යෙදුමෙන් කියවන්න

භද‍්දජිත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

භද‍්දජිත්‍ථෙරගාථාවණ‍්ණනා

භද්දජි ස්ථවිරගාථා වර්ණනාව

පනාදො නාම සො රාජාති ආයස‍්මතො භද‍්දජිත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො බ්‍රාහ‍්මණානං විජ‍්ජාසිප‍්පෙසු පාරං ගන‍්ත්‍වා කාමෙ පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අරඤ‍්ඤායතනෙ අස‍්සමං කාරෙත්‍වා වසන‍්තො එකදිවසං සත්‍ථාරං ආකාසෙන ගච‍්ඡන‍්තං දිස‍්වා පසන‍්නමානසො අඤ‍්ජලිං පග‍්ගය‍්හ අට‍්ඨාසි. සත්‍ථා තස‍්ස අජ‍්ඣාසයං ඤත්‍වා ආකාසතො ඔතරි. ඔතිණ‍්ණස‍්ස පන භගවතො මධුඤ‍්ච භිසමුළාලඤ‍්ච සප‍්පිඤ‍්ච ඛීරඤ‍්ච උපනාමෙසි, තස‍්ස තං භගවා අනුකම‍්පං උපාදාය පටිග‍්ගහෙත්‍වා අනුමොදනං වත්‍වා පක‍්කාමි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන තුසිතෙ නිබ‍්බත‍්තො තත්‍ථ යාවතායුකං ඨත්‍වා තතො අපරාපරං සුගතීසුයෙව සංසරන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ මහද‍්ධනො සෙට‍්ඨි හුත්‍වා අට‍්ඨසට‍්ඨිභික‍්ඛුසහස‍්සං භොජෙත්‍වා තිචීවරෙන අච‍්ඡාදෙසි.

“පනාදො නාම සො රාජා” යනු ආයුෂ්මත් භද්දජි තෙරුන්ගේ ගාථාවන් ය. එහි උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි බමුණු කුලයක ඉපිද වැඩිවියට පත්වූහ. බමුණු ශිල්ප ශාස්ත්‍රයන්හි පරතෙරට ගිය හෙතෙම, කාමුක සම්පත් හැරදමා තවුස් පැවිද්දෙන් පැවිදිව ආරණ්‍යයෙහි අසපුවක් සාදාගෙන වෙසේ. දිනක් ශාස්තෲන් වහන්සේ අහසින් වඩිනු දුටු එම තවුසා පහන් සිතින් ඇඳිලි බැඳගෙන සිටියේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ අදහස දැන අහසින් බැස වැඩ හිඳි සේක. එසේ වැඩසිටි භාග්‍යවතුන් වහන්සේට මිහිරි වූ මී පැණි ද නෙළුම් අල හා දඬු ද ගිතෙල් ද කිරි ද පිළිගැන්වූ පසු, එම තවුසාට අනුකම්පාවෙන් ඒවා පිළිගත් භාග්‍යවතුන් වහන්සේ පුණ්‍යානුමෝදනා කොට වැඩි සේක. ඒ පින්කම නිසා තුසිතයේ උපන් ඔහු, එහි පරමායුෂ විඳ නැවත කාම සුගති ලෝකවල ම උපදිමින් සසර සැරිසරා අවුත්, විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී මහධන සිටුවරයෙක් ව උපන්නේය. එකල හැට අට දාහක් භික්‍ෂූන්ට දානය පූජා කළ ඔහු තුන් සිවුරු පූජා කළේය.

