යෙදුමෙන් කියවන්න

උත‍්තරත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

උත‍්තරත්‍ථෙරගාථාවණ‍්ණනා

උත්තර ස්ථවිරගාථා වර්ණනාව

ඛන්‍ධා මයා පරිඤ‍්ඤාතාති ආයස‍්මතො උත‍්තරත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තො ඉතො චතුනවුතෙ කප‍්පෙ සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සාසනෙ ලද‍්ධප‍්පසාදො හුත්‍වා උපාසකත‍්තං පටිවෙදෙසි. සො සත්‍ථරි පරිනිබ‍්බුතෙ අත‍්තනො ඤාතකෙ සන‍්නිපාතෙත්‍වා බහුං පූජාසක‍්කාරං සම‍්භරිත්‍වා ධාතුපූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාකෙතෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා උත‍්තරොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො කෙනචිදෙව කරණීයෙන සාවත්‍ථිං ගතො කණ‍්ඩම‍්බමූලෙ කතං යමකපාටිහාරියං දිස‍්වා පසීදිත්‍වා පුන කාළකාරාමසුත‍්තදෙසනාය (අ· නි· 4.24) අභිවඩ‍්ඪමානසද‍්ධො පබ‍්බජිත්‍වා සත්‍ථාරා සද‍්ධිං රාජගහං ගන‍්ත්‍වා උපසම‍්පජ‍්ජිත්‍වා තත්‍ථෙව වසන‍්තො විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.49.106-110) –

“ඛන්‍ධා මයා පරිඤ්ඤාතා” යන ගාථා දෙක ආයුෂ්මත් උත්තර තෙරණුවෝ වදාළහ. ඒවායේ උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කළ පැතුම් ඇති උන්වහන්සේ ද සසර ඒ ඒ භවයන්හි දී කුසල් රැස් කරගනිමින් නිවන් පතාගෙන අවුත්, මෙයින් කල්ප අනූ දෙකකට පෙර පහළ වූ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ සිටු ගෙයක උපන්හ. තරුණ වියටපත් සිටුතෙම බුදු සසුනේ පැහැදී උපාසකයකුව උපස්ථාන කළේය. බුදුහු පිරිනිවි කල්හි තම ඤාතීන් පිරිවරාගෙන අවුත්, බොහෝ පූජා ද්‍රව්‍ය රැස්කර ධාතු පූජා පැවැත්වූහ. ඒ පින්කම නිසා දෙව් මිනිස් දෙගතියෙහි සැරි සැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේ දී සාකේත නුවර බමුණු පවුලක ඉපිද “උත්තර” නමින් ප්‍රකට විය. තරුණ වියපත් උත්තර බමුණා දිනක් කිසියම් කටයුත්තකට සැවැත් නුවරට ගියේ ගණ්ඩම්බ රුක් මුල පැවැත්වූ යමක මහා ප්‍රාතිහාර්ය දුටුවේය. නැවත කාලාකාරාම සූත්‍ර දේශනාව අසා වර්ධනය වූ ශ්‍රද්ධාව ඇති ඔහු සසුනේ පැවිදි විය. ශාස්තෲන් වහන්සේ සමග රජගහ නුවරට වැඩම වූ උත්තර තෙරුන් එහිදී උපසපන්ව, රජගහ නුවරම වෙසෙමින් විදසුනෙහි සිත පිහිටුවා නොබෝ කලකින්ම ෂඩ් අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත් විය. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ වදාළහ.

“නිබ‍්බුතෙ ලොකනාථම‍්හි, සිද‍්ධත්‍ථෙ ලොකනායකෙ; මම ඤාතී සමානෙත්‍වා, ධාතුපූජං අකාසහං.

“ලොවට එකම පිහිටවූ සිද්ධත්‍ථ ලෝක නායකයන් වහන්සේ පිරිනිවි කල්හි මගේ ඤාතීන් කැඳවා උතුම් ධාතු පූජාවක් මම කරවූයෙමි.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, යං ධාතුමභිපූජයිං; දුග‍්ගතිං නාභිජානාමි, ධාතුපූජායිදං ඵලං.

මෙයින් කල්ප අනූ හතරකට පෙර යම් ධාතු පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. ධාතු පූජාවේ විපාක මෙබඳු ය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.

