නන්දත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
නන්දත්ථෙරගාථාවණ්ණනා
නන්ද ස්ථවිරගාථා වර්ණනාව
අයොනිසො මනසිකාරාති ආයස්මතො නන්දත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයං කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො භගවතො සන්තිකෙ ධම්මං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං ඉන්ද්රියෙසු ගුත්තද්වාරානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා සයම්පි තං ඨානන්තරං පත්ථෙන්තො භගවතො භික්ඛුසඞ්ඝස්ස ච පූජාසක්කාරබහුලං මහාදානං පවත්තෙත්වා, “අහම්පි අනාගතෙ තුම්හාදිසස්ස බුද්ධස්ස එවරූපො සාවකො භවෙය්ය”න්ති පණිධානං කත්වා තතො පට්ඨාය දෙවමනුස්සෙසු සංසරන්තො අත්ථදස්සිස්ස භගවතො කාලෙ විනතාය නාම නදියා මහන්තො කච්ඡපො හුත්වා නිබ්බත්තො එකදිවසං සත්ථාරං නදියා පාරං ගන්තුං තීරෙ ඨිතං දිස්වා සයං භගවන්තං තාරෙතුකාමො සත්ථු පාදමූලෙ නිපජ්ජි . සත්ථා තස්ස අජ්ඣාසයං ඔලොකෙත්වා පිට්ඨිං අභිරුහි. සො හට්ඨතුට්ඨො වෙගෙන සොතං ඡින්දන්තො සීඝතරං පරතීරමෙව පාපෙසි. භගවා තස්ස අනුමොදනං වදන්තො භාවිනිං සම්පත්තිං කථෙත්වා පක්කාමි.
“අයොනිසො මනසිකාරා” යනු ආයුෂ්මත් නන්ද තෙරුන්ගේ ගාථාවන් ය. එහි උපත කෙසේ ද? නන්ද තෙරණුවෝ පෙර පදුමුත්තර භාග්‍යවතුන්ගේ කාලයේ හංසවතී නුවර සිටුගෙයක ඉපිද වියපත්ව නිතර එම භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අසති. දිනක් ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් ඉන්ද්රියසංවර භික්ෂූන්ගෙන් අගතනතුරෙහි තබනු දුටු ඔහු, “මම ද එම තනතුර ලබමි” යි පතා භාග්‍යවතුන් වහන්සේට ද භික්ෂු මහා සංඝරත්නයට ද පූජා සත්කාර කරමින් මහදන් පැවැත්වීය. දන් දී “මම ද අනාගතයේ පහළවන ඔබ වැනි ම වූ ලොව්තුරු බුදුවරයන් වහන්සේ කෙනෙකු හමුවේ මෙබඳු වූ ශ්‍රාවකයෙක් වෙමි” යි ප්‍රාර්ථනා කොට, එතැන් පටන් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා අවුත්, අත්ථදස්සි බුදුරදුන් ගේ කාලයේදී විනතා නම් නදියේ මහත් කැස්බෑවෙකුව උපන්නේය. දිනක් ශාස්තෲන් වහන්සේ එතෙරවනු කැමතිව ගං ඉවුරෙහි සිටිනු දුටු කැස්බෑවා උන්වහන්සේ එතෙර කරවනු කැමතිව බුදු පාමුල හොත්තේය. ඔහුගේ අදහස දුටු ශාස්තෲන් වහන්සේ කැස්බෑවාගේ පිටට නැගි සේක. දැඩි සේ සතුටට පත් කැස්බෑවා ඉතා වේගයෙන් දිය පහර සිඳගෙන වහාම උන්වහන්සේ එතෙර කරවීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට පුණ්‍යානුමෝදනා කර, ලැබෙන සම්පත් වර්ණනා කර වැඩි සේක.