එවං බහුං කුසලං කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා තත්‍ථ යාවතායුකං ඨත්‍වා තතො චවිත්‍වා මනුස‍්සෙසු උප‍්පන‍්නො බුද‍්ධසුඤ‍්ඤෙ ලොකෙ පඤ‍්ච පච‍්චෙකබුද‍්ධසතානි චතූහි පච‍්චයෙහි උපට‍්ඨහිත්‍වා තතො චුතො රාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා රජ‍්ජං අනුසාසන‍්තො පුත‍්තං පච‍්චෙකබොධිං අධිගන‍්ත්‍වා ඨිතං උපට‍්ඨහිත්‍වා තස‍්ස පරිනිබ‍්බුතස‍්ස ධාතුයො ගහෙත්‍වා චෙතියං කත්‍වා පූජෙසි. එවං තත්‍ථ තත්‍ථ තානි පුඤ‍්ඤානි කත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ භද‍්දියනගරෙ අසීතිකොටිවිභවස‍්ස භද‍්දියසෙට‍්ඨිස‍්ස එකපුත‍්තකො හුත්‍වා නිබ‍්බත‍්ති, භද‍්දජීතිස‍්ස නාමං අහොසි. තස‍්ස කිර ඉස‍්සරියභොගපරිවාරාදිසම‍්පත‍්ති චරිමභවෙ බොධිසත‍්තස‍්ස විය අහොසි.

මෙසේ බොහෝ පින්දහම් කළ සිටුතුමා දෙව්ලොව ඉපදී ආයු කෙළවර දක්වා එහි සැප විඳ, බුද්ධ ශූන්‍ය කාලයක මනුලොව උපන්නේය. පසේ බුදුවරු පන්සීයකට සිවුපසයෙන් උපස්ථාන කළේය. ඉන් චුත ව රජ කුලයේ ඉපිද රාජ්‍ය කරන සමයෙහි තම පුතු පසේ බුදුවරයකු වූ කල්හි උන්වහන්සේට උපස්ථාන කළේය. උන්වහන්සේ පිරිනිවි කල්හි ධාතු ගෙන සෑයක් කරවා පූජා පැවැත්වීය. මෙසේ ඒ ඒ භවයන්හිදී නානා විධ පින්දහම් සිදුකරගත් හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී භද්දිය නුවර අසූ කෙළක් සම්පත් ඇති භද්දිය සිටුගේ එකම පුතු ව උපන්නේය. “භද්දජි” නමින් ප්‍රකට වූ එකුමරු ඉසුරු සම්පත්, පිරිවර හා භෝග සම්පත් ලබාගෙන අවසන් ආත්මභාවය ගෙවන බෝසත්වරයකු මෙන් සැප වින්දේය.

තදා සත්‍ථා සාවත්‍ථියං වස‍්සං වසිත්‍වා භද‍්දජිකුමාරං සඞ‍්ගණ‍්හිතුං මහතා භික‍්ඛුසඞ‍්ඝෙන සද‍්ධිං භද‍්දියනගරං ගන‍්ත්‍වා ජාතියාවනෙ වසි තස‍්ස ඤාණපරිපාකං ආගමයමානො. සොපි උපරි පාසාදෙ නිසින‍්නො සීහපඤ‍්ජරං විවරිත්‍වා ඔලොකෙන‍්තො භගවතො සන‍්තිකෙ ධම‍්මං සොතුං ගච‍්ඡන‍්තං මහාජනං දිස‍්වා “කත්‍ථායං මහාජනො ගච‍්ඡතී”ති පුච‍්ඡිත්‍වා තං කාරණං සුත්‍වා සයම‍්පි මහතා පරිවාරෙන සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මං සුණන‍්තො සබ‍්බාභරණපටිමණ‍්ඩිතොව සබ‍්බකිලෙසෙ ඛෙපෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.56.98-116) –

එකල්හි ශාස්තෲන් වහන්සේ සැවතෙහි වස් වැස භද්දජි කුමරුට අනුග්‍රහ පිණිස මහත් වූ සඟ පිරිසක් පිරිවරා ගෙන භද්දිය නුවරට වැඩ ස්වාභාවික වන පෙතක විසූහ. කුමරුගේ නුවණ මුහුකුරා යෑම බලමින් මෙසේ වැඩ සිටින සමයේ, දිනක් මතු මහලෙහි සිටි ඔහු, සීමැදුරු කවුළුව හැර බලනුයේ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය ඇසීමට යන මහජනතාව දුටුවේය. “මේ ජනයා කොහි යන්නේ ද?”යි ඇසූ කුමරු ධර්මශ්‍රවණයට යන බව අසා, මහත් පිරිසක් පිරිවරාගෙන ධර්‍මශ්‍රවණයට බුදුන් වෙත ගියේය. ධර්මදේශනාවසානයෙහිදී සර්වාභරණයන්ගෙන් සැරසී සිටගෙන ම සියලු කෙලෙස් නසා රහත් බවට පත්විය. අපදාන පාළියේදී භද්දජි තෙරණුවෝ මෙසේ වදාළහ.