ඡළභිඤ‍්ඤො පන හුත්‍වා සත්‍ථරි සාවත්‍ථියං විහරන‍්තෙ බුද‍්ධුපට‍්ඨානත්‍ථං රාජගහතො සාවත්‍ථිං උපගතො භික‍්ඛූහි “කිං, ආවුසො, පබ‍්බජ‍්ජාකිච‍්චං තයා මත්‍ථකං පාපිත”න‍්ති පුට‍්ඨො අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

ෂඩ් අභිඥාලාභීව සැවැත් නුවර ශාස්තෲන් වහන්සේ සමග වෙසෙන උත්තර තෙරුන්ගෙන්, රජගහ නුවර සිට සැවැත් නුවරට බුද්ධෝපස්ථානය සඳහා පැමිණි භික්‍ෂූහු මෙසේ විමසූහ. “ඇවැත්නි! කිම නුඹ පැවිද්දෙහි කටයුතු මස්තකප්‍රාප්ත කරගත්තෙහිද?” එවිට තම රහත්භාවය ප්‍රකාශ කරන උත්තර තෙරණුවෝ මේ ගාථා දෙක වදාළහ.

“ඛන්‍ධා මයා පරිඤ‍්ඤාතා, තණ‍්හා මෙ සුසමූහතා; භාවිතා මම බොජ‍්ඣඞ‍්ගා, පත‍්තො මෙ ආසවක‍්ඛයො.

“ඛන්‍ධා මයා පරිඤ්ඤාතා, තණ්හා මෙ සුසමූහතා, භාවිතා මම බොජ්ඣඞ්ගා, පත්තො මෙ ආසවක්ඛයො”

“සොහං ඛන්‍ධෙ පරිඤ‍්ඤාය, අබ‍්බහිත්‍වාන ජාලිනිං; භාවයිත්‍වාන බොජ‍්ඣඞ‍්ගෙ, නිබ‍්බායිස‍්සං අනාසවො”ති. – ගාථාද‍්වයං අභාසි;

“යොහං ඛන්‍ධෙ පරිඤ්ඤාය අබ්බූහිත්‍වාන ජාලිනිං, භාවයිත්‍වාන බොජ්ඣඞ්ගෙ නිබ්බායිස්සං අනාසවො”

තත්‍ථ ඛන්‍ධාති පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා. පරිඤ‍්ඤාතාති “ඉදං දුක‍්ඛං, න ඉතො භිය්‍යො”ති පරිච‍්ඡිජ‍්ජ ඤාතා භාවිතා. තෙන දුක‍්ඛස‍්ස අරියසච‍්චස‍්ස පරිඤ‍්ඤාභිසමයමාහ. තණ‍්හාති තසති පරිතසතීති තණ‍්හා. සුසමූහතාති සමුග‍්ඝාටිතා. එතෙන සමුදයසච‍්චස‍්ස පහානාභිසමයං වදති. භාවිතා මම බොජ‍්ඣඞ‍්ගාති බොධිසඞ‍්ඛාතාය සතිආදිධම‍්මසාමග‍්ගියා, තංසමඞ‍්ගිනො වා බොධිසඞ‍්ඛාතස‍්ස අරියපුග‍්ගලස‍්ස අඞ‍්ගාති බොජ‍්ඣඞ‍්ගා. සතිධම‍්මවිචයවීරියපීතිපස‍්සද‍්ධිසමාධිඋපෙක‍්ඛාසඞ‍්ඛාතා මග‍්ගපරියාපන‍්නා ධම‍්මා මයා භාවිතා උප‍්පාදිතා වඩ‍්ඪිතා. බොජ‍්ඣඞ‍්ගග‍්ගහණෙනෙව චෙත්‍ථ තංසහචරිතතාය සබ‍්බෙ මග‍්ගධම‍්මා, සබ‍්බෙ ච බොධිපක‍්ඛියධම‍්මා ගහිතාති දට‍්ඨබ‍්බා. එතෙනෙව මග‍්ගසච‍්චස‍්ස භාවනාභිසමයං දස‍්සෙති. පත‍්තො මෙ ආසවක‍්ඛයොති කාමාසවාදයො ආසවා ඛීයන‍්ති එත්‍ථාති ආසවක‍්ඛයොති ලද‍්ධනාමො අසඞ‍්ඛතධම‍්මො මයා පත‍්තො අධිගතො. එතෙන නිරොධසච‍්චස‍්ස සච‍්ඡිකිරියාභිසමයං කථෙති. එත‍්තාවතා අත‍්තනො සඋපාදිසෙසනිබ‍්බානසම‍්පත‍්තිං දස‍්සෙති.

