සොභිතත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සොභිතත්ථෙරගාථාවණ්ණනා
සෝභිත ස්ථවිරගාථා වර්ණනාව
සතිමා පඤ්ඤවාති ආයස්මතො සොභිතත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා වයප්පත්තො සත්ථු ධම්මදෙසනං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං පුබ්බෙනිවාසඤාණලාභීනං භික්ඛූනං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා සයම්පි තං ඨානන්තරං උද්දිස්ස පත්ථනං කත්වා පුඤ්ඤානි කත්වා සුගතීසුයෙව සංසරන්තො සුමෙධස්ස භගවතො කාලෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො බ්රාහ්මණානං විජ්ජාසිප්පෙසු නිප්ඵත්තිං ගන්ත්වා නෙක්ඛම්මාධිමුත්තො ඝරාවාසං පහාය තාපසපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තස්ස සමීපෙ අරඤ්ඤායතනෙ අස්සමං කාරෙත්වා වනමූලඵලාඵලෙන යාපෙන්තො බුද්ධුප්පාදං සුත්වා සබ්බත්ථ එකරත්තිවාසෙනෙව භද්දවතීනගරෙ සත්ථාරං උපසඞ්කමිත්වා පසන්නමානසො “තුවං සත්ථා ච කෙතු චා”තිආදීහි ඡහි ගාථාහි අභිත්ථවි , සත්ථා චස්ස භාවිනිං සම්පත්තිං පකාසෙසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්ති. සොභිතොතිස්ස නාමං අකංසු. සො අපරෙන සමයෙන සත්ථු ධම්මදෙසනං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනං වඩ්ඪෙත්වා ඡළභිඤ්ඤො අහොසි. පුබ්බෙනිවාසඤාණෙ චිණ්ණවසී ච අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.49.46-74) –
“සතිමා පඤ්ඤවා” යනු ආයුෂ්මත් සෝභිත තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින් දහම් රැස් කරමින් අවුත්, පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ හංසවතී නුවර සිටුගෙයක උපන්හ. වැඩිවිය පත් සිටුකුමරු දිනක් ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසමින් සිටියදී, ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් පුබ්බේනිවාස ඤාණය ලබන භික්ෂූන්ගෙන් අග්‍රස්ථානයෙහි තබනු දුටුවේය. ඔහු ද එම තනතුර සඳහා ප්‍රාර්ථනා කොට, පින්දහම් කරමින් සුගතීන්හිම සැරිසරා අවුත් සුමේධ නම් බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි බමුණකු වී උපන්නේය. වැඩිවිය පත් බමුණු කුමරු සියළු බ්‍රාහ්මණ ශිල්ප ශාස්ත්‍රයන් කෙළවරටම උගත්තේය. ගිහි ගේ කළකිරුණු ඔහු තවුස් පැවිද්දෙන් පැවිදි වී හිමවත සමීප ආරණ්‍යයක, අසපුවක් කරවා, වන මුල් ඵල වලින් යැපෙමින් විසීය. බුදුරදුන්ගේ පහළවීම ඇසූ තාපසතුමා සෑම තැනකම එක් රැයක් පමණක් වාසය කරමින් වහා බන්ධුමතී නුවරට ගොස් ශාස්තෲන් වහන්සේ එළඹ, පැහැදුණු සිතින් “තුවං සත්ථාච කෙතුච........” යනාදී ගාථා සයකින් උන්වහන්සේට ප්‍රශංසා කළේය. ශාස්තෲන් වහන්සේ ඔහුට ලැබෙන සැප සම්පත් පිළිබඳව මෙසේ වදාළ සේක. ඒ පින්කමේ විපාක විඳිමින් හෙතෙම දෙව්මිනිසුන් අතර සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත්නුවර බමුණු කුලයක උපන්නේ ය. “සෝභිත” නමින් ප්‍රකට වූ ඔහු පසුකලෙක අප භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ බණ අසා පැහැදී සසුනේ පැවිදි විය. නොබෝ දිනකින්ම විදසුන් භාවනාව වැඩූ උන්වහන්සේ ෂඩ් අභිඥා ලබා පෙරකඳ පිළිවෙල සිහිකරන නුවණෙහි වශී භාවයට පත්වූහ. සෝභිත තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.