“ඔග‍්ගය‍්හ යං පොක‍්ඛරණිං, නානාකුඤ‍්ජරසෙවිතං; උද‍්ධරාමි භිසං තත්‍ථ, ඝාසහෙතු අහං තදා.

“එකල මම නානාවිධ හස්තීන් ඇසුරු කළ පොකුණකට බැස සාදුක නිසා නෙළඹු අල උදුරමි.

“භගවා තම‍්හි සමයෙ, පදුමුත‍්තරසව‍්හයො; රත‍්තම‍්බරධරො බුද‍්ධො, ගච‍්ඡතෙ අනිලඤ‍්ජසෙ.

එවිට කසට වස්ත්‍ර දරන්නා වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පාංශුකූල සිවුර කම්පා කරමින් අහසින් වැඩම කළ සේක. ඒ ශබ්දය ඇසූ මම උඩ බලන්නෙම්, ලෝක නායකයාණන් වහන්සේ දුටුවෙමි.

“ධුනන‍්තො පංසුකූලානි, සද‍්දං අස‍්සොසහං තදා; උද‍්ධං නිජ‍්ඣායමානොහං, අද‍්දසං ලොකනායකං.

“තත්‍ථෙව ඨිතකො සන‍්තො, ආයාචිං ලොකනායකං; මධුං භිසෙහි සහිතං, ඛීරං සප‍්පිං මුළාලිකං.

එහිම සිටි මම මෙසේ ආයාචනා කළෙමි. “මගේ නෙළඹු අල සහිත වූ මී ද කිරි ද ගිතෙල් ද නෙළඹු දැලි ද පසැස් ඇති බුදුරජාණන් වහන්සේ පිළිගනිත්වා”

“පටිග‍්ගණ‍්හාතු මෙ බුද‍්ධො, අනුකම‍්පාය චක‍්ඛුමා; තතො කාරුණිකො සත්‍ථා, ඔරොහිත්‍වා මහායසො.

“පටිග‍්ගණ‍්හි මමං භික‍්ඛං, අනුකම‍්පාය චක‍්ඛුමා; පටිග‍්ගහෙත්‍වා සම‍්බුද‍්ධො, අකා මෙ අනුමොදනං.

එය ඇසූ ඉතා කාරුණික වූ, මහත් යසස් ඇති සර්වඥයන් වහන්සේ මාගේ භික්‍ෂාව මා හට අනුකම්පාවෙන් පිළිගෙන පුණ්‍යානුමෝදනා කළ සේක.

“සුඛී හොතු මහාපුඤ‍්ඤ, ගති තුය‍්හං සමිජ‍්ඣතු; ඉමිනා භිසදානෙන, ලභස‍්සු විපුලං සුඛං.

“මහ පින්වත! සුවපත් වන්න. ඔබගේ ගතිය සමෘද්ධිමත් වේවා. මේ නෙළඹු අල දානය හේතුවෙන් මහත් සැප ලබත්වා.”

“ඉදං වත්‍වාන සම‍්බුද‍්ධො, ජලජුත‍්තමනාමකො; භික‍්ඛමාදාය සම‍්බුද‍්ධො, ආකාසෙනාගමා ජිනො.

පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරා අහසින් වැඩි සේක.

“තතො භිසං ගහෙත්‍වාන, ආගච‍්ඡිං මම අස‍්සමං; භිසං රුක‍්ඛෙ ලග‍්ගෙත්‍වාන, මම දානං අනුස‍්සරිං.

ඉක්බිති මම නෙළුඹු අල ගෙන මගේ අසපුවට පැමිණ, ඒවා ගසක එල්ලා මාගේ දානය පිළිබඳව සිහිකළෙමි.