සො තෙන පුඤ්ඤකම්මෙන සුගතීසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ කපිලවත්ථුස්මිං සුද්ධොදනමහාරාජස්ස පුත්තො හුත්වා මහාපජාපතියා ගොතමියා කුච්ඡිම්හි නිබ්බත්ති. තස්ස නාමග්ගහණදිවසෙ ඤාතිසඞ්ඝං නන්දෙන්තො ජාතොති නන්දොත්වෙව නාමං අකංසු. තස්ස වයප්පත්තකාලෙ සත්ථා පවත්තවරධම්මචක්කො ලොකානුග්ගහං කරොන්තො කපිලවත්ථුං ගන්ත්වා ඤාතිසමාගමෙ පොක්ඛරවස්සං අට්ඨුප්පත්තිං කත්වා වෙස්සන්තරජාතකං (ජා· 2.22.1655 ආදයො) කථෙත්වා දුතියදිවසෙ පිණ්ඩාය පවිට්ඨො “උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්යා”ති (ධ· ප· 168) ගාථාය පිතරං සොතාපත්තිඵලෙ පතිට්ඨාපෙත්වා නිවෙසනං ගන්ත්වා “ධම්මං චරෙ සුචරිත”න්ති (ධ· ප· 169) ගාථාය මහාපජාපතිං සොතාපත්තිඵලෙ රාජානං සකදාගාමිඵලෙ පතිට්ඨාපෙත්වා තතියෙ දිවසෙ නන්දකුමාරස්ස අභිසෙකනිවෙසනප්පවෙසනවිවාහමඞ්ගලෙසු වත්තමානෙසු පිණ්ඩාය පවිසිත්වා නන්දකුමාරස්ස හත්ථෙ පත්තං දත්වා මඞ්ගලං වත්වා තස්ස හත්ථතො පත්තං අගහෙත්වාව විහාරං ගතො තං පත්තහත්ථං විහාරං ආගතං අනිච්ඡමානංයෙව පබ්බාජෙත්වා තථා පබ්බජිතත්තායෙව අනභිරතියා පීළිතං ඤත්වා උපායෙන තස්ස තං අනභිරතිං විනොදෙසි. සො යොනිසො පටිසඞ්ඛාය විපස්සනං පට්ඨපෙත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.49.148-163) –
මේ උතුම් පින්කම් නිසා කාමසුගතීන්හිම සැරිසැරූ ඔහු, අපගේ බුදුරජාණන් වහන්සේ පහළවන සමයෙහි කපිලවස්තුවේ සුද්ධෝදන මහරජුගේ පුතු ව මහාප්‍රජාපතී ගෞතමියගේ කුසෙහි ඉපදුණි. ඔහුට නම් තබන දවසේ “සියලු නෑ සමූහයා සතුටු කරමින් නන්දනය කරමින් උපන් බැවින්” “නන්ද” යැයි නම් තැබූහ. නන්ද කුමරු වියටපත්වූ සමයේ දී ශාස්තෲන් වහන්සේ දම්සක් දෙසුම පවත්වා, ලෝකයාට සෙත සලසමින් කපිලවත්ථුවට වැඩම වූහ. නෑයන් එකතු වූ අවස්ථාවෙහි වූ මල් වැස්ස අර්ථෝත්පත්ති කරගෙන වෙස්සන්තර ජාතකය දේශනා කළ තථාගතයන් වහන්සේ දෙවැනි දින පිඬුපිණිස හැසිරෙමින් “උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්ය” ගාථාවෙන් පියාට දහම් දෙසා ඔහු සෝවාන් ඵලයෙහි පිහිට වූ සේක. රජ මැදුරට පිවිසි උන්වහන්සේ “ධම්මං චරෙ” යන ගාථාවෙන් දහම් දෙසා මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන් ඵලයෙහිද සුදොවුන් රජ සකෘදාගාමි ඵලයෙහිද පිහිට වූහ. තෙවැනි දින නන්ද කුමරුගේ අභිෂේකය, ගෘහ ප්‍රවේශය, විවාහය යන මංගල්‍ය තුනක් යෙදී තිබෙන කල්හි පිඬු පිණිස වැඩම කළ බුදුපියාණන් වහන්සේ නන්ද කුමරුට පාත්‍රය දී “සුභ මංගල්‍යයක් වේවා!”යි වදාරා, ඔහුගේ අතින් පාත්‍රය නොගෙනම විහාරයට වැඩි සේක. නන්ද කුමරු ද පාත්‍රය රැගෙන විහාරයට ම පැමිණි පසු ඔහු නොකැමැත්තෙන් ම පැවිදි කරවූ සේක. එසේ පැවිදි වූ නන්ද හිමි පැවිද්ද පිළිබඳව කළකිරී සිටි බව දුටු තථාගතයන් වහන්සේ උපායකින් එය දුරු කළ සේක. සිහිනුවණින් විමසා බලා විදර්ශනාවෙහි සිත පිහිටුවා ගත් නන්ද හිමියෝ නොබෝ කලකින්ම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“අත්ථදස්සී තු භගවා, සයම්භූ ලොකනායකො; විනතානදියා තීරං, උපාගච්ඡි තථාගතො.
