යෙදුමෙන් කියවන්න

සිරිමාත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සිරිමාත්‍ථෙරගාථාවණ‍්ණනා

සිරිමන්ත ස්ථවිරගාථා වර්ණනාව

පරෙ ච නං පසංසන‍්තීති ආයස‍්මතො සිරිමත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො පාරමියො පූරෙත්‍වා තුසිතභවනෙ ඨිතකාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො තිණ‍්ණං වෙදානං පාරගූ සනිඝණ‍්ඩුකෙටුභානං සක‍්ඛරප‍්පභෙදානං ඉතිහාසපඤ‍්චමානං පදකො වෙය්‍යාකරණො ලොකායතමහාපුරිසලක‍්ඛණෙසු අනවයො නෙක‍්ඛම‍්මජ‍්ඣාසයතාය කාමෙ පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා චතුරාසීතිසහස‍්සපරිමාණෙන තාපසගණෙන පරිවුතො හිමවන‍්තප‍්පදෙසෙ දෙවතාභිනිම‍්මිතෙ අස‍්සමෙ ඣානාභිඤ‍්ඤායො නිබ‍්බත‍්තෙත්‍වා වසන‍්තො පුරිමබුද‍්ධෙසු කතාධිකාරතාය ලක‍්ඛණමන‍්තෙසු ආගතනියාමෙන ච බුද‍්ධගුණෙ අනුස‍්සරිත්‍වා අතීතෙ බුද‍්ධෙ උද‍්දිස‍්ස අඤ‍්ඤතරස‍්මිං නදීනිවත‍්තනෙ පුලිනචෙතියං කත්‍වා පූජාසක‍්කාරාභිරතො අහොසි. තං දිස‍්වා තාපසා, “කං උද‍්දිස‍්ස අයං පූජාසක‍්කාරො කරීයතී”ති පුච‍්ඡිංසු. සො තෙසං ලක‍්ඛණමන‍්තෙ ආහරිත්‍වා තත්‍ථ ආගතානි මහාපුරිසලක‍්ඛණානි විභජිත්‍වා තදනුසාරෙන අත‍්තනො බලෙ ඨත්‍වා බුද‍්ධගුණෙ කිත‍්තෙසි. තං සුත්‍වා තෙපි තාපසා පසන‍්නමානසා තතො පට‍්ඨාය සම‍්මාසම‍්බුද‍්ධං උද‍්දිස‍්ස ථූපපූජං කරොන‍්තා විහරන‍්ති.

“පරෙච නං පසංසන්තී” ආයුෂ්මත් සිරිම තෙරණුවන්ගේ ගාථාවන්ය. ඒවායේ උපත කෙසේ සිදුවීද? පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ඒ ඒ භවයන්හිදී පින්දහම් රැස්කරමින් අවුත්; පදුමුත්තර බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කර තුසිත භවනයේ සිටින කල්හි බමුණු පවුලක උපන්හ. වියපත් බමුණු තරුණයා ත්‍රිවේද පාරගතව, නිඝණ්ඩු - කෙටුභ - සහිත අක්‍ෂර ප්‍රභේදාදිය ද පස්වන වේදය වූ ඉතිහාසය ද පද ව්‍යාකරණාදියද ලෝකායත මහා පුරුෂ ලක්‍ෂණාදී ශාස්ත්‍ර ද හදාරා ගිහිගෙයින් නික්මීමේ අදහස් ඇතිවය. කාම සම්පත් හැර තවුස් පැවිද්දෙන් පැවිදි වූ ඔහු අසූහාරදහසක් පමණ තාපස සමූහයක් පිරිවරාගෙන හිමවතෙහි දෙවියන් මැවූ අසපුවක ධ්‍යාන අභිඤ්ඤා උපදවා ගෙන වාසය කළේය. නායක තාපසයාණෝ පෙර බුදුවරු කෙරෙහි කළ ප්‍රාර්ථනා ඇති බැවින් ලක්‍ෂණ ශාස්ත්‍රයේ දැක්වෙන අයුරින්ම බුදු ගුණ සිහිකර, අතීත බුදුවරු උදෙසා එක්තරා ගං තෙරක වැලි සෑයක් සාදා ඊට පූජා සත්කාර කළහ. එය දුටු ශිෂ්‍ය තාපසවරු “මේ පූජා සත්කාර කරන්නේ කවුරු උදෙසාද?” ඇසූහ. එවිට නායක තවුසා ඔවුන්ට ලක්‍ෂණ ශාස්ත්‍රය ගෙන හැර දක්වා, එහි දැක්වෙන මහා පුරුෂ ලක්‍ෂණ බෙදා දක්වමින් ඒ අනුසාරයෙන් තම ශක්ති පමණින් බුදු ගුණ පැවසීය. එය අසා පහන් සිත් ඇති වූ ඒ ශිෂ්‍ය තාපසවරු ද එතැන් පටන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ථූප පූජා පවත්වමින් විසූහ.