“දක්ඛිණෙ හිමවන්තස්ස, සුකතො අස්සමො මම; උත්තමත්ථං ගවෙසන්තො, වසාමි විපිනෙ තදා.
“හිමවතට දකුණු දෙස මැනවින් කරන ලද අසපුවක් මට විය. එකල මම උතුම් වූ අර්ථය සොයමින් වනයෙහි විසුවෙමි.
“ලාභාලාභෙන සන්තුට්ඨො, මූලෙන ච ඵලෙන ච; අන්වෙසන්තො ආචරියං, වසාමි එකකො අහං.
ලාභාලාභ දෙකින් ද මුල්-ඵල වැලින් ද සතුටු වූ මම ආචාර්යවරයකු සොයමින් හුදකලාවම විසුවෙමි.
“සුමෙධො නාම සම්බුද්ධො, ලොකෙ උප්පජ්ජි තාවදෙ; චතුසච්චං පකාසෙති, උද්ධරන්තො මහාජනං.
එකල සුමේධ නම් සම්බුදු රජ ලොව පහළ වූ සේක. මහජනයා සසරින් ගොඩලමින් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළහ.
“නාහං සුණොමි සම්බුද්ධං, නපි මෙ කොචි සංසති; අට්ඨවස්සෙ අතික්කන්තෙ, අස්සොසිං ලොකනායකං.
නමුත් උන්වහන්සේ පිළිබඳව මම නො ඇසුවෙමි. කිසිවකු උන්වහන්සේ පහළ වූ බව මට නොපැවසීය. වසර අටකට පසු මම බුදුරදුන් පිළිබඳව ඇසීමි.
“අග්ගිදාරුං නීහරිත්වා, සම්මජ්ජිත්වාන අස්සමං; ඛාරිභාරං ගහෙත්වාන, නික්ඛමිං විපිනා අහං.
අසපුවේ ගිනි-දර බැහැරලා පවිත්‍ර කළ මම පිරිකර ද ගෙන වනයෙන් නික්මුණෙමි.
“එකරත්තිං වසන්තොහං, ගාමෙසු නිගමෙසු ච; අනුපුබ්බෙන චන්දවතිං, තදාහං උපසඞ්කමිං.
ගම් නියම්ගම්හි එක් රැයක් විසූ මම පිළිවෙලින් චන්ද්රවතී ගඟ වෙත ගියෙමි.
“භගවා තම්හි සමයෙ, සුමෙධො ලොකනායකො; උද්ධරන්තො බහූ සත්තෙ, දෙසෙති අමතං පදං.
එකල සුමේධ භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයන් සසරින් ගොඩලමින් අමෘතපදය දේශනා කළහ.
“ජනකායමතික්කම්ම, වන්දිත්වා ජිනසාගරං; එකංසං අජිනං කත්වා, සන්ථවිං ලොකනායකං.
ජනසමූහයා ඉක්මවමින් ඉදිරියට ගිය මම ගුණසාගර වූ ජිනේන්ද්රයන් වහන්සේට වැද, අඳුන් දිවි සම ඒකාංශ කරගෙන බුදුපියාණන් වහන්සේට ස්තූති කළෙමි.
“තුවං සත්ථා ච කෙතු ච, ධජො යූපො ච පාණිනං; පරායනො පතිට්ඨා ච, දීපො ච ද්විපදුත්තමො.
“ද්විපදෝත්තම වූ ඔබ වහන්සේ සත්ත්වයන්ට ශාස්තෲ ද කේතුව ද ධ්වජය ද යාගස්තම්භය ද පරායණය ද පිහිට ද ප්‍රදීපය ද වෙති.
“නෙපුඤ්ඤො දස්සනෙ වීරො, තාරෙසි ජනතං තුවං; නත්ථඤ්ඤො තාරකො ලොකෙ, තවුත්තරිතරො මුනෙ.
චතුරාර්ය සත්‍යය දර්ශනයේ නිපුණ බව ඇති වීර වූ ඔබ වහන්සේ, ජන සමූහයා සසරින් එතෙර කරවූහ.
“සක්කා ථෙවෙ කුසග්ගෙන, පමෙතුං සාගරුත්තමෙ; න ත්වෙව තව සබ්බඤ්ඤු, ඤාණං සක්කා පමෙතවෙ.