“සියල්ල තමන් වහන්සේම අවබෝධ කළා වූ ලෝකනාය වූ භාග්‍යවත් වූ අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ විනතා නදී තෙරට වැඩම කළහ.
“උදකා අභිනික්ඛම්ම, කච්ඡපො වාරිගොචරො; බුද්ධං තාරෙතුකාමොහං, උපෙසිං ලොකනායකං.
එකල මම ජලයේ හැසිරෙන කැසුබුවෙක් වූයෙමි. උන්වහන්සේ ගඟින් එතෙර කරවනු කැමති ව මම ලෝක නායකයන් වහන්සේ වෙත එළඹ මෙසේ සිතුවෙමි.
“අභිරූහතු මං බුද්ධො, අත්ථදස්සී මහාමුනි; අහං තං තාරයිස්සාමි, දුක්ඛස්සන්තකරො තුවං.
“මහාමුනි වූ බුදුරජාණෝ මාගේ පිටට නගීවා. ඔබ වහන්සේ ම තරණය කරන්නෙමි. ඔබ වහන්සේ ලෝකයාගේ දුක් කෙළවර කරන්නෙහිය.
“මම සඞ්කප්පමඤ්ඤාය, අත්ථදස්සී මහායසො; අභිරූහිත්වා මෙ පිට්ඨිං, අට්ඨාසි ලොකනායකො.
මගේ අදහස් දත් මහත් යසස් ඇති අත්ථදස්සී බුදුපියාණෝ මා පිටට නැගි සේක.
“යතො සරාමි අත්තානං, යතො පත්තොස්මි විඤ්ඤුතං; සුඛං මෙ තාදිසං නත්ථි, ඵුට්ඨෙ පාදතලෙ යථා.
යම් අත්භවෙක සිට මා පිළිබඳව සිහිකරම් ද යම් තැනක සිට නැණවත් බවට පැමිණියෙම්ද ඒ කිසිදු තැනෙක ඔබවහන්සේගේ පාද ස්පර්ශය ලද මොහොතේ මා හට දැනුණු සුවය නම් නොදැනුණි. එබඳු සුවයක් නොලදිමි.
“උත්තරිත්වාන සම්බුද්ධො, අත්ථදස්සී මහායසො; නදිතීරම්හි ඨත්වාන, ඉමා ගාථා අභාසථ.
මහත් යශස් ඇති බුදුහු ගඟින් එතෙර වී මේ ගාථාවන් වදාළහ.
“යාවතා වත්තතෙ චිත්තං, ගඞ්ගාසොතං තරාමහං; අයඤ්ච කච්ඡපො රාජා, තාරෙසි මම පඤ්ඤවා.
“මේ ගඟ තරණය කරමි යි සිතූ මොහොතෙහි මේ ඥානවන්ත කැසිබුවා මා එතෙර කරවීය.,
“ඉමිනා බුද්ධතරණෙන, මෙත්තචිත්තවතාය ච; අට්ඨාරසෙ කප්පසතෙ, දෙවලොකෙ රමිස්සති.
මෙතෙම ඒ පිනින් ද මෙත් සිත් ඇති බැවින් ද කල්ප දහ අටක් දෙව්ලොව සිත් අලවා වසන්නේය.
“දෙවලොකා ඉධාගන්ත්වා, සුක්කමූලෙන චොදිතො; එකාසනෙ නිසීදිත්වා, කඞ්ඛාසොතං තරිස්සති.
කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ “දෙව්ලොවින් මෙහි පැමිණ හුනස්නෙහි ම සැක නම් සැඩපහර තරණය කරන්නේය.”
“යථාපි භද්දකෙ ඛෙත්තෙ, බීජං අප්පම්පි රොපිතං; සම්මාධාරං පවෙච්ඡන්තෙ, ඵලං තොසෙති කස්සකං.
සරු කෙතක රෝපිත ස්වල්ප වූ බිජුවට මනාව වැසි වස්නා කල්හි ශස්‍ය ඵලය ගොවියා තුටු කරන්නාක් මෙන් මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ පරිදි බුදුන් වෙත කරන ලද පූජාව පිළිබඳ වූ දහම් වැස්ස වස්වන කල්හි ඒ පින් ඵල මා සතුටු කරවීය.