තෙන ච සමයෙන පදුමුත‍්තරබොධිසත‍්තො තුසිතකායා චවිත්‍වා මාතුකුච‍්ඡිං ඔක‍්කන‍්තො හොති. චරිමභවෙ ද‍්වත‍්තිංස පුබ‍්බනිමිත‍්තානි පාතුරහෙසුං , සබ‍්බෙ ච අච‍්ඡරියබ‍්භූතධම‍්මා. තාපසො තානි අන‍්තෙවාසිකානං දස‍්සෙත්‍වා භිය්‍යොසොමත‍්තාය සම‍්මාසම‍්බුද‍්ධෙසු තෙසං පසාදං වඩ‍්ඪෙත්‍වා කාලං කත්‍වා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තිත්‍වා තෙහි අත‍්තනො සරීරස‍්ස පූජාය කරීයමානාය දිස‍්සමානරූපො ආගන‍්ත්‍වා, “අහං තුම‍්හාකං ආචරියො බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තො, තුම‍්හෙ අප‍්පමත‍්තා පුලිනචෙතියපූජමනුයුඤ‍්ජථ, භාවනාය ච යුත‍්තප‍්පයුත‍්තා හොථා”ති වත්‍වා බ්‍රහ‍්මලොකමෙව ගතො.

මේ කාලයේ දී පදුමුත්තර බෝසත්හු තුසිත දෙව්ලොවින් චුතව මවුකුස පිළිසිඳ ගත්හ. ඒ අවසන් භවයේදී දෙතිස් පූර්ව නිමිති ද සියලු ආශ්චර්ය අද්භූත ධර්ම ද පහළ විය. එම අසිරිමත් ලක්‍ෂණ සෙසු තවුසන්ට පෙන්වා සම්මා සම්බුදුවරු පිළිබඳ අධික ප්‍රසාදයක් ඇති කරවූ නායක තවුසාණෝ මියගොස් බඹලොව උපන්හ. තම ශරීරය දවමින් පුද පූජා කරන ශිෂ්‍ය සමූහයා වෙත පැමිණි ඒ බ්‍රහ්මයා, “මම නුඹලාගේ ගුරුවරයා වෙමි. සෑයට පූජා කිරීමෙන් මම බඹලොව උපන්නෙමි. නුඹලා ද අප්‍රමාදී වවු.”යි පවසා බඹලොවටම ගියේය.

එවං සො දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං ගහපතිකුලෙ නිබ‍්බත‍්ති, තස‍්ස ජාතදිවසතො පට‍්ඨාය තස‍්මිං කුලෙ සිරිසම‍්පත‍්තියා වඩ‍්ඪමානත‍්තා සිරිමාත්‍වෙව නාමං අකංසු. තස‍්ස පදසා ගමනකාලෙ කනිට‍්ඨභාතා නිබ‍්බත‍්ති, තස‍්ස “අයං සිරිං වඩ‍්ඪෙන‍්තො ජාතො”ති සිරිවඩ‍්ඪොති නාමං අකංසු. තෙ උභොපි ජෙතවනප‍්පටිග‍්ගහණෙ බුද‍්ධානුභාවං දිස‍්වා පටිලද‍්ධසද‍්ධා පබ‍්බජිංසු. තෙසු සිරිවඩ‍්ඪො න තාව උත‍්තරිමනුස‍්සධම‍්මස‍්ස ලාභී අහොසි, චතුන‍්නං පච‍්චයානං ලාභී, ගහට‍්ඨපබ‍්බජිතානං සක‍්කතො ගරුකතො, සිරිමත්‍ථෙරො පන පබ‍්බජිතකාලතො පට‍්ඨාය තාදිසෙන කම‍්මච‍්ඡිද‍්දෙන අප‍්පලාභී අහොසි බහුජනාසම‍්භාවිතො, සමථවිපස‍්සනාසු කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.49.111-147) –