“මහාවාතො උට‍්ඨහිත්‍වා, සඤ‍්චාලෙසි වනං තදා; ආකාසො අභිනාදිත්‍ථ, අසනී ච ඵලී තදා.

එවිට මහා වාතයක් නැඟී වනය කම්පා කළේය. හෙණ පුපුරමින් අහස ගිගිරුම් දුණි.

“තතො මෙ අසනීපාතො, මත්‍ථකෙ නිපතී තදා; සොහං නිසින‍්නකො සන‍්තො, තත්‍ථ කාලඞ‍්කතො අහං.

එවිට ම හෙණ පහරක් මගේ හිස මත වැටුණේය. ඉන් හළු වූ මම කළුරිය කොට, පින්කම පිළිබඳවම සිතූ බැවින් තුසී දෙව්ලොව උපන්නෙමි. සිරුර හැර දැමූ මම දෙව් සැපයෙහි සතුටුවීමි.

“පුඤ‍්ඤකම‍්මෙන සඤ‍්ඤුත‍්තො, තුසිතං උපපජ‍්ජහං; කළෙවරං මෙ පතිතං, දෙවලොකෙ රමාමහං.

“ඡළසීතිසහස‍්සානි, නාරියො සමලඞ‍්කතා; සායං පාතං උපට‍්ඨන‍්ති, භිසදානස‍්සිදං ඵලං.

මනාව සැරසුණු අසූහයදාහක් ස්ත්‍රීහු උදේ සවස මට උවටැන් කරති.

“මනුස‍්සයොනිමාගන‍්ත්‍වා, සුඛිතො හොමහං තදා; භොගෙ මෙ ඌනතා නත්‍ථි, භිසදානස‍්සිදං ඵලං.

මිනිසත් බව ලද මම සැමදා සුව වින්දෙමි. මාගේ භෝග අඩු නොවිණි.

“අනුකම‍්පිතකො තෙන, දෙවදෙවෙන තාදිනා; සබ‍්බාසවා පරික‍්ඛීණා, නත්‍ථි දානි පුනබ‍්භවො.

තාදී ගුණැති ඒ දේවාතිදේව වූ බුදුපියාණන් වහන්සේ විසින් අනුකම්පා කරන ලද මම සියලු ආශ්‍රව ක්‍ෂය කළෙමි. දැන් නැවත ඉපදීමක් මට නැත.

“සතසහස‍්සිතො කප‍්පෙ, යං භිසං අදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, භිසදානස‍්සිදං ඵලං.