මුනීන්ද්රයන් වහන්ස! ලොව නුඹවහන්සේට වඩා උතුමෙක් නැත. ඒකාන්තයෙන් මහ සයුර කුස තණ අගින් ප්‍රමාණ කළ නොහැකි වුවත්, ඔබ වහන්සේගේ සර්වඥතාඥානය කිසිසේත් ප්‍රමාණ කළ නොහැක. පසැස් ඇති උතුමාණෙනි! තරාදියේ තබා පොළව ප්‍රමාණ කිරීමට හැකිවන්නේ ය. නමුත් ඔබ වහන්සේගේ ප්‍රඥාව ප්‍රමාණ කිරීමට නොහැකි වේ. සමුද්‍රයෙහි දියද අහසද පොළවද යන මේ මහා වස්තූහු ප්‍රමාණ කළ හැකි වුවත් ඔබ වහන්සේ ප්‍රමාණ කළ නොහැක.”
“තුලදණ්ඩෙ ඨපෙත්වාන, මහිං සක්කා ධරෙතවෙ; නත්වෙව තව පඤ්ඤාය, පමාණමත්ථි චක්ඛුම.
“ආකාසො මිනිතුං සක්කා, රජ්ජුයා අඞ්ගුලෙන වා; නත්වෙව තව සබ්බඤ්ඤු, සීලං සක්කා පමෙතවෙ.
“මහාසමුද්දෙ උදකං, ආකාසො ච වසුන්ධරා; පරිමෙය්යානි එතානි, අප්පමෙය්යොසි චක්ඛුම.
“ඡහි ගාථාහි සබ්බඤ්ඤුං, කිත්තයිත්වා මහායසං; අඤ්ජලිං පග්ගහෙත්වාන, තුණ්හී අට්ඨාසහං තදා.
එකල මම මෙසේ ගාථා සයකින් මහත් යශස් ඇති සර්වඥයන් වහන්සේට ඇඳිලි බැඳගෙන ස්තූති කර, නිහඬ වූයෙමි.
“යං වදන්ති සුමෙධොති, භූරිපඤ්ඤං සුමෙධසං; භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා, ඉමා ගාථා අභාසථ.
මහා ප්‍රඥා ඇති, මහා නුවණ ඇති යමෙකුට සුමේධ යැයි ලෝ වැසියා කියත් ද ඒ උතුමන් වහන්සේ භික්ෂුසංඝයා මැද වැඩහිඳ මේ ගාථාවන් වදාළහ.
“යො මෙ ඤාණං පකිත්තෙසි, විප්පසන්නෙන චෙතසා; තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
“යමෙක් පැහැදුණු සිතින් මගේ නුවණ පැසසුවේ ද ඔහු ලබන සම්පත් පවසමි. ඒ මගේ වදන් අසවු.
“සත්තසත්තති කප්පානි, දෙවලොකෙ රමිස්සති; සහස්සක්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජං කරිස්සති.
හෙතෙම කල්ප සැත්තෑ සතක් දෙව්ලොව සිත් අලවා වසයි. දහස් වරක් ශක්‍ර දේවේන්ද්රව දෙව් රජය කරවයි.
“අනෙකසතක්ඛත්තුඤ්ච, චක්කවත්තී භවිස්සති; පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
නොයෙක් වර සක්විති රජ වන්නේ ය. ඔහු ලබන මහත් ප්‍රදේශ රාජ්‍ය සම්පත් ගණන් කළ නොහැක.
“දෙවභූතො මනුස්සො වා, පුඤ්ඤකම්මසමාහිතො; අනූනමනසඞ්කප්පො, තික්ඛපඤ්ඤො භවිස්සති.
මේ කුසල කර්මය නිසා දෙවි වුවත් මිනිස් වුවත් අනූන වූ චිත්ත සංකල්පනා ඇතිව තියුණු ඥානවන්තයෙක් වන්නේය.”
“තිංසකප්පසහස්සම්හි, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
“මින් කල්ප තිස් දහසකට පසුව ඔක්කාක කුලයේ උපදින ගෞතම නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වෙති.
“අගාරා අභිනික්ඛම්ම, පබ්බජිස්සතිකිඤ්චනො; ජාතියා සත්තවස්සෙන, අරහත්තං ඵුසිස්සති.