හෙතෙම මෙසේ දෙව් මිනිස් දෙගතියේ සැරිසරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත්නුවර ගහපති නිවසක උපන්නේය. ඔහු උපන් දිනයේ පටන් ඒ නිවසේ ශ්‍රී සම්පත් වැඩුණේය. එබැවින් ඔහුට “සිරිම” යන නම තබන ලදි. සිරිම කුමරු පා තබා ඇවිදින අවස්ථාවෙහි ඔහුට බාල සොහොයුරෙක් උපන්නේය. එකුමරුට “මොහු සිරි වඩන්නේය. ශ්‍රී වඩමින් උපන්නේය”යි “සිරිවඩ්ඪ” යන නම තබන ලදි. ඒ දෙසොහොයුරෝම ජේතවනාරාමය පිළිගත් දින පැවති බුදුසිරි දැක පැහැදීමෙන් බුදු සසුනේ පැවිදි වූහ. ඒ දෙදෙනාගෙන් සිරිවඩ්ඪ හිමියෝ උතුරු මිනිස් දම් උපදවා ගැනීම දක්වා ම ගිහි පැවිදි සමූහයා විසින් සත්කාර සම්මාන කරන ලද්දාහු සිවුපසය ද බොහෝ ලබන්නෙක් වූහ. සිරිම තෙරණුවෝ පැවිදි වූ දින පටන් එබඳු පින් දහම් සිදු නොකළ බැවින් සිවුපසය අල්පය ලබන්නෙක්ව මහජනයා විසින් නොපුදන ලද්දේ වූහ. උන්වහන්සේ සමථ-විදර්ශනා කමටහන්හිම සිත පිහිට වූ සේක් නොබෝ දිනකින්ම ෂඩ්අභිඥා උපදවා ගත්හ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.

“පබ‍්බතෙ හිමවන‍්තම‍්හි, දෙවලො නාම තාපසො; තත්‍ථ මෙ චඞ‍්කමො ආසි, අමනුස‍්සෙහි මාපිතො.

“එකල මම හිමවතෙහි දේවල නම් තවුසෙක් වූයෙමි. දෙවියෝ මාගේ සක්මන මවා දුන්හ.

“ජටාභාරෙන භරිතො, කමණ‍්ඩලුධරො සදා; උත‍්තමත්‍ථං ගවෙසන‍්තො, විපිනා නික‍්ඛමිං තදා.

එකල්හි ජටා දරන මම, පැන් කෙණ්ඩියක් ගෙන උතුම් අර්ථය සොයමින් වනයෙන් නික්මුණෙමි.

“චුල‍්ලාසීතිසහස‍්සානි, සිස‍්සා මය‍්හං උපට‍්ඨහුං; සකකම‍්මාභිපසුතා, වසන‍්ති විපිනෙ තදා.

එසමයේ මට අසූහාරදාහක් ශිෂ්‍යයෝ උවටැන් කළහ. ඔවුහු සිය කටයුතු කරමින් වනයේ විසූහ.

“අස‍්සමා අභිනික‍්ඛම‍්ම, අකං පුලිනචෙතියං; නානාපුප‍්ඵං සමානෙත්‍වා, තං චෙතියමපූජයිං.

අසපුවෙන් නික්මුණු මම වැලි සෑයක් සෑදුවෙමි. නොයෙක් මල් ගෙන එයට පිදුවෙමි.

“තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා, අස‍්සමං පවිසාමහං; සබ‍්බෙ සිස‍්සා සමාගන‍්ත්‍වා, එතමත්‍ථං පුච‍්ඡිංසු මං.

එහි සිත පහදවා අසපුවට පිවිසියෙමි. සියලු සිසුහු රැස් ව මාගෙන් මෙසේ විමසූහ.

“පුලිනෙන කතො ථූපො, යං ත්‍වං දෙව නමස‍්සසි; මයම‍්පි ඤාතුමිච‍්ඡාම, පුට‍්ඨො ආචික‍්ඛ නො තුවං.

“නුඹ වහන්සේ වැලි වලින් කළ සෑයෙහි පුදන දෙවියා පිළිබඳ අපි ද දැනගනු කැමැත්තෙමු. ඒ පිළිබඳව විචාළ අපට එය පවසනු මැනවි”

“නිද‍්දිට‍්ඨා නු මන‍්තපදෙ, චක‍්ඛුමන‍්තො මහායසා; තෙ ඛො අහං නමස‍්සාමි, බුද‍්ධසෙට‍්ඨෙ මහායසෙ.

එවිට මම මෙසේ පැවසුවෙමි. “අපගේ වේද මන්ත්‍රවල දැක්වෙන මහත් යසස් ඇති බුදුවරු වෙති. මම ඒ මහත් වූ ශ්‍රේෂ්ඨ බුදුවරු නමදිමි”

“කීදිසා තෙ මහාවීරා, සබ‍්බඤ‍්ඤූ ලොකනායකා; කථංවණ‍්ණා කථංසීලා, කීදිසා තෙ මහායසා.