මීට කල්ප ලක්‍ෂයකට පෙර යම් භික්‍ෂාවක් දුන්නෙම් ද එහි විපාක ලෙස දුගතියක නූපන්නෙමි. නෙළඹු දානයෙහි විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තෙ පන තෙන අධිගතෙ සත්‍ථා භද‍්දියසෙට‍්ඨිං ආමන‍්තෙසි – “තව පුත‍්තො අලඞ‍්කතපටියත‍්තො ධම‍්මං සුණන‍්තො අරහත‍්තෙ පතිට‍්ඨාසි, තෙනස‍්ස ඉදානෙව පබ‍්බජිතුං යුත‍්තං, නො චෙ පබ‍්බජති, පරිනිබ‍්බායිස‍්සතී”ති. සෙට‍්ඨි “න මය‍්හං පුත‍්තස‍්ස දහරස‍්සෙව සතො පරිනිබ‍්බානෙන කිච‍්චං අත්‍ථි, පබ‍්බාජෙථ න”න‍්ති ආහ. තං සත්‍ථා පබ‍්බාජෙත්‍වා උපසම‍්පාදෙත්‍වා තත්‍ථ සත‍්තාහං වසිත්‍වා කොටිගාමං පාපුණි, සො ච ගාමො ගඞ‍්ගාතීරෙ. කොටිගාමවාසිනො බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස මහාදානං පවත‍්තෙසුං. භද‍්දජිත්‍ථෙරො සත්‍ථාරා අනුමොදනාය ආරද‍්ධමත‍්තාය බහිගාමං ගන‍්ත්‍වා “ගඞ‍්ගාතීරෙ මග‍්ගසමීපෙ සත්‍ථු ආගතකාලෙ වුට‍්ඨහිස‍්සාමී”ති සමාපත‍්තිං සමාපජ‍්ජිත්‍වා නිසීදි. මහාථෙරෙසු ආගච‍්ඡන‍්තෙසුපි අවුට‍්ඨහිත්‍වා සත්‍ථු ආගතකාලෙයෙව වුට‍්ඨහි. පුථුජ‍්ජනභික‍්ඛූ, “අයං අධුනා පබ‍්බජිතො මහාථෙරෙසු ආගච‍්ඡන‍්තෙසු මානත්‍ථද‍්ධො හුත්‍වා න වුට‍්ඨාසී”ති උජ‍්ඣායිංසු. කොටිගාමවාසිනො සත්‍ථු භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච බහූ නාවාසඞ‍්ඝාටෙ බන්‍ධිංසු, සත්‍ථා “හන්‍දස‍්ස ආනුභාවං පකාසෙමී”ති නාවාසඞ‍්ඝාටෙ ඨත්‍වා, “කහං, භද‍්දජී”ති පුච‍්ඡි. භද‍්දජිත්‍ථෙරො “එසොහං, භන‍්තෙ”ති සත්‍ථාරං උපසඞ‍්කමිත්‍වා අඤ‍්ජලිං කත්‍වා අට‍්ඨාසි. සත්‍ථා, “එහි, භද‍්දජි, අම‍්හෙහි සද‍්ධිං එකනාවං අභිරුහා”ති. සො උප‍්පතිත්‍වා සත්‍ථු ඨිතනාවායං අට‍්ඨාසි. සත්‍ථා ගඞ‍්ගාමජ‍්ඣං ගතකාලෙ, “භද‍්දජි, තයා මහාපනාදරාජකාලෙ අජ‍්ඣාවුට‍්ඨරතනපාසාදො කහ”න‍්ති ආහ. “ඉමස‍්මිං ඨානෙ නිමුග‍්ගො”ති. “තෙන හි, භද‍්දජි, සබ්‍රහ‍්මචාරීනං කඞ‍්ඛං ඡින්‍දා”ති. තස‍්මිං ඛණෙ ථෙරො සත්‍ථාරං වන්‍දිත්‍වා ඉද‍්ධිබලෙන ගන‍්ත්‍වා පාසාදථූපිකං පාදඞ‍්ගුලන‍්තරෙන සන‍්නිරුම‍්භිත්‍වා පඤ‍්චවීසතියොජනං පාසාදං ගහෙත්‍වා ආකාසෙ උප‍්පති, උප‍්පතන‍්තො ච පඤ‍්ඤාස යොජනානි පාසාදං උදකතො උක‍්ඛිපි. අථස‍්ස පුරිමභවෙ ඤාතකා පාසාදගතෙන ලොභෙන මච‍්ඡකච‍්ඡපමණ‍්ඩූකා හුත්‍වා තස‍්මිං පාසාදෙ උට‍්ඨහන‍්තෙ පරිවත‍්තිත්‍වා උදකෙ පතිංසු. සත්‍ථා තෙ පතන‍්තෙ දිස‍්වා “ඤාතකා තෙ, භද‍්දජි, කිලමන‍්තී”ති ආහ. ථෙරො සත්‍ථු වචනෙන පාසාදං විස‍්සජ‍්ජෙසි. පාසාදො යථාඨානෙ එව පතිට‍්ඨහි. සත්‍ථා පාරඞ‍්ගතො භික‍්ඛූහි “කදා, භන‍්තෙ, භද‍්දජිත්‍ථෙරෙන අයං පාසාදො අජ‍්ඣාවුට‍්ඨො”ති පුට‍්ඨො මහාපනාදජාතකං (ජා· 1.3.40-41) කථෙත්‍වා මහාජනං ධම‍්මාමතං පායෙසි. ථෙරො පන අත‍්තනො අජ‍්ඣාවුට‍්ඨපුබ‍්බං සුවණ‍්ණපාසාදං දස‍්සෙත්‍වා –