එහි “ඛන්‍ධා” යනු පඤ්චස්කන්‍ධයෝය. “පරිඤ්ඤාතා” “මෙය දුක වේ. මෙයින් අන්‍යවූවක් නැතැ”යි පිරිසිඳ දැන ගත්තෙමි. එයින් දුක්ඛාර්ය සත්‍යයේ පිරිසිඳ දැනීම පවසන ලදි. “තණ්හා” ආශා කරයි. (තසති) වඩාත් ආශා කරයි යනු තණ්හාවයි. “සුසමූහතා” මනාව උදුරා දමන ලදි. මෙම වැකියෙන් සමුදය සත්‍යය ප්‍රහාණය කරන ලද බව දක්වයි. “භාවිතා මම බොජ්ඣඞ්ගා” “බෝධි” නම් වූ සති ආදී ධර්මයන්ගෙන් යුක්තවීම නිසා හෝ බෝධි නම් වූ ආර්ය පුද්ගලයාගේ අංග බැවින් බොජ්ඣංග නම් වූ - සතිය, ධම්ම විචය, විරිය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය හා උපේක්‍ෂාව යන ආර්ය මාර්ගයට අයත් ධර්ම මවිසින් වඩන ලදි. උපදවන ලදි. භාවිත කරන ලදි. මෙහිදී බොජ්ඣංග නාමයෙන් ඒ හා සමගම සියලු මාර්ග ධර්ම ද සියලු බෝධි පාක්‍ෂික ධර්ම ද අදහස් කරන ලදැයි දත යුතුයි. මේ වැකියෙන් මාර්ග සත්‍යය වැඩීම දක්වයි. “පත්තො මෙ ආසවක්ඛයො” කාමාශ්‍රවාදී ආශ්‍රව ක්‍ෂය කිරීම, “ආශ්‍රවක්‍ෂය” නම් වේ. ආශ්‍රවක්‍ෂය නම් අසංකත ධර්‍මයට, නිවණට මම පැමිණියෙමි, නිවණ අවබෝධ කළෙමි. මෙයින් නිරෝධ සත්‍යය සාක්‍ෂාත් කරගැනීම අදහස් කරයි. මෙපමණකින් තමන් වහන්සේගේ සෝපාදිසේස නිර්වාණ ධාතුවට සමවැදි බව දක්වයි.

ඉදානි පන අනුපාදිසෙසනිබ‍්බානසම‍්පත‍්තිං දස‍්සෙන‍්තො “සොහ”න‍්තිආදිනා දුතියං ගාථමාහ. තස‍්සත්‍ථො – සොහං එවං වුත‍්තනයෙන ඛන්‍ධෙ පරිඤ‍්ඤාය පරිජානිත්‍වා, තථා පරිජානන‍්තො එව සකඅත‍්තභාවපරඅත‍්තභාවෙසු අජ‍්ඣත‍්තිකබාහිරායතනෙසු අතීතාදිභෙදභින‍්නෙසු සංසිබ‍්බනාකාරං පුනප‍්පුනං පවත‍්තිසඞ‍්ඛාතං ජාලං එතස‍්ස අත්‍ථීති ජාලිනීති ලද‍්ධනාමං තණ‍්හං අබ‍්බහිත්‍වාන මම චිත‍්තසන‍්තානතො උද‍්ධරිත්‍වා, තථා නං උද‍්ධරන‍්තොයෙව වුත‍්තප‍්පභෙදෙ බොජ‍්ඣඞ‍්ගෙ භාවයිත්‍වාන තෙ භාවනාපාරිපූරිං පාපෙත්‍වා තතො එව අනාසවො හුත්‍වා ඨිතො ඉදානි චරිමකචිත‍්තනිරොධෙන අනුපාදානො විය ජාතවෙදො නිබ‍්බායිස‍්සං පරිනිබ‍්බායිස‍්සාමීති.

දැන් අනුපාදිසේස නිර්වාණ සම්පත්තිය ද තමාට ඇති බව දෙවන ගාථාවෙන් පවසයි. “යොහං” ඒ මම, මෙසේ ඉහත පැවසූ ලෙස පස්කඳ මැනවින් දැන, එසේ තත්ත්වාකාරාවබෝධයෙන් සිය අත්බවට, පර අත්බවට අයත් ආධ්‍යාත්මික හා බාහිර වු සෑම දෙයක් පිළිබඳවම ඇති, අතීත-අනාගතාදී භේද ඇති නැවත නැවත මහන්නා වූ ආකාර ඇති - නැවත නැවත උපදිමින් මැරෙන කාරණයට හේතුවූ දැලක් වැනි හෙයින් “ජාලිනී” නම් තණ්හාව මාගේ සිතින් උපුටා දමා මම මැඩලූයෙමි. එසේ මැඩලූ මගේ සිතේ බොජ්ඣංග ධර්ම වැඩුවෙමි. ඒ ඉහත දැක්වූ ප්‍රභේද සහිත බොජ්ඣංග ධර්‍ම වඩා, එහි සම්පූර්ණත්වයට පත්වූයෙම් එහිදීම අනාශ්‍රව වූයෙමි. දැන් අවසන් වූ චුති සිත නිරුද්ධ වීමත් සමගම උපාදාන රහිත වූයෙම්, ගිනි සිළුවක් නිවී යන්නාක් මෙන් නිවෙමි. පිරිනිවෙන්නෙමි.

උත‍්තරත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

උත්තර ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.