සිසුහු නැවතත් මෙසේ විචාළහ. “ඒ මහා වීර වූ සර්වඥ වූ ලෝකනායකවරු කෙබඳුද? කෙසේ වූ පා සටහන් ඇත්තෝ ද? කෙසේ වූ ස්වභාව ඇත්තෝ ද?”

“බාත‍්තිංසලක‍්ඛණා බුද‍්ධා, චත‍්තාලීසදිජාපි ච; නෙත‍්තා ගොපඛුමා තෙසං, ජිඤ‍්ජුකා ඵලසන‍්නිභා.

මම මෙසේ පැවසුවෙමි. “බුදුවරු දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇත්තෝය. සාළිසක් (40) දත් ඇත්තෝය. තථාගතයන්ගේ වස්සකුගේ වැනි ඇස් පිහාටු ඇති නේත්‍රයේ ඔලිඳ ඵල වැනි පැහැ ඇති වෙති.

“ගච‍්ඡමානා ච තෙ බුද‍්ධා, යුගමත‍්තඤ‍්ච පෙක‍්ඛරෙ; න තෙසං ජාණු නදති, සන්‍ධිසද‍්දො න සුය්‍යති.

උන්වහන්සේලා වියදඬු පමණ දුර බලමින් වැඩම කරති. උන්වහන්සේගේ දණහිස, අත් පා සන්‍ධි හඬ නොනගයි.

“ගච‍්ඡමානා ච සුගතා, උද‍්ධරන‍්තාව ගච‍්ඡරෙ; පඨමං දක‍්ඛිණං පාදං, බුද‍්ධානං එස ධම‍්මතා.

පළමු කොට දකුණු පය පෙරට තබා ගමන් ඇරඹීම උන්වහන්සේලාගේ සිරිතකි. ඒ බුද්ධ ධර්මතාවෝය.

“අසම‍්භීතා ච තෙ බුද‍්ධා, මිගරාජාව කෙසරී; නෙවුක‍්කංසෙන‍්ති අත‍්තානං, නො ච වම‍්භෙන‍්ති පාණිනං.

ඒ බුදුවරු කේසර සිංහරාජයන් මෙන් නිර්භීතයහ. තමන් උසස් කරමින් සෙසු සත්ත්වයන් හෙළා නොදකිති.

“මානාවමානතො මුත‍්තා, සමා සබ‍්බෙසු පාණිසු; අනත‍්තුක‍්කංසකා බුද‍්ධා, බුද‍්ධානං එස ධම‍්මතා.

මාන අවමාන දෙකින් මිදුනු බුදුවරු සව් සතුන් කෙරෙහි සම සිත් ඇත්තෝය. තමා හුවා නොදැක්වීම බුද්ධ ධර්මතාවකි.

“උප‍්පජ‍්ජන‍්තා ච සම‍්බුද‍්ධා, ආලොකං දස‍්සයන‍්ති තෙ; ඡප‍්පකාරං පකම‍්පෙන‍්ති, කෙවලං වසුධං ඉමං.

උන්වහන්සේලා මනුලොව පහළවන කල්හි ආලෝක දක්වති. ආකාර සයකින් මුළු පොළවම කම්පා කරති;

“පස‍්සන‍්ති නිරයඤ‍්චෙතෙ, නිබ‍්බාති නිරයො තදා; පවස‍්සති මහාමෙඝො, බුද‍්ධානං එස ධම‍්මතා.

උන්වහන්සේලා නිරය ද දකිති. එවිට එහි ගිනි නීවී යයි. මහවැසි වසී. මේ බුද්ධ ධර්මතා වේ.

“ඊදිසා තෙ මහානාගා, අතුලා ච මහායසා; වණ‍්ණතො අනතික‍්කන‍්තා, අප‍්පමෙය්‍යා තථාගතා.

අසම වූ මහත් යශස් ඇති අතිශ්‍රේෂ්ඨ ඒ බුදුවරු රූපකායෙන් නොඉක්මවනු හැක්කෝය. තථාගතවරුන්ගේ ගුණ අපමණය.”

“අනුමොදිංසු මෙ වාක්‍යං, සබ‍්බෙ සිස‍්සා සගාරවා; තථා ච පටිපජ‍්ජිංසු, යථාසත‍්ති යථාබලං.

ඒ සියලු සිසුහු මගේ වදන් ගෞරවයෙන්, සතුටින් පිළිගත්හ. වචනයට අනුව ශක්ති හා බල පමණින් පිළිපැද්දාහ.

“පටිපූජෙන‍්ති පුලිනං, සකකම‍්මාභිලාසිනො; සද‍්දහන‍්තා මම වාක්‍යං, බුද‍්ධසක‍්කතමානසා.