ඔහු රහත් වූ පසුව ශාස්තෲන් වහන්සේ භද්දිය සිටු අමතා “නුඹගේ පුතා ආභරණවලින් සැරසී සිටිමින්ම ධර්මය අසා රහත් විය. එනිසා දැන් ඔහු පැවිදි කිරීම සුදුසුය. ඉදින් පැවිදි නොකරන්නේ නම් පිරිනිවෙන්නේ යැ”යි වදාළහ. සිටුතුමා “මගේ පුතු ළදරු කලම පිරිනිවීමෙන් කවර ප්‍රයෝජනයක් ද? ඔහු පැවිදි කරන්න”යි පැවසීය. ශාස්තෲන් වහන්සේ ඔහු පැවිදි කරවා උපසම්පදා කරවූහ. සත් සතියක් එහි විසූ උන්වහන්සේ කෝටිග්‍රාමයට වැඩම කළහ. ගංගාතීරයේ වූ ඒ කෝටිග්‍රාමයේ වැසියෝ බුදුපාමොක් මහ සඟනට මහදන් පැවැත්වූහ. භද්දජි තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ සතුටු කරනු සඳහා ගමෙන් පිටතට වැඩ, මාර්ග සමීපයේ ගං ඉවුරෙහි හිඳ “ශාස්තෲන් වහන්සේ වැඩි මොහොතෙහිම සමවතින් නැගිටිමි”යි නිරෝධ සමවතට සමවන්හ. මහතෙරුන් වහන්සේලා පැමිණි නමුත් නොනැගිටි භද්දජි තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ වැඩම වූ මොහොතෙහිම ඉන් නැඟී සිටියහ. පුහුදුන් භික්‍ෂූහු මෙකරුණ දැක “මොහු දැන් පැවිදි වූවෙකි. මහතෙරුන් වහන්සේලා වැඩම වන විට මානයෙන් දැඩිව සිටිමින් නැගිට ගෞරව නොකළේයැ”යි පරිභව කළහ. කෝටිග්‍රාමවාසීහු ශාස්තෲන් වහන්සේට හා භික්‍ෂු මහා සංඝරත්නයට ගමට වැඩීම සඳහා බොහෝ නැව් පහුරු ආදිය බැන්දහ. “මොහුගේ ආනුභාව දක්වන්නෙමි”යි සිතා නැවෙහි වැඩහුන් ශාස්තෲන් වහන්සේ “භද්දජිය! නුඹ කොහිද?”යි විචාළ සේක. එවිට භද්දජි හිමියෝ, “ස්වාමීනි! මම මෙහි වෙමි”යි වදාරා සමීපයට අවුත් භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳගෙන සිටියහ. “භද්දජිය එන්න. අප සමග එකම නැවකට නගින්න” යි ශාස්තෲ අවසරය ලද භද්දජි තෙරණුවෝ, ශාස්තෲන් වහන්සේ වැඩසිටි නැවට නැංගහ. නැව ගඟ මැදට ගිය කල්හි බුදු පියාණන් වහන්සේ “භද්දජිය! නුඹ මහාපනාද නම් රජව සිටියදී විසූ රත්න ප්‍රාසාදය කොහිද?”යි විචාළ සේක. “ස්වාමීනි! එය මෙතැන ගිලී ඇත” යනු භද්දජි හිමිගේ පිළිතුර විය. “එසේ නම් භද්දජිය, සබ්‍රහ්මචාරීන්ගේ සැක සංකා දුරු කරව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ කල්හි, උන්වහන්සේට වැඳ අවසර ගත් භද්දජි හිමියෝ එකෙණෙහිම සෘද්ධියෙන් ගං පතුලට වැඩ, ප්‍රාසාදයේ කොත තම පයේ ඇඟිලිවලින් රැගෙන යොදුන් විසිපහක් පමණ වූ මුළු ප්‍රාසාදයම අහසට නැංවූහ. උඩට එසවෙත්ම එය පනස් යොදුන් වූ මහා ප්‍රාසාදයක් විය. පෙර භවයේදී භද්දජි තෙරුන්ගේ ඥාතීහු ප්‍රාසාදයට වූ ලෝභය නිසා එහිම මත්ස්‍ය, කැසිබු, මැඩියෝ වී ඉපිද සිටියහ. ප්‍රාසාදය උඩට ඔසවන විට ඔවුහු පෙරලෙමින් දියට වැටුණහ. එය දුටු ශාස්තෲන් වහන්සේ “භද්දජිය! නුඹගේ නෑයෝ වෙහෙසට පත්වෙති”යි වදාළහ. එය ඇසූ භද්දජී තෙරණුවෝ ප්‍රාසාදය අත්හළහ. එය ගොස් පෙර තිබූ තැනම පිහිටියේය. එතෙරට ගිය කල්හි පුහුදුන් භික්‍ෂූහු “ශාස්තෲන් වහන්ස! කවර කලෙක භද්දජී තෙරුන් මේ රත්න ප්‍රාසාදයෙහි විසූ සේක් ද?” යි විමසූහ. එවිට ශාස්තෲන් වහන්සේ මහාපනාද ජාතක දේශනාව පවත්වා මහජනයාට දහම් අමාව පෙවූ සේක. තමා පෙර විසූ රත්න ප්‍රාසාදය මහජනයාට දැක්වූ භද්දජී තෙරණුවෝ මේ ගාථා දෙක වදාරමින් සිය රහත්බව පළකළහ.

