ධවිරියා පහිතත්තා නිච්චං දළ්හ පරක්කමා, රමන්ති ධම්මරතියා හිත්‍වාන ලොකියං රතිං”

තත්‍ථ පාචීනවංසදායම‍්හීති පාචීනවංසනාමකෙ රක‍්ඛිතගොපිතෙ සහපරිච‍්ඡෙදෙ වනෙ. තඤ‍්හි වනං ගාමස‍්ස පාචීනදිසායං ඨිතත‍්තා වංසගුම‍්බපරික‍්ඛිත‍්තත‍්තා ච “පාචීනවංසදායො”ති වුත‍්තො, වංසවනභාවෙන වාති. සක්‍යපුත‍්තාති අනුරුද‍්ධත්‍ථෙරාදයො සක්‍යරාජකුමාරා. සහායකාති සංවෙගුප‍්පත‍්තිපබ‍්බජ‍්ජාසමණධම‍්මකරණසංවාසෙහි සහ අයනතො පවත‍්තනතො සහායකා. පහායානප‍්පකෙ භොගෙති උළාරෙන පුඤ‍්ඤානුභාවෙන අධිගතෙ කුලපරම‍්පරාගතෙ ච මහන‍්තෙ භොගක‍්ඛන්‍ධෙ ඡඩ‍්ඩෙත්‍වා. “සහායානප‍්පකෙ”තිපි පාළි. උඤ‍්ඡෙ පත‍්තාගතෙ රතාති උඤ‍්ඡාචරියාය ආභතත‍්තා උඤ‍්ඡෙ පත‍්තෙ ආගතත‍්තා පත‍්තාගතෙ පත‍්තපරියාපන‍්නෙ රතා අභිරතා, සඞ‍්ඝභත‍්තාදිඅතිරෙකලාභං පටික‍්ඛිපිත්‍වා ජඞ‍්ඝබලං නිස‍්සාය භික‍්ඛාචරියාය ලද‍්ධෙන මිස‍්සකභත‍්තෙනෙව සන‍්තුට‍්ඨාති අත්‍ථො.

මෙම ගාථාවන්හි “පාචීනවංසදායම්හී” යනු ප්‍රාචීනවංස නම් වූ රක්ෂිත, සුරක්ෂිත උවදුරු දුරලූ වනයෙහි. එහිදී ද ගමට නැගෙනහිරින් (ප්‍රාචීන) පිහිටි බැවින් සහ උණගොමු ආදියෙන් ආරක්ෂිත වූ බැවින් “ප්‍රාචීනවංසදාය” යැයි කියන ලදි. නැතිනම් එක්ව වසන බැවින් “වංසදාය” යැයි කියන ලදි. “සක්‍යපුත්තා” අනුරුද්ධාදි ශාක්‍ය රජ කුමාරවරු “සහායකා” යනු සංවේග උපදවා එකට පැවිදි වී එකටම මහණදම් පුරමින් එක්ව වසන, සමගිව යන, එන, පවතින අර්ථයෙන් සහායක වූ යහළුවෝ, “පහායානප්පකෙ භොගෙ” මහත් වූ පුණ්‍යානුභාවයෙන් ද කුල පරපුරින් ද හිමි වූ මහත් වූ සම්පත් රාශිය හැර දමා, පාළියෙහි “සහායානප්පකෙ” යනුවෙන් ද යෙදේ. “උඤ්ඡපත්තාගතෙ රතා” පිඬුසිඟායෑමෙන් පමණි. පිඬුසිඟා පාත්‍රයට ලැබුණු බැවින් “පත්තාගත” නම් වූ පාත්‍රයට ලැබුණු දෙයින් තෘප්තිමත් වූ, සතුටු වූ, නිර්වාණාවබෝධයට පෙර දී සඟබත් ආදී අතිරේක ලාභ පිළිකෙව් කර, කෙණ්ඩා (පාවල) ශක්තියෙන් ඇවිද, භික්‍ෂාවේ හැසිර තබන ලද මිශ්‍ර වූ බතින්ම සතුටු වූ” යන අර්ථයයි.

ආරද‍්ධවීරියාති උත‍්තමත්‍ථස‍්ස අධිගමාය ආදිතොව පගෙව සම‍්පාදිතවීරියා. පහිතත‍්තාති නින‍්නපොණපබ‍්භාරභාවෙන කාලෙන කාලං සමාපජ‍්ජනෙන ච නිබ‍්බානං පතිපෙසිතචිත‍්තා. නිච‍්චං දළ‍්හපරක‍්කමාති වත‍්තපටිපත‍්තීසු දිට‍්ඨධම‍්මසුඛවිහාරානුයොගෙන සබ‍්බකාලං අසිථිලපරක‍්කමා. රමන‍්ති ධම‍්මරතියා, හිත්‍වාන ලොකියං රතින‍්ති ලොකෙ විදිතතාය ලොකපරියාපන‍්නතාය ච ලොකියං රූපාරම‍්මණාදිරතිං පහාය මග‍්ගපඤ‍්ඤාය පජහිත්‍වා ලොකුත‍්තරධම‍්මරතියා අග‍්ගඵලනිබ‍්බානාභිරතියා ච රමන‍්ති අභිරමන‍්තීති.

“ආරද්ධ විරියා” උතුම් අර්ථය වූ අධිගමය වූ නිර්වාණාවබෝධයට මුලින්ම, පූර්වයේ සිට ම සන්සුන් වූ වීර්ය ඇති, “පහිතත්තා” බෑවුම් තැනිතලා කඳුහෙල් නොමැති හෙයින් කලින් කලට නිවණට සමවැදීම් වශයෙන් නිවණ කෙරෙහිම යෙදවූ සිත් ඇති, “නිච්චං දළ්හ පරක්කමා” වත් පිළිවෙත්හි දිට්ඨධම්මික සුඛ විහරණයෙන් මුලු කාලයම ලිහිල් නොවූ වීර්යයෙන්, පරාක්‍රමයෙන් ගත කරන. නිතර දැඩි වීර්ය ඇති, “රමන්ති ධම්මරතියා හිත්‍වාන ලොකියං රතිං” ලෝකයේ දැනගත්, ප්‍රකට වූ බැවින් ද ලෝකයට අයත් වූ බැවින් ද ලෞකික නම් වූ රූපාදී අරමුණුවල ඇලීම මාර්ග ප්‍රඥාවෙන් දුරුකර, ඉවත ලා ලෝකෝත්තර දහම්හි ඇලීමෙන් ද අග්‍රඵලය වූ නිර්වාණයෙහි ඇලීමෙන් ද සතුටු වේ. නිවණෙහි වෙසෙසින් ඇලෙමි.

කිමිලත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

කිම්බිල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.