ස්වාර්ථ සාධනයට කැමති වූ ඔවුහු මගේ වචනය පිළිගෙන බුද්ධත්වයට නැමුණු සිතින් වැලිසෑය පිදූහ.

“තදා චවිත්‍වා තුසිතා, දෙවපුත‍්තො මහායසො; උප‍්පජ‍්ජි මාතුකුච‍්ඡිම‍්හි, දසසහස‍්සි කම‍්පථ.

එකල මහත් යසස් ඇති බෝසත් දිව්‍යපුත්‍ර තෙම තුසිතයෙන් චුතව මවුකුස උපන්නේය. දහදාහක් ලෝක ධාතු කම්පා විය.

“අස‍්සමස‍්සාවිදූරම‍්හි, චඞ‍්කමම‍්හි ඨිතො අහං; සබ‍්බෙ සිස‍්සා සමාගන‍්ත්‍වා, ආගච‍්ඡුං මම සන‍්තිකෙ.

අසපුවට නුදුරු සක්මනෙහි සිටි මා වෙත සියලු ශිෂ්‍යයෝ පැමිණියහ.

“උසභොව මහී නදති, මිගරාජාව කූජති; සුසුමාරොව සළති, කිං විපාකො භවිස‍්සති.

“පෘථිවිය වෘෂභයෙකු මෙන් නාද කරයි. සිංහයකු මෙන් ශබ්ද පවත්වයි. සුංසුමාර නම් ජලජ මත්සයා මෙන් සැලෙයි. මෙහි ප්‍රතිඵල කවරේද?”යි ඇසූහ.

“යං පකිත‍්තෙමි සම‍්බුද‍්ධං, සිකතාථූපසන‍්තිකෙ; සො දානි භගවා සත්‍ථා, මාතුකුච‍්ඡිමුපාගමි.

“වැලි සෑයෙහි යම් බුදුවරයෙකු පිදුවෙම් ද ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් මවුකුසට එළඹියේය” යනුවෙන් පිළිතුරු දුන් මා ධර්ම කථා පවත්වා, මහාමුනි බුදුපියාණන් වහන්සේට ප්‍රශංසා කර, සිසුන් යවා පලක් බැඳ ගත්තෙමි.

“තෙසං ධම‍්මකථං වත්‍වා, කිත‍්තයිත්‍වා මහාමුනිං; උය්‍යොජෙත්‍වා සකෙ සිස‍්සෙ, පල‍්ලඞ‍්කමාභුජිං අහං.

“බලඤ‍්ච වත මෙ ඛීණං, බ්‍යාධිනා පරමෙන තං; බුද‍්ධසෙට‍්ඨං සරිත්‍වාන, තත්‍ථ කාලඞ‍්කතො අහං.

එකල මගේ කාය බලය ක්‍ෂය විය. බලවත් ව්‍යාධියකින් මම පීඩාවීමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් සිහිකරමින්ම මම කළුරිය කළෙමි.

“සබ‍්බෙ සිස‍්සා සමාගන‍්ත්‍වා, අකංසු චිතකං තදා; කළෙවරඤ‍්ච මෙ ගය‍්හ, චිතකං අභිරොපයුං.

ශිෂ්‍යයෝ රැස්ව සෑයක් සාදා මගේ දේහය ඊට නැංවූහ.

“චිතකං පරිවාරෙත්‍වා, සීසෙ කත්‍වාන අඤ‍්ජලිං; සොකසල‍්ලපරෙතා තෙ, වික‍්කන්‍දිංසු සමාගතා.

හිස ඇඳිලි බැඳ සෑය පිරිවරා ගත් ඔවුහු ශෝකයෙන් පීඩිතව හැඬූහ.

“තෙසං ලාලප‍්පමානානං, අගමං චිතකං තදා; අහං ආචරියො තුම‍්හං, මා සොචිත්‍ථ සුමෙධසා.

ඔවුන් විලාප දෙමින් හඬද්දී දෙව්ලොව උපන් මා ඔවුන් වෙත ගියෙමි. “මම තොපගේ ගුරුවරයා වෙමි. ශෝක නොකරවු.

“සදත්‍ථෙ වායමෙය්‍යාථ, රත‍්තින්‍දිවමතන්‍දිතා; මා වො පමත‍්තා අහුත්‍ථ, ඛණො වො පටිපාදිතො.

මනා නුවණින් යුතුව දිවා රෑ දෙක්හි අනලස් ව ස්වාර්ථයෙහිම උත්සාහ කරවු. අප්‍රමාදී වුවහොත් තොපට ක්‍ෂණ සම්පත්තිය ලැබී ඇත.”