“තථෙවිදං බුද්ධඛෙත්තං, සම්මාසම්බුද්ධදෙසිතං; සම්මාධාරං පවෙච්ඡන්තෙ, ඵලං මං තොසයිස්සති.
“පධානපහිතත්තොම්හි, උපසන්තො නිරූපධි; සබ්බාසවෙ පරිඤ්ඤාය, විහරාමි අනාසවො.
ප්‍රධන් වීර්යයෙහි මෙහෙයූ සිතැත්තෙමි. උපශාන්ත වූයෙමි. උපධි රහිත වූයෙමි. සියලු ආශ්‍රව ප්‍රහීන කොට දැන් අනාශ්රවව වෙසෙමි.
“අට්ඨාරසෙ කප්පසතෙ, යං කම්මමකරිං තදා; දුග්ගතිං නාභිජානාමි, තරණාය ඉදං ඵලං.
මීට කල්ප දහ අටකට පෙර කරන ලද පින්කම නිසා එතැන් පටන් දුගතියක නූපන්නෙමි. බුදුරදුන් එතෙර කිරීමේ පින මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.
අරහත්තං පන පත්වා විමුත්තිසුඛං අනුභවන්තො “අහො සත්ථු උපායකොසල්ලං, යෙනාහං භවපඞ්කතො උද්ධරිත්වා නිබ්බානථලෙ පතිට්ඨාපිතො”ති අත්තනො පහීනසංකිලෙසං පටිලද්ධඤ්ච සුඛං පච්චවෙක්ඛිත්වා සඤ්ජාතසොමනස්සො උදානවසෙන –
රහත් බවට පත්ව විමුක්ති සුව විඳින නන්ද තෙරණුවෝ ඒ පිළිබඳ සිහිකරමින් “ශාස්තෲන් වහන්සේගේ උපායෙහි දක්ෂ බව පුදුමයි! මම භව, සංසාර නම් මඩ ගොහොරුවෙන් උඩට ගෙන නිවන් නම් ගොඩබිමෙහි පිහිටුවීම ඉතා පුදුම සහගතයි” යනුවෙන් තමන්වහන්සේ කෙලෙස් ප්‍රහීණ කර ලැබූ සුවය සිහිපත් කිරීමෙන් හටගත් සොම්නසින් මේ ගාථා දෙක වදාළහ.
“අයොනිසො මනසිකාරා, මණ්ඩනං අනුයුඤ්ජිසං; උද්ධතො චපලො චාසිං, කාමරාගෙන අට්ටිතො.
“අයොනිසො මනසිකාරා මණ්ඩනං අනුයුඤ්ජිසං, උද්ධතො චපලොචාසිං කාමරාගෙන අට්ටිතො”
“උපායකුසලෙනාහං, බුද්ධෙනාදිච්චබන්ධුනා; යොනිසො පටිපජ්ජිත්වා, භවෙ චිත්තං උදබ්බහි”න්ති. – ගාථාද්වයං අභාසි;
“උපාය කුසලෙනාහං බුද්ධෙනාදිච්චබන්ධුනා, යොනිසො පටිපජ්ජිත්වා භවෙ චිත්තං බුදබ්බහිං” තී.
තත්ථ අයොනිසො මනසිකාරාති අනුපායමනසිකාරතො අසුභං කායං සුභතො මනසි කරිත්වා සුභතො මනසිකාරහෙතු, අසුභං කායං සුභසඤ්ඤායාති අත්ථො. මණ්ඩනන්ති හත්ථූපගාදිආභරණෙහි චෙව මාලාගන්ධාදීහි ච අත්තභාවස්ස අලඞ්කරණං. අනුයුඤ්ජිසන්ති අනුයුඤ්ජිං, සරීරස්ස විභූසනප්පසුතො අහොසින්ති අත්ථො. උද්ධතොති ජාතිගොත්තරූපයොබ්බනමදාදීහි උද්ධතො අවූපසන්තචිත්තො. චපලොති වනමක්කටො විය අනවට්ඨිතචිත්තතාය ලොලො, කායමණ්ඩනවත්ථමණ්ඩනාදිචාපල්යෙ යුත්තතාය වා චපලො ච. ආසින්ති අහොසිං. කාමරාගෙනාති වත්ථුකාමෙසු ඡන්දරාගෙන අට්ටිතො පීළිතො විබාධිතො ආසින්ති යොජනා.