ගිහිගෙන් නික්ම බන්ධන නැතිව සසුනේ පැවිදි වන මෙතෙම සත්වියේදී ම රහත් බව ලබන්නේය.”
“යතො සරාමි අත්තානං, යතො පත්තොස්මි සාසනං; එත්ථන්තරෙ න ජානාමි, චෙතනං අමනොරමං.
“යම් තැනක පටන් මා ගැන සිහිකරම් ද යම් තැනක දී බුදුසසුනේ පැවිදිවූයෙම් ද ඒ ආත්මභාව අතර මාගේ මනෝඥ නොවූ සිතක් පිළිබඳව නොදනිමි.
“සංසරිත්වා භවෙ සබ්බෙ, සම්පත්තානුභවිං අහං; භොගෙ මෙ ඌනතා නත්ථි, ඵලං ඤාණස්ස ථොමනෙ.
සියලු භවයන් හි හැසිර සම්පත් අනුභව කළ මම භෝගයෝ අනූනව ලැබුවෙමි. සර්වඥතා ඥානය පැසසීමේ විපාකය මෙබඳුය.
“තියග්ගී නිබ්බුතා මය්හං, භවා සබ්බෙ සමූහතා; සබ්බාසවා පරික්ඛීණා, නත්ථි දානි පුනබ්භවො.
ලෝභ, දෝස, මෝහ යන තුන් ගිනි තබා නිවුනෙමි. සියලු භව ඉපදීම් නැසුවෙමි. සියලු ආශ්‍රව ක්ෂය කළෙමි. දැන් මට මතු ඉපදීමක් නැත.
“තිංසකප්පසහස්සම්හි, යං ඤාණමථවිං අහං; දුග්ගතිං නාභිජානාමි, ඵලං ඤාණස්ස ථොමනෙ.
මම මීට කල්ප තිහකට පෙර යම් බුදු නුවණක් පැසසී ද එහි විපාක වශයෙන් මා ලැබූ සම්පතෙහි අඩුවක් නැත. මීට කල්ප තිහට පෙර යම් බුදු නුවණක් පැසසුවෙම්ද එතැන් සිට මේ දක්වා දුගතියකට නොගියෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
සො අරහත්තං පන පත්වා අත්තනො පුබ්බෙනිවාසං අනුපටිපාටියා අනුස්සරන්තො යාව අසඤ්ඤභවෙ අචිත්තකපටිසන්ධි, තාව අද්දස. තතො පඤ්ච කප්පසතානි චිත්තප්පවත්තිං අදිස්වා අවසානෙව දිස්වා “කිමෙත”න්ති ආවජ්ජෙන්තො නයවසෙන “අසඤ්ඤභවො භවිස්සතී”ති නිට්ඨං අගමාසි. තෙනාහ භගවා – “අත්ථි, භික්ඛවෙ, අසඤ්ඤසත්තා නාම දීඝායුකා දෙවා, තතො චුතො සොභිතො ඉධූපපන්නො, සො එතං භවං ජානාති, සොභිතො අනුස්සරතී”ති (පාරා· 232 අත්ථතො සමානං). එවං නයවසෙන අනුස්සරන්තස්ස අනුස්සරණකොසල්ලං දිස්වා සත්ථා ථෙරං පුබ්බෙනිවාසං අනුස්සරන්තානං අග්ගට්ඨානෙ ඨපෙසි. තතො එව චායං ආයස්මා සවිසෙසං අත්තනො පුබ්බෙනිවාසානුස්සතිඤාණං තස්ස ච පච්චයභූතං පටිපත්තිං පච්චවෙක්ඛිත්වා සොමනස්සජාතො තදත්ථදීපනං උදානං උදානෙන්තො –
රහත් බවට පත්ව තමාගේ පෙර විසූ කඳ පිළිවෙල සිහිකළ සෝභිත හිමියෝ අසංඥභාවයෙහි අචිත්තක (සිත නැති) ප්රතිසන්ධිය දක්වා ම ආත්මභාව දුටුවහ. ඉන් එහා කල්ප පන්සීයක් මුලුල්ලෙහි සිතේ පැවැත්මක් නොදැක, ඉන් අවසන් වන බව දැක, “මේ කිමෙක්ද?”