“සකෙ සිස‍්සෙනුසාසිත්‍වා, දෙවලොකං පුනාගමිං; අට‍්ඨාරස ච කප‍්පානි, දෙවලොකෙ රමාමහං.

මෙසේ සිසුන්ට පවසා දෙව්ලොව ගිය මම එහි දහ අට කල්පයක් විසුවෙමි.

“සතානං පඤ‍්චක‍්ඛත‍්තුඤ‍්ච, චක‍්කවත‍්තී අහොසහං; අනෙකසතක‍්ඛත‍්තුඤ‍්ච, දෙවරජ‍්ජමකාරයිං.

සක්විතිව පන්සිය වරක් උපන් මම සිය වාරයක් දේවරාජව උපන්නෙමි.

“අවසෙසෙසු කප‍්පෙසු, වොකිණ‍්ණො සංසරිං අහං; දුග‍්ගතිං නාභිජානාමි, උප‍්පාදස‍්ස ඉදං ඵලං.

දෙව් මිනිස් දෙගතියෙහි පමණක් සැරි සැරූ මම දුගතියකට නොගියෙමි. වැලි සෑය පිදීමෙහි විපාක මෙබඳුය.

“යථා කොමුදිකෙ මාසෙ, බහූ පුප‍්ඵන‍්ති පාදපා; තථෙවාහම‍්පි සමයෙ, පුප‍්ඵිතොම‍්හි මහෙසිනා.

ඉල් මාසයේ බොහෝ වෘක්‍ෂවල මල් පිපෙන්නාක් මෙන් මහර්ෂී වූ බුදුරජාණන් වහන්සේ විසින් මම පුබුදුවන ලද්දෙමි.

“වීරියං මෙ ධුරධොරය‍්හං, යොගක‍්ඛෙමාධිවාහනං; නාගොව බන්‍ධනං ඡෙත්‍වා, විහරාමි අනාසවො.

යෝගක්‍ෂේම නම් නිවණටම මා ගෙන යන ධුර වාහනය නම් වීර්යයයි. ඇත් රජෙකු මෙන් බැඳුම් සිඳී මා අනාශ්‍රමව වෙසෙමි.

“සතසහස‍්සිතො කප‍්පෙ, යං බුද‍්ධමභිකිත‍්තයිං; දුග‍්ගතිං නාභිජානාමි, කිත‍්තනාය ඉදං ඵලං.

මීට කල්ප ලක්‍ෂයකට පෙර බුදුගුණ පැවසූයෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

ඡළභිඤ‍්ඤඤ‍්හි සමානං ආයස‍්මන‍්තං සිරිමත්‍ථෙරං “අරියො”ති අජානන‍්තා පුථුජ‍්ජනා භික‍්ඛූ සාමණෙරා ච අප‍්පලාභිතාය ලොකස‍්ස අනභිගතභාවෙන අසම‍්භාවෙන‍්තා යංකිඤ‍්චි කථෙත්‍වා ගරහන‍්ති. සිරිවඩ‍්ඪත්‍ථෙරං පන පච‍්චයානං ලාභිභාවෙන ලොකස‍්ස සක‍්කතගරුකතභාවතො සම‍්භාවෙන‍්තා පසංසන‍්ති. ථෙරො “අවණ‍්ණාරහස‍්ස නාම වණ‍්ණභණනං, වණ‍්ණාරහස‍්ස ච අවණ‍්ණභණනං අස‍්ස පුථුජ‍්ජනභාවස‍්ස දොසො”ති පුථුජ‍්ජනභාවඤ‍්ච ගරහන‍්තො –

ෂඩ්භිඥා ලාභී ආයුෂ්මත් සිරිම තෙරුන් ‘ආර්යයෙකි’යි නොදන්නා පුහුදුන් භික්‍ෂූහු ද සාමණේරවරු ද අල්ප ලාභ ඇති බැවින් ද ලෝකයාගේ ගරු කිරීම් නොලැබූ බැවින් ද අගරු කරන්නාහු යම් කිසිවක් කියා ගරහති. සිරිවඩ්ඪ තෙරුන්ට ප්‍රත්‍ය ලැබෙන බැවින් සහ ලෝකයා සත්කාර සම්මාන කරන බැවින් උන්වහන්සේලා නිතර පසසති. සිරිම තෙරණුවෝ මෙය දැක “නුසුදුස්සාට ප්‍රශංසා කිරීමත් සුදුස්සාට ගැරහීමත් යන මේ දෙක පුහුදුන් බවේ ලක්‍ෂණ වේ” යැයි පුහුදුන් බවට ගරහමින් මේ ගාථා දෙක වදාළහ.