“පනාදො නාම සො රාජා, යස‍්ස යූපො සුවණ‍්ණයො; තිරියං සොළසුබ‍්බෙධො, උබ‍්භමාහු සහස‍්සධා.

“පනාදො නාම සො රාජා යස්ස යූපො සුවණ්ණයො, තිරියං සොළසපබ්බෙධො උද්ධමාහු සහස්සධා”

“සහස‍්සකණ‍්ඩො සතගෙණ‍්ඩු, ධජාලු හරිතාමයො; අනච‍්චුං තත්‍ථ ගන්‍ධබ‍්බා, ඡ සහස‍්සානි සත‍්තධා”ති. –

“සහස්ස කණ්ඩො සතභෙණ්ඩු ධජාලු හරිතාමයො, අනච්චුං තත්‍ථ ගන්‍ධබ්බා ඡසහස්සානි සත්තධා”

ද‍්වීහි ගාථාහි වණ‍්ණෙන‍්තො අඤ‍්ඤං බ්‍යාකාසි.

තත්‍ථ පනාදො නාම සො රාජාති අතීතෙ පනාදො නාම සො රාජා අහොසීති අත‍්තභාවඅන‍්තරහිතතාය අත‍්තානං පරං විය නිද‍්දිසති. සො එව හි රජ‍්ජෙ ඨිතකාලතො පට‍්ඨාය සදා උස‍්සාහසම‍්පත‍්තිආදිනා මහතා රාජානුභාවෙන මහතා ච කිත‍්තිසද‍්දෙන සමන‍්නාගතත‍්තා “රාජා මහාපනාදො”ති පඤ‍්ඤායිත්‍ථ. යස‍්ස යූපො සුවණ‍්ණයොති යස‍්ස රඤ‍්ඤො අයං යූපො පාසාදො සුවණ‍්ණමයො. තිරියං සොළසුබ‍්බෙධොති විත්‍ථාරතො සොළසකණ‍්ඩපාතප‍්පමාණො. සො පන අඩ‍්ඪයොජනමත‍්තො හොති. උබ‍්භාමාහු සහස‍්සධාති උබ‍්භං උච‍්චං එවමස‍්ස පාසාදස‍්ස සහස‍්සධා සහස‍්සකණ‍්ඩප‍්පමාණමාහු. සො පන යොජනතො පඤ‍්චවීසතියොජනප‍්පමාණො හොති. කෙචි පනෙත්‍ථ ගාථාසුඛත්‍ථං “ආහූ”ති දීඝං කතං. ආහු අහොසීති අත්‍ථං වදන‍්ති.