යි සිහිකර බලා “න්‍යාය වශයෙන් අසංඥභවය වන්නේය”යි නිශ්චයට ගියේය. එනිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “මහණෙනි අසංඥ සත්ත්ව නම් දීර්ඝායුෂ්ක දෙවිවරු ඇත.” ඉන් චුත ව සෝභිත හිමි මේ මිනිස් ලොව උපන්නේ ය. මේ භවය මෙසේ දැනගනියි. සෝභිත තෙරුන් එය සිහිපත් කර බලයි. මෙසේ න්‍යාය වශයෙන් සිහිකරන්නා වූ සෝභිත තෙරුන්ගේ මෙනෙහි කර බැලීමේ කුසලත්වය දුටු ශාස්තෲන්වහන්සේ සෝභිත තෙරුන් පෙර විසූ කඳ පිළිවෙල සිහිකරන භික්ෂූන් අතුරින් අගතැන්පත් කළ සේක. ඉක්බිති මේ ආයුෂ්මතුන් වහන්සේ සුවිශේෂීව තම පෙරවිසූ කඳ පිළිවෙල දන්නා නුවණ ද ඊට හේතු භූත වූ ප්‍රතිපත්තිය ද ප්රත්යවේක්ෂා කර බලා සොම්නසට පත් වූ සේක්, එම අර්ථ ප්‍රකට කිරීම සඳහා උදන් අණන සේක් මේ ගාථා දෙක වදාළ සේක.
“සතිමා පඤ්ඤවා භික්ඛු, ආරද්ධබලවීරියො; පඤ්ච කප්පසතානාහං, එකරත්තිං අනුස්සරිං.
“සතිමා පඤ්ඤවා භික්කු ආරද්ධබල වීරියො, පඤ්ච කප්ප සතානාහං එකරත්තිං අනුස්සරිං”
“චත්තාරො සතිපට්ඨානෙ, සත්ත අට්ඨ ච භාවයං; පඤ්ච කප්පසතානාහං, එකරත්තිං අනුස්සරි”න්ති. – ගාථාද්වයං අභාසි;
“චත්තාරො සතිපට්ඨානෙ සත්ත අට්ඨ ච භාවයං, පඤ්ච කප්ප සතානාහං එකරත්තිං අනුස්සරිං”
තත්ථ සතිමාති සයං සමුදාගමනසම්පන්නාය සතිපට්ඨානභාවනාපාරිපූරියා සතිවෙපුල්ලප්පත්තියා ච සතිමා. පඤ්ඤවාති ඡළභිඤ්ඤාපාරිපූරියා පඤ්ඤාවෙපුල්ලප්පත්තියා ච පඤ්ඤවා. භින්නකිලෙසතාය භික්ඛු. සද්ධාදිබලානඤ්චෙව චතුබ්බිධසම්මප්පධානවීරියස්ස ච සංසිද්ධිපාරිපූරියා ආරද්ධබලවීරියො. සද්ධාදීනඤ්හෙත්ථ බලග්ගහණෙන ගහණං සතිපි සතිආදීනං බලභාවෙ, යථා “ගොබලිබද්ධා පුඤ්ඤඤාණසම්භාරා”ති. පඤ්ච කප්පසතානාහං, එකරත්තිං අනුස්සරින්ති එකරත්තිං විය අනුස්සරිං. විය-සද්දො හි ඉධ ලුත්තනිද්දිට්ඨො, එතෙන පුබ්බෙනිවාසානුස්සතිඤාණෙ අත්තනො ඤාණවසීභාවං දීපෙති.
එහි “සතිමා” තමා ම හටගැනීම, පහළවීම දුටු බැවින් ද සතිපට්ඨානයන් වැඩූ බැවින් ද සිහියෙහි විපුලත්වයට පත් වූ බැවින් ද සිහි ඇති. “පඤ්ඤවා” ෂඩ් අභිඥාවන්හි පරතෙරට හා ප්‍රඥාවේ විපුලත්වයට පත්වූ බැවින් නුවණ ඇති. කෙලෙස් සිඳ බිඳ දැමූ බැවින් “භික්ඛු” භික්ෂු නම් වූ. ශ්‍රද්ධාදී බලයෝ ද චතුර්විධ සම්‍යක් ප්‍රධාන වීර්යය ද සම්පූර්ණ කරගත් බැවින් “ආරද්ධ විරියො” නම් වේ. පටන් ගත් බල හා වීර්ය ඇති. මෙහි “බල” යන්නෙන් ශ්‍රද්ධාදී පංච බලයද ගන්නා ලදි. සිහියේ බලය ඤාණ සමූහයේ බලය යි. “පඤ්ච කප්ප සතානාහං එක රත්තිං අනුස්සරිං” එක් රැයක් මෙන් සිහිපත් කරමි. මෙහි “විය” යන උපමා දෙපෝතක නිපාතය ලොප් ඇත. මෙම පාඨයෙන් පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ පිළිබඳව තමාගේ දක්ෂ භාවය ප්‍රකට කරයි.