එහි “අයොනිසො මනසිකාරා” උපාය රහිතව සිහිපත් කිරීමෙන් අසුභ වූ කය සුභ වශයෙන් සිහිපත් කර සුභ වශයෙන් ගනියි. සිහිපත් කිරීම නිසා අසුභ වූ කය පිළිබඳව සුභ සඤ්ඤා උපදවා ගනියි. “මණ්ඩනං” අත් පා ආදියේ පළඳින ආභරණ වලින් මෙන්ම මල් ගඳ විලවුන් ආදියෙන් ශරීරය අලංකාර කර ගැනීම. “අනුයුඤ්ජිසං” යෙදුනෙමි. ශරීරය සැරසීමෙහි ම යෙදුනෙමි. “උද්ධතො” ජාති, ගෝත්‍ර, රූප, යෞවන, මද ආදියෙන් නොසන්සුන් වූ, නොසන්සිඳුණු සිතැති, “චපලො” යනු වල් වඳුරෙකු මෙන් නො රක්නා ලද සිත් ඇති බැවින් ලොල් වූ. කය සැරසීම්, අත් පා සැරසීම් ආදි චපල කටයුතුවල යෙදුණු බැවින් චපල වූ. “ආසිං” වූයෙමි. “කාමරාගෙන” වස්තු කාමයන්හි ඡන්ද රාගයෙන් මැඩුනේ පෙළුණේ, බාධිත වූයෙමි.
උපායකුසලෙනාති විනෙය්යානං දමනූපායච්ඡෙකෙන කොවිදෙන බුද්ධෙන භගවතා හෙතුභූතෙන. හෙතුඅත්ථෙ හි එතං කරණවචනං. පලුට්ඨමක්කටීදෙවච්ඡරාදස්සනෙන හි උපක්කිතවාදචොදනාය අත්තනො කාමරාගාපනයනං සන්ධාය වදති. භගවා හි ආයස්මන්තං නන්දත්ථෙරං පඨමං ජනපදකල්‍යාණිං උපාදාය “යථායං මක්කටී, එවං කකුටපාදිනියො උපාදාය ජනපදකල්යාණී”ති මහතියා ආණියා ඛුද්දකං ආණිං නීහරන්තො ඡඩ්ඩකො විය, සිනෙහපානෙන සරීරං කිලෙදෙත්වා වමනවිරෙචනෙහි දොසං නීහරන්තො භිසක්කො විය ච කකුටපාදිනිදස්සනෙන ජනපදකල්යාණියං විරත්තචිත්තං කාරෙත්වා පුන උපක්කිතවාදෙන කකුටපාදිනීසුපි චිත්තං විරාජෙත්වා සම්මදෙව සමථවිපස්සනානුයොගෙන අරියමග්ගෙ පතිට්ඨාපෙසි. තෙන වුත්තං “යොනිසො පටිපජ්ජිත්වා, භවෙ චිත්තං උදබ්බහි”න්ති. උපායෙන ඤායෙන සම්මදෙව සමථවිපස්සනාය විසුද්ධිපටිපදං පටිපජ්ජිත්වා භවෙ සංසාරපඞ්කෙ නිමුග්ගඤ්ච මෙ චිත්තං අරියමග්ගෙන හත්ථෙන උත්තාරිං, නිබ්බානථලෙ පතිට්ඨාපෙසින්ති අත්ථො.
“උපාය කුසලෙන” යනු හික්මවිය හැකි පුද්ගලයන් දමනය කිරීමේ උපායෙහි දක්ෂ වූ සමර්ථ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මෙහි හේතු අර්ථයේ කරණ විභක්තිය යෙදුණි. දාගිය වැඳිරි රුව හා දිව්‍යාංගනාවන් පෙන්වා උසුළු විසුළු කිරීම්, චෝදනා කිරීම් ආදියෙන් තමාගේ කාමරාගය දුරුකිරීම සිහිගැන්වීමට මෙසේ පවසති. භාග්‍යවතුන් වහන්සේ පළමුව නන්ද තෙරුන්ට ජනපද කල්‍යාණිය දැඩිව ගැනීම නිසා “මේ දෙවඟනන් දුටු පසු දාගිය වැඳිරිය ජනපද කල්‍යාණිය මෙනි” යැයි වැටහෙන පරිදි, මහ ඇණයකින් කුඩා ඇණයක් ගලවන වඩුවකුගෙන් ද තෙල් පානයක් සමග ශරීරයට කිරි පොවා වමන විරේචන මගින් සිරුරේ දොස් කිපීම් නසන වෛද්‍යවරයකු මෙන් ද දිව්‍යාංගනාවන් දක්වා ජනපද කල්‍යාණියට ඇලුණු සිත බැහැරට ගෙන, චෝදනා කිරීම් ආදියෙන් දිව්‍යාංගනාවන්ට ඇලුණු සිත ද විරාගී බවට පමුණුවා, මනාව සමථ-විදර්ශනා භාවනාවන්ට යොමු කරවා ආර්ය මාර්ගයෙහි පිහිට වූ සේක. “යෝනිසො පටිපජ්ජිත්වා භවෙ චිත්තං උදබ්බහී” උදයව්‍යය (ඇතිවන - නැතිවන) දන්නා නුවණින් මනාව සමථ විදර්ශනාදී විසුද්ධ ප්‍රතිපදාවට අවතීර්ණවීමෙන් භව සංසාර මඩෙහි ගිලුණු මගේ සිත ආර්ය මාර්ගය නම් අතින් ගෙන ගොඩට දමන ලදි. නිවන නම් ගොඩබිමෙහි පිහිටුවන ලදි.