“පරෙ ච නං පසංසන‍්ති, අත‍්තා චෙ අසමාහිතො; මොඝං පරෙ පසංසන‍්ති, අත‍්තා හි අසමාහිතො.

“පරෙ ච නං පසංසන්තී - අත්තා චෙ අසමාහිතො, මොඝං පරෙ පසංසන්තී - අත්තාහි අසමාහිතො”

“පරෙ ච නං ගරහන‍්ති, අත‍්තා චෙ සුසමාහිතො; මොඝං පරෙ ගරහන‍්ති, අත‍්තා හි සුසමාහිතො”ති. – ගාථාද‍්වයමභාසි.

“පරෙච නං ගරහන්තී - අත්තා චෙ සුසමාහිතො, මොඝං පරෙ ගරහන්තී - අත්තා හි සුසමාහිතො”

තත්‍ථ පරෙති අත‍්තතො අඤ‍්ඤෙ පරෙ නාම, ඉධ පන පණ‍්ඩිතෙහි අඤ‍්ඤෙ බාලා පරෙති අධිප‍්පෙතා. තෙසඤ‍්හි අජානිත්‍වා අපරියොගාහෙත්‍වා භාසනතො ගරහා විය පසංසාපි අප‍්පමාණභූතා. නන‍්ති නං පුග‍්ගලං. පසංසන‍්තීති අවිද‍්දසුභාවෙන තණ‍්හාවිපන‍්නතාය වා, අථ වා අභූතංයෙව පුග‍්ගලං “අසුකො භික‍්ඛු ඣානලාභී, අරියො”ති වා අභූතගුණරොපනෙන කිත‍්තෙන‍්ති අභිත්‍ථවන‍්ති. යො පනෙත්‍ථ ච-සද‍්දො, සො අත‍්තූපනයත්‍ථො. තෙන පරෙ නං පුග‍්ගලං පසංසන‍්ති ච, තඤ‍්ච ඛො තෙසං පසංසනමත‍්තං, න පන තස‍්මිං පසංසාය වත්‍ථු අත්‍ථීති ඉමමත්‍ථං දස‍්සෙති. අත‍්තා චෙ අසමාහිතොති යං පුග‍්ගලං පරෙ පසංසන‍්ති, සො චෙ සයං අසමාහිතො මග‍්ගසමාධිනා ඵලසමාධිනා උපචාරප‍්පනාසමාධිමත‍්තෙනෙව වා න සමාහිතො, සමාධානස‍්ස පටිපක‍්ඛභූතානං කිලෙසානං අප‍්පහීනත‍්තා වික‍්ඛිත‍්තො විබ‍්භන‍්තචිත‍්තො හොති චෙති අත්‍ථො. “අසමාහිතො”ති ච එතෙන සමාධිනිමිත‍්තානං ගුණානං අභාවං දස‍්සෙති. මොඝන‍්ති භාවනපුංසකනිද‍්දෙසො “විසමං චන්‍දිමසූරියා පරිවත‍්තන‍්තී”තිආදීසු විය. පරෙ පසංසන‍්තීති යෙ තං අසමාහිතං පුග‍්ගලං පසංසන‍්ති, තෙ මොඝං මුධා අමූලකං පසංසන‍්ති. කස‍්මා? අත‍්තා හි අසමාහිතො යස‍්මා තස‍්ස පුග‍්ගලස‍්ස චිත‍්තං අසමාහිතං, තස‍්මාති අත්‍ථො.