ඉදානි යාය පටිපත්තියා අත්තනො සතිමන්තාදිභාවො සාතිසයං පුබ්බෙනිවාසඤාණඤ්ච සිද්ධං, තං දස්සෙතුං “චත්තාරො”තිආදිනා දුතියං ගාථමාහ. තත්ථ චත්තාරො සතිපට්ඨානෙති කායානුපස්සනාදිකෙ අත්තනො විසයභෙදෙන චතුබ්බිධෙ ලොකියලොකුත්තරමිස්සකෙ සතිසඞ්ඛාතෙ සතිපට්ඨානෙ. සත්තාති සත්ත බොජ්ඣඞ්ගෙ. අට්ඨාති අට්ඨ මග්ගඞ්ගානි. සතිපට්ඨානෙසු හි සුප්පතිට්ඨිතචිත්තස්ස සත්ත බොජ්ඣඞ්ගා භාවනාපාරිපූරිං ගතා එව හොන්ති, තථා අරියො අට්ඨඞ්ගිකො මග්ගො. තෙනාහ ධම්මසෙනාපති – “චතූසු සතිපට්ඨානෙසු සුප්පතිට්ඨිතචිත්තා සත්ත බොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙත්වා”තිආදීහි (දී· නි· 3.143) සත්තකොට්ඨාසිකෙසු සත්තතිංසාය බොධිපක්ඛියධම්මෙසු එකස්මිං කොට්ඨාසෙ භාවනාපාරිපූරිං ගච්ඡන්තෙ ඉතරෙ අගච්ඡන්තා නාම නත්ථීති. භාවයන්ති භාවනාහෙතු. සෙසං වුත්තනයමෙව.
දැන් යම් ප්රතිපත්තියකින් තමාගේ සිහි ඇති බව ද අතිශයින් පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ ද ලැබුණේ ද එය දැක්වීමට “චත්තාරො” යනාදී දෙවැනි ගාථාව පවසන ලදි. එහි “චත්තාරො සතිපට්ඨානෙ” කායානුපස්සනාදී ප්‍රභේදයන්ගෙන් සිවුවැදෑරුම් වූ ලෞකික-ලෝකෝත්තර මිශ්‍ර වූ “සති” නම් වූ සතිපට්ඨානයන්හි (සිහිය පිහිටුවීම් හි) “සත්තා” යනු සත් බොජ්ඣංග ධර්මයෝ ය. “අට්ඨා” යනු අටක් වූ මාර්ගාංගයන්හි. සතිපට්ඨානයන්හි මනාව පිහිට වූ සිත් ඇත්තහුට, සත් බොජ්ඣංග ධර්මයෝ වැඩීමෙන් පිරිපුන් බවට ගියාහුම වෙති. එසේම ආර්ය අෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ වූයේ වේ. දම්සෙනෙවි සැරියුත් තෙරුන් එනිසා මෙසේ වදාළහ. “සතරසතිපට්ඨානයන් හි මනාව පිහිට වූ සිත ඇත්තෝ සත් බොජ්ඣංග ධර්ම තත් වූ පරිදි වඩා.” ආදී වශයෙන් කොටස් සතකින් යුතු සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි එක කොටසක පිරිපුන් බවට යන කල්හි සෙසු කොටස් හිද පිරිපුන් බව ලබන්නේම ය. එක් කොටසක පමණක් පිරිපුන් බව ලැබීම නම් සිදු නොවේ. “භාවයං” වැඩීමෙන්, වැඩීම හේතුවෙන්, සෙසු පදයන් අර්ථ ඉතා ප්රකටය.
සොභිතත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සෝභිත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.