ඉමං උදානං උදානෙත්වා ථෙරො පුනදිවසෙ භගවන්තං උපසඞ්කමිත්වා එවමාහ – “යං මෙ, භන්තෙ, භගවා පාටිභොගො පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදානං, මුඤ්චාමහං, භන්තෙ, භගවන්තං එතස්මා පටිස්සවා”ති (උදා· 22). භගවාපි, “යදෙව ඛො තෙ, නන්ද, අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තං, අථාහං මුත්තො එතස්මා පටිස්සවා”ති (උදා· 22) ආහ. අථස්ස භගවා සවිසෙසං ඉන්ද්රියෙසු ගුත්තද්වාරතං ඤත්වා තං ගුණං විභාවෙන්තො, “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං ඉන්ද්රියෙසු ගුත්තද්වාරානං යදිදං නන්දො”ති (අ· නි· 1.219, 230) ඉන්ද්රියෙසු ගුත්තද්වාරභාවෙන අග්ගට්ඨානෙ ඨපෙසි. ථෙරො හි “යමෙවාහං ඉන්ද්රියානං අසංවරං නිස්සාය ඉමං විප්පකාරං පත්තො, තමෙවාහං සුට්ඨු නිග්ගහෙස්සාමී”ති උස්සාහජාතො බලවහිරොත්තප්පො තත්ථ ච කතාධිකාරත්තා ඉන්ද්රියසංවරෙ උක්කංසපාරමිං අගමාසීති.
මෙසේ උදන් අණන්නා වූ නන්ද හිමියෝ දෙවැනි දිනයේ දී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ වදාළහ. “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ මා හට ඉතා සුන්දර පන්සීයක් දෙවඟනන් ලබාදීමට යම් ඇපයක් වූ සේක් ද, මම එම ඇපයෙන් ඔබ වහන්සේ මුදවමි”යි යනුවෙන් පැවසූ වදන් ඇසූ බුදුරජාණන් වහන්සේ ද “නන්දය! යම් මොහොතක නුඹගේ සිත මිදුනේ ද එතැන් පටන් මම ඒ ඇපයෙන් මිදුනෙමි”යි වදාළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නන්ද තෙරුන් සුවිශේෂී ලෙස ඉන්ද්රිය සංවරයෙහි නියුතු වූ බව දැන, එම ගුණය ප්‍රකට කරන සේක්; මහණෙනි! මගේ ශ්‍රාවක භික්ෂූන්ගෙන් ඉන්ද්රිය සංවරයෙහි නියැලි භික්ෂූන් අතර අග්‍රස්ථානයට මේ නන්ද තෙරණුවෝ පත්වෙති”යි අගතනතුරෙහි තැබූ සේක. නන්ද තෙරුන් වහන්සේ තමන් ම “මම ඉන්ද්රිය සංවර නොකර ගැනීම නිසා මෙබඳු විප්රකාරයකට පත්වීමි. එනිසා ඊට මනාව නිග්‍රහ කරන්නෙමි”යි උත්සාහ වඩා අතිශයින් ලැජ්ජා-බිය ඇතිව, ඉන්ද්රිය සංවර බව පතාගෙන පෙරුම් පිරූ බැවින් ද ඉන්ද්රිය සංවර වූ භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත්වූහ.
නන්දත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
නන්ද ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.