එහි “පරෙ” තමාගෙන් අන්‍යවූවෝ “පර” (පරෙ) නම් වෙති. මෙහිදී පණ්ඩිත වූ ආර්යයන්ගෙන් අන්‍ය වූ මෝඩයෝ “පරෙ” යනුවෙන් අදහස් කරන ලදි. ඔවුහු නොදන්නා බැවින්, සම්පූර්ණයෙන් කරුණු අවබෝධ නොකළ බැවින් ගැරහිය යුත්තාට අප්‍රමාණය පසසති. “පසංසන්ති” අදක්ෂ බැවින් ද තණ්හා වසඟ වූ බැවින් ද බොරු - වංචාකාරයන්ටම “අසුවල් භික්‍ෂුව ධ්‍යාන ලාභියෙකි”යි අසත්‍ය ගුණ ආරෝපණය කිරීමෙන්, ප්‍රකට කිරීමෙන් ස්තූති කරති. යමෙකු දොස් සහිත ද ඉන්ද්‍රිය ධනයක්, සන්සිඳීමක් නොමැති ද පුහුදුන් ජනයා එබඳු පුද්ගලයාම පසසති. අගයති. ඒ පැසසීම හිස් වූවකි. එම පැසසීම්වලින් ප්‍රයෝජනයක් නැති බව මෙසේ පවසති. “අත්තා චෙ අසමාහිතො” අනුන්ගේ පැසසුම් ලබන අසමාහිත වූ මාර්ග සමාධියෙන් හෝ ඵලසමාධියෙන් හෝ උපචාර, අර්පණා සමාධියෙන් හෝ නොසන්සිඳුණු එම පුද්ගලයා, සන්සිඳීමට සමාහිත බවට විරුද්ධ වූ කෙලෙස් ප්‍රහීණ නොකළ බැවින් වික්‍ෂිප්ත බවට පත් වේ. සිවුරු හැර යන බවට පත් වේ. “අසමාහිත වූ” යන්නෙන් සමාධි නිමිති කරගත් ආර්ය ගුණ රහිත බව දක්වයි. “මොඝං” භාව නපුංසක නිර්දේශයකි. ‘විෂමව සඳහිරු පෙරළේ” යන තැන යෙදුණු “විසමං” පදය මෙනි. “පරෙ පසංසන්තී” යමෙක් අසමාහිත පුද්ගලයාට පසසත් ද ඔවුහු මෝඝයෝය. මුග්ධයෝය. බොරුවෙන් ප්‍රශංසා කරති. කුමක් හෙයින් ද? තමා ද අසමාහිත බැවිනි. ඒ පුද්ගලයාගේ සිත ද අසමාහිත බැවිනි.

දුතියගාථායං ගරහන‍්තීති අත‍්තනො අවිද‍්දසුභාවෙන දොසන‍්තරාය වා අරියං ඣානලාභිඤ‍්ච සමානං “අසුකො භික‍්ඛු ජාගරියං නානුයුඤ‍්ජති අන‍්තමසො ගොදුහනමත‍්තම‍්පි කාලං කෙවලං කායදළ‍්හිබහුලො නිද‍්දාරාමො භස‍්සාරාමො සඞ‍්ගණිකාරාමො විහරතී”තිආදිනා අප‍්පටිපජ‍්ජමානතාවිභාවනෙන වා ගුණපරිධංසනෙන වා ගරහන‍්ති නින්‍දන‍්ති, උපක‍්කොසන‍්ති වාති අත්‍ථො. සෙසං පඨමගාථාය වුත‍්තපරියායෙන වෙදිතබ‍්බං. එවං ථෙරෙන ඉමාහි ගාථාහි අත‍්තනො නික‍්කිලෙසභාවෙ සිරිවඩ‍්ඪස‍්ස ච සකිලෙසභාවෙ පකාසිතෙ තං සුත්‍වා සිරිවඩ‍්ඪො සංවෙගජාතො විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව සදත්‍ථං පරිපූරෙසි, ගරහකපුග‍්ගලා ච ථෙරං ඛමාපෙසුං.

දෙවන ගාථාවේ “ගරහන්ති” යනු තමාගේ අදක්‍ෂ බව නිසා මෝඩ ජනයෝ දොස් රහිත, ආර්ය ධ්‍යානලාභී වූ සමාහිත වූ භික්‍ෂුව දැක; “අසුවල් භික්‍ෂුව නිදි වැරීමෙහි නොයෙදේ. යටත් පිරිසෙන් ගඩුවක්, පිලිකාවක් නසන පමණක් වූ කාලයක්වත් නිදි නොමරයි. හුදෙක් කය වැඩීමෙහි ම නිරත වෙමින් නිදා ගැනීම, නන් දෙඩවීම, සමූහ සාකච්ඡාවලින්ම කල් ගෙවයි” යනුවෙන් නොපිළිපදින දේ ප්‍රකට වීමෙන් උන්වහන්සේ ගරහති. නින්දා කරති. ආක්‍රෝශ පරිභව කරති. ඉතිරි පදයන්ගේ අර්ථ පළමු ගාථාවේ දැක්වූ පරිදිම දත යුතුයි. මෙසේ සිරිම තෙරණුවෝ තම ගාථාවලින් තමන් වහන්සේගේ නිකෙලෙස් භාවයත්, සිරිවඩ්ඪ තෙරුන්ගේ සකෙලෙස් බවත් ප්‍රකාශ කළ කල්හි, සංවේගයට පත් සිරිවඩ්ඪ තෙරුන් විදසුන් භාවනාවෙහි සිත පිහිටුවා නොබෝ දිනකින්ම ස්වාර්ථ සාධනය කර ගත්තේය. ගැරහූ තෙරවරු සිරිම තෙරුන්ගෙන් සමා ගත්හ.

සිරිමත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සිරිම ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

දුතියවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

දුක නිපාතයේ දෙවන වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.