එහි “පනාදො නාම සො රාජා” යනු “අතීතයේ පනාද නම් රජකෙනෙක් විය.” යනුවෙන් ආත්මභාවයෙන් වැසුණු බැවින් තමා වෙනත් අයෙකු මෙන් දක්වයි. ඔහු රජ වූ දින සිටම උත්සාහ සම්පත්ති ආදියෙන් ද මහත් රාජානුභාවයෙන් ද මහත් වූ කීර්ති ශබ්දයෙන් ද යුතු වූ බැවින් “මහාපනාද රජු” යැයි ප්‍රකට විය. “යස්ස යූපො සුවණ්ණයො” යම් රජකුගේ මේ යූපය, ප්‍රාසාදය රන්වන් වූයේ ද එයයි. “තිරියං සොළස පබ්බෙධො” එහි පළල සර පතන සොළසකි. (දාසයකි) හෙවත් අඩු යොදුනකි. “උද්ධමාහු සහස්සධා” මෙබඳු වූ ප්‍රාසාදයේ උස සරපතන දහසකි. එය යොදුන් විසිපහක් පමණ උස් වේ. ඇතැම්හු මෙම ගාථාව සුඛෝච්ඡාරණය පිණිස “ආහු” යි දීර්ඝ කර කියති. නමුත් ඉන් “අහු”-විය” යන අරුතම ප්‍රකට වේ.

සහස‍්සකණ‍්ඩොති සහස‍්සභූමිකො. සතගෙණ‍්ඩූති අනෙකසතනිය්‍යූහකො. ධජාලූති තත්‍ථ තත්‍ථ නිය්‍යූහසිඛරාදීසු පතිට‍්ඨාපිතෙහි යට‍්ඨිධජපටාකධජාදිධජෙහි සම‍්පන‍්නො. හරිතාමයොති චාමීකරසුවණ‍්ණමයො. කෙචි පන “හරිතජාතිමණිසරික‍්ඛකො”ති වදන‍්ති . ගන්‍ධබ‍්බාති නටා. ඡ සහස‍්සානි සත‍්තධාති ඡමත‍්තානි ගන්‍ධබ‍්බසහස‍්සානි සත‍්තධා තස‍්ස පාසාදස‍්ස සත‍්තසු ඨානෙසු රඤ‍්ඤො අභිරමාපනත්‍ථං නච‍්චිංසූති අත්‍ථො. තෙ එවං නච‍්චන‍්තාපි රාජානං හාසෙතුං නාසක‍්ඛිංසු. අථ සක‍්කො දෙවරාජා දෙවනටෙ පෙසෙත්‍වා සමජ‍්ජං කාරෙසි, තදා රාජා හසීති.

“සහස්ස කණ්ඩො” සර දහසකි. හෙවත් මහල් දාහකි. “සතහෙණ්ඩු” මුදුන් ගෙවල් සිය ගණනකි. “ධජාලු” ඒ ඒ මුදුන් ගෙවල්, මුදුන් හිස්හි පිහිට වූ, බඳින ලද කොඩි කණුවල එල්ලූ ධජ පතාක ඇති. “හරිතාමයො” ස්වර්ණමය, රන්මය වූ. ඇතැම්හු “රන් සිරියල් හා සමාන වූ පැහැ ඇති” යැයි කියති. “ගන්‍ධබ්බා” යනු නළුවෝ. “ඡසහස්සානි” සයදාහක් නළුවෝ. “සත්තධා” ඒ ප්‍රාසාදයේ තැන්, ස්ථාන හතක සිටිමින් රජුගේ දැඩි සතුට සඳහා නටති යන අර්ථයයි. ඔවුහු මෙසේ නැටුම් ගැයුම් පැවැත්වූවත් රජු සතුටු කිරීමට අසමත් වූහ. ඉක්බිති සක්දෙව් රජු දිව්‍ය නළුවන් යවා නාටය්‍යෝත්සවයක් කරවීය. එය දුටු රජු සිනාසුණේය.

භද‍්දජිත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

භද්